103, Passikudah, Kalkudah, Batticaloa
Open until 12:00 AM
Machang is a great place to get your booze on out there on the Pasikudah strip, with large space and a single strip of concrete tables on the side that was open to the sky.
“අඩේ, 7ත් පහු වෙලා බන්. සෙනිකව නාගමු”
මම ඩිලියට කිව්වෙ කාමරේ දොර අැරගෙන ඇතුලට යන ගමන්මයි. ඇයි ඉතින් අල්ලපු වත්තෙ මචං එකක් තිබිලත්, යන්න රෑ වුනොත් අපිටනෙ පාඩුව.
ඇත්තටම මඩකළපුව මළ හිරුගෙන් හැඩ වුනාම තියෙන ලස්සන නිසා ඩිලිටයි මටයි රෑට කරන්න තියෙන වැඩ ටික ගැන ලොකු හැඟීමක් තිබුණෙ නෑ. ආපහු එන්න 6ට විතර බස් එකට ගොඩ වුනාම තමයි මතක් වුනේ ‘මඩකළපුව’ වගේද ‘මචං එක’ කියල.
පාසිකුඩා වෙරළට මීටර 500ක් විතර මෙහායින් තියෙන අර්ස්ල් හෝටලය ගැන ගිය සතියෙ අපි කිව්වනෙ. අන්න ඒ අර්ල්ස් හෝටලයට අල්ලලම තමයි ‘මචං පාsikuda’ තියෙන්නෙ. මෙච්චර කාලෙකට මම ගොඩ වෙලා තියෙන මචං අවන්හල් අතරින්, ආසම එක ‘මචං කොswatta’ වුනාට මොකද පාසිකුඩා මචං එකත්, ‘මචං කොswatta’ එක්ක හැප්පෙන්න පුලුවන් ගාණට තියෙනව කියල තමයි මට නම් හැඟුනෙ.
මොකද බැලූ බැල්මටම මේක සුපිරි ප්ලේස් එකක්. දම්පාට කැපිල පේන්නයි, කහ පාටින් ඉතිරි අඩුව පිරවෙන්නයි ලයිට් දාලා හරි ලස්සනට හැඩ කරල තියෙන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕන කොස්වත්තෙ වගේ නෙවෙයි මේකෙ හිතේ හැටියට ඉන්න, අත පය දිග ඇරල නටන්න හොඳ හැටි ඉඩ තියෙනව. බාර් එකයි, පූල් ටේබල් එකයි, ලී මේස පුටු ටිකයි නම් ‘මචං’ට අනන්‍ය විදියමයි. ඒ වුනාට මොකද සේවක මචංලා සෙට් එක කොහෙත් එක වගේ. ගිහින් වාඩි වෙන්න හම්බ වුනේ නෑ, මෙනුව මේසෙ උඩ, මිත්‍රයා මගේ ළඟ.
“හ්ම්ම්… බයිට් එක තෝරනකම් ගේන්නකො මල්ලි ස්ට්‍රොන්ග් පොඩි කෑන් (1ක් රු. 220) දෙකක්”
මම කෝකටත් කියල කලින්ම ඕඩරේ දැම්මෙ හදිස්සියෙ වත් බියර් ඉවර වුනොත්! කාලා හමාරයිනෙ.
කොහොම හරි ස්ට්‍රොන්ග් කෑන් දෙක මේසෙට එන්නත් වැඩි වෙලාවක් ගියේ නෑ. වෙලාවට විනාඩියට දෙකට බයිට් එක බලාගෙන තිබුනෙ.
“අපිට ගේන්නකො පෝර්ක් ස්ටු එකකුයි (රු. 490), ජින්ජර් බීෆ් එකකුයි. ආ… මෙන්න මේ ජාතියෙන් (joes cuervo silver) ටිකිලා 25ml ෂොට් එකකුත් (රු. 200) ඕන”
මිත්‍රයා ඕඩරේ අරන් ගියාට මොකද හිත කියන්නෙ “උඹ චාටර් වුනා” කියලමයි. ඇයි ඉතින් අර මගුලෙ ටිකිලා එකේ නම කියව ගන්න බැරුව ගියානෙ. ෂැහ්, බීලා හිටිය නම් හිතට දුකක් නෑ.
ඒකෙන් මේකෙන් මොකද චාටරේ දෙපිටින් ගියේ සේවක මිත්‍රයා ගිය පයින්ම ආපහු එනව දැක්කාම. මමත් දැක්කෙ නෑ වගේ හිටියා. මිත්‍රයා කෙලින්ම ගියේ ඩිලි ලඟට.
“සොරි සර්, ජින්ජර් බීෆ් අවේලබල් නෑනෙ. වෙන මොනව හරි බලමුද?”
කොච්චර වුනත් මනුස්සය හරිම මිත්රශීලියි. සිරාම මචං කෙනෙක්. අායෙත් මෙනුව බලපු ඩිලි ඕඩර් කලේ බටර්ඩ් ප්‍රෝන්ස් එකක් (රු. 650).
බයිට් ටික මේසෙට එනකම් අපිට පාළුවක් නම් තිබුනෙ නෑ. මොකද කිට්ටුව පාත අයියල සෙට් එකක් නසරාණි වෙන්න ගහල සුපිරි සැපක් දිදී හිටියෙ. අවන්හලේ මුල්ලකට වෙන්න තිබුණු ඩාන්සින්ග් ෆ්ලෝර් එක පට්ට බිසී. පාට පාට ලයිට් වටේට කැරකෙද්දි ඩී ජේ යාළුවත් අරින්නෙ නෑ, ආයෙ එකකට එකක් කැපෙන සුපිරි නන්ස්ටොප් එකක් දාන්නෙ. අයියල දෙන්නෙක් දාපු ආතල් ඩාන්ස් එකකට හිත ගියා කියන්නෙ බයිට් එක මේසෙට එනකම් දන්නෑ කියන්නකො.
ඉස් ඉස්සෙල්ලාම අපි අත ගැහුවෙ බියර් වලට. වීදුරු දෙක උස්සල චියර්ස් පාරක් දාපු මායි ඩිලියි උගුරක් තොල ගාලා කෙලින්ම අත යැව්වෙ පොර්ක් ස්ටු එකට. ෂහ්, ටොප් එකට තියෙනවනෙ. මදි නොකියන්න කිරි දාලා, සැර පදමට ගම්මිරිස් දාලා එතකොට සුදු ළුෑණු, අමු මිරිස්, තුනපහ ටිකත් නියම ගාණට. මහපට ඇඟිල්ලක මහතට කැපුනු පෝර්ක් කෑලි අතරට තෙල් කෑලි මිශ්‍ර වෙලා තිබුණෙත් සෑහෙන්න අඩුවෙන්. බයිට් එකකටත් වැඩිය පාන් ගෙඩියකට වගේ වග කියන්න නම් කියාපු ස්ටු එක.
බැටර්ඩ් ප්‍රොන්ස් එකත් හොඳටම තිබ්බා. ලොකු ඉස්සො මැදි වෙන්න ඝනේට පිටි දවලට බැදල තමයි හදල තිබුනෙ. හැබැයි ඒකත් එක්ක අාපු ක්‍රීම් එකට නම් මගේ ලොකු කැමැත්තක් නෑ. මොකද බයිට් එකකට එච්චරටම හරියන ගතියක් නැති නිසා. ඒකට හරියන්න රස පදමට ලුණු, ගම්මිරිස් ටිකක් එකතු කරල තිබුන නම් ඊට වැඩිය හොඳ වෙයි මගෙ හිතේ.
කතාවෙන් කතාව දෙන්නගෙ බියර් වීදුරු දෙක නම් ඉවර වෙලා. ම්...හ්! නෑනෙ කිසිම මෙව්ව එකක්. මොකද කරන්නේ... කියල කල්පනා කරන්න පටන් ගන්න කොටම තමයි මම දැක්කෙ මේසෙ පැත්තකට වෙලා තියෙන ටිකිලා ෂොට් එක.
“දෙන්නම් ජම්බෝ”
ගත්ත දෙහි පෙති දෙකයි ලුණු කන්දයි ගොඩ ගහල තිබුනු දීසිය ළඟට. අනිත් අතේ තිබුනු ගෑරුප්පුවට අමුණ ගත්ත ලොකු පෝර්ක් කෑල්ලක්. ඊට පස්සෙ ඉතින් කියන්න ඕන නෑනෙ. එක උගුරයි, දෙහි චුට්ටයි, ලුණු චුට්ටයි. පෝර්ක් කෑල්ල කටට දෙකට බඩේ.
ඔන්න දැන්නෙ ලල් එකක් තියෙන්නෙ.
“මේ මල්ලි”
සේවක මිත්‍රයාට කතා කරපු මම රෑ කෑමට මොන්ගෝලියන් නූඩ්ල්ස් එකක් (රු. 450) ඇණවුම් කලා. ඒත් ඉතින් ඒක එනකම් කරන්න වැඩක් තියෙන්නත් එපැයි. ඒ නිසා පැය බාගෙකට පූල් ටේබල් එකත් (රු. 350) ගත්තා. කොහොම කොහාම හරි ඩෝප් සීන් එකේ ඩිලියයි මායි තරඟෙට බෝල දාන අතරෙ අපේ මොන්ගෝලියන් එකත් මේසෙට ඇවිල්ලා. උඩින්ම පේන්න තිබුනෙ බුල්සායි එකක් නිසා අපි දෙන්නටම ඒක කන්න එච්චර ලොකු උනන්දුවක් තිබුනෙ නෑ. එක ගේමක් ඉවර වෙලා තමයි මම මොන්ගෝලියන් එකට කිට්ටු කලේ.
කටක් කෑවා, දෙකක් කෑවා…
“හත් දෙයියනේ අපි මොනවද මෙච්චර වෙලා කාලා තියෙන්නෙ. මේකනෙ බයිට් එකට ගන්න තිබුනෙ” කියල වැඩක් නෑ සුපිරි නූඩ්ල්ස් එක. ගම්මිරිස්, ලුණු පදමට දාලා හදපු හාෆ් බොයිල් බුල්සායි එක නිසා රස දෙගුණ තෙගුණ වෙනව. ඒ මදිවට පොඩියට කපල ගැඹුරු තෙලේ බැදපු චිකන් කෑලිත් තොගයක්. කැරට්, ලීක්ස් එහෙමත් මදි නොකියන්න දාලා. ඔරිජිනල්ම මොන්ගෝලියන් කෑම වල සුවඳෙනුයි රසයෙනුයි අනූන නිසා කාගෙන කාගෙන යන්න හිතෙනව. ඒත් කොහෙද ඉතින්, මේ ඩිලියත් ඉන්නවනෙ. කවුරු කොහොම කිව්වත් මචං එකේ මොන්ගෝලියන් නම් බෙදා ගෙන කන්න හරියන කෑම ජාතියක් නෙවෙයි.
නූඩ්ල්ස් එක ඉවර වෙද්දි පූල් ගහන වෙලාවත් ඉවරයි. වැඩේ කියන්නෙ ඒ වෙද්දි දෙන්නට හොඳ ගාණට වැදිලත් ඉවරයි.
“මේ ඩිලියො, එකොළහමාරයි බන් වෙලාව. යමුද?”
ඩිලිටත් කතා කරගත්තු මම ඩෝප් මරගාතෙම සේවක මචංට කතා කරල බිලත් ගෙවල දාලා තෑන්ක්ස් පාරකුත් දාලාම තමයි ‘මචං පාsikuda’වට සමු දුන්නෙ.
මේ… ඩෝප් සීන් එකේ කියනව නෙවෙයි. යනව නම් මචං අන්න ‘මචං’ ඈ...
Address
103, Passikudah, Kalkudah, Batticaloa
Directions
Turn left from the Kalkudah-Valaichchenai Road onto Pasikuda Road and continue on. You'll see the neon Machang sign on your right, next to the Earl's Pasikuda.
Report Inaccuracy
Delete Comment
weladama
Love the Battered Prawn served at this place. It was really tasty