Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for SRI LANKA GOOGLE SEARCH SIDEBAR 2

4/5

Mama Louie's

49, Skelton Rd, Colombo 05


Mama Louie's is a new pizza resto in Sooriya Village, serving up some delicious thin-crust pizza.



ඔය කළේ...

වරුවක් ගෙදරටම විනාස වීගෙන යද්දි, එක පැයෙන් පැයට විශ්වාසය තිබ්බ දැන් පායයි දැන් පායයි කියල. ඒත් කොහෙද?

ඒකත් බැරිම තැන වීල් එකක් හෙව්ව ඕන දෙයක් වෙච්චාවෙ යනව බුක්ෆෙයාර් තෙමි තෙමි හරි කියල. ඒකත්... හරියටම විනාඩි 40කට විතර පස්සෙ ඈ...

මස්තබාල්දුයි කියන්නෙ යාළු.. දවස ම, මුළු දවස ම!

හිතන්නකො උදේ වරුවක් මෙලෝ ම වැඩක් කරගන්න බැරිවෙලා, දවල් වරුවත් පාරටම රස්තියාදු වුණාම? ඊටත් අමාරුවෙන් අමාරුවෙන් ගිහින් යාන්තම් බුක්ෆෙයාර් එකට ගොඩවුණා. ඒ ගොඩවෙද්දි සමහර කඩ වහන්න තීරණය. ඇයි ඉතින් සෙනඟත් නෑ. අනික තෙත ගතිය එක්ක පොතුත් සවුත්තු වෙනවනෙ.

“මොකද බං කරන්නෙ? බලාංකො ඕන කරන එක පොතක්වත් ගන්න විදියක් නැති වුණානෙ”

“අනේ මංද බං. චැහ්, මහ පජාත ම දවසකට සෙට්වුණේ ඈ...

මං කියන්නද. දැන් මෙතන තැරි ගැහි ගැහි ඉඳල වැඩක් නෑනෙ. යමංද කොහේ හරි, බඩකට පිරෙන්න කාලා දාන්න”

“හෑ...

අඩෙහ් අන්න, අයිඩියාස්නෙ! යං යං.

දැං කොහෙද යන්නෙ?”

“යන්නේ... ඉස්සෙල්ල කියාංකො මොනවද කන්නෙ කියල”

“කන්නෙ? කන්නෙ, පීසා... පැස්ටා... එක්ක කෝපි…”

“කිරි අප්පට මූ යකෝ. එච්චර සල්ලි තියෙයිද දන්නෑ…

ආ... අවුලක් නෑ අවුලක් නෑ. කාඩ් එක තියෙනවනෙ. ඒනං යමං අලුත්ම ප්ලේස් එකකට. හැව්ලොක්ටවුණ්. හාද?”

“යං යං. ආයෙ ඉතින් උබ කියනව නං ඕන දිබ්බාගෙකට මං එනව, කන්න දෙනවනේ...”

එච්චරයි... ආයෙත් වීල් එකක් හොයන්න පැය බාගයයි. ඒකත් අවුලක් නෑ, ඒ වීල් එකේ එතනට යන්න තව පැය බාගයයි. හප්පේ... පීසා නෙවෙයි මට, හාල් කැවිල තිබ්බෙ. කොහොමහරි ඉතින්, ගිහිල්ල අඩිය දෙක තියල ගොඩවෙද්දි මොකක්දෝ අමුතු නිදහස් හැඟීමක් ආවෙ. බැලින්නම්...

සූරිය විලේජ් එකට කියන්නකො වටපිටත් නොබල දඩිබිඩියට ඇවිල්ල තියෙන්නෙ.

අහන්න දෙයක් තියෙයි ඉතින්. තනිකර ම කලාගාරයක්නෙ. පරණ වලව්වෙ කොරිඩෝවෙ තමයි අපූරු, ලී පුටු මේස ටික දාලා කෑමට ලෑස්ති කරල තියෙන්නෙ. එතන ම ගොඩවෙන තැන... කැෂියර් එක. මෙනු ටිකත් ලීෆ්ලට් විදියට හදල එතනින් ම තියල. ඉතින් අපිට යනකොට ම කෑම ටික තෝරන්නත් පුළුවන්. හැබැයි ඉතින් අපි නම් එහෙම කළේ නෑ. හෙමින් සැරේ ලීෆ්ලට් දෙකකුත් අරගෙන ගිහින් අයිනකින් වාඩිවෙලා, නිදහසේ කෑම ටික තේරුව. තෝරල ඇවිත් තමයි ඕඩරේ දැම්මෙ.

‘ඩාර්ක් චොකෝ මිල්ක් ෂේක් එකයි (රු. 490), මොකා ලටේ එකයි (රු. 490), මිස්ටොලාරේ-මමාස් ස්පෙසිආටෝ හාෆ් හාෆ් එකයි (රු. 1900), සින්ක් ෆෝමැගි එකයි (රු. 1550), සොසේජ්-බේකන් පිට්ටා එකයි (රු. 780)’

“සර් කන්නද...? ඔයාලා දෙන්නට විතරක්ද...?”

සේවක මිත්‍රය හොල්මන්.

“නෑ නෑ. අපි මේ ටිකක් කාලා ඉතුරු ටික ගෙනියන්න.”

එහෙම ෂේප් කරල ඇවිත් ආයෙත් වාඩි වුණා. වාඩි වෙලා එළිමහන දිහා බලාගෙන දෙන්න වල්පල් කතාබහක.

විනාඩි පහක් දහයක් විතර යන්න ඇති.

කොහොමහරි ඉස්ඉස්සෙල්ලාම කියල මේසෙට ආවෙ මිල්ක් ෂේක් එකයි, ලටේ එකයි. ආවා, ආවමයි ඉතින්. මම ගත්ත ගමන් උගුරු දෙක තුනක් පේළියට මිල්ක් ෂේක් එකෙන්.

ෂැහ්, ටොප්නෙ. චොක්ලට් රසින් නම් අනූනයි. ඒ වගේම කිරි රසයෙනුත්. හැබැයි බඩේ බත් වගේ කිව්වහැකි පාවිච්චි කරල තියෙන්නෙ නම් ඩාර්ක් චොකලට් නෙවෙයි. අනික... මට නිසාද මන්දා සීනි ගතියත් පොඩ්ඩක් වැඩියි වගේ. ඒකට... බලන්න එපැයි යාළුවගෙ මොකා ලටේ එක. සීනි පැකට් දෙකක් විතර දාලා හදල තියෙනවා.. ළා පැණිරසත් එක්ක තද ම තද කෝපි රසයි, චොකලටුයි එකතු වෙලා… උණු උණුවෙ පංකාදු පහයි! අනික වැස්ස වෙලාවත් නිසා, ඒකෙ රස වගේම ගැම්මත්... ඩබල් ත්‍රිබල්.

ඒකෙන් බාගෙ යාගෙන එද්දි ඔන්න එනව මේසෙට දුම් ද දා... පීසා…

මුකුත් කියන්න ඕනය?

දඩි බිඩිස් ගාලා පෙපරෝනි, බේකන්, සොසේජස් පීසා කෑල්ලක් පිඟානට. ඊට පස්සෙ ඒක උඩට ටබැස්කෝ සෝස්. උණු උණුවට, ලොකුවට කටට, හැපෙනකොට... චීස් පනිනව දෙපැත්තෙන් එළියට. හප්පේ... දිව්‍යලෝක රස ඈ... කියන්න තේරෙන්නෙ නෑ යාළු ඒකෙ නම් පුදුම රසක්. හොඳ පදමට කර වෙච්ච බීෆ් පෙපරෝනියි, චිකන් හැමුයි එක්ක, ජම්බො සොසේජසුත් මික්ස් වෙලා.. මොසරැල්ල චීසුයි, තක්කාලි බේස් එකයි, පදමට ලූණු, බැසිල් ලීව්ස් ටිකයි.

තලු මරයි, රස නහර පිනායයි කිව්වලු!

ඒකෙ අනිත් පලුවට... දෙන්න තරුත් නෑ, කන්න කන්න ඉවරයකුත් නෑ. ඇයි ඉතින් ඒකෙ මට්න්නෙ. බේරෙන ගානට මෙළෙක් වෙච්ච මොසරැල්ල චීස් එක්ක, ලාවට වුඩ්ෆ්‍රයි වෙච්ච ඔසි මට්න්... පංකාදු පහයි, තොල කට ලෙව කැවෙන්න.

ඒ විතරක් නම් බැරියැ, ෆෝමැගි එකත් ටොපේ ටොප්නෙ. අනික ඒකට දාලා තියෙනවා ලෝකෙ තියෙන හැම චීස් ජාතියක් ම මගෙ හිතේ. ඇයි අප්පේ... රෙකොට්ටා, මොසරැල්ල, බ්ලු චීස්, පාර්මෙසාන්, එමෙන්ටෙල්... එතකොට බැසිල් ලීව්ස්, ලූනු, එක්ක තක්කාලි බේස් එකත් නියමෙට ම.

ඔය අතරෙ අර වෙනසකට කියල ඕඩර් කරපු පිට්ටා එකෙනුත් කෑල්ලක් දෙකක් මම රස බැලුව.

ම්ම්... ඒක නම් තනිකරම චීස්! හොඳයි, ඒත් මට නම් එච්චරට ම නෑ. මොකද ඒකෙ චීස් කියන්නෙ, මෙල්ට් වෙලා වැක්කෙරෙන ගානටනෙ. හැබැයි ඒ චීස් තොගයත් එක්ක, චිකන් හැම්, ජම්බො සොසේජසුත් හොඳහැටි දාලා තියෙනව. බාග වෙලාවට පොඩ්ඩෙක්ට වගේ නම් කියාපු ම.

කොහොමහරි ඉතින් ඉස්මුරුත්තාව එනකම් කාලා කාලා, ඉතිරිවත් ටේකවේත් දාගෙන...

අපි ආයෙත්...

සුපුරුදු පරිදි,

පැයකට එහාපැත්තෙ…

ටැක්සි හොයාපි... අර පැත්තෙ, මේ පැත්තෙ! 


TIP

Try Mistolare

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment