121/A, Dutugemunu road, Kohuwala
Closed right now
A popular rice and curry spot in Kohuwala, that does some excellent rice and curry for a decent fare.
“ඒ...
මේ වැස්සත් එක්ක කොහොමයි ඒ ටවුන්හෝල් යන්නෙ. මං කියන්නං, ඔතන කොහුවල හංදියෙ තියෙනව මාතර බත් කඩයක්. ඉස්සෙල්ලා එතනට ගිහිල්ලා දවල්ට කාලා ඉමු. ඊට පස්සෙ බලමු ටවුන් හෝල් යන වැඩේ. මොකද ඒ වෙද්දි වැස්ස අඩු කරන්නත් ඉඩ තියෙනවනෙ.”
“හ්ම්ම්… එහෙමවත් කරමු එහෙනං ඉතින්.”
සෙනසුරාදා දවස පුරාම අල්ලපු තද වැස්ස නිසා අපි දෙන්නා නුගේගොඩට කොටුවෙලා, සෑහෙන්න වෙලා… කොටින්ම කියනව නම් සරසවියෙන් එළියට බැහැලා කොහුවල හංදියට යා ගන්න බැරුවම හිටියා විනාඩි 5ක් 10ක් විතර. ඒ ඉඳල තමයි හුළඟ ටිකක් අඩු වුණාට පස්සෙ කුඩේ යටින් කොහුවලට මංගච්චන්න පටන් ගත්තෙ.
කොහොම හරි අපි හෙමිහිට හෙමිහිට කොහුවල මාතර බත් කඩේට කිට්ටු කරද්දි ඒකෙත් සෙනඟ පිරිලා. වැඩිය ඕන නෑ, කෑම බෙදන කවුන්ටරේ මිනිස්සුන්ගෙන් වැහිලා තිබ්බෙ. ඒත් වාසනාවට අපිට වාඩි වෙන්න තැනක් සෙට් වුණා.
“මොනව කරන්නද. ඔයා ඔහොම්ම ඉන්න. මම ඕඩරේ දාලා එන්නම්. නැත්නම් මෙතනත් නැති වේවි.”
අරයට වැඩේ තේරුම් කරපු මම අඩිය දෙක ඉස්සරහට තියල යාන්තම් බත් කවුන්ටරේට ඔළුව දාගත්තා.
වෙලාව කියන්නෙ යාළු කවුන්ටරෙන් ඔළුව දාද්දිම එහාපැත්තෙ කැෂියර් එකේ ඉඳපු සේවක මිත්රයා ඇහුවා කියන්නකො මොනවද ඕන කියල. මට නේද ඉහේ මලක් පිපුණා වගේ. හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මම…
“සුදුබත් චිකන් එකයි (රු. 140). රතු බත් බැදපු මාළු එකයි (රු. 100). එතකොට ඉස්සො, දැල්ලො, මාළු ඩෙවිල් (රු. 100), තියෙන අනං මනං ඔක්කොම දාන්න වෙනමම පෝෂන් විදියට. හරිද?”
“හා මහත්තය. මේසෙට එවන්නං ගිහින් වාඩි වෙන්නකො”
“හරි. තැක්යූ…”
“මොකෝ ගිය පයින්ම. වැඩේ අවුල් ගියාද?”
“ආයෙ මොන අවුල්ද. දන්නවනෙ කොල්ලා ගියොත්.
මාර කේස් එක වුණේ. මම ඕඩරේ දාන්න කියල අස්සෙන් අස්සෙන් රිංගද්දි, කැෂියර් එකේ ඉඳපු මල්ලි ඉස්සරහට ඇවිත් ඕඩරේ ගත්ත කියන්නකො. ඉතින් වැඩේ ගොඩ.”
කෑම ටික එනකම් කියල අපි දෙන්න වැස්ස දිහා බලාගෙන පොඩි චැට් එකක් දාගෙන හිටියෙ. හැබැයි හිතපු තරම් වෙලාවක් ගියේ නෑ ඒ වැඩේට. උපරිම විනාඩි 5ක් ඇති. උණුඋණු බත් පිඟන් 2යි, ඉස්සො, දැල්ලො, මාළු ඩෙවිල් පෝෂන් පිඟානයි… සැහ් දැක්කාම පිස්සු හැදෙනව ඈ.
ගත්ත ගමන් ඉතින් මම රතුබත් බැදපු මාළු එකේ! කටක් දෙකක් අනාගත්තෙ ඩෙවිල් ඉස්සො, දැල්ලොත් දාගෙනමයි. ෂප්පේ… ඒ සුවඳ. බත් කට, කට ලඟට ලං කරද්දි කටට කෙල උනන ගානයි. ආයෙ මොනවද කියල මම එක දිගට කටවල් 4ක් 5ක් කෑවා. කාලා තමයි වතුර ටිකක් බොන්න ඔළුව ඉස්සුවෙ.
කිව්වට විශ්වාස කරන්න යාලු වැස්ස වෙලාවෙ කියල නෑ උණුඋණු බත් එකේ රස පංකාදු පහට. පරිප්පු එකක් හදලා තිබුණා යහමින් කිරි දාලා. ආයෙ, ඒකත් එක්ක නියමෙටම යන්නෙ චිකන් කරිය තමයි. මිරිස් තුනපහ වගේම මස් කරියට ඕන කරන අනිත් අඩුම කුඩුමත් ගාණට දාලා හදපු චිකන් කරියෙ අමුතු ගැම් රසක් තිබ්බෙ තරමක් හින්දල නිසා වෙන්න ඕන. කොහොමහරි එයාලගෙ කැරට් මාලුවත් හොඳ රසට තිබ්බා. මදි නොකියන්න කිරි, තුනපහ දාලා… හරිම රසයි, මම එච්චර කැමති නැති වුණාට. ඒත් ඒකට බලන්න එපැයි පළා මැල්ලුම. ෂහ්! පංකාදු පහයි ඈ… මගෙ හිතේ කළවම් පළා මැල්ලුමක් වෙන්න ඕන. රස පදමට පොල් ටිකක් එහෙමත් දාලා, ගාණට මළවලා.
හැබැයි ඉතින් කණගාටුවෙන් වුනත් කියන්න ඕන එයාලගෙ පොලොස් ඇඹුල නම් පජාතයි. ඒකෙ පොලොස් තැම්බිලත් නෑ, ලුණු ඇඹුලුත් නෑ, ගොරක සුදුළූණුත් නෑ, කොටින්ම කියනව නම් මිරිස් තුනපහ තියා එක කිරි පොඩ්ඩක් එකතු කරලා නෑ කියන්නකො. අනේ මංදා මෙච්චර, මාතර බත් කඩේ වෙලා පොලොස් ඔහොම හදනව කියන්නෙ? සමහර විට කාලෙකින් කුක් මාතර ගියේ නැද්ද දන්නෑ. රෙසිපිය අමතක වෙලාද කවුද දන්නෙ.
ඇත්තටම බලන්න එපැයි දකුණෙ පොලොස් ඇඹුල! ඒකම ඇති එහේ නම් බත් කන්න.
ඒවයින් මේවයින් වැඩක් නෑ. කොහොම හරි ඩෙවිල් ටික හොඳට තිබ්බනෙ. විශේෂයෙන්ම මාළු ඩෙවිල් එක. බතට නෙවෙයි, ඒක නම් බයිටට වුණත් කියාපු. පොඩි මාළු කෑලි ගැඹුරු තෙලේ බැදල තමයි එකතු කරලා තිබුනෙ. ඒ වගේම තමයි ඉස්සොයි, දැල්ලොයිත්. වැඩේ කියන්නෙ ඩෙවිල් එකට දාපු සෝස් ප්රමාණය තව ටිකක් අඩු වුණා නම් නියමයි. හැබැයි ඉතින් මිරිස් නම් නියම ගානට. ආයෙ හායි හූයි ගෑවෙන්න දයියා…!
එකම අවුල තියෙන්නෙ හායි හූයි ග ගා කෑවට පස්සෙ දිව නිවාගන්නනෙ ක්රමයක් නැත්තෙ. මොකද මෙයාලා ළඟ හරි හමන් ඩෙසට් මොනවත් නෑනෙ. යෝගට් වගේ දෙයක් තමයි ඉතින්…!
Closed right now
Cuisine
Price Range
Dish Types
Eggs Rice And Curry Fried Rice Chicken Fish Cuttlefish
Ratings Breakdown
Serving spicy meat & seafood along with a normally taste…
Superb breakfast buffet for travelers
Delete Comment