3/5

Milk & Honey Cafe

44A, Horton Place, Colombo 7


Milk & Honey has impressive healthy food options, and really pleasant ambience. Also some of the best brownies in the city.



මිල්ක් ඇන්ඩ් හනී කියන්නෙ කොළඹ හෝටන් ප්ලේස් එකේ, පොඩි ළමයින්ගෙ පොත් සෙල්ලම්බඩු එහෙම තියෙන මිල්ක් බුක්ෂොප් එක පිටිපස්සෙ තියෙන කැෆේ එක. ඉස්සර මෙතන ගොඩක් තිබුණේ වෙජිටේරියන් සහ වීගන් කෑම වුණාට දැන් නම් මස්මාළුත් තියෙනවා.

තැන

ඉන්දියන් සමර් එකට එහාපැත්තෙ තමයි මේක තියෙන්නෙ. ලොකු බෝඩ් එකකුත් තියෙන නිසා මගහැරෙන්න විදියක් නැති වුණත් පිටින් බලද්දි පේන්නෙ බුක් ෂොප් එක විතරක් නිසා නොදන්න කෙනක් මේක පහුකරල යන්නත් පුළුවන්. බුක්ෂොප් එකෙන් ඇතුල්වෙලා පිටිපස්සට යද්දි තමයි කැෆේ එක තියෙන්නෙ.

මේ බුක්ෂොප් එකේ ළමා පොත් හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා. පොඩි ළමයි වෙනුවෙන් එකඑක වැඩසටහනුත් නිතර ම මෙතන තියනව කියල අපි දැක්කෙ එයාලගෙ ෆේස්බුක් පිටුවෙන්.  

කෑම

ගොඩක් තැන්වල වගේ මිල්ක් ඇන්ඩ් හනී කැෆේ එකෙත් තියෙනවා ඕල් ඩේ බ්‍රෙක්ෆස්ට් මෙනු එකක්. වීගන් සහ ග්ලූටන් ෆ්‍රී අයට හරියන කෑම වර්ගත් කීපයක් මෙයාලගේ මෙනු එකේ තියෙනවා.

මේ මෙනු එකේ ගොඩක් කෑම වර්ගවලට නම් නෑ; තියෙන්නෙ නොම්බරත් එක්ක ඒකට දාන ජාතිවල විස්තරයක්. ඕල් ඩේ බ්‍රෙක්ෆස්ට් මෙනු එකෙන් අපි ගත්තෙ පළවෙනි ඔප්ෂන් එක (රු. 950).

මේකේ තිබුණේ බුල්සයි බිත්තර දෙකක්, හෝම්මේඩ් චිකන් සොසේජ් එකක්, බ්‍රියෝෂ් ටෝස්ට් පාන් පෙත්තක්, ග්‍රිල්කරපු තක්කාලි එක්ක මෂ්රූම්. බේක්ඩ් බීන්සුත් තියෙනව කියල මෙනු එකේ තිබ්බට අපට බීන්ස් නම් හම්බවුණේ නෑ. චිලි සෝසුයි බටරුයිත් එනවා මේකත් එක්ක.

බුල්සයි එක පොඩ්ඩක් විතර දියාරු ගතියට තමයි හදල තිබුණේ. හැබැයි රහ අවුලක් නෑ. හෝම්මේඩ් සොසේජ් එකත් ඉතැලියන් සීසනිං එහෙම දාලා හදල තිබුණා; හැබැයි මස් රස ටිකක් අඩුයි. මෂ්රූම් එකේ ලුණු පොඩ්ඩක් විතර වැඩියි වගේ වුණත් ලොකු අවුලක් නෑ. ටෝස්ට් එකත් හොඳයි. හැබැයි සාමාන්‍යයෙන් ඉංග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් එකට එන බේකන්, හෑෂ් බ්‍රවුන් වගේ දේවල් නැති නිසාද කොහෙද (බීන්සුත් නෑනෙ) මේකට එච්චර ම බඩ පිරෙන්නෙ නෑ.

ෆලෆල් ව්‍රැප් එක (රු. 600) නම් හොඳටම වේලිච්ච ගතියයි. ටොමැටො සල්සා තියනව කීවට ඒකේ රසත් ලොකුවට දැනුණෙ නෑ. ෆලෆල් එකේ වේලිච්ච ගතිය ගවන්න තරම් හමස් තිබුණෙත් නෑ. කොටින් ම අපට මේකේ කිසි රහක් දැනුණේ නෑ.

පයිනැපල්, මැංගෝ, ජින්ජර්, යෝගට් ස්මූති එකේ (රු. 400) අඹ රසයි යෝගට් රසයි තමයි වැඩිපුර ම දැනුණේ. අන්නාසි රසත් ටිකක් තිබුණා. ඉඟුරු රහක් නම් දැනුණෙ ම නෑ. හැබැයි මේක අවුලක් නැතුව බොන්න පුළුවන්.

මින්ට් ලෙමනේඩ් එකෙත් (රු. 350) මදි නොකියන්න මින්ට් දාලා තිබුණට ලෙමන් රහ නම් ටිකක් අඩුයි. හැබැයි අවුලක් නෑ; රිෆ්‍රෙෂිං.

කැෆිචිනෝ එක (රු. 350) නම් තිත්ත ගතිය ගොඩක් වැඩියි. කෝපි ඕනවට වඩා කරවෙන්න බැදපුවම එහෙම වෙනව කියල තමයි මලින්ත කීවේ. සුවඳ වුණත් ටිකක් හරිස්චන්ද්‍ර කෝපි කුඩුවල සුවඳට කිට්ටු එකක් තමයි ආවේ.

ඩෙසර්ට් එකට අපි ගත්ත කැරට් කේක් එක (රු. 400) නම් රහයි. ළාවට වගේ වේලිච්ච ගතියක් තිබුණට වැඩි පැණිරහ නැතුව හැම දේ ම ගානට වැටිලා තිබුණා. හැබැයි ඩේට් ඇන්ඩ් ඕට්ස් බාර් එක (රු. 280) නම් හොඳටම වේලිලා; අමු ඕට්ස් කනව වගේ.

සර්විස් එක

මෙතන වැඩකරන කට්ටිය ෆ්‍රෙන්ඩ්ලි. කෑම ටික මේසෙට එන්නත් වැඩි වෙලාවක් ගියේ නෑ.

අවසාන වශයෙන්

වීගන් හෝ ග්ලූටන් ෆ්‍රී කෑම කන අයට ඇරෙන්න අනිත් අයට නම් තකහනියක් ගිහිල්ල කන්න ඕන තැනක් නෙවෙයි මේක. හැබැයි ඉතිං පොඩි කට්ටියත් එක්ක බුක්ෂොප් එක පැත්තෙ ගිය වෙලාවක බඩගින්නක් ආවොත් මොනව හරි කන්න මෙතන නරක නෑ. ගොඩක් අඩු නොවුණත් මෙතන ගණං අසාධාරණ නෑ. මොකද සර්විස් චාර්ජ්, ටැක්ස් මුකුතුත් නෑනේ.

 


TIP

You've got to try the chocolate brownie.

Artwork for Frimi Shoutout banner 2- non merchants only

Address

44A, Horton Place, Colombo 7

Directions

It's right next to the Indian Summer restaurant, opposite the Saskia Fernando Gallery. You'll see a children's store that says 'Milk' - the cafe is right inside at the end.

Contacts

Facebook

Report Inaccuracy

Closed right now

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Brownies Fruit Juice Smoothies Healthy

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Similar Places

See 14 Comments