165 B, 120, Nugegoda
Open until 11:00 PM
Nice place to chill with some booze, and delicious bites
පැය බාගයක් තිස්සෙ ඈ…
පැය බාගයක් තිස්සෙ ඇවිදිනව, එක බාර් එකක් නෑ කියන්නකො නිකමට ගොඩ වෙන්න. ඔක්කොම වහල. සරිත්ටයි මටයිත් මාර මළ...
“මේක මාර මගුලක්නෙ බං. බාර් තුන හතරකටම ගියා හැම එකක්ම අරින්නෙ පහටනෙ.”
“ඒක තමයි මාත් මේ කල්පනා කළේ. ඇයි බං බාර් ඒම?” බැරිම තැන අපි වීල් එක අයිනට කරල නැවැත්තුව. නවත්තල කල්පනා කළා දැන් මොකද කරන්නෙ කියල. එහෙම කල්පනා කරල තමයි පිටකෝට්ටෙ පැත්තටවත් ඇදල බලමු කියල කතා වුණේ. කතා වෙලා... හෙමින් සැරේ ට්රැෆික් එක අස්සෙ ම පටන්ගත්ත ගමන.
“මේ.. බුද්ධියා. ඒ ලයින් එකේ නැත්නම් අපි ආපහු එමු බං මුලටම. මොකද කෝට්ටෙට ඇදල එනව කියන්නෙ වෙලාව හරි”
“සිරාවට! ඒනං එහෙමවත් කරමු”
කියල ඉතින් ගියා කෝට්ටෙටත්. කොහෙද… කිව්වත් වගේ නෑ කියන්නකො එක හාංකවිසියක් බාර් එකක. අන්තිමට හරව ගෙන ආවා නුගේගොඩට ම. සල්ලිත් අපරාදෙ!
වෙලාවට ඒ එද්දි බාර් එක ඇරල තිබ්බෙ. හප්පේ… දෙයියො දැක්ක වගේ. තුන්දෙනා බැහැපු ගමන් ඇතුළෙ. ගිහිල්ල ඇල්ලුව කෙළින්ම කෙළවරේ තිබ්බ මේසයක්, අඩුම තරමෙ හිතේ අමාරුව යන්නවත් නිදහසේ බොන්න!
“ගුඩ් ඊව්නින් සර්. මොනවද ගන්නෙ?”
ෂැහ්! වාඩි වුණත් හරිපිළිගැනීම බලන්න එපැයි. මගෙ හිතේ බාර් එකට ආපු දෙවනි සෙට් එක අපි නිසාවත්ද මන්දා. ඒකට මොකෝ කියල ඔන්න සරිතුයි මායි මෙනුව පෙරලනව ඈ…
ඒ අස්සෙ ලමිදු.. මගේ කණට කරල කියනව, “අයියෙ.. පෝර්ක් ඩෙවිල් හොඳේ.”
ලොකු ආච්චිට.. මූ යකෝ!
“මොනෑයි බං සරිතය ගන්නෙ?”
“ම්ම්.. මං බැලුවෙ වී ඇන් ඒ එකක්වත් ගහනවද කියල බං. තුන්දෙනෙක්ම ඉන්නවනෙ.”
“එළනෙ, ඒනං ඒකක් දාලා, බයිට් එකට පෝර්ක් ඩ්රයි චිලි (රු. 660) , ස්පෙෂල් රයිසුයි (රු. 840)…”
“කට්ල් ෆිෂ් එකකුයි.. වගේ?” සරිත් ම කතාව ඉවරයක් කළා.
හරිනේ අයියෙ එහෙනම්. විස්කියයි, පෝර්ක් එකයි, රයිස් එකයි හොට් බටර් කට්ල්ෆිෂ් (රු. 700) එකයි හොඳේ..
ඕඩරේ දාලා… වොෂ් රූම් පැත්තට ගිහින් මූණ කට එහෙමත් හෝදගෙන ඇවිල්ල කට්ටිය වාඩි වුණේ බඩු ටික මේසෙට එන්න වෙලා යයි කියල හිතල. ඒත් කොහෙද... පොඩ්ඩ හරිබරිගැහෙද්දි බෝතල්, සැන්ඩි අඩුමකුඩුම ටික මේසෙ උඩ කියන්නකො.
“මහත්තය, විනාඩි පහක් දෙන්න පෝර්ක් එක ගේන්නම්..”
කිරි අප්පට බල්ලො බුරපි කිව්වලු. යකෝ මාර සර්විස් එකක්නෙ. ඊටත් අර කිව්ව වගේම විනාඩි පහට පෝර්ක් එක ආවත්නෙ. අපි නේද ෆුල් හොල්මන්.
කොහොම කොහොමින් හරි ඒකෙන් වුණේ අපේ වැඩේ ඉක්මන් වෙච්ච එක තමයි. පළවෙනි ෂොට, චිර්ස් පාර දාලා උස්සද්දි පෝර්ක් එකේ සුවඳට කටට කෙළත් උනලා. හලාගත්ත ගමන් කෑලි දෙකතුනක් ම කටට.
පංකාදුයි ඈ… සැර ජාතියකට නම් කියාපු ම පෝර්ක් එක. තෙල් කෑලි, මස් කෑලි බේද නැතුව ගැඹුරු තෙලේ බැදල, හොඳ පදමට ලුණු, මිරිස්, ගම්මිරිසුත් දාලා... ඒ විතරක් නම් බැරියැ සෝසුත් දාලා රස නූලට තියෙන්න. අඩුත් නෑ ඕං වැඩිත් නෑ. තව… මාළු මිරිස්, අමු මිරිස්, කැරට්, ලීක්ස්, ලූනු එහෙමත් හීනියට ලියල ෆ්රෙෂ් පිට ම දාලා නිසා රස ඩබල් ත්රිබල්. කොටින්ම කියතොත් පොර්ක් කෑලිත් තොගයක්නෙ, ඒකම ඇති බෝතල් කාලක් ගහගන්න.
අනික... ඒ එක්කම ආපු හොට් බටර් කට්ල්ෆිෂ් එක! පෝර්ක් එකේ ගැම්ම පොඩ්ඩ බැහැගෙන යද්දි කට්ල්ෆිෂ් කෑල්ලක් කෑවා විතරයි.. දෙපිටින් ගියේ. මයෙ මතකෙ හැටියට වැඩේ කොට උඩ ගියෙත් ඔන්න ඔය වෙලාවෙ වෙන්න ඕන. ඇයි අප්පේ.. හොඳ ෆ්රෙෂ් එකට බැදුණු, බටර් මිශ්රණයත් මදි නොකියන්න තැවරුණු, ලුණු ගම්මිරිස් පදමත් ගාණට සෙට් වුණු, උණු උණු දැල්ලො කෑල්ලක් එක්ක! ෂොටක් නෙවෙයි මල්ලි තුන හතරක්ම බැස්සා.. හැබැයි වෙරි මරගාතෙ වුණත් එකක් කියන්න ඕන. ඒක බැදපු පදම නම් ටිකක් වැඩියි. මොකද ලා කර ගතියකුත් ආව හොඳේ.
වැඩේ කියන්නෙ දැල්ලො එක්ක බැහැපු ෂොට් ටිකෙන්, කන් කීං ගාන්න වැදීගෙන එද්දි මේසෙට ආවනෙ රයිස් එකත්. හප්පේ.. ඒක! කජුත් තිබ්බ මතකයි. ඒ මදිවට දවටල බැදපු ඉස්සො, මාළු, චිකන්, පෝර්ක් කෑලිවලින් බත් එක වැහිලා. අර අවුල වුණේ බුල්සායි නැති එක තමයි. ඒත් බිත්තර හොඳ හැටි කැරලි වෙන්න දාලා හදපු කීරි සම්බ හාලෙ බත නිසා කැරට්, ලීක්ස් අඩුම කුඩුමත් එක්ක සුපිරි රහට සෙට් වෙලා තිබුණෙ ඕං…
බයිට් එකට විතරක් නෙවෙයි, අවංකයෙන්ම ඩයට් එකටත් මම නම් කෑවෙ ඒ රයිස් එකමයි.
අර… අවුල වුණේ රයිස් කටවල් හතර පහක් විතර යද්දි හරියට මතක නැති එකනෙ.
කොහොම හරි මාව ගෙනියන්න ආපු යාළුව නම් කිව්වෙ බෝතලේ දෙන්නයිලු ගහල තියෙන්නෙ. උෟ එද්දි එකෙක් ට්රොලිලු, මම කෝමාලු.
අනේ මන්දා ඉතිං...
Open until 11:00 PM
Cuisine
Chinese Sri Lankan Thai Pub Food Sri Lankan Chinese
Price Range
Dish Types
Noodles Eggs Meats Seafood Pasta Fried Rice Pork Chicken Fried Chicken Mutton Fish Fish And Chips Cuttlefish Alcoholic Beer Bites
Ratings Breakdown
Delete Comment