No. 449 Mathara road Devata Galle
Open until 11:00 PM
Good place to go with family. But not a great place to booze
කිමිදෙන්න ලයිසන් ගත්ත කියන්නෙ ඉතිං ලේසි වැඩක්ද නේ?
ෆයිනල් සෙෂන් එක, අඩි 50 බැහැලා ගොඩ එද්දි කට්ටියගෙ ඉහේ මලක් පිපිලා වගේ. සන්තෝසෙ බෑ. ඒ අතරට, වැඩේ ඕගනයිස් කරපු මගේ සතුට ඩබල් ත්රිබල් වෙලා.
“ආ.. ගෑනු ළමයි ගෙවල්වල යන්න… මොකද අපි දැන් අඩියක් ගහන්න යන්නෙ” තිබ්බ සන්තෝසෙ නිසාම බෝට්ටුවෙන් බැහැපු ගමන් මම වචන ටික දිග ඇරලා දැම්මා. එහෙමයි කියල එයාලව නිකම්ම ගෙදර ඇරියෙත් නෑ, සමර් ගාර්ඩ්න් එකෙන් බඩ පැලෙන්න කන්න දීලා ඇරියෙ. ඊට පස්සෙ අපි කළේ ගාල්ල කිට්ටුව සෙට් වෙන්න තැනක් හොයපු එක.
ගූගල් එකේ බැලුවා, එක එක කෑම සයිට්වල බැලුවා, කොටින්ම කියනව නම් යමු එකෙත් බැලුවා. ඒත් නෑ කියන්නකො හරි හමන් තැනක් හොයාගන්න. මොනා කරන්නද, අන්තිමට ලැජ්ජාව පැත්තකින් තියල ඩයිව් ෂොප් එකේ අයියගෙන්ම ඒකත් ඇහුවා.
“හ්ම්ම්… රිවිව් එකකුත් දාන්න එක්කම නං.. ඔයාට යන්න වෙන්නෙ හයිවේ පැත්තට තමයි. මොකද ඒ හරියෙ තමයි අලුතෙන් දාපු හොඳ කඩ තියෙන්නෙ. ම්ම්… මං කියන්නං, ගාණත් ෂේප් සුපිරි රෙස්ට් එකක් තියෙනව දෙවට හංදියෙ, මින්ටේජ් කියල එතනට යන්න”
හෑ.., මින්ටේජ් එකක් ගාල්ලෙ? නියමයිනෙ.
“ඒ, මං ඒ තැන දන්නව. මින්ටේජ් එකක් බොරැල්ලෙත් තියෙනව. අඩෝ නියම ප්ලේස් එක බං. යමං යමං”
මගේ අනුමැතිය ලැබුණත් හරි කට්ටිය ගමනට රෙඩි. උණවටුනෙන්, ගාල්ල-මාතර පාරට ඇවිත් වීල් එකකට අත දැම්මෙ බස් එකේ යන්නෙ මොකටෙයි කියල හිතල. කොහොමහරි වීල් එකේ අයියත් 4දෙනාම ඇතුළට දාගන්න කැමති වුණ නිසා වැඩේ ෂේප් වුනා.
දෙවට හංදියට එන්න අපිට විනාඩි 10ක් යන්න නැතුව ඇති. ෂහ්! මේ තියෙන්නෙ කිරි කිරියට, මින්ටේජ්. ලයිට් දාලා නිල් පාටට දිස්න දෙනව. ඒකෙ ලස්සන දෙගුණ තෙගුණ වෙන්නෙ ලීවලින් හදල මල් ගස්වලින් සරසල තියෙන නිසා. පල්ලෙහා තට්ටුවෙ තමයි පප්පා බාර් එක තියෙන්නෙ. ඒකට යන අයට එතනින් අරගෙන එතනම බොන්න පුළුවන්. හැබැයි පිටින් ගෙනියනව නම් උඩ තට්ටුවෙ ෆැමිලි රෙස්ට් එකට යන්න ඕන. වැඩේ කියන්නෙ ඒකත් ෆොරින් ලිකර් විතරයි.
පල්ලෙහා තට්ටුවෙ රවුම් නොගහ කෙළින්ම උඩ තට්ටුවට යන්න අපිට කල්පනා කළේ කරා කොළඹ ඉඳන්ම ලෑස්ති කරගෙන ආපු බකාඩි බෝතලේ නිසා. හැරත් සැපට ඉඳගෙන බඔර පදමට එන්න පුළුවන්නෙ.
අඩියට දෙකට උඩ තට්ටුවට ගියපු අපි ඒසී එකට ටිකක් ඈතට වෙන්න, හෝල් එකේ මුල්ලෙ ටේබල් එකකින් වාඩි වුණා. ඊට පස්සෙ ඉතින් කොයි කවුරුත් වගේ අපිත් කයිය තමයි. හැබැයි විනාඩි 10ක් 15ක් යනකම් කවුරුත් මේසෙට අාවෙ නැති නිසා බැලුවා මොකද වෙලා තියෙන්නෙ කියල. බැලින්නම් මුලු හෝල් එකටම වැඩ කරන්න ඉන්නෙ එක කොල්ලයි කියන්නකො. මෙතන කළමනාකරණය නම් තනිකරම අවුල් පාටයි.
“ඒ මල්ලි, පොඩ්ඩක් එනවද”
බැරිම තැන මම පොරට කතා කළා.
“හ්ම්.. අපිට ගේන්නකො මෙනියු එකක්. ග්ලාසස් හතරකුයි, අයිස් කියුබ් බකට් එකකුයිත් ගේන්න”
මනුස්සයටත් එපා වෙච්ච පාටක් තිබුණ නිසා මම ලොකුවට බර කළේ නෑ. හරි නෑනෙ. හැබැයි කොල්ල විනාඩි 5ට මේසෙ හදල දුන්න. ඒ අතරට අපිත් බයිට්, ඩයට් තෝරපු නිසා යන්න කලින් ඇණවුමත් දීලාමයි යැව්වෙ. කෝකටත් තෛලෙ වගේ මෙදා පාරත් බයිට් එක වුණේ ස්පෙෂල් ගාලික් ෆ්රයිඩ් පෝක් (රු. 728) කියල පෝක් එකක්. බඩගින්නට මින්ටේජ් ස්පෙෂල් මොන්ගෝලියන් රයිස් එකක් (රු. 788) ගත්තා.
කල්තියාම සැන්ඩි මේසෙට ආපු නිසා බයිට් එනකම් කියල අපි චියස් පාර දැම්මා. එක ෂොට් එකයි දැම්මෙ කට්ටියගෙම තීරණය “මේ.. බයිට් එක එනකම් ඉමු. නැත්තං අදත් හතර ගාතෙන් ගෙදර යන්න වෙන්නෙ”
අර කිව්වත් වගේ, නිසා අපි විනාඩි 10ක් 15ක් ඉවසල හිටියා. හැබැයි බයිට් එක නම් ආවෙ විනාඩි 20කටත් විතර පස්සෙ. ඒත් බලන්න එපැයි, කට්ටියගෙ මූණුවල තිබුණු තරහ කොහෙන් ගියාද නෑ පෝක් එක දැක්කට පස්සෙ. තෙල් සුවඳයි, සෝස් සුවඳයි මැද්දෙන් එන සුදුලූණු සුවඳ නම් පංකාදු පහයි. පාටත් හරි ලස්සනට තියෙන නිසා ඉබේටම තොල කට ලෙවකැවෙන ගාණයි. සැරත් හොඳ හැටි තියෙනව. ඒ හැරුණාම නියමම ගාණට තියෙන්නෙ පෝක් රස මැද්දෙන් එන සෝස්, සුදු ලූණු රස. ඒත් පෝක් පෙතිවල බැදුණු ගතිය නම් ටිකක් මදි වගේ. අනික තෙල් කෑලිත් සෑහෙන්න තිබුණා. ඔක්කොමත් හරි, පෝර්ක් කෑලිවලට වඩා වැඩියි කියන්නකො සුදු ලූණු පෙති. අනේ මන්දා ඉතින්.
හැබැයි ඒ හොඳයි කියල හිතෙන්නෙ මොන්ගෝලියන් රයිස් එකට අත තිබ්බාම. ඇහැට කණට පේන ඉස්සො, දැල්ලො, මාළු නෑ කියන්නකො ගාල්ලෙ. ලැජ්ජයි අලෝ… පොඩි ඉස්සන්ව දෙකට තුනට කපල බත් එකට එකතු කරල තිබුණෙ. දැල්ලො කෑලි ඊටත් එහා, අඬු විතරයි. මාළු කෑලි හොයන්නත් රයිස් එකේ පීනන්න වුණා. හැබැයි මොන්ගෝලියන් සෝස් ටිකයි, ලීක්ස්, කැරට් අඩුම කුඩුම ටිකයි නම් නියම ගාණට එකතු කරලා. පංකාදු පහට තියෙනව රස. ඇත්තටම බඩගින්නෙ ඉන්න මනුස්සයෙක්ට දුන්නොත් නම් පිං දිදී කයි.
චික්! කියල හිතුන නිසාම අපි මොන්ගෝලියන් එක පැත්තකින් තියල තව පෝක් එකක් ඕඩර් කරන්න කියල කල්පනා කළා. වෙලාවට ඒ එක්කම වගේ සේවක මල්ලිත් එතනට ආවෙ. එයාගෙන් ඇහුවාම කිව්වෙ ස්ලයිස්ඩ් පෝක් බෙලි ඉන් ස්පයිසි සෝස් එක (රු. 728) මරු කියල. ස්පයිසි සෝස් එකක් එක්කලු එන්නෙ. බලබල ඉන්න දෙයක් නෑනෙ,
“ගේන්න මල්ලි එයින් එකක්”
මම ඕඩරේ දැම්මා.
බෝතලෙන් හතරෙන් තුනක් විතර ඉවර වෙලා කට්ටිය වෙරි පදමෙ ඉන්න අතරට තමයි පෝක් බෙලි එක මේසෙට ආවෙ. මයෙ මතකෙ හැටියට සෑහෙන්න සුවඳයිද කොහෙද. කියන්න සන්තෝසයි යාළු වෙරි මරගාතෙ පවා මතක හිටින රසක් තමයි තිබ්බෙ. හොඳ සැර ගතියක් එක්ක යටින් එන පුංචි ඇඹුල් රසයි, ගෝවා, කැරට්, මාළුමිරිස්වලින් එන රසයි එක්ක තම්බල සෝස් දාලා වගේ හදල තිබුණු පෝක් පෙති නැගල යනවා. හිතපු තරම් සැර නැති වුණාට මොකද බෝතලේ අන්තිම ටික ගහ ගන්න නම් කියාපු ගාණ.
දැන් බෝතලෙත් හිස්. සිග. දෙකක් තිබ්බා, ඒවත් දල්වල අහවරක් කළා. ඒ අතරට අපේ එකෙක්,
“මේ… මචං. මයේ පෝන් එකේ වේ.. වෙලාව වැරදීද කෝද. 1යි 10යිනෙ බං”
අනේ එතනින් එහාට කතාව මට හරියට මතක නෑ කියන්නකො. එකෙක්ද කොහෙද සිහියෙන් ඉඳල අපිව ගෙනත් දාලා තිබුණා. ඒ හැරුණාම මතක බිල ගෙවල ඔක්කොම කළාට පස්සෙ සේවක මල්ලි ඇවිල්ල කෝකේජ් කියල රු. 500ක් ඉල්ලන් ගියා කියල විතරයි. ඉතුරු ටික ඔක්කොම පස්සෙන්දා ‘මූණු පත්තරෙන්’ තමා, හී…!
Open until 11:00 PM
Cuisine
Asian Western Chinese Sri Lankan Thai Pub Food Sri Lankan Chinese Mongolian
Price Range
Ratings Breakdown
A nice place to get booze in the evening at beach, Cabanas…
Good place for snacks & short eats, but other food are ?
Delete Comment