Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for Coffee post sidebar 1

4/5

Meemure

Meemure, Kandy District, Sri Lanka


Meemure is an isolated village in the Knuckles range in Kandy. It's rich in natural beauty.



නුවර මහියංගන ප‍්‍රධාන මාර්ගයේ නුවර සිට මහියංගනය දෙසට කිලෝමීටර් 43 පමණ ගිය තැන්හි මුණගැසෙන හුන්නස්ගිරිය නගරය නකල්ස් කඳු වළල්ලෙහි පිටත මායිමෙහි පිහිටා ඇත. හුන්නස්ගිරිය නගරයෙන් මදක් ඔබ්බට වන්නට ප‍්‍රධාන මාර්ගයෙන් වම්පසට හැරී ගමන් කරන නකල්ස් රක්ෂිත පිවිසුම් මාර්ගයේ කිලෝමීටර් 29 ක් පමණ දුරකින්, නකල්ස් හා දුම්බර කඳු පන්ති මධ්‍යයේ මීමුරේ නම් වන පිටිසර ගම්මානය පිහිටා ඇත. කොළඹ සිට නුවර හරහා දහඅටවංගුව පසුකරමින් මහියංගනය දෙසට ධාවනය වන ඕනෑම බස්රථයක හුන්නස්ගිරිය නගරයට යාමේ පහසුකම ඇත. එතැන් සිට නකල්ස් රක්ෂිතයේ පිවිසුම් මාර්ගය ඔස්සේ මීමුරේ ගම්මානය තෙක් ගමන් කිරීමට පොදු බස් රථ සේවාවක් ‍නොමැති වුවත්, ගම්වැසියනට හුන්නස්ගිරිය නගරයට පැමිණීමට සහ ආපසු ගමන් කිරීමට දවසට දෙවරක් පමණක් ධාවනය වන වෑන් රථය විකල්පයක් ලෙසින් භාවිතා කළ හැකිය.

නකල්ස් කඳු පන්ති අතරින් දිවෙන මීමුරේ පිවිසුම් මාර්ගය, තෙත් කලාපීය කඳුකර වනාන්තර සහ තෘණ බිම් වලින් ගහනව ඇති අතර, එක් පසෙක අහස් තලය සිපගන්නා කඳු පන්තියද අනෙක් පස සෘජුවම පොළෝ තලය තෙක් දිවෙන හෙල ද පිහිටා ඇත. පැය 2 ක් පමණ වූ ගමනේ විඩා නිවාලමින් තැන් කිහිපයකදීම මුණගැසෙන කුඩා දොළ පහර වලින් ද උස් දිය ඇලි වලින් ද මෙම මංපෙත සමන්විත ‍වේ. මගින් මගට හමුවන තේ වතු හා කුඩා ගම්මාන කිහිපය හුදෙකලා බවත්, පිටිසර බවත් මුසුවූ අමුතුම හැඟීමක් සිත තුල ජනිත කරනු ඇත.

දැනට ලක්දිව ඇති පැරණිතම මී ගස ආසන්නයේ වන කඩමණ්ඩිය මීමුරේ ගම්මාන‍‍‍යේ බහුතරයක්දෙනා එක් රොක් වන තැනක් වේ. ගම්මානය තුලට පිවිසෙන ඕනෑම කෙනෙකුට හෙල්මළු ක‍්‍රමයට වගා කෙරුණු රමණීය වෙල්යාය ද, කඳු මුදුනින් ගලාවිත් මුළු ගම්මානයම සරු කරමින් පහලට ගලා බසින මී ඔය ද, මී ඔයෙහි මහා ජල කඳ දිය ඇල්ලක ස්වරූපයෙන් පහලට හෙලන ශෛල්‍යමය මුඛය හෙවත් තාලිකට නම්වූ ස්වභාව ධර්මයේ අපූරු මැවීමද ඇතුළු නොයෙක් විද සොබාදම් නිමැවුම් රිසි සේ විඳගැනීමට ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මීට අමතරව මනා ජෛව විවිධත්වයකින් හෙබි වනාන්තරය තුල නිදහසේ සැරි සැරීමට ඇති අවසරයත්, කඳවුරු තනා දින කිහිපයක් රැඳී සිටිමින් ලකේගල, රාස්ස ගල ඇතුළු කඳු තරණය කිරීමට හා මී ඔයෙහි ත‍්‍රාසජනක ජල කී‍්‍රඩා වන්හි නිරත වීමටත් අවස්ථාව උදාවේ. විශේෂයෙන්ම ගම්මානයට ආවේණික වූ ශාකමය සහ සත්වමය ආහාර භුක්ති විදීමට හා පිරිසිදු කිතුල් රා වලින් හොද හැටි සප්පායම් වීමටත් මීමුරේ ගම්මානය කදිම තෝතැන්නක් බව මා ‍මෙහිදී නිසැකවම කිව යුතුය.

වසරේ මැයි සිට ජුනි දක්වා වූ කෙටි කාල පරාසය පමණක් මෙම සංචාරයට සුදුසු වන අතර ඊට ප‍්‍රධාන හේතු වන්නේ මැයි මසට පෙර ඇති අධික වර්ෂාපතනයත්, ජුලි මසට පසුව ඇති අධික සුළං තත්වයත් කඳු නැගීමට සහ ත‍්‍රාසජනක ජල ක්‍රීඩා වලට බාධාවක් වන බැවිනි.

නාගරීකරණයෙන් බැහැරව ගොඩනැගුණු මීමුරේ ගම්මානය කාර්මීකරණයෙන් වෙහෙසට පත්වූ මිනිස් සිත්හි විඩාව ස්වභාවධර්මයේ පහසින් නිවාලීමට නිසැකම සමත් වනු අැත.


TIP

Take only photographs and leave only footprints.

Address

Meemure, Kandy District, Sri Lanka

Directions

You need to take the Kandy - Mahiyangana Road to the town of Hunnasgiriya, and then take the Meemure access road to visit Meemure

Report Inaccuracy

Ratings Breakdown

Overall Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
See 4 Comments