Artwork for Sampath Top - November
Artwork for Kingsbury Monday

4/5

Ministry Of Crab (Dutch Hospital)

Dutch Hospital Shopping Precinct, Colombo 1


Ministry of Crab is a high-end restaurant on Dutch Hospital premises that specializes in crab cuisine - the food is just plain mouth-watering and the service is good.



මෙන්න එය! ලොකුම එක! කොළඹ අවන්හල් සංස්කෘතියේ වඩාත්ම උන්නතිකාමී හා සාටෝප ලක්ෂණය. ඒ තමයි කකුළු අමාත්‍යාංශය හෙවත් Ministry of Crab (MOC).

මේ මෙහෙයුම පිටුපස සිටින ආහාර විශේෂඥ මනස වන දර්ශන් මුනිදාස කියන්නේ ඔහුගේ හැමවිටම අති විශිෂ්ට නිහොන්බෂි ජපන් අවන්හල් ඔස්සේ පාක්ෂික ගනුදෙනුකරුවන් පිරිසක් දිනා ගත් අයෙක්.  එහෙත්, MOC යනු ඒ සියල්ලට වඩා ප්‍රමුඛ වැඩක්. ලංකාවේ වඩාත්ම ප්‍රසිද්ධ මුහුණු දෙකක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන යන ක්‍රිකට් තරු සමග හවුල්ව ඉදිරිපත් කර ඇති එය ලංකාවේ කීර්තිමත් කකුළු මාංශ රස විඳිය හැකි ලෝකයේ ඇති හොඳම තැන ලෙසයි තමන් හඳුන්වන්නේ. කොළඹ වැදගත් බිම් සලකුණක් වන ලන්දේසි රෝහලේ වටිනා අවකාශයක පිහිටුවා ඇති MOC අවන්හල දැවැන්ත කවචජීවීන් සම්බන්ධයෙන් විශේෂයි. මේ ආහාර මෙතැනින් ලිස්සා ගියොත් කෙළින්ම යන්නේ  සිංගප්පූරුවේ හෝ මැලේසියාවේ වඩා සමෘද්ධිමත් පාරිභෝගිකයන් වෙතයි.

කෙසේ වෙතත් මේ ජීවීන් ඔබට පිරිනැමෙන්නේ නම් බැරෑරුම් මිළකට. කුඩාම පිරිනැමුම රු. 2500යි. මේ මයුරි හෝටලයේ රු. 250ට ලැබෙන කකුළු දිවා ආහාරයම නම් නොවෙයි. ඉතින් මේ ලොකු කතා, මිළ, සම්භාව්‍යයන්ගේ සහතික ආදිය මැද කොළඹ වැසියන් අහන ප්‍රශ්නය තමයි මෙය ඔය පුරසාරමින්ම පවතියිද කියන එක.

පිළිතුර කෙටියි. ඔව්.

'යමු' සිතන පරිදි මේ තමයි කොළම හොඳම අවන්හල.

මෙය එඩිතර ප්‍රකාශයක්. ඉින් අපි කොහොමද මේ නිගමනයට පැමිණියේ? මම ඔබ එහි ආහාර වේලක් තුළින් රැගෙන යන්නම්. (නැතිනම් ඔබට මෙම ලිපියේ අග ඇති තීරණාත්මක අංගවලට පනින්න පුළුවන්)

ලන්දේසි රෝහලට ඇතුළු වන ඔබ වමට හැරී පළමු  අංගනයේ කෙළවරට පැමිණි විට ඔබට හමු වේවි සෞම්‍ය ලෙස ආලෝකවත් කරන ලද තැඹිලි සහ කළු පැහැති අවකාශයක්. එය O! Pub හි කෑකෝගසන කොල්ලන් කෙල්ලන්ගෙන් ආරක්ෂිත දුරක් ඈත්වයි පිහිටා තිබෙන්නේ. එහි අලංකරණ මනා රුචිකත්වයකින් කළ දේ. ඒත්, එහි විශේෂ කැපී පෙනීමක් නම් නැහැ. තැඹිලි හා ‍කළු පැහැති තේමාව, ඝන දැව මේස හා පුටු, සරළ නිවර්තන කලාපීය මල් සැරසිලි හා මේස රෙදිවල මටසිළිටුබව පවා එහෙමයි. ලන්දේසි රෝහලේ ඉපැරණි උස් වහලින් හා ඝන බිත්තිවලින් සුසැදි ආකර්ශනය මෙතැනට අවශ්‍ය වාතාවරණය සපයනවා. මූලික සරළකම හොඳ ලක්ෂණයක්. MOC බොරු සෝබනකාර ෆයින් ඩයිනිං කතන්දරවලින් තොරයි. වෙනත් තරගකරුවන් පුරයේ හොඳම අවන්හල් සිහසුනෙන් ඈත් කර තැබෙන්නේ ඒවා නිසායි.

ඇත්තෙන්ම, සමස්ත ආහාර ගැනීමේ අත්දැකීමම සිත් පුබුදුකරනසුළු අවිධිමත්කමකින් යුක්තයි. මෙය තර්කානුකූලයි. මන්ද, සමස්ත අවන්හලම කැරකෙන්නේ සුළු හෝ විධිමත්භාවයකින් බුදින්නට බැරි කවච ජීවීන් පිරිසක් වටායි. මෙනුවත් සරළයි. ආහාර වර්ගත්, ඒවා පිරිනමන විලාසිතාත් අවමයි. කකුළුවන් පිරිනැමෙන්නේ ප්‍රමාණ නවයකින්. ඒ ග්‍රෑම් 500ක් බර කිලෝ භාගයේ කකුළුවන්ගේ සිට කිලෝ 1.5ක් බර කකුළුවන් දක්වා. ඔබට ඒවා සකස් කරවා ගත හැකි ආකාර හයක් තිබෙනවා. මෙය ඔබට අල්ලාප සල්ලාප සඳහා ඇති තරම් කාලයත්, ඇණවුම් කරන්නට පෙර සෞඛ්‍ය සම්පන්න විවාදයකටත් ඉඩ සලසා දෙනවා.

දිග්ගැසුණු සංවාදයකින් පසු අපි ඇණවුම් කළා කිලෝ භාගයේ ගාලික් ක්‍රැබ් සුදු ළූනු කකුළුවකු, ඉස්සන් කරියක් හා දැවැන්ත (කිලෝ 1.3) බ්ලැක් පෙපර් කළු ගම්මිරිස් කුකළුවෙකු. කෑම පිසෙන බඩගිනිකාර කාල අවකාශයේ අපව විනෝදාත්මකව තබා ගැනීම සඳහා අපි ඇණවුම් කළා Prosecco බෝතලයකුත්. ('යමු' ජීවන රටාව ෂැම්පේන් ආවරණය කරන්නේ නැහැ.)

අපි පටන් ගත්තේ සුදුළූනු කකුළුවාගෙන්. කිව යුතු දෙයක් තමයි MOC  ප්‍රමිතීන් අනුව ඉතා සුළු පිරිනැමුමක් වන මෙය පවා සැලකිය යුතු තරම් ලොකුයි. එසේම පළමු හැපුමේ සිටම රසබරයි. හරියට රසයට අර්ථකථනයක් වගෙයි. සිව්දෙනෙක් අතර පුංචි මාළුවකු වූ එය කටවල් කීපයකින් අවසන් වූ බැවින් මොහොතකට පසු අපි හිටියේ පාන් කෑලි ඔබමින් ඒ විශිෂ්ට සුදුළූනු සෝස් පොඟවමින් සප සපා තලු මරමින්.

ගාලික් සෝස් පිඟාන අතුරුදහන් වූ පසු අපි ඉස්සන් කරියට මාරු වුණා. එය අප රස තලයෙන් ටිකක් පහතට ඇද දැමූ දෙයකැයි මුලදී අපට හැඟුණා. මස් පිරි කලපු හා කොටි ඉස්සන් ගාලික් ක්‍රැබ් තරම් විස්මයක් ඇති කළේ නැති වුණාට මේ සරළ කරි‍ය තුළ පවා අපි රසයේ ගැඹුරක් දුටුවා.

ඉස්සන් හා විශේෂයෙන්ම සුදුළූනු කකුළුවා පිරුණු ආහාර වුණත් (ඔබ නියම ප්‍රමාණය ඇණවුම් කර තිබේ නම්)අපේ නියම භෝජනය ඇරඹුණේ දැවැන්ත ගම්මිරිස් කකුළුවා මේසයට වැඩි පසුයි. අපි නිරතුරු ආහාරයට ගන්නා අඩු බර ආහාර සැලකිල්ලට  ගත්තාම කිලෝ 1.3ක කකුළුවකු කියන්නේ මූලිකවම වෙනස් ඇණවුමක්. එහි මාංශ විශාල ප්‍රමාණයක් තිබුණා. එක් සැපුමකින්ම අප එයින් විඳි රසය කෙතරම්ද යත් පුංචි කකුළුවන් වඩා රස යයි නිතර කියන අදහස බොරුවක් බව වටහා ගත්තා. ඒ ලොකු කකුළුවන් කාලා නැති මිනිසුන් සිත සනසා ගන්න කියන දෙයක්.

කකුළුවාගේ සෑම කොටසක්ම, පුංචි කකුල් පවා, රස මස් කුට්ටිවලින් පිරී තිබුණා. අඬුවල කුකුල් කකුල්වලටත් වඩා මස් තිබුණා. පසුපස කුඩා පිහිනුම් කකුල් රස බලන්න. ඒවා රසබර මෘදු මස් පිඬුවලින් පිරිලා.

මේ නම් ඇත්තනේම රජෙකුට වුණත් කදිම ආහාර වේලක්. රටේ සුප්‍රකට කළු ගම්මිරිස්වලින් රස ගැන්වුණ ඉස්ටුවක පොඟවන ලද හොඳම ශ්‍රී ලාංකික කකුළුවෝ. දිව දවනසුළු, යන්තමින් දුම් දමන කුළු බඩු විසින් කකුළුවා තවත් රස කර ඇති තරම කොතරම්ද යත්, ඔබ පිඟාන සූරා ලොවින්න පෙළඹේවි.

අන්තිම සෝස් බිඳත් මැකී යනතෙක් අපි නිකම් හිටියේ නැහැ.

අපේ පෙණ නඟින බීම බෝතලත් සමග මේ අහරකිසෙන් පසු අපට අවන්හලේ එකම අතුරුපස වන චොකලට් බිස්කට් පුඩිම දමාගන්නට හෝ බඩේ ඉඩ ඉතිරි වී තිබුණේ නැහැ. අපේ බඩට ගිය කකුළුවා එතැන සිට අපේ සිහි විකල් කරන බව වැ‍ටහෙන විට තෘප්තිමත් සිතින් ගෙදරට ගාටනවා හැර කරන්නට වෙනත් දෙයක් ඉතිරි වී නැහැ.

ඉතින්, කතාව එච්චරයි. හොඳයි, කොහොමද මෙය පුරයේ හොඳම අවන්හල් අත්දැකීම වන්නේ?

පොල් සම්බල්

ඒ පොල් සම්බෝලය නිසා.

ඒ ඔබ බලාපොරොත්තු වූ උත්තරය නොවෙයිද?

එක් අවස්ථාවක, ෆ්‍රෙන්ච් පැටිසරි නෙමෙයි, නිකම් ගමේ බේකරියේ පාන් කෑලිවලින් අපි ගම්මිරිස් සෝස් එක පිස කමින් සිටියදී අපට ලැබුණා පොල් සම්බල් සයිඩ් ඕඩර් එකක්.

මෙවැනි ඉහළම මට්ටමේ අවන්හලක් එසේ සාමාන්‍ය ආහාරයක් වන පොල් සම්බෝලයක් පිරිනැමීම විශේෂත්වයක්. ඒ වගේම, ඒ තමයි, මම රස බලලා තියෙන හොඳම පොල් සම්බෝලය. තරමක් ලොකු පොල් රැල්, උම්බලකඩ, දෙහි ස්වල්පයක් හා නියම කට දන මිරිස්.

ඉතින් කොහොමද මේ අපූරු පොල් සම්බෝලය මෙතැන ලංකාවේ හොඳම අවන්හල බවට පත් කරන්නේ?

එය ඇත්තටම MOCහි වෙනසේ හදවතටම කිඳා බහින දෙයක්. එය අපූරු අවන්හල් අත්දැකීමක් ඇති කරනු පිණිස උසස්ම දේශීය දේ භාවිතා කරනවා.

මේ වනාහි චෙෆ්වරයෙක් හෝටල් පාසලේදී උගත් හෝ අයිතිකරුට ලෝකයේ කරක් ගහද්දී කොහේදී හෝ කන්නට ලැබුණු ප්‍රංශ හෝ ඉතාලි බොජුනක දෙවන පෙළේ අනුකරණයක් නොවෙයි. මේ වනාහි ලෝකයේ කොහේවත් අනුකරණ සොයා ගන්නට නැති භෝජන. මේ තමයි, මහ සයුරෙන් දැන් ගෙනා ආ අපනයන තත්වයේ ශ්‍රී ලාංකික කකුළුවන් ගමේ බේකරියේ පාන් සහ විශිෂ්ට පොල් සම්බෝලයක් සමග කන්නට මේ මහ පොළව මතුපිට ඇති එකම තැන.

එය සත්තකින්ම අනුකරණය කළ නොහැකි අත්දැකීමක්. Spoons, Chesa Swiss, Paradise Road, London Grill වැනි කොළඹ සෙසු බොජුන්හල්වල සිදු වන්නේ හොඳ මට්ටමේ අනුකරණ. පැරඩයිස් රෝඩ්හි චොකලට් නෙමෙසිස් හෝ ලන්ඩන් ග්‍රිල්හි ස්ටීක් හෝ ස්පූන්ස්හි ක්ෂුද්‍ර භෝජන කලාව හෝ ලෝකයේ වෙනත් තැන්වල ඊට වඩා හොඳට තිබෙන්න පුළුවන්. ඒත්, කකුළු අමාත්‍යංශය ලෝකයේ හැම තැනින්ම හොඳ දේ අරගෙන, ශ්‍රී ලාංකික අනන්‍යතාවත් සමග මුසු කර පිරිනමන මේ බොජුන් ලංකාවේ සූප ශාස්ත්‍ර කලාවේ අනාගතය පිළිබඳ සුබ සිහින අපේ සිත් තුළ පුරවන්නේ වෙන කොහේවත් සිදු නොවන අන්දමින්.

TIP

Go for the chilli crab.
All Reviews

Dinner at Ministry Of Crab remains one of the best experiences in the city. It's really tasty, exciting and fun. Expensive, but we highly recommend.

Ministry of Crab is a high-end restaurant on Dutch Hospital premises that specializes in crab cuisine - the food is just plain mouth-watering and the service is good.

Occupying prime space in the landmark Dutch Hospital complex, the restaurant specializes in serving enormous crustaceans that would otherwise be whisked away to more prosperous consumers in Singapore and Malaysia.

සිංහල කොළඹ වැදගත් බිම් සලකුණක් වන ලන්දේසි රෝහලේ වටිනා අවකාශයක පිහිටුවා ඇති MOC අවන්හල දැවැන්ත කවචජීවීන් සම්බන්ධයෙන් විශේෂයි. මේ ආහාර මෙතැනින් ලිස්සා ගියොත් කෙළින්ම යන්නේ සිංගප්පූරුවේ හෝ මැලේසියාවේ වඩා සමෘද්ධිමත් පාරිභෝගිකයන් වෙතයි.

தமிழ் நமது கிரிக்கட் அணியின் நட்சத்திர வீரர்கள் மஹேல ஜயவர்த்தனவும் குமார் சங்கக்காரவும் கொழும்பில் உணவகமொன்றை நடாத்துவதை அறிவீர்களா? கொழும்பு உணவகங்களில் ஒரு நட்சத்திரமாய் பிரகாசிக்கும் அந்த பெரிய உணவகத்தின் பெயர் - மினிஸ்ட்ரி ஒப் க்ரப்.

Artwork for Sampath Content Sep generic

Address

Dutch Hospital Shopping Precinct, Colombo 1

Directions

Take the Galle Road north until it basically ends at the Galadari roundabout, continue straight past the Kingsbury and turn right towards the World Trade Center. It's inside the Dutch Hospital, to your left.

Contacts

E-Mail Facebook Website Twitter

Report Inaccuracy

Closed right now

Cuisine

Sri Lankan

Price Range

More than Rs.1500

Dish Types

Seafood Crab

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
5
Service Rating
4
Ambience Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
See 29 Comments