Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

5/5

Mayura Hotel

46, Sri Kathiresan Street, Pettah


Mayura Hotel serves great rice and curry on banana leaves, and excellent Jaffna crab.



පිටකොටුව කියන්නේ සෙනඟ විමානේ. කවදා කොයි වෙලේ ගියත් පිටකොටුවේ අස්සක් මුල්ලක් නෑර සෙනඟ නෙ. ඒ නිසා ම අත්‍යවශ්‍ය කාරණේකට නෙවෙයි නං ලේසියෙන් පිටකොටුව පැත්තේ යන්න කැමති නෑ කිසි කෙනෙක්. ඒත් මේ ගමන අපි පිටකොටුවේ ගියේ කෑම කඩයක් හොයාගෙන. එතන කෑම එච්චර ලෙජන්ඩරි කියලයි අපිට ආරංචි වුණේ. බැලුවම ඇත්තට ම කිව්වත් වගේ හොයාගෙන ගිහින් කෑම කන්න වටින තැනක්.

තැන

පිටකොටුවේ කදිරේෂන් පාරේ තියන මයුරා හෝටලේ සෑහෙන පරණ තැනක්. පුංචි ගුහාවක් වගේ ඉඩකඩ අඩු තැනක් වුණාට දවල් කෑම වෙලාවට මෙතන සෙනඟ ඉතිරෙනවා. ඒ හින්ද ම කෑම බෙදාගත්තම ලත වෙවී පැය ගණන් ගත කර කර ඉන්න බෑ. දඩබඩ ගාල කාල නැගිටින්න ඕනේ. වැඩි වෙලාවක් රැඳි රැඳි ඉන්නවට කඩේ කට්ටිය කැමතිත් නෑ. මොකද වාඩි වෙන්න ඉඩ තියෙන්නේ සීමිත පිරිසකට. ඒත් ඒ වගේ දෙගුණයක් විතර සෙනඟ හැම වෙලේ ම පිරිලා. ඉතින් සාධාරණයි නේ.

කෑම

මේක බත් කඩයක් නේ. ඉතින් මෙනු එකක් අනංමනං මුකුත් නෑ. කෙළින්ම බත් සහ එළවළු එක්ක අපි කැමති මස්, මාළු, ඉස්සො, කකුළුවො හෝ බිත්තර ඕන එකක් තෝරගන්න පුළුවන්. අපි ගියේම මෙතන කකුළු කරිය හොයාගෙන. යාපනේ විදිහට කකුළු කරියක් කොළඹින් කන්න ලැබෙනව කියන්නෙ ඉතින් තව කුමන කතා ද? කකුළු කරිය එක්ක බත් තමයි මේගොල්ලන්ගෙ මිල වැඩි ම කෑම එක. (රු. 750) ඊළඟට අපි ගත්තෙ ඔම්ලට් බත් එකක්. (රු. 250)

මේගොල්ලො හැමෝටම කෑම බෙදන්නෙ කෙසෙල් කොළේකට. අපි ඉල්ලුවෙ සුදු බත්. අපේ පංගුවට ආවෙ සුදු බත් එක්ක පරිප්පුයි බෝංචියි කොළ මැල්ලුමකුයි. බත් ටික නියම ගාණට සුමුදුවට තැම්බිලා. උණු උණුවෙ. පරිප්පු ටික හුඟක් හොදි ගතියත් නෑ, හොඳට ම හින්දලත් නෑ. බෝංචි කරියේ රස පදමත් මරු. කොළ මැල්ලුමට දාපු පලා වර්ගේ අපිට හිතාගන්න බැරි වුණාට ඒකත් මාර රහයි. කොළ ටික හීනියට ලියලා යන්තමින් පොල් එහෙම දාලයි මැල්ලුම හදල තිබුණේ. බත්, එළවළු ඔක්කොම ජාති හොඳට ම ෆ්‍රෙෂ්.

මේ තියෙන්නේ කකුළු කරිය. ඒක ආවෙ වෙන ම ප්ලේට් එකක. රතු ම රතු පාට හින්දා දැක්කමත් දිවට සැර දැනෙන ගාණයි. සාමාන්‍යයෙන් කකුළුවො කන්න ගියාම එපා වෙන්නෙ කටු ටික සුද්ද කරලා මස් එළියට ගන්න සෑහෙන ගේමක් දෙන්න ඕන හින්දම නෙමෙයි. එහෙම දඟලලා මස් ටික හොයාගත්තම ඒකේ කන්න තරං දෙයක් නැති බව දැක්කම. හැබැයි මේ කකුළු කරියේ කටු ටික සුද්ද කරන්න ගිය මහන්සිය නං පොඩ්ඩක්වත් අපරාදෙ නෑ කියල හිතුණෙ සෑහෙන මස් තිබුණ නිසා. ඒ වගේ ම මස් ටික හොඳට ම සොෆ්ට්. සහ සැර පදම නියමයි. මේකේ සැර හොද්ද එක්ක සුදු බත් පිඟන් දෙක තුනක් වුණත් ගිලින්න පුළුවන් ගාණයි. යාපනේ ගතිය තිතට ම මේන්ටේන් කරලා තිබුණා.

ඔම්ලට් බත් එකෙත් තිබුණෙ කලින් බත් එකේ අඩුමකුඩුම ටිකමයි. විශේෂ දේ ඔම්ලට් එක නේ. මේ ඔම්ලට් එක මාර සොෆ්ට්. ලුණු, ගම්මිරිස්, අමුමිරිස්, ලූනු ගාණට තිතට දාල හොඳට බැදලා. සුදු බතයි පරිප්පුයි මැල්ලුමයි එක්ක ගැලපුණාම ඉස්තරම්. නියම යාපනේ රස කෑම වේලක්.

බීම වර්ග නං අමුතුවෙන් මුකුත් මෙතන නෑ. සොෆ්ට් ඩ්‍රින්ක්ස් තමයි.

සර්විස් එක

අර කලින් කිව්වත් වගේ සීමිත ඉඩකඩයි සෙනඟයි හින්දා මෙතන වැඩ කරන අය හරි කලබලයි. කඩියො වගේ එහෙ මෙහෙ දුවන ගමන්මයි. ඒ නිසා ම සර්විස් එක ඉක්මන්. වාඩි වුණ ගමන් ඕඩර් එක ගන්නවා. විනාඩි දෙකක් ඇතුළත කෑම ටික ලැබෙනවා. අපි ඉල්ලන්නත් කලින් දෙවැනි පාර බෙදන්න ද කියලත් ඒගොල්ලො අහනවා.

අවසන් වශයෙන්

වැඩි කතා වැඩක් නෑ. හොයාගෙන ගිහින් මෙතනින් කන්න!

Address

46, Sri Kathiresan Street, Pettah

Directions

Sri Kathiresan Street is very near the Central Gold Market in Pettah, it's just a skip away from the Main Street roundabout. Walk down from that end and you'll find it on your right.

Contacts

Report Inaccuracy

Open 12:00PM to 4:00PM & 6:00PM to 10:00PM

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Crab

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
4
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 15 Comments