Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Millennium Restaurant

273/1 Vauxhall Street, Colombo 2


This is one of the more upmarket eating establishments on Vauxhall. It looks clean and professional: tiled and terrazzo floors, glass windows and an extensive, clearly printed menu on the wall. You can order from the menu but most of the food is already prepared: mounds of fried rice, plain samba rice, biriyani, nasi goreng, curries, veg.



මෙය වොක්ෂෝල් වීදියේ තරමක් ඉහළ පෙළේ බොජුන්හලක්. එය පිරිසිදුයි, වෘත්තික මට්ටමේ තැනක්. ටයිල් හා ටෙරාසෝ අතුරපු බිම. වීදුරු ජනෙල් හා පුළුල්, පැහැදිලිව මුද්‍රණය කර බිත්තියේ සවිකළ මෙනුපත. ඔබට මෙනුපතින් බලා කෑම ඇණවුම් කළහැකියි. ඒත්, බොහොමයක් ඒවා පිසිනලද ආහාර. ෆ්‍රයිඩ්රයිස්, සම්බා බත්, බුරියානි, නාසිගුරාං, ව්‍යංජන හා එළවළු ආදිය.

සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා ඔවුහු සාමාන්‍ය එළවළු ව්‍යංජන, සම්බා බත්, කුකුල් මස් / මාළු ආදිය පිරිනමනවා. ඔබ‍ට තෝරාගන්න පුළුවන් කුකුළ්මස් බැදලාද, ඩෙවල් කරලාද, හොදිද යන්න. මම නම් තෝරාගන්නේ හොදි. ඔවුන් චීන ෆ්‍රයිඩ් රයිසුත් පිරිනමනවා, එළවළු චොප්සි, ඩෙවිල්ඩ් කුකුළ්මස් සහ චිලිපේස්ට් සමග. (මෙහි මිළ ඔබේ ෆ්‍රයිඩ් රයිස් පත කෙතරම් විශේෂද යන කරුණ මත රු. 200 සිට 250 දක්වා වෙනස්වෙනවා.)

සෑමදෙයක්ම රසයි. සුවපහසු කෑමගැනීමක්. ඔබ මාළු ඇණවුම් කර නැතිනම් මාළු පිළී සුවඳ නැහැ.

සිකුරාදා තමයි පිලාවුස්හි හොඳ දවස. එදාට ඔවුන් කහබත්, තෙම්පරාදු කළ අල, පරිප්පු, වම්බටු, කැමති මස්වර්ග හා රසවත් මැලේ අච්චාරු පිරිනමනවා. මේවා ඇත්තතෙන්ම හරිම රසයි. කහබත් නිකම් වුණත් රසයි. ලොකු කුකුළ් මස් කුට්ටියක් ලැබෙනවා. පරිප්පු ගොඩයි.

අපි කැමතියි මේ තැනට. එතැනින් ඔබට ගෙදර පිසූ ආහාරවලට කිට්ටු රසයක් දෙනවා. පුංචි බත්කඩයක්. ඒත්, කෑම මනා ලෙස පිරිනැමෙනවා. සේවාව අතිවිශිෂ්ටයි. ඉක්මණ්. මිලෙනියම් අවන්හල පැහැදිලිවම ජනප්‍රියයි. දිවා භෝජන වෙලාවට හැමතිස්සෙම පහළොවත් පමණ පිරිසක් එහි අසුන්ගෙන කෑම එනතෙක් බලා ඉන්නවා.

බත් හා චිකන් හොදි දිවා භෝජනය රු. 170යි. නව පිලාවුස්හි මිළමයි. ඒත් මිලෙනියම් තමයි දිනුම්.

TIP

A plus is that most of what they offer is already prepared, so if you're not ordering off the menu, they serve your food in front of you. This means you can adjust and alter quantities to suit your tastes and appetite – the amount of rice in pre-packed lunches can be overwhelming. They also cater for large functions. Call them on 0777633031.

Address

273/1 Vauxhall Street, Colombo 2

Contacts

Report Inaccuracy

Open 8 AM to 11 PM everyday

Cuisine

Sri Lankan

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
5
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 2 Comments