4/5

Melaché

No.29/3, Visaka Pvt Road, Colombo 04.


A few minutes of browsing in Melache you'll see that local labels are no longer a laughing matter. There are some really lovely pieces in this shop and they are very well priced. Original and handmade creations for as little as Rs 1500.


මම දැන් වැඩිය ඇඳුම් සඳහා ෂොපිං යන්නේ නැහැ. යනවානම් මම යන්නේ කොහෝද දන්නවාද? හවුස් ඔෆ් ෆැෂන් ළඟින් හැරෙන විශාඛා පෞද්ගලික පාරේ සැඟවී තිබෙන මැලෝෂ් සාප්පුවේ ලංකාවේ මෝස්තර නිර්මානකරුවන් හය හත්දෙනෙකුගේ නිර්මාන අඩංගු‍වෙනවා. කලකට ඉහතදී නම් ලෝකල් කිව්වම හිනායන කරුණක් වුණාට දැන් එහෙම නැති බව මෙහි ගිහින් බැලුවාම ඔබට තේරේවි. එහි ඇත්තෙන්ම මනහර නිර්මාන තිබෙනවා, අඩු මිළට. ඔරිජිනල් අත්යන්ත්‍ර නිර්මාන තිබෙනවා රු. 1500 වැනි මිළට. මිළෙන් ඉහළ ඒවාත් තිබෙනවා. හැබැයි, රු. 3000ක් රැගෙන ගියාම ඔබට කළහැකි දේ බොහොමයි.

සෑම මෝස්තරකරුවකුටම විශේෂිත විලාසිතාවක් තිබෙනවා. ඒ නිසා සාප්පු යාම රසවත්. එහි කාටත් යම්කිසිදෙයක් තිබෙනවා. වැදගත්ම දේ තමයි, මේ එකතුව මනාව නඩත්තු කිරීම. ඔබට දකින්නට ලැබෙන්නේ ලංකාවේ හොඳම මෝස්තර. ඒ වගේම, ලේස්, සීකුවින්ස් හා වර්ණවලින් කළ අමුතු අත්හදාබැලීම් මෙහි නැහැ. සාමාන්‍යයෙන් කොලර් සහිත කමිසයක් හරියට ඇඳගන්නවත් නොදන්නා කෙනෙකු වුණත්, මම පවා මගේ පෙම්වතිය ඇඳුම් තෝරන අතර මෙහි අඩපැයක් ගත කළේ සතුටින්. එය පුංචි සාප්පුවක්. ඒත්, එතැනින් ඔබට ලංකාවේ දේශීය මෝස්තර පිළිබඳ සුබවාදී හැඟීමක් ඇති කරනවා. දේශීය මෝස්තරකරුවන්ට අපූරු දේ නිර්මානයකිරීමේ හැකියාව ඇති බව එය විසින් පෙන්නුම් කරනවා. ලංකාව හැමදාම විදෙස් ලේබල්වලට පෑන්ටි මසමින් සිටින්නම ඕනැ නැහැ.

මගේ යෝජනාව නම්, එතැන සිටිය යුත්තේ වඩා තරුණ හා ක්‍රියාශීලී කාර්යමණ්ඩලයක්. දැන් ඉන්න දෙන්නාත් ඇත්තෙන්ම හොඳයි. උපකාරශීලීයි. ඒත්, එතැනට මීට වඩා යව්වනයක් හා ජවයක් තිබුණානම් හොඳයි.

Address

No.29/3, Visaka Pvt Road, Colombo 04.

Directions

Head down Duplication Rd, past Vajira Rd. The next road to your left, past a phone shop, is the Visakha Private Road. Turn up here and Melache is just around the corner.

Contacts

E-Mail Website

Open 9.30 am to 7.30 pm

Ratings Breakdown

Overall Rating
4


Latest