Artwork for Sampath Top - November
Artwork for Kingsbury Sunday

5/5

Meemure Camping

Meemure Camping Meemure


The only one place to do camping at Meemure with awesome package including 3 meals & 2 adventures



හිතා ගන්න බෑනේ?

කිව්වට විශ්වාස කරන්න යාළු මාත් මුලදි සත පහකට ගණන් ගත්තෙ නෑ. මොකද මේ දවස්වල මීමුරේ තියෙන මාර්කට් එකත් එක්ක මොන රු. 2500ද. අඩුම තරමෙ රු. 4000ක් වත් යන සීන් එකක්නෙ තියෙන්නෙ.

හැබැයි පහුගිය දවසක අපේ යමු එකට ආපු මේල් එකක තිබුණා රු. 2500ට මීමුරේ කෑම්පින්ග් කරන කතාවක් ගැන. ඕක දැක්ක විතරයි මටත් ඉන්න බෑ ඉතින්. අන්තිමටම මීමුරේ ගියේ 2015 නිසා ආයෙත් යන්නමයි හිත. හිත හිත හිටියොත් වැඩේ ඤාව් වෙන නිසා ගැහුවා සනිකව ටුවර් එකට ප්ලෑන් එකකුයි, බජට් එකකුයි. ඒක ෆෝවර්ඩ් කළා අපේ යමු සෙට් එකට. ඔක්කොම ඉවර කරල තමයි, අපි මීමුරේ එන විස්තරේ කියන්න මේල් එකේ තිබ්බ නොම්මරේට (071 6882932) කතා කළේ.  

“හලෝව්.. ආ.. මේ දසිත්ද?

මම මේ කතා කරන්නෙ යමු එකෙන්. ඔයාලා රික්වෙස්ට් කරල තිබුණ විඩියෝ රිවිව් එක කරන්න අපි 28, 29 එන්න ඉන්නෙ. කෘ එකේ 7දෙනෙක් 8දෙනෙක් වගේ ඉන්නව. අවුලක් නෑනෙ”

“අපෝ අවුලක් නෑ. නියමයි. ඒ දවස් ටිකේ අපිත් ෆ්‍රී. හොඳට හැපනින්ග් කරන්න පුළුවන්. එන්න එන්න”

දසිත් බොක්කෙන්ම දුන්න කන්ෆර්මේෂන් එක නිසා මට ෆුල් හැපි. බජට් එකත් කල් තියාම එකතු කරල අවශ්‍ය අඩුම කුඩුම ටිකත් මම හීන් සැරේ එක්කාසු කර ගත්තා. ඒ අතරට යන්න වාහනයකුත් සෙට් වුණ නිසා ටුවර් එක තවත් ලේසි වුනා. කොහොම හරි කතා කරගත්තු විදියට අපි 28වෙනිදා පාන්දර 3 වෙද්දි තමයි ගමන පටන් ගත්තෙ.

කකා බිබී, වටපිට සිරි අසිරි වීඩියෝ කරකර ආපු නිසාද කොහෙද අපි මීමුරේට එද්දි දවල් 12ත් පහුවෙලා. මී ගහ ළඟින් බැහැපු ගමන් මම කළේ දසිත්ට කෝල් එකක් ගහපු එක. කොහොම හරි දසිතුයි, ශෂිකයි එතනට එන්න විනාඩි 10ක් විතර යන්න ඇති. එතැන් පටන් තමයි ටුවර් එකේ සුන්දරත්වය ඇඟට එන්න පටන් ගත්තෙ.

ඒ වෙනකොටත් ලෑස්ති වෙලා තිබ්බ දවල් කෑම වේල ගන්න අපි ගියේ ‘රේ මීමුරේ හෝටලයට’. කියල වැඩක් නෑ යාළු ගමේ ගතියයි කැලේ ගතියයි දෙකම එකතු කරල හදපු සුපිරි ප්ලේස් එකක්. කොටින්ම කිව්වොත් ලස්සන පුංචි ලොජ් එකක්. ඉස්සරහින් තියෙන්නෙ කොළ පාටට දිස්න දෙන වෙල් යාය. ඒ අයිනට වෙන්න පොඩි කෑම්ප් සයිට් එකකුත් තියෙනව. එතකොට ලොජ් එක හදල තියෙන්නෙ පරණ ගෙයක්, මැටි වැඩ වලින් හැඩ කරල. ඒ වුණාට සනීපාරක්ෂක පහසුකම්, කෑම බීම එහෙම පංකාදු පහට තියෙනව. ‘රේ හෝටලේ’ තියෙන විශේෂත්වය තමයි ඉස්තෝප්පුවෙ ඉඳන් ඇතුළත කාමර වෙනකම්ම අපූරු සාම්ප්‍රදායික බඩු භාණ්ඩවලින් සරසල තියෙන එක. ඉලුක් පැදුරු, අල්මාරි, පෙට්ටගම්, පිත්තල බඩු එතකොට ලබු කැට, වියගස් වගේ කුඹුරු සංස්කෘතියට අදාළ බඩු බාහිරාදියත් එමටයි මෙතන.

ඔක්කොමත් හරි මෙයාලගෙ කෑම මේසෙ දැක්කාම තමයි පිස්සු හැදෙන්නෙ. මැටි ඇතිලි බුෆේ එකක්. තිබ්බ කෑම ජාති ටික කිව්වොත් ඔයාලගෙත් කටට කෙළ උනයි. ගමේ හාලෙ බත්, මෑකරල් ව්‍යංජන, අල හොදි, වෙල් අලකොළ ව්‍යංජන, පිපිඤ්ඤා සලාද, බිත්තර ඔම්ලට්, පපඩම්. ඔය අතරින් පංකාදු පහටම තිබුණෙ මෑකරල් ව්‍යංජනයයි, අලකොළ මාළුවයි. කටට සැරට වගේම තුනපහ රසත් හොඳ හැටි එන්න හදල තිබුණ නිසා මම නම් හිතේ හැටියට කෑවා. මෑකරල් එක තෙල් දාලා, පස්සෙ කිරි දාලා තමයි උයල තිබුණෙ. මතක් වෙද්දිත් කටට කෙළ උනන ගාණයි. එතකොට අලකොළ මාළුව, හරියට කිරි කොස් එකක් වගේ. පොඩි සැරගතියකුත් නැත්තෙම නෑ. කොහොම වුණත් පංකාදු පහයි.

ඉස්මුරුත්තාව එනකම් කාලා ඉඳපු නිසා කට්ටිය තැන් තැන්වල ඇල වෙන්න ගත්තොත් වැඩේ ලෙඩේ වෙනව. ඒ නිසා අපේ වීඩියෝ ටීම් එක වගකීම අරගෙන ඉස් ඉස්සෙල්ලාම කියල වැඩේට බැස්සා.

කැමරා ආම්පන්න අමෝරා ගත්ත අපේ ඈයො දැන් ෆුල් ගේමෙ. කැලේ මැදින් ගිහින් ගඟෙන් එගොඩ වෙලා ආයෙත් කැලේ මැදින් ගිහින් තමයි අපි කෑම්ප් සයිට් එකට කිට්ටු කළේ.

ෂහ්! කෑම්ප් සයිට් නම් අන්න මචං කෑම්ප් සයිට්. පිස්සු හැදෙයි. ටෙන්ට් තියෙනව 7ක් 8ක් විතර. ගොඩක් ඒවා කැලේට වෙන්න. දෙකක් විතර වෙල අයිනට වෙන්න. ගිනිමැලයක් ගහගෙන, පොඩි අඩියක් එක්ක සිංදුවක් කියල සැපක් දාන්න කියාපු තැනකුත් කෑම්ප් සයිට්වලට මැදි වෙන්න තියෙනව. ආ.. කියන්න බැරි වුණානෙ මේ කෑම්ප් සයිට් එකේ නම ‘මීමුරේ ගෙදර’ කරන්නෙ සුපිරි අයිය මලෝ ඩබලක්. කැලේ කොළේ ඇවිදින්න වගේම වතුර එක්ක හැප්පෙන්නත් සූරයො.

“මල්ලි, ඒනං හැන්දැ වෙන්න කළින් යමු කට පැත්තට. වතුරෙ පැනල කරල සෙල්ලං පාරක් දාලා එන්න පුලුවන්නෙ”

ලයිෆ් ජැකට්, හෙල්මට්, රෝප් ඇඟ වටේ ඔතාගෙන ගෙයින් එලියට ආපු අයියා ගමනට මුල පිරුවා. කැලේ, වෙලේ මැදින් විනාඩි 15ක් විතර ඇවිදන් ගියපු අපි කෙළින්ම බැස්සෙ තාලි කටේ උඩ ඇල්ලට. ගිය සනිකව ලණුව පහලට දාපු සුදු අයියා ජබොස් ගාලා පැන්න කියන්නකො ජැකටුත් නැතුව. ආයෙ මොනවද, අයිය පැන්න නම් මං මොකෝ කියල හිතල මාත් අමුවෙන්ම පැනල දැම්මා. හප්පට බොල, ඊට පස්සෙනෙ ඉවෙන්ට් එක පටන් ගත්තෙ. සමහරු උඩ ගල් ලෑල්ලෙ ලිස්සනව, සමහරු වලේ පනිනව, මරු ආ.. ඔය අතරෙ සුදු අයියයි මායි කතා වුණේ පල්ලෙහා මහ කටෙත් ජම්පින්ග් පාරක් දාන්න.

හීන් සැරේ කිට්ටු කළා එතනට. ලණුව දැම්මා, අයියා දුවගෙන ආවා පැන්නා. මම හිටියෙ ගල් පොත්ත උඩ, දුවන්න ඉඩ නෑ, මම නිකම්ම පැන්නා. මෙන්න දෙයියො අපේ අනිත් උන්දැල ටිකත් ඇවිත් පනිනව. සමහරු ලිස්සල එනව. එක ජෝගියයි. ජම්පින්ග් ඉවෙන්ට් එකෙන් පස්සෙ අයියල අපිව එක්කන් ගියේ පහල හීන් වැව පැත්තට. කට්ටිය පීන පීන නාන අතරෙ මම ගෙනිච්ච බෝට්ටුවට හුළං ගහල අරගෙන දෙන්න දෙන්න, පොඩි රාෆ්ටින්ග් පාරකුත් දැම්මා.

එහෙම වුණාම ඉතින් වෙලාව යනව තේරෙන්නනෙ නෑනෙ. අන්තිමට හැන්දෑවෙ 7ට විතර ඇඳිරිත් වැටුනට පස්සෙ තමයි ආපහු කෑම්ප් සයිට් එකට ආවෙ. ඒ එනකොට ගිනිමැලයයි, බාබකියු එකයි ලෑස්තියි. අරක්කු, බියර් එහෙමත් ඇති වෙන්න තිබුණ නිසා එහෙ මෙහෙ දුවන්න ඕන කමක් තිබුණෙ නෑ. හැරත් දසිතුයි, ශෂිකයිත් බෝතල් ගෙනැල්ල තිබුණෙ. ගිණි මැලේ ගහල වැඩේ පටන් ගත්තත් හරි සුදු අයියා බාබකියු මැෂින් එක ගෙනැල්ලා බයිට් එකට අත ගැහුවා.

කට්ට කළුවරේ කස්ටියගෙ මූණු ටිකෙන් ටික බොඳ වෙලා යන්න වැඩි වෙලාවක් ගියේ නෑ. රස වෑහෙන උණු උණු බාබකියු කුකුල් මස් පලු, සෝසේජස් පිඟන්වලට පුරවල මේසෙ උඩට එද්දි බෝතල් එකින් එක මේසෙ යටට යනව. ඔය අතරෙ අපේ කරා තමයි සංගීතයට ඉඩක් දෙන්න පටන් ගත්තෙ. දර්බක්කෙන් තාලෙට එන තට්ටුවට වොයිස් මගෙන්. “ලල ලලල ලලල ලල ලා ලල ලලල ලලල ලල ලා….. නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ…”

ටික වෙලාවක් යද්දි බීට් එක ෆාස්ට් වෙලා, එම් එස්. මහත්තය, ධනපාල මහත්තය, ඇන්ටන් ජෝන්ස් මහත්තය… බයිලා ගායකයො පෝලිමයි. අන්න ඒ නන්ස්ටොප් එක ඉවර වෙද්දි තමයි මල්ලි කොතනත් වගේ එතනත් ඩී. එස්. සේනානායක ස්පිරිට් එළියට බැස්සෙ. ශෂිකයි, මායි, කරයි මතුගම රස්තා කිංග් චාමර අයියගෙ සිංදු කෝටියයි! ‘රෙගේ…’

“ඒහ් ඕයි නැගිටපං”

මැන්ටලේගෙ කටහඬ

“හෑ… උදේ වෙලාද...? කරා ඇත්තද බං මූ මේ කියන්නෙ”

“හ්ම්ම්… ඇත්ත වෙන්න ඇති බං ඔන්න ඔහෙ නැගිටිමු”

ඩෝප් සීන් එකේ පාන්දර වෙනකම් පාර්ටිය දාපු කරයි මායි පස්සෙන්දා නැගිටිනකොට 9ටත් කිට්ටුයි. දඩ බඩ ගාලා මූණ කට හෝද ගෙන, බොක්සිං එහෙමත් ගහල කෙළින්ම ආවෙ කෑම මේසෙට. අනෙ අම්මේ… කනව කියල මෙහෙමත් කන්න පුළුවන්ද දෙයි හාන්දුරුවනේ. උදේ කෑමට පොල් රොටියි, ඌරු මසුයි, කොච්චි සම්බෝලයි කියන්නකො. ඒකත් අන්තිමට කන්න හිටියෙ අපි දෙන්න විතරයි. අමුතුවෙන් කියන්න ඕන නෑනෙ සිද්ධිය, මතකෙ හැටියට මම රොටි 4යි කරා 6යි.

කාලා ඉවර වුණාට පස්සෙ අපිට තිබ්බෙ මීමුරේ ගෙදරට සමුදීලා කුඹුක්ගොල්ල වෙඩිලුණු ගුහාව බලන්න යන්න. ඒකටත් සියලු කටයුතු ශෂික සම්පාදනය කරල තිබුණ නිසා අපිට වැඩේ ලේසි වුණා. කට්ටියත් එක්ක සමුගැනීමේ ඡායාරූප එහෙම අරගෙන ආපස්සට වෑන් එකට ගොඩවුණු අපි සුන්දර මතක ගොන්නක මිහිරියාවට සමුදෙන්නෙ කොහොමද කියල දස අතේ කල්පනා කර කර හිටියෙ. දුකයි තමයි. ඒත් යායුතුයිනෙ. හැරත් තව හයික් එකකුයි කේවින්ග් ඉවෙන්ට් එකකුත් තියෙනවනෙ කරන්න.

වෑන් එක හීන් සැරේට ඉස්සරහට ඇදෙන්න පටන් ගත්තා. දසිත්ලගෙ වාහනේ අපේ වෑන් එකට ඉස්සරහින් යනව. දූවිලි වලා අතරින් මී ගහත් ටිකෙන් ටික නොපෙනී යද්දි අනේ ලකේගල, දැනටමත් රූස්ස ගස් අතරෙ හැංගිලා. හ්ම්ම්… මීමුරේ!

‘සමු අරන් යායුතුයි…’

ස්තූතිය: දසිත්, ශශික ඇතුළු Meemure Camping කණ්ඩායම වෙත.

ආ.. ඒක නෙවෙයි මීමුරේ ෆුල් ටුවර් එකේ අපි ලබපු අත්දැකීම් කැටිවුණු අපූරු කතන්දරය ලබන සතිය දිහාවට බලාපොරොත්තු වෙන්න… හොඳේ!


TIP

Try Cliff Jump at Thali Kata & Camp fire night with BBQ party, join 'meemurecamping'

Artwork for Sampath Content Sep generic
Similar Places

User Reviews
Avatar for Kaveen Rodrigo

5/5

0

Kaveen Rodrigo

Want to camp but don't have any gear and knowledge on Meemure? This is the place, the guys are friendly and all of us had a great time at an amazing price.

Highly recommend Meemure Camping

Avatar for Kaveen Rodrigo

5/5

0

Kaveen Rodrigo

Want to camp but don't have any gear and knowledge on Meemure? This is the place, the guys are friendly and all of us had a great time at an amazing price.

Highly recommend Meemure Camping

See 1 Comment