Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - also a dummy
Artwork for Coffee post sidebar 1

5/5

M'eat US

Parliament Road, Pellawatte, Battaramulla

M'eat US down Parliament Road serves up some great BBQ for a decent fare.

ඇත්තම කිව්වොත්, කරන්න තියෙන සේරම වැඩ අත ඇරලා දාලා, තකහනියක් පැලවත්තට දුවන්න තරම් සීන් එකක් තමයි පහුගිය දවසක වුණේ. ඒ වෙන මුකුත් නෙවෙයි, ෆේස්බුක් එකේ දැකපු එක්තරා රෙස්ටෝරන්ට් එකක හැදෙන පෝර්ක් රැක් එකක පින්තූරයක් දැකලා තොල කට ලෙව කැවුණු නිසා.

එහෙනම් අහගන්නකෝ ඒකෙ විස්තරේ.

තැන

එක පිම්මට පැලවත්තට දුවපු අපි නැවතුණේ M'eat US රෙස්ටෝරන්ට් එකේ. මේක හවස් ජාමෙට පත්තු වෙන, නියම BBQ හදන පොට් එකක්. තියෙන්නේ පාර්ලිමේන්තු පාරේ, Angels Cupcakes ෂොප් එකට පොඩ්ඩක් මෙහා පැත්තේ.

මේක බොහොම පොඩි තැනක්. හැබැයි ඉන්ඩෝර්, අවුට්ඩෝර් සීටින් දෙක ම තියෙන නිසා එක සැරේ 20කට වගේ වාඩි වෙන්න පුළුවන් විදියට ඉඩ සලස්වලා තියෙනවා. පොඩි වුණාට රෙස්ටෝරන්ට් එක බොහොම නීට්.

කෑම බීම

කිව්වත් වගේ මේකේ තියෙන්නේ BBQ. චිකන්, පෝර්ක් ජාති දෙකෙන් ම මේ අය BBQ හදනවා. බීමට නම් අමුතු දෙයක් නැහැ. කෝක්, ස්ප්‍රයිට්, කෝක් ෆ්ලෝට් වගේ දේවල් තමයි. හැබැයි BYOB ඔප්ෂන් එකත් තියෙන නිසා මරු.

අපි ගත්තේ “රිබ්ස් ප්ලැටර්” (රු.2700) එකකුයි, “BBQ පෝර්ක් චොප්” (රු.750) එකකුයි. බොන්න ගත්තේ 450ml කොකාකෝලා බෝතලයක් (රු.180).

ෂහ්! රිබ්ස් ප්ලැටර් එක නම් දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන් තරමට ඇති. ලාවට කන අය නම් තුන්දෙනෙක් ට වුණත් බෙදාගන්න ඇහැකි. මේකට එන්නේ පෝර්ක් රිබ්ස් රැක් එකකුයි, BBQ චිකන් ලෙග්ස් දෙකකුයි, චිකන් ගාලික් සොසේජස් දෙකකුයි. බෝන් එකෙන් ඇදපු ගමන් ගැලවිලා එන තරමට සොෆ්ට් නැති වුණත්, මේ පෝර්ක් රැක් එකේ හොඳට ම මස් තිබුණා. BBQ සෝස් යහමින් දාලා, එකෙන් එන ස්වීට් ගතියයි, ටැන්ජි ගතියයි එක්කාසු වෙලා එනකොට පංකාදු පහයි. අතරින් පතර හැපෙන අඟුරු රසත් එකතු වෙනකොට තවත් මරු. මොකද මේවා හදන්නේ charcoal ග්‍රිල් එකක්නේ.

මේ BBQ චිකන් ලෙග්ස් ටිකත් මාර ම සිරා. මේක කනකොට මුලින් ම දැනෙන්නේ BBQ සෝස් එකේ ටැන්ජි කික් එක. ඊටපස්සේ අර ලා කරස් සද්දෙන් හැපෙන අඟුරු රසත් එක්ක එකතු වෙන ස්මෝකි ෆ්ලෙවර් එක හොඳට ම එනවා. කටුවලට විතරක් සීමා නොවී, මස් හොඳ හැටි තියෙන චිකන් ලෙග්ස් නිසා, මෙයින් දෙකක් කෑවත් ඇති බඩ හොඳට පිරෙන්න. මස් ටික ලේසියෙන් ම කපාගන්නත් ඇහැකි. හෙන ම ජුයිසි ටෙක්ස්චර් එකකුත් තියෙනවනේ.

චිකන් ගාලික් සොසේජස් ටික නියම ගානට මැරිනෙට් වෙලා. සොසේජස් එකේ සොෆ්ට් ටෙක්ස්චර් එක අස්සෙන් ගාලික් රස දැනෙනකොට මරු.

සර්විස් එක

මේ රෙස්ටෝරන්ට් එක කරගෙන යන්නේ පවුලක්. ඕඩර්ස් එහෙම ගන්නේ පිලිපීන අක්කා කෙනෙක්. එයා නම් හරි ම ෆ්‍රෙන්ඩ්ලි. මේ කට්ටියගේ ග්‍රිල් එක තියෙන්නේ රෙස්ටෝරන්ට් එකෙන් එළියේ. ඒ නිසා මේ කෑම හැදෙන විදිය ඇස් දෙකෙන් ම බලාගන්න පුළුවන්. අපේ කෑම බීම සේරම මේසෙට එන්න ගත වුණේ විනාඩි 30ක් වගේ. මොකද පෝර්ක් රැක් එකක් හරියට හැදෙන්න කොහොමත් ඒ වෙලාව යනවනේ.

අවසාන වශයෙන්

පැලවත්තෙන් යන වෙලාවක විතරක් නෙවෙයි, අපි කළා වගේ තකහනියක් පැලවත්තට ගිහින් වුණත් කාලා එන්න වටින BBQ ජොයින්ට් එකක් තමයි මේක. මොකද මේකේ ගණනුත් මාර ම සාධාරණයි. තුන්දෙනෙක්ට කන්න ගියේ රු.3700කට කිට්ටු ගාණක් විතරනේ. අනික BYOBත් තියෙන නිසා, එක්කෝ මෙතැනට ඇවිල්ලා බොන්නත් පුළුවන්. ඒ නැත්තන් මෙතැනින් BBQ අරගෙන ගිහින් ගෙදර පාර්ටිය දාන්නත් ඇහැකිනේ.

TIP

Try the Ribs Platter.

Address

Parliament Road, Pellawatte, Battaramulla

Directions

It's located right before the Angel Cupcakes cafe.

Contacts

Facebook Instagram

Report Inaccuracy

Closed right now

Cuisine

Western

Dish Types

BBQ Pork Chicken

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
5
Ambience Rating
4
Similar Places

User Reviews
L
1

5/5

-1

LakithaRamanayake

'Splendid!' is what I can tell about their mix grill. Two people can easily share the mix grill, unless you are heavy eaters :D you will be getting a juicy pork chop, two mouth watering chicken whole legs, two large sausages (which I'm not sure what it was, but it was YUMMY!) and a mashed potato salad just for Rs. 1,600/-. that's a pretty good deal compared to all the grill places around Colombo. There is a nice vibe to the whole ambiance and it compensates the indulging experience even more. The chef who is manning the grill is super nice and will always have a bright smile on his face every time you see and so is the rest of the staff…. if you are a grill person definitely give it a shot.

Avatar for Malinthe
21

3/5

-1

Malinthe YAMU STAFF

The chicken was really really good but I was disappointed with the ribs. Stay away from the desserts and iced coffee also. I'd probably revisit for the chicken. The char is divine!

A
1

3/5

0

Arshana J

Fellas who like to have juicy racks of pork definitely need to visit here. I also went there on yesterday night arround 9.30pm. that time all the tables were received and out side also quite busy. We have 7 guys with me and ask for any possibility to arrange a table for us. They arrange a (plastic) table at outside that is also agree by us.
I thought if the operation is busy but they concerned on every customer,but unfortunately we got served as they "earned enough for today". 02 nos of X large pork ribs, 3 nos of garlic bread and one salad was come to our table.the portion size of the salad was very recommend by the guy who take our order, was sufficient for 5 pepole,but we got it when we reach to last rib of the plate. And that is also served in a cup same sized as cereal bowl.
That's ok if they served us the X large rib, what's exactly he showed me before we order, but that was also smaller than what was on the grill.
Any how I'm not telling the place is horrible but if they think end of the day, they "earned enough for today" it will the hammer on the head for the business.
Flavour and the texture was fabulous but the way they served and think was little poor.any way I wish to visit there again and have to have different experience.
Good bless.

M
1

5/5

0

muvindu.jay

This place is awesome for the meat lovers

See 6 Comments