Artwork for Brew-at-Hatch-Top Banner 2 new landing page
Artwork for The Garden top banner 2 - temp
Artwork for Marketplace Sathi-Pola SDBBNR 1 Artwork for Coffee post sidebar 1-1959 new

4/5

Mc Currie (Mount Lavinia)

322E, Galle Road, Mount Lavinia.


A more refined version of Sri Lankan rice and curry.



ලංකාවේ ඉපදුණු අපි වැඩි දෙනෙක් දවසෙ තුන්වේලට ම කන්නෙ බත්. එළවළු, මස් මාළු එක්ක, පරිප්පුවක්, අල කෑල්ලක්, මැල්ලුමක්, සම්බෝලයක් එක්ක අනලා පපඩමක්, මිරිස් කරලක් එක්ක කන රහ වෙන කිසි කෑමකින් ගන්න බෑ. මෙහෙම ඔක්කොම ජාති ටික එකට අනල කන එක අපට පොඩි කාලෙ ඉඳන් පුරුදු වුණු දෙයක් වුණාට ලෝකේ ගොඩක් රටවල එහෙම අනල කන සිරිතක් නෑනෙ. ඉතිං වෙන රටක කෙනකුට රයිස් ඇන්ඩ් කරි එකකින් ලංකාවේ අපි විඳින රස ම විඳින්න අමාරුයි. හැඳි ගෑරුප්පුවලින් නම් කොහොමත් බත් රසට අනාගන්න බෑනෙ. අතින් ඇනුවත් එයාලගේ දිව හුරුවෙලා තියෙන විදිය වෙනස්.

මේකෙ ම අනිත් පැත්ත තමයි අපට වෙලා තියෙන්නෙ. අපි පුරුදු වෙලා තියෙන්නෙ ම එක එක ජාතියෙ කරි වර්ග ගොඩක් එකට අනාගෙන කන්න නෙ.  තනි තනි එළවළුවේ, හෝ මස් මාළුවල තියෙන විවිධාකාර සියුම් රස රසවිඳින්න අපේ දිව එච්චර හුරුවෙලා නෑ. කොහොමත් අපේ ගෙවල්වල වගේ ම ගමේ විදියට කෑම හදන කඩවලත් කරි වර්ග උයන්නෙ ම හොඳට අනාගෙන කන්න මිස එහෙම තනි තනි ව කන්න නෙවෙයි නෙ.

හැබැයි මැක්කරි රෙස්ටූරන්ට් එකේ කෑම එක ටිකක් වෙනස්. අපට හුරු පුරුදු විදියට අනාගෙන කන්න කිසිම තහනමක් නෑ. හැබැයි ඔයා මෙතනට ගියොත්, බත් මාළු ඔක්කොම එකට අනාගන්න කලින් තනි තනි කරිය එක්ක බත් කටක් දෙකක් කාල බලන්න. හැමදාම කන පරිප්පුවේ පවා කොච්චර සියුම් රස ගාණක් තියෙනවද කියල ඔයාට හිතෙයි.

මැක්කරි ස්පයිසස් හදන අය ම තමයි මේ රෙස්ටොරන්ට් එක කරගෙන යන්නෙ; එයාලගේ කුළුබඩුවල රස දන්නන එක තමයි මේකේ ප්‍රධාන අරමුණු. ඉතිං තුනපහ, ගම්මිරිස් හැම දේ ම ගානට දාලා, ඒ ඒ මාළුවේ රස හොඳට ම ඉස්මතු වෙන විදියට තමයි මෙයාලා කෑම හදන්නෙ.

කෑම

මෙතන රයිස් ඇන්ඩ් කරි එක රු. 120යි. හැබැයි මස් මාළු වෙන ම ගන්න ඕන. මාළු (රු. 110), චිකන් (රු. 110), ඉස්සො (රු. 160), බීෆ් (රු. 110), මට්න් (රු. 210), බිත්තර (රු. 85), දැල්ලො (රු. 185), මේ ඕන දෙයක් ගන්න පුළුවන්. අපි ගත්තෙ බීෆ්.

අර කිවව වගේ පරිප්පුවෙ, මෝජු රහට කිට්ටු රහක් එන්න හදපු වම්බටු එක, හොඳට තුනපහ දාලා හදපු බීෆ් එක බත් එක්ක වෙන වෙන ම කන්න පුළුවන්. මැල්ලුමේ නම් ලොකු අවුලක් නැති වුණාට කියන්න තරම් හොඳකුත් නෑ (මැල්ලුම්වලට තුනපහ දාන්නෙ නැති නිසා ඕනවට එපාවට හදලවත්ද).

බිරියානි (රු. 400) කීවට ඇත්තට ම මේක ලංකාවේ විදියට හදපු බුරියානි එකක්. හැබැයි හොඳට හදලා තියෙනවා. බත් එකට ස්පයිස් ජාති, කරපිංචා එහෙම දාලා රහට හදලා තියෙනවා. ගොඩක් තැන්වල බුරියානි එකත් එක්ක දෙන පොල්කොහු වගේ හයිය ෆ්‍රයිඩ් චිකන් කෑල්ල මට නම් පේන්න බෑ. හැබැයි මේ ගොල්ලන්ගෙ චිකන් එක එච්චර හයිය නෑ; පොඩ්ඩක් ලුණු ඇඹුල් රහත් අල්ලලා තියෙනවා. රයිතා එකත් මරු.

සර්විස් එක

වෙන ගොඩක් බත් කඩ වගේ ම තමයි, වාඩිවෙලා කන්න තියෙන මේස පුටු ඇරෙන්න ලොකු වැඩ නෑ. හැබැයි ඒසී කරලා තියෙන නිසා ගිනි අව්ව දවසක වුණත් කූල් එකේ ඉඳගෙන කන්න පුළුවන්. වැඩකරන කට්ටියට ලොකු පළපුරුද්දක් තියෙන බවක් නොතිබුණත් සර්විස් එකේ අවුලක් නෑ: විනාඩි පහෙන් හයෙන් කෑම ටික මේසෙට එනවා.

අවසාන වශයෙන්

ගමේ රහට බත් කන්න පුළුවත් තැන් දැන් කොළඹ වුණත් හිඟ නෑ. හැබැයි මෙතන එහෙම තැනක් නෙවෙයි. මේ ගොල්ලන්ගෙ බත්, මාළු උයලා තියෙන්නෙ සාමාන්‍යයෙන් අපේ ගමේගොඩේ උයන ක්‍රමේට වඩා වඩා ටිකක් වෙනස් විදියට. හැබැයි අපේ රටේ හැදෙන ස්පයිසස්වලට ලෝකෙම මිනිස්සු මෙච්චර පිස්සු වැටිලා තියෙන්නෙ ඇයි කියල දැනගන්න නම්, ඒ කුළුබඩුවල සියුම් රස, සුවඳ දිවට දැනෙන විදියට හදපු මැක්කරි බත් වේලක් කාල ම බලන්න ඕන.


TIP

Try and taste each curry separately with the rice before you mix everything together. They taste amazing individually.

Address

322E, Galle Road, Mount Lavinia.

Directions

About 100m towards Colombo from Mount Lavinia junction, this is on the sea-side.

Contacts

E-Mail

Report Inaccuracy

Open until 03:00 PM

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Biriyani Rice And Curry

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
5
Service Rating
4
Ambience Rating
3
Ambience Rating
4

Have you visited this place?

Write your own review!
Leave a comment