Nawala road, Nugegoda
Closed right now
Matara bath kade is a small eatery that serves up some mediocre rice and curry.
“ඒ අදත් බඩගිනි එකක් කරමුද?”
“එකක්?
එකක් නෙවේ අද දෙකක් කරමු. මාත් යකෙක් කන්න බඩගින්නෙ හිටියෙ”
“හලෝ ඒ වුණාට දැන් නුගේගොඩ හරියෙ බත් කඩ අපි කරලා ඉවරයිනෙ”
“මොකා, නුගේගොඩ හරියෙ බත් කඩ ඉවරයි? මොන පිස්සුද. යමංකො මං පෙන්නන්න නියම තැනක්. ආයෙ ඔරිජිනල් ම මාතර බත් කඩයක් ඈ…”
විශ්විගෙ යෝජනාවට පුල් සප් එක දුන්න මම සරිත් කැමරා බඩු ටික ලෑස්ති කරගන්නකම් පොඩි රයිටප් එකක් දැම්මා. දාලා විනාඩි 5ක 10ක බ්රේක් එකකුත් අරගෙන තමයි දවල් කෑමට යන්න ලෑස්ති වුණේ.
කොහොම හරි ඒ වෙලාවෙ පික්මි එකකින් තියා පයින්වත්, නුගේගොඩ හරහා නාවල පාරට යන්න බැරි සීන් එකක් තිබුණෙ. මොකද ඒ තරම් ස්කූල් ට්රැෆික් එක. ඒ නිසා අපි කිරුලපන හරහා නාවල හංදියට දාල තමයි මාතර බත් කඩේට කිට්ටු කළේ. ඇත්තටම, කිට්ටු කළා කිව්වට කිට්ටු ම කළෙත් නෑ. ට්රැෆික් එක නිසා ඊට මෙහා හංදියෙන් බැහැලා පයිනුයි ගියේ.
“හප්පේ... මාස 4, 5කින් වගේ කඩේ පැත්තට ආවෙ. එදයි අදයි කියල ලොකු වෙනසකුත් නෑ ඉතින්. පිළිවෙලක් නැතුව ලෑලි ගහලා හදපු කඩේ, ලී බංකු මේස ටිකකුත් ඔහේ දාලා…
වැඩේ කියන්නෙ කෑම එන්නෙත් ලොකු බේසම්වලටනෙ. හැබැයි ඉතින් අරක ඕනද මේක ඕනද කියල අහන්නෙ නෑ තියෙන හැමදේම බෙදනව. අපිට තියෙන්නෙ චිකන්ද මාළුද කියන්න විතරයි.
කොටින් ම කියනව නම් නුගේගොඩ ඔය මාතර බත් කඩේ, මගෙත් ෆේමස් ම ප්ලේස් එකක්. මොකද අපි ඒ ලෙවල් කරන කාලෙ ඉඳල ම අතේ තියෙන ගාණට, හිතේ හැටියට, ගමේ රහට බත් ටිකක් කෑවෙ ඔතනින්නෙ. හැරත් ඉතින් අදටත් ලොකු බඩගින්නක් ඇල්ලුවොත් යන්නෙ ඔතනට තමයි.
කොහොම කොහොමින් හරි පළවෙනි ඕඩරේ දැම්මෙ විශ්වි. සුදුබත් චිකන් රයිස් එකක් (රු. 180). පස්සෙ මම දැම්මා රතු බත් බැදපු මාළු එකක් (රු. 150). හිතුවෙ සරිත් මිරිස් මාළු බෙදා ගනියි කියල. කොහෙද එයත් චිකන් අරගෙන කියන්නකො. ‘කමක් නෑ, පස්සෙ දවසක ඇවිල්ලා මාලු එකක් කාලා යනවා’ කියල හිත හදාගත්තත මම උඩින්ම තිබ්බ මිරිස් කරල් 2යි පපඩමයි පිඟානෙ පැත්තකට කරලා වැඩේ පටන් ගත්තා.
සැහ්! ඒ වෙද්දි බලන්න එැපැයි විශ්වි. දෙසනව හුරේ කියල.
එදා බත් එකේ තිබුණෙ මඤ්ඤොක්කා උයල. කරවල, කෙහෙල් මුව තෙල්දැමුමක් එක්ක පරිප්පුයි මුකුණුවැන්න මැල්ලුමයි. ආයෙ ඉතින් කියල වැඩක් නෑ යාළු.
උණු උණු රතු බතට, කිරි, ගම්මිරිස් පදමට දාලා උයපු මඤ්ඤොක්කා එක එකතු වුණා කියන්නෙ, ඒකම ඇති ගමකට කන්න. ඇයි අප්පේ පුදුම රසක්නෙ. ඊටත්, ඒ අතරට බැදපු මිරිස් කෑල්ලක් හැපෙද්දි කටගැස්මත් නූලට. වැඩේ කියන්නෙ ඉතින් ඔය ඔක්කොම පරාදයි මිරිස් තුනපහ, පොල් කිරි ගාණට දාලා හින්දල ගත්තු පරිප්පු එකට චිකන් හොදි ටිකක් එකතු වුණාම. රතු බත්, සුදු බත් බේද නෑ ආයෙ දස බස ගාලා බඩට බහින්නෙ. අවංකයෙන් ම මට හිතුණෙ ම පරාටයක්වත් තිබුණ නම් කියල. හැබැයි එකක්, චිකන් හොද්ද සුපිරියට තිබ්බට චිකන් කෑලිවලට නම් පහේ අල්ලල මදි වගේ. ඊටත් කෑලිවල සැරත් ටිකක් මදි. අනේ මංදා ඒ ටික පස්සෙ එකතු කරලද කොහෙද.
වැඩේ කියන්නෙ කෙහෙල්මුව, කරවල තෙල් දැමුමත් එක්ක බත් කද්දිනෙ පිස්සු හැදෙන්නෙ. ඇත්තටම,
“ඒක වෙනමම ආතල් එකක් මල්ලි!”
ගමේ රහට ඉස්මොල්ලෙ යන ගානයි.
ඒ අතරට ඉතින් රස, නොරස බලල පදමට බැදුණු ෆ්රෙෂ් මාළු කෑලකුත් බත් කටට එකතු කරගත්තාම බත් එක ඉවර වෙනව තේරෙන්නෙ නෑ. හැබැයි ඉතින් එහෙමයි කියල අවුලක් ගන්න ඕනත් නෑ. මොකද මදි පාඩු ඕන දෙයක් බෙදාගන්නවට මෙයාලා ගන්නෙ රු. 20, 30නෙ.
ආ… කියන්න බැරි වුණානෙ.
මුකුණුවැන්න මැල්ලුම! නොම්මර එකයි ඈ… නියම ගාණට පොල්, තුනපහ අඩුම කුඩුම ටික දාලා මළවල තියෙනව. අනික ඒකෙ ලුණු ඇඹුල් පදමත් ටොප් එකට. රතු බතට සෙට් වුණාම නම් පංකාදු පහයි.
කිව්වට විශ්වාස කරන්න යාළු, බත් එකෙන් ආපු රස ගැම්මට කකා ඉඳපු අතර මග ගිහිල්ල මම තව චිකන් කරියකුත් (රු. 100) අරගෙන ආවා. ඇවිල්ල ඉතින් ඉමක් කොනක් නෑ, බත් සේරම ඉවර වෙනකම් වැඩේ දීලයි නැගිට්ටෙ. හායි හූයි ග ගා…
හප්පේ බඩපැලෙන්න, කෙළින් ම උගුරට ම කාලයි නැගිට්ටෙ ඕං...!
Odara Caterers is an awesome rice & curry place which…
හොඳට වායු සමනය…
4/5
Ganidu99
every where I go, I see this place :D