Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

Mintage Restaurant (Kotte)

248B, Thalawathugoda Road, Mirihana, Kotte

  • Closed right now


The new branch of Mintage in Kotte.



බොරැල්ලේ තියෙන මින්ටේජ් එක ඒ අවට වැඩ කරන ඕනේ කෙනෙක් හොඳින් දන්නා කියන තැනක්. මොකද චිල් එකේ බියර් එකක් බීලා, අපේ තාලෙට හදපු චයිනීස්  කෑම ටිකක් එහෙම කාලා එන්න පුළුවන් තැනක්නේ. ඔය හේතුව නිසා ම, කෝට්ටේ අලුතෙන් පටන්ගත්ත මින්ටේජ් එක ගැන අපට ලැබුණු ආරංචිය කනට මී පැණි වත් කළා වගේ. ඉතින් කර්ෆිව් ඉවර වෙලා, එතකන් වහලා තිබුණු කොළඹ ආයේ විවෘත කරලා සතියක් දෙකක් ගියාට පස්සේ අපි ගියා මේ අලුත් මින්ටේජ් එකට.

තැන

අර බොරැල්ලේ තියෙන මින්ටේජ් එක වගේමයි. හරි ම චිල් වයිබ් එකක් තියෙන්නේ. ඊට වැඩිය ඉඩකඩත් වැඩිද මන්දා. COVID-19 ආරක්ෂණ නීති රීති නිසාම මේස පුටු එහෙම සේරම ඈත් කරලා දාලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, හැම මේසෙක ම පුටු අහුරලා තිබුණේ වාඩි වෙන දෙන්න අතරේ මීටරේ පරතරය පවත්වාගන්න පුළුවන් විදියට. 

බීම 

දැනට නම් ඇල්කොහොල් බීම මොනවත් මෙතැන සර්ව් කරන්නේ නැහැ. ඒ නිසා අපි ගත්තේ Blue Lagoon (රු. 400) මොකටේල්  එකයි, Watermelon ජූස් (රු. 300) එකයි.

Blue Lagoon එක නම් පොඩ්ඩක් අවුල්. මොකද අඩියේ තනිකරම තිබුණේ සිරප් තට්ටුවක්. ෆොටෝ එකෙනුත් ඒක දැකගන්න පුළුවන්. ඒකෙ පැණි රසට මේ ඩ්‍රින්ක් එකේ තිබුණු අනිත් ෆ්ලේවර්ස් ඔක්කොම යටපත් වෙලා. ලාවට එන ස්ප්‍රයිට් රස ඇරෙන්න වෙන දෙයක් අපට තේරුණේ නැහැ.

Watermelon ජූස් එක ශේප්. ස්වාභාවික කොමඩු රස තිබුණට මේකෙත් සීනි වැඩියි.

කෑම

අපි කෑම පටන්ගත්තේ Chef's Special Mushroom Soup (රු.648). අපි දෙන්නෙක් විතරනේ කියලා හිතාගෙන ස්මෝල් පෝෂන් එක ගත්තට මොකද මේක ඇත්තටම 4/5දෙනෙක්ට ඇති. මේ ෆොටෝ එක ගත්තෙත් අපි දෙන්නා පළමුවෙනි වටේ බෙදාගෙන ඉවර වුණාට පස්සේ. ඉතින් හිතාගන්නකෝ තරම. සුප් බූලියක් කෙලින්ම.

චිකන් ස්ටොක් රස තදටම තිබුණු මේ සුප් එකේ මෂ්රූම් ජාති කීපයක ම එකතුවක්. හැම සුප් හැන්දට ම මෂ්රූම් කෑලි කීපයක් අනිවාර්යයි. හැබැයි ඒ මෂ්රූම්වල රස බ්‍රොත් එකටත් ආව නම් තමයි තවත් මරු.

ඊටපස්සේ මේසෙට ආවේ Yang Chow Mixed Fried Rice (රු. 848) එකයි, Mintage Special Garlic Fried Pork (රු. 758) එකයි, Hot Butter Cuttlefish (රු. 858). හැබැයි ඇත්ත ම කිව්වොත් Hot Butter Cuttlefish එක ආවේ අනිත් දෙක ඇවිල්ලා පැය 1/2කට විතර පස්සේ. කුස්සියේ පොඩි පරක්කුවක් වෙලා.

ෆ්‍රයිඩ් රයිස් එකේ ලොකු සීසනින් එකක් නැහැ. හැබැයි කැරට්, ලූණු කොළ, චිකන්, බීෆ්, පෝර්ක් කෑලි නම් යහමින් තිබුණා. මේකත් දෙන්නෙක්ගේ පෝෂන් එකක් කිව්වට තුන්දෙනෙක් ට වුණත් ඇති.

තුනී පෙති විදියට කපපු පෝක් එක හදලා තිබුණේ ගම්මිරිස් එහෙමත් යහමින් දාලා, ෆ්‍රයි කරලා. නමේ තියෙන විදියටම සුදු ලූණු කෑලිත් තොගයක් ම තිබුණා. හැබැයි අර සුදු ලූණුවල රස පෝක් කෑලිවලට ඒ හැටි උනලා නෑ වගේ. 

මින්ටේජ් එකේ Hot Butter Cuttlefish එක අපි කවදත් ආසාවෙන් කෑව ඩිෂ් එකක්. මේ සැරෙත් අපට මතක කොලිටිය ඒ විදියට ම තිබුණා. බැටර් තට්ටු ගණන් දාලා, ආයේ සැරින් සැරේ එකම පරණ තෙලෙන් බැදලා හදපු නැති මේ වගේ Hot Butter Cuttlefish දකින්න ලැබෙන්නෙත් කලාතුරකින්. ඔය වේලුණු මිරිස් කෑල්ලක් එක්ක හැපෙද්දී රජ මගුල්!

සර්විස් එක

කලින් කිව්වත් වගේ COVID-19 ආරක්ෂණ නීති රීති පිළිපදිමින් තමයි රෙස්ටෝරන්ට් එකේ වැඩ කටයුතු වෙන්නේ. අපි දොරින් ඇතුල් වෙද්දී ම ස්ටාෆ් එකේ අය අපේ ශරීර උෂ්ණත්වය බලලා අත් පිරිසිදු කරගන්න සැනිටයිසර් බෝතලයක් ලබා දුන්නා. ස්ටාෆ් එකේ හැමෝම ඉන්නේ මාස්ක් දාගෙන. ඕඩර් ගැනීම සහ මේසයට එවීම කරන්නෙත් බොහොම පරිස්සමෙන් වගේ ම මීටරේ දුර පවත්වා ගනිමිනුයි. Hot Butter Cuttlefish එක පොඩ්ඩක් පරක්කු වුණ එක ඇරෙන්න සර්විස් එකේ කිසිම අවුලක් තිබුණේ නැහැ. 

අවසාන වශයෙන්

කෝට්ටේ අවට නම් ඉන්නේ, ගෙදර කීපදෙනාව එක්කරගෙන කෑමකට යන්න හිතුණොත් මින්ටේජ් එක හොඳ ඔප්ෂන් එකක්. ඉතින් එහෙම යනවා නම්, රෙස්ටෝරන්ට් එකේ අය වගේ ම, ඔයාලත් COVID-19 ආරක්ෂණ නීති රීති අකුරට ම පිළිපදින්න අමතක කරන්න එපා හොඳද.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment