Artwork for TEMP_Yamu Promo Top Banner
Artwork for Yamu Promo Top Banner
Artwork for TEMP_sidebar Artwork for Excel restaurants sidebar banner 2

4/5

Malay Restaurant

115 Hill Street, Dehiwela


Malay Restaurant in Dehiwala is hugely popular, and after trying our their stuff we can see why. The portions: massive, the flavours: excellent and the prices: reasonable.



‘‘දෙහිවල පාලම ලඟ හරි හමං කඩයක් නෑනෙ කෑම ටිකක් කන්න’’ මහ දවාලේ වැස්සකට කොටුවුණු මම නෝ ලිමිට් එක ඉස්සරහ ඉඳන් හිත හිතා හිටියා. ඒ වෙලාවෙ තමයි දෙහිවල පැත්තෙ ඉන්න මගේ පරණ යාළුවෙක් එතනට ආවෙ. ඉතින් මම යාළුවාගෙන් අහලා බැලුවා හොඳ කෑම ටිකක් කන්න පුළුවන් කඩයක් ගැන. ගත්ත කටටම යාළුවා කිව්වේ ‘‘නියමයි, මමත් යන්නෙ කන්න තමයි හදන්නෙ මචං. කරගම්පිටිය පොඩ්ඩක් මෙහායින් තියෙනව මැලේ රෙස්ටුරන්ට් කියලා ප්ලේස් එකක්. යමං දෙන්නත් එක්කම එතනට’’.

වාතාවරණය

විනාඩි පහ හයක් විතර දෙහිවල නෝ ලිමිට් එක ඉස්සරහට වෙලා පුංචි කතාවක් දාගෙන ඉඳපු අපි දෙන්නා වැස්ස ටිකක් අඩු කරනකම් ඉඳලා පයින්ම මැලේ අවන්හලට ගියා. ‘‘මේ මොකක්ද මේ?’’. ඉස්සරහ පර්චස් භාගයක විතර ඉඩක ලොකු වීදුරු ෂෝ කේස් එකක කෑම වර්ග ගොඩක් දාලා ඒකටම අල්ලලා කැෂියර් එකකුත් තියෙන පුංචි කඩයකට තමයි යාළුවා ගොඩ වුණේ. යාළුවා නිසා ආයෙ අහන්නත් බෑ. කමක් නෑ, බලමුකෝ කියලා මමත් හිටියා. ‘‘අපි ඇතුලට යමුනේ මචං’’ යාළුවා මටත් කතා කරගෙන එතන තිබුණ පොඩි පඩිපෙලෙන් ඇතුලට ගියා. ඒ එක්කම වගේ අපේ ඉස්සරහට ආපු භෝජනාගාර සේවකයෙක් ‘‘ගුඩ් ආෆ්ටර්නූන් සර් කියලා’’ අපිව පිළිගත්තේ මගේ හිතේ තිබුණ පුංචි සැකය හිතෙන් අයින් කරලා.

එළියේ තියෙන පෙනුමට වඩා හාත් පසින්ම වෙනස් පෙනුමක් තමයි ඇතුලේ තියෙන්නේ. එක කොටසක් පොඩි පිරිසකට නැත්නම් යුවලකට වගේ ආවාම කෑම කන්න පුළුවන් වෙන්නයි අනෙක් කොටස ලොකු මේස දාලා පවුලේ පිරිසකට හරි කාර්යාල පිරිසකට හරි පොඩි සාදයක් ගන්න පුළුවන් වෙන්න නියමෙට හදලා තිබුණා. ඒ විතරක් නෙවෙයි. මේ අවන්හල ඇතුලේ ස්වභාවික පළතුරු යුෂ වර්ග එවලේම හදලා දෙන හොඳ ජූස් බාර් එකකුත් තිබුණා. ඒත් මට මතක හැටියට නම් වාහන නවත්වන අංගනයක් මැලේ අවන්හලේ තිබුණේ නෑ. සමහර විට ප‍්‍රධාන පාර අයිනේ නිසා වෙන්න ඇති. කොහොම වුනත් යාළුවගේ තේරීම නම් නියමයි.

ආහාර සහ සේවාව

මම අවන්හලේ ලස්සන බල බල ඉන්න අතරේ තමයි අපේ ළගට ආපු භෝජනාගාර සේවකයෙක් ‘‘සර් මේන් ඩයිනින් රූම් එක නම් වහලා. ටේක් අවේ එකෙන් තමයි සර්ලට කෑම ගන්න වෙන්නේ’’ කියලා කිව්වේ. ‘‘ඉට්ස්  ඕකේ’’ සේවකයාට පිළිතුරු දුන් යාළුවා. ‘‘හ්ම්... මට මැලේ ඩම් බිරියානි (රු. 550) එකකුයි ෆ‍්‍රයිඩ් බාබත් (එකක් රු. 150) පීස් දෙකකුයි ගේන්න. මචං උඹට මොනවද’’ මගෙන් ඇහුවා. ‘‘මට ගේන්නකෝ හයිඩ‍්‍රාබාද් බිරියානි (රු. 490) එකක්. ටිකක් කල්පනා  කරලා උත්තර දුන්න මම ආයෙත් ඉස්සරහ වීදුරු ෂෝ කේස් එකේ තිබුණ කෑම වර්ග ටික මතක් කලා. ෆ‍්‍රයිඩ් රයිස්, නාසිගුරාන්, මැලේ ඩම් බිරියානි, හයිඩ‍්‍රාබාද් බිරියානි, බැදපු කුකුල් මස්, ඩෙවිල්ඩ් කුකුල් මස්, ඩෙවිල්ඩ් මීට් බෝල්ස්, හරක් මස් ඉස්ටු, එළුමස් ව්‍යංජන වගේ කෑම වර්ග පහළවක් විස්සක් විතර එතන තිබුණා. ඒවගේ ද එතනින් එනකොට දැණුන සුවඳ. මතක් වෙද්දිත් කටට කෙළ උනනවා. ‘‘මචං, කෑම කනකොට පුරුද්දක් විදියට මම බොන්නේ වතුර විතරයි. උඹට ඕනේ නම් මෙතන හොඳ ජූස් තියෙනවා. එකක් ගේන්න කියමු’’ යාළුවා ජූස් බාර් එක පෙන්නලා මට කිව්වා. බිරියානි එකේ රස හොඳටම බලන්න ඕන නිසා මම පළතුරු යුෂ මුකුත් ඇණවුම් කළේ නෑ.

ඇණවුම් කරපු කෑම ටික මේසෙට එනකම් කාලෙකින් හමුවුණ යාළුවත් එක්ක මම පොඩි කතාවක් දාගෙන හිටියා. ඒ අතර තුරේ භෝජනාගාර සේවකයා ඇවිල්ලා අපි වාඩි වෙලා ඉඳපු මේසේ උඩින් පිඟන් දෙකක්, හැඳි, ගෑරප්පු වගේම සිසිල් වතුර වීදුරු දෙකකුත් තියෙලා පිළිවෙලට හදලා දුන්නා. භෝජනාගාරය ඇතුලෙ ටිකක් අඩු එළියක් තියෙන විදුලි බුබුළු දාලා තිබුණ එකට නම් මම හරිම කැමතියි. ඒ විතරක් නෙවෙයි. හොඳින් වායු සමනය කරලා තිබුණ අවන්හල ඇතුලේ හොඳ පිරිසිදු බවකුත් තිබුණ නිසා හිතේ සන්තෝසෙන් කෑම ටික කන්න පුළුවනි.

ඔන්න ඉතිං විනාඩි දහයක් විතර යනකොට අපි ඉල්ලපු කෑම ටික මේසෙට ආවා. හරි අපූරු ක‍්‍රමයකට තමයි මෙයාලා කෑම පිළි ගන්වන්නේ. බත් වර්ග දෙකම පොඩි ඇලුමිනියම් ඇතිලි දෙකක දාලා බත් බෙදා ගන්න හැන්දකුත් ඒකටම දාලා තමයි අපේ බිරියානි දෙක මේසෙට ආවේ. ඒ එක්කම වීදුරු දීසියක තියලා බැදපු බාබත් කෑලි දෙකත් ගෙනල්ලා තිබුණා. කොටස් හතරකට බෙදපු වීදුරු බන්දේසියක රට ඉඳි චට්නියි, කජු, ගී‍්‍රන් පීස් ව්‍යංජනයකුයි මින්චි කොළ සම්බෝලෙකුයි මේසෙට ඇවිල්ලා තිබුණේ බිරියානි වල රස වැඩි කර ගන්න. ඒ විතරක් නෙවෙයි පුංචි වීදුරු බඳුන්වල දාපු චීලි පේස්ට්, අමු මිරිස් සෝස්, ගම්මිරිස් සෝස් වගේම තක්කාලි සෝස් ටිකකුත් අපේ මේසයට ගෙනල්ලා තිබුණා.

බිරියානි වලින් එන සුවඳ නම් ඉවසන්න බෑ. ලොකු බඩගින්නක ඉඳපු මම හියිඩ‍්‍රාබාද් බිරියානි හැඳි හත අටක් පිඟානට බෙදා ගත්තා. ඒකේ උඩින්ම තියලා තිබුණ බැදපු කුකුල් මස් කෑල්ලයි තම්බපු බිත්තරයයි පිඟානේ පැත්තකින් තියාගත්ත මම කජු, ගී‍්‍රන් පී‍්‍රස් ව්‍යංජන ටිකකුයි චීලි පේස්ට් ටිකකුයි බත් එකටම දාගත්තා. පුංචි කටක් අනන ගමන් තමයි මම පොඩිඩක් ඔලුව උස්සලා තව මොනවද බෙදා ගන්න තියෙන්නේ කියලා මේසෙ දිහා බැලුවේ. ‘‘හහ්... අන්න යාළුවො’’ කිසිම කතාවක් බහක් නැතිව බිරියානි එකට වැඩේ දෙන්න පටන් අරන්.

ආයේ මොනවා බල බල ඉන්නද. අනාගත්ත බත් කට මම හිමිහිට රස බලන්න පටන් ගත්තා. නියමයිනෙ. ඒකේ තිබුණ කුකුල් මස් කෑල්ල දිවට ගෙනාවේ වෙනදාට කන සාමාන්‍ය බැදපු කුකුල් මස් වලට වඩා වෙනස් පොඩි මසාලා රසක් එක්ක එන රසක්. කන්න ආස හිතෙන කහ පාටක් එන විදියට බාස්මති හාල් වලින් හදලා තිබුණ හියිඩ‍්‍රාබාද් බිරියානි එකට මිංචි කොළ ටිකකුත් එකතු කරලා තිබුණා. ඒත් බත් එකේ සැර ගතිය නම් හොඳටම මදි. ඒ නිසා පුරුදු විදියට මම චිලී පේස්ට් ටිකක් බත් එකට එකතු කරගෙන මට  ඕන සැර ගතිය දාගත්තා.

ඒ අතරේ දීසියේ තිබුණ බැදපු බාබත් කෑල්ලකුත් මම රස බැලුවා. බැදපු මස් රස රස මැද්දෙන් එන තරමක් අමු මස් සුවඳක් නිසා බාබත් එක නම් කාපු පළවෙනි කටෙන්ම මට එපා වුණා.

යාළුවාගේ බත් එක නම් බැලූ බැල්මට හරිම වෙනස් වගේ. ඉතින් හයිඩ‍්‍රාබාත් බිරියානි එක යාළුවට දුන්න මම එයාගේ ඩම් බිරියානි එක ඉල්ලගෙන හැඳි දෙක තුනක් පිඟානට බෙදා ගත්තා. මාර දේවල් ටිකක් නේ ඩම් බිරියානි එකේ තියෙන්නේ. තම්බලා කෑලි වලට කපපු අල, කුළුබඩු දාලා උයපු කුකුල් මස් කෑලි, තම්බපු බිත්තරයක්, ගැඹුරු තෙලේ බැදපු ලොකු කුකුල් මස් කෑල්ලක් වගේම රම්පේ කරපිංචාත් මේකට එකතු කරලා තිබුණා. සම්බා හාල් වලින් හදලා තිබුණ නිසා හයිඩ‍්‍රාබාද් බිරියානි එකේ තරම් ලස්සනක් නම් ඩම් බිරියානි එකේ තිබුණේ නෑ. ඒ වගේම සැර ගතියත් ගොඩක්ම අඩුයි. අපිට පුරුදු කුළු බඩු රස හොඳට දැනෙන නිසා සැර හදා ගන්න අමු මිරිස් සෝස් ටිකක් එකතු කර ගත්ත මම බෙදා ගත්ත බිරියානි ටික කාගෙන කාගෙන ගියා. හොඳ කුළු බඩු රසක් තිබුණ ඩමි බිරියානි එකට කලවම් කරපු කුකුල් මස් කෑලි ටික නම් මගේ හිතට හොඳටම ඇල්ලුවා.

බඩ පැලෙන්න බුරියානි කාපු අපි දෙන්නට හිතුණා පොඩි අතුරු පසකුත් රස බලන්න. ඉතින් ආයේ මෙනුව දිහා බලපු මම යාළුවාගෙනුත් අහලා චොක්ලට් මූස් (රු. 260) එකක් ඇණවුම් කලා. ශීතකරණයේ දාලා හොඳින් සිසිල් කරලා තිබුණ මේ චොක්ලට් මූස් එකේ නියමම චොක්ලට් රස හොඳටම දැනෙනවා. චොක්ලට් මූස් ටිකක් සැහැල්ලු අතුරු පසක් වුණත් උඩින් දාලා තිබුණ කජු කෑල්ලක් එක්ක හැපෙන කොට නම් දිවට දැනෙන චොක්ලට් රස අපේ දවල් කෑම වේලේ තිබුණ පුංචි අඩු පාඩුවත් මුළුමනින්ම සම්පූර්ණ කළා.

අනුමිතිය

කෑම කාලා ඉවර වෙලා මම භෝජනාගාර සේවකයාත් එක්ක මම පොඩි වෙලාවක් කතා කළේ මේ අවන්හලේ තව මොනවද රස කෑම වර්ග තියෙන්නේ කියලා දැනගන්න. එතකොට තමයි එයා කිව්වේ මැලේ අවන්හලේ මුළුතැන්ගෙය ඇරලා තියෙන්නේ  උදේ 11 - හවස 3, හවස 6 - රෑ 11 වෙනකන් විතරයි කියලා. ඒ වෙලාවට නම් චීන, තායිලන්ත වගේම ලාංකීය ආහාර වර්ග ගොඩාකුත් හිතේ හැටියට තෝරගෙන උණු උණුවේම කන්න පුළුවන්ලු.

ඉතින් හිත පිරෙන්න දවල් කෑම වේල බඩට දාගත්ත අපි බිල ගෙවලා සේවකයින්ටත් ස්තූති කරලා දෙහිවල මැලේ අවන්හලෙන් එළියට බැස්සේ ආයේ දවසක මුළුතැන්ගේ ඇරලා තියෙන වෙලාවක රසම රස රෑ  කෑම වේලක් කන්න එන්න හිතාගෙන.


TIP

The prices on the menu actually include taxes so you're only going to be charged service charge.
All Reviews

Serving good meals since 1994.

Malay Restaurant in Dehiwala is hugely popular, and after trying our their stuff we can see why. Massive portions, excellent flavours and reasonable prices.

This is Dehiwala at street level. Malay Restaurant is a small eatery that's somewhere between a restaurant and a hole in the wall food stop. True to its name it serves up a comprehensive selection of Malay food - which in Sri Lanka means lots of meat, particularly beef, offal, and sea food.

සිංහල කොටින්ම කියතොත් අවසානයෙ, එක මට්න් කෑල්ලක්, බිරියානි චුට්ටක් මේසෙ හතර මායිමේ පේන්නත් නෑ. අර නූඩ්ල්ස් එකේ සයිස් එක ලොකු නිසා ටිකක් ඉතුරු වෙලා තිබ්බ මිසක්! 

සිංහල ගත්ත කටටම යාළුවා කිව්වේ ‘‘නියමයි, මමත් යන්නෙ කන්න තමයි හදන්නෙ මචං. කරගම්පිටිය පොඩ්ඩක් මෙහායින් තියෙනව මැලේ රෙස්ටුරන්ට් කියලා ප්ලේස් එකක්. යමං දෙන්නත් එක්කම එතනට’’.

தமிழ் Malay Restaurant in Dehiwala is hugely popular, and after trying our their stuff we can see why. The portions: massive, the flavours: excellent and the prices: reasonable.

Address

115 Hill Street, Dehiwela

Directions

From the Dehiwala junction (under the flyover), head up Hill Street. It's on your left about 200 meters up.

Contacts

E-Mail Website Facebook

Report Inaccuracy

Open 11 AM till 3 PM, 6 to 11 PM

Price Range

Between Rs. 500 - Rs. 1000

Cuisine

Malay

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3
User Reviews
S
3

2/5

0

Shaq75

The lamprais is my fav but lately the rice portion is small and dry. Adding a gravy and some extras would be better for a taste bud.

S
1

1/5

0

Shabiya

Malay Restaurant used to be our favourite quick dine in spot until recently.
Their food is still great but their service has dropped so low. 2nd time in a row experiencing it. There is a new server who unfortunately was assigned to my table twise. This is is more about giving u all the signals to leave…and yesterday even bluntly to our face to leave, even after placing a real straight forward order. saying the kitchen is busy…he said the same the last time round. We went in about 9 pm…gave an order of a large portion mixed seafood fried rice and a portion of Masala chicken.
he takes the order and tells us he cannot give us our food anytime till 9. 40pm. that the kitchen is very busy with catering order. so we either wait or leave. Basically nothing from the kitchen would come before that to us so even an appetiser is out.
The restaurant was not fully packed…his reasoning was a catering order.
Any who we said well might as well leave cus that's too late. he just said ok…and was real quick to take back the menu and set the table again…signalling us to get up asap and leave!
While was making a complaint to a senior and older staff, there were a few other customers expressing concerns about the same thing.
real lame. May be hire better people who are not rude and know how your restaurant functions.
being going to Malay Restaurant for more than 12 years…even when they were dingy…will certainly not be doing so anymore.
It just take one rotten apple to spoil the lot!

R
1

2/5

1

rohanrushan

Today i had lunch with my friend in malay restaurant to highest recommend of yamu 😝😝😝😝 but dum biriyani is the worst thing is ever had review it again never ever go there friends beware this kind of horrible places

S
3

2/5

0

Shaq75

The lamprais is my fav but lately the rice portion is small and dry. Adding a gravy and some extras would be better for a taste bud.

S
1

1/5

0

Shabiya

Malay Restaurant used to be our favourite quick dine in spot until recently.
Their food is still great but their service has dropped so low. 2nd time in a row experiencing it. There is a new server who unfortunately was assigned to my table twise. This is is more about giving u all the signals to leave…and yesterday even bluntly to our face to leave, even after placing a real straight forward order. saying the kitchen is busy…he said the same the last time round. We went in about 9 pm…gave an order of a large portion mixed seafood fried rice and a portion of Masala chicken.
he takes the order and tells us he cannot give us our food anytime till 9. 40pm. that the kitchen is very busy with catering order. so we either wait or leave. Basically nothing from the kitchen would come before that to us so even an appetiser is out.
The restaurant was not fully packed…his reasoning was a catering order.
Any who we said well might as well leave cus that's too late. he just said ok…and was real quick to take back the menu and set the table again…signalling us to get up asap and leave!
While was making a complaint to a senior and older staff, there were a few other customers expressing concerns about the same thing.
real lame. May be hire better people who are not rude and know how your restaurant functions.
being going to Malay Restaurant for more than 12 years…even when they were dingy…will certainly not be doing so anymore.
It just take one rotten apple to spoil the lot!

R
1

2/5

1

rohanrushan

Today i had lunch with my friend in malay restaurant to highest recommend of yamu 😝😝😝😝 but dum biriyani is the worst thing is ever had review it again never ever go there friends beware this kind of horrible places

A
1

2/5

0

Ahamath Musafer

Just got a ghee rice with spoiled chicken…. thoroughly dissapointed… these guys got there licence revoked once but dont seem to have learned a lesson… ruined my entire lunch and saturday afternoon… they serve good food but they dont have any standards…. very dissapointed with the place… YAMU should not even bother reviewing terrible places like this……

D
1

2/5

0

Darshana097

Disgusting place. Gave us spoiled String hopper biriyani. Smelled rotten. Waste of money. 😡😡

See 40 Comments