Artwork for PickMe Food Left
Artwork for PickMe Food Right

3/5

Mango Mango

Kurunegala - Trincomalee Highway, Dambulla


One of the best place to eat delicious authentic Sri Lankan rice & curry.



ගිණි පිච්චෙනව මහත්තයො!

මහ දවල් දඹුල්ල ටවුන් එකෙන් බැස්ස විතරයි මට නිකම් පොල්ලෙන් ගැහුවා වගේ. ඒ තරම් රස්නෙ. ඒ මදිවට එනව කියපු යාළුවත් තව නෑ. බස් හෝල්ට් එකේ එහාට මෙහාට ගියාට මොකද ඉන්න බැරි තරම්. කරන්නම දෙයක් නැති තැන තමයි එතන තිබ්බ රෙදි කඩේකට ගොඩ වුණේ, බොරුවට හරි මොනව හරි බලබල ඉන්න බැරියැ කියල.

වැඩේ කියන්නෙ ඒකත් කොටඋඩ ගියානෙ,

ඇතුලට යද්දිම පිළිගැනීමේ නිළධාරිනී සිනාමුසු මුහුණින් මගේ ඉදිරියට.

“යස් සර්”

“සොරි..., මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද ෆුඩ්සිටි හරි කීල්ස් එක හරි කොහෙද තියෙන්නෙ කියල”

“ආ ඔහොම ඉස්සරහට යන්න. පොඩි දුරයි තියෙන්නෙ.”

“අහ්! ඕකේ. තැන්ක් යූ…”

ගිණි ගහන ටවුමක ඉතින් රස්නෙන් බේරෙන්න වෙන මොනව කරන්නද. සුපර් මාර්කට් ඒසී පිහිට තමයි. අඩිය ඉක්මන් කරපු මම අර ලේඩි කියපු පැත්තට යන්න පටන් ගත්තා.

ඒ යනකොට තමයි මීටර 100ක් විතර තියල ෆුඩ්සිටි බෝඩ් එක පේන්න පටන් ගත්තෙ. කොටින්ම කියනව නම් ඇඟට ලේ ටිකක් ඉනුවෙත් එතකොටයි. හැබැයි… බෝඩ් එක දිහා බලාගෙන වැඩි දුරක් යන්නවුණේ නෑ, මෙන්න ඊට මෙහායින් හොඳට දැකල පුරුදු තව බෝඩ් එකක්.

“යකඩෝ මැන්ගෝ මැන්ගෝ”

ආයෙ ඉතින්, මගේ ඉහේ මලක් පිපුණා වගේ. එනව කියපු යාළුව ගැනත් හාන්කවිසියක් නෑ. මම කෙලින්ම රෙස්ටුරන්ට් එක ඇතුළේ.

“හම්මේ… සනීපෙ”

පානදුරේ මැංගෝ එකේ තරම් නැතත්, මේකෙත් සැලකිය යුතු ඉඩක් තියෙනව. ඒ විතරක් නම් බැරියැ, මුලු ඒරියා එකේම සුද්දො ටිකත් එතනනෙ. මොනව කරන්නත් කලින් මූණ කට හෝදගෙන එන්න ඕන කියල කල්පනා කරපු මම ගියා පොඩ්ඩක් වොෂ් රූම් පැත්තට. ගිහින් ඇවිත් ඒසී එකට වතුර ටික වේලෙච්චාවෙ කියල වාඩි වුණා මේසෙන්. වාඩි වෙලා ඉතින් හරි බරි ගැහෙන අතරට, මෙන්න බොලේ ලස්සන ගෑණු ළමයෙක් මෙනුවක් එහෙමත් අරගෙන මගේ මේසෙ ලඟ.

“සර් මොනවද ගන්නෙ”

“හ්ම්ම්… අපි දෙන්නෙක් ඉන්නව. යාළුව එනකම් මට ගේන්නකො මැංගො ජූස් එකක්.(රු. 200)”

මම ඕඩරේ දැම්ම.

දාලා... ගැහුව යාළුවට කෝල් එකක්. බැලින්නම් එයත් ෆුඩ් සිටිය ළඟටම ඇවිල්ල, මාව බලබල.

“ආ… මේ මැංගො මැංගො එක ඇතුලට වරෙන්. මම ඒකෙ”

පණිවිඩය දිලා අනික් පැත්තටම යාළුවා මගේ ළඟ. වැඩේ කියන්නෙ ඒ එක්කම අර සේවිකවත් ආවා කියන්නකො මෙනුව අරගෙන. සුපිරි සර්විස් එක ඈ…

“ඕකේ, මට ගේන්න අර කෙහෙල් කොළේ ඔතපු චිකන් රයිස් ඇන්ඩ් කරි එකක් (රු. 200)”

“හ්ම්ම්… මට මෙන්න මේ චෙෆ්ස් ස්පෙෂල් රයිස් එකක් (රු. 650) ගන්න පුළුවන්ද. ඒකත් එක්ක පෝර්ක් චොප් එකකුත් (රු. 950)!” යාළුවත් එයාගෙ ඕඩරේ දැම්ම.

දාලා ඉතින් අපි දෙන්න පොඩි කතාබහකට සෙට් වෙන්න කියලයි බැලුවෙ. ඒත් කොහෙද මගෙ මැංගො ජූස් එක ආවනෙ ඊට කලින් මේසෙට. වැඩේ වුණේ කෙහෙල් කොළේ බත් එකත් ඒ එක්කම මේසෙට ආපු එක. එතනින් එහාට ඉතින් නෝ කතා. මම දිග ඇර ගත්ත බත් එක.

ෂප්පේ… ඒකෙ සුවඳ. කියල වැඩක් නෑ ආ… දැක්කාම කටට කෙල උනන ගානයි. ඇයි ඉතින් උඩින්ම තඩි චිකන් කෑල්ලක්නෙ. ඒ මදිවට කට්ලට් එකකුත්. අනික එක පැත්තකින් කොළ පාටට ලස්සන පතෝල මාලුවක්. තව... පොල් සම්බෝලයක්, පරිප්පු හින්දල, අල තෙල් දාලා එහෙමත් තිබ්බ.

ආසාවට, මුලින්ම කෑවට මොකද චිකන් කෑල්ලෙ රස නම් මදි වගේ. පදමට තැම්බිලා තිබ්බට ඒකෙ තුනපහ රස හොඳටම මදි. මිරිස් එහෙමත් නැති ගානයි. හැබැයි පතෝල එක නම් තිබ්බ සුපිරියටම. හොඳට කිරි දාලා අමු තුනපහ රස ලාවට මතු වෙන්න, පොඩි ගම්මිරිස් සැර ගතියකුත් එක්ක. ඒ විතරක් නෙවෙයි පරිප්පු හින්දුමත් මරු. හරියට මැටි ඇතිලියක හදල වගේ. ඒකෙත් කිරි රස වගේම තුනපහ රසත් ගානට. අල තෙල් දැමුමත් නරකම නෑ. හැබැයි ටිකක් මදි. විශේෂයෙන්ම ඒකෙ සැර ගතිය එහෙම. අන්න ඒකට පොල් සම්බෝලෙ, පංකාදු පහයි ඈ. සැර ගතිය නූලට. ඒක නම් රියල් කටගැස්ම.

කොහොම හරි ඔය අතරට යාළුවගෙ රයිස් එකයි පෝර්ක් එකයිත් මේසෙට ඇවිල්ල තිබුණා. ඉතින් මම ඒකෙනුත් පොඩ්ඩක් අරගෙන රස බැලුව. කොහොමද දන්නෑනෙ.

චැහ්!, ස්පෙෂල් රයිස් එකේ රස නම් හොඳයි. හැබැයි ඒකට දාපු මස් මාළු චොප්සිය නම් හරිම නෑ. මොකද ඒවයෙ තැම්බුණු, බැදුණු ගතිය සෑහෙන්න මදි. වැඩි හරියක්ම බීෆ්වලයි මාළුවලයි එහෙම පොඩි අමු රසක් වගෙත් තිබ්බ. ඒ හැරුණාම ඒකෙ රස අරගෙන තිබුණෙත් තනිකරම සෝස්වලින්නෙ.

ඊට පස්සෙ අර පෝර්ක් චොප් එක? හයියෝ… කටේ තියන්න බෑ. බාගෙට අමුයි. අනේ මංදා ගැඹුරු තෙලේ බැදල මෙයාලට කෑමක් හදන්න බෑනෙ. කොටින්ම ඒකෙත් රස අරගනෙ තියෙන්නෙ තනිකරම සෝස්වලින්. හැබැයි එකක්, චොප් එකට ආපු අල ෆ්‍රයිස් ටික නම් පංකාදු පහට තිබ්බ. අවංකයෙන්ම ඒක නම් නියම ගාණට බැදිලා. සෝස් ටිකක් ගෑවුණාම ගමකට කන්න පුළුවන් ගානයි.

වෙලාවට යාළුවට අඹ ජූස් එක තිබ්බෙ. මොකද හරියට බොනව නම් ඒකම ඇති බඩ පිරෙන්න. කර්තකොලොම්බන් දාලා හදපු ෆුල් නැචුරල් ජූස් එකක්. සීනි එහෙමත් ගානට නිසා මම නම් උගුරට දෙකට ඉවර කලා.

ඊට පස්සෙ ඉතින්… බිල ගෙවල එලියට බැස්ස. හැබැයි එකක් මතක තියාගෙන, ආයෙ දඹුල්ලෙ මැංගො මැංගො ආවොත් ශ්‍රී ලංකන් මෙනියු මිසක් චයිනීස් නම් ගන්නේ නෑ… කියල.


TIP

Try banana leaf rice & curry

Artwork for Frimi Shoutout banner - non merchants only
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment