Delivery only
A home baker specialised in brownies.
කාලෙකට පස්සෙ ඔෆිස් එකේ ඉඳන් රිවීව් එකක් කරන්න හිතාගෙන අපි මමාස් බ්‍රවුනීස් එකෙන් බ්රවුනි ඕඩරයක් දැම්මා.
මමාස් බ්‍රවුනීස් කියන්නෙ හෝම් මේඩ් බ්රවුනි සහ කේක් හදන, ඩිලිවරි බේස්ඩ් ප්ලේස් එකක්. ඒගොල්ලන්ගේ ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් පිටුවලට ගියොත් විස්තර දැක බලාගන්න පුළුවන්.
මේ අය ළඟ තියනවා ක්ලැසික් බ්රවුනි, නටෙලා බ්ලාස්ට් බ්රවුනි සහ නෝටි නට් බ්රවුනි කියල බ්රවුනි වර්ග තුනක්. බ්‍රවුනීස් එන්නෙ පැක් එකක් විදිහට. එක පැක් එකක බ්‍රවුනීස් හයක් අඩංගුයි. ජාති තුන ම එක පාර රස බලන්න කැමති නං අසෝටඩ් බ්රවුනි පැක් එක ඕඩර් කරන්න පුළුවන්. අපි කළෙත් එහෙම.
මමාස් බ්‍රවුනීස් එකේ අසෝටඩ් බ්රවුනි පැක් එක රු. 700යි. අර කියපු බ්රවුනි වර්ග තුනෙන් දෙක ගාණේ ඔක්කොම බ්රවුනි කෑලි හයක් මේකේ තියනවා. ඔය වම් පැත්තෙ තියෙන්නෙ නෝටි නට්. මැද නටෙලා බ්ලාස්ට්. දකුණු පැත්තෙ ක්ලැසික් බ්රවුනි.
මේ බ්‍රවුනීස් අර සාමාන්‍යයෙන් බ්රවුනිවල තියන ෆජී ගතියට වඩා කේක් පැත්තට බර වෙන්න තමයි හදල තියෙන්නෙ කියල මුලින් ම ක්ලැසික් බ්රවුනි එක කනකොට ම තේරුණා. බ්රවුනි කෑලි වැඩිය බර නෑ, සැහැල්ලු ගතියයි. ඉතින් සුමුදුවට හැපෙනවා. චොක්ලට් රස එහෙම ගාණට. චොක්ලට් චිප්සුත් මෙල්ට් කරලා දාල තියනව මං හිතන්නෙ.
නටෙලා බ්ලාස්ට් කියල ආවෙ ක්ලැසික් බ්රවුනි එකට ම නටෙලා තට්ටුවක් තවරපු බ්රවුනි එකක්. නටෙලා කිව්වම ඉතින් කොහොමත් රසයි නෙ. ඒ හින්ද මේක ඇති පදම් කන්න පුළුවන්. ඒ ඇර මේ බ්රවුනි එකේ ලොකු විශේෂයක් පෙනුණෙ නෑ. කොහොම වුණත් නටෙලා තට්ටුව තුනී වැඩියි කියල නං කියන්න වෙනව.
ඊළඟ එක නෝටි නට් බ්රවුනි. නෝමල් බ්රවුනි එකට ම උඩින් ආමන්ඩ් කෑලි ගොඩක් කුඩු කරලා දාලා. කටට කෙළ උනන පෙනුමක් තිබුණෙ. නට්ස් ටික ක්‍රිස්පි ගතියට හැපෙනවා. ඒකට ම හරි යන්න බ්රවුනි එකෙත් අර කලින් කියපු ෆජී ගතිය තිබුණ නං මරු කියල හිතුණා.
සමස්තයක් විදිහට මෙයාලගෙ බ්රවුනි නරක නෑ. ඒත් තව වැඩිදියුණු කරගන්නත් පොඩි පොඩි තැන් තියනවා. කොහොම වුණත් හිටපු ගමන් එන පැණි රස දොළදුක් සපුරගන්න මමාස් බ්‍රවුනීස් හොඳ තැනක් කියල අවසාන වශයෙන් කියන්න පුළුවන්.
Price Range
Dish Types
Cuisine
Ratings Breakdown
Awesome exterior & interior, service also. But main meals are?…
A home-based venture that does some incredibly rich…
Delete Comment