Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Mad Mousse

Delivery only


Absolutely excellent mousse!



මේ කතාව චොක්ලට් මූස්වලට ම විශේෂ වුණු මෑඩ් මූස් ගැන. ඒගොල්ලො ළඟ තියනවා නටෙලා, කිට්කැට්, ස්නිකර්ස්, මාර්ස්, ට්වික්ස්, ගැලැක්සි, ෆෙරේරෝ රොචර්.. මෙකී නොකී එක එක චොක්ලට් ජාතිවල රසවලින් හදපු චොක්ලට් මූස්..

ඕඩර් කරන විදිහ 

0775103616 තමයි මෑඩ් මූස් එකේ ෆෝන් නම්බර් එක. කෝල් කරලා ඕඩර් එක ප්ලේස් කරන්න වගේ ම, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්සැප් හරහා ඒගොල්ලො එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන්.

චොක්ලට් මූස් 

අර කලින් කිව්වා වගේ මෙයාල ළඟ තියනවා නානාප්‍රකාර වර්ගවල රසින් යුතු චොක්ලට් මූස්. අපේ ඕඩරේ ස්නිකර්ස් මූස් එකයි (රු. 390), කිට්කැට් මූස් එකයි (රු. 370), නටෙලා මූස් එකයි (රු. 450). අපි ගත්තේ පොඩි කප්ස් වුණාට ඕගොල්ලන්ට ඕන නං පස් හය දෙනෙකුට සෑහෙන ලොකු කප්ස්වලින් ඕඩර් කරන්නත් පුළුවනි.


මුලින් ම අපි රහ බැලුවෙ ස්නිකර්ස් මූස් එක. පේනව නේ, උඩින් ස්නිකර්ස් කුඩු කරලා ඒවත් එක්ක කජු කෑලි, චොක්ලට් චිප්ස් එහෙම ඉහලා. මූස් එකේ ටෙක්ස්චර් එක මාර ම ස්මූත්. ගන වෙලත් නැති දියාරුත් නැති නියම ක්‍රීමි ගතිය මේන්ටේන් කරලා තිබුණා. රසත් මරු. කන්න බැරි තරං පැණි රසක් ආවෙ නෑ. හොඳ රිච් චොක්ලට් රසක් තමයි තිබුණෙ.

මේ තියෙන්නෙ කිට්කැට් කෑලි අතුරපු කිට්කැට් මූස් එක. ඒකත් පැණි කජු කෑලියි චොක්ලට් චිප්සුයිවලින් සරුයි. ඒ වගේ ම හොඳට ම ෆ්ලෆී. කිට්කැට් රසත් ගාණට ආපු හින්දා මේකෙත් වරදක් නෑ.

අපි සෑහෙන බලාපොරොත්තු තියන් හිටපු නටෙලා මූස් එකෙන් ඒ තරං නටෙලා රසක් ආවෙ නැති එක තමයි එක ම අවුල. චොක්ලට් ක්‍රීම් ටික ඩාක් චොක්ලට් රසයි, උපරිමයි. හැබැයි පොතේ හැටියට මේකෙන් තව නටෙලා රස එන්න ඕන. මේකෙ ගාණත් අනික්වට වඩා ටිකක් වැඩී නෙ.

සර්විස් එක

සර්විස් එකේ වරදක් නෑ. පහසුයි සුහදයි. ඩිලිවරි වගේ ම පිකප් එහෙමත් අවේලබල්.

අවසාන වශයෙන්

ඉතින් චොක්ලට් පෙරේතයන්ට හොඳ ඔත්තුවක් මේ. පැල් බැඳගෙන චොක්ලට් මූස් කන්න, මෑඩ් මූස් එකෙන් ඕඩර් කරන්න.


Similar Places

User Reviews
See 2 Comments