Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Mitsi's Delicacies

34A Bagatalle Road, Colombo 3


Mitsi's Cafe was one of those hidden gems we uncovered in 2013. One year down the line, the food is still good, the service is friendly and the desserts are exceptional.



“මචං මට වැඩිවෙලා ඉන්න බැහැ. 11 වෙද්දී යන්න ඕනේ. පුළුවන් නං බම්බලපිටිය කිට්ටුව තැනක් බලපං"

ඉඳලා ඉඳලා සෙට් වෙන්න දවසක් දාගත්තම අන්තිම මොහොතේ මේ වගේ කොන්දේසි දාන යාලුවෙක් ඔයාලටත් ඉන්නවද? රෑ 11 නම් කමක් නැහැ කියමුකෝ. මේ යෝධයා කියන්නේ උදේ 11 ගැන.

“දැන් ඉතින් හොයපංකෝ මහ පාන්දර අරින රෙස්ටෝරන්ට් එකක් " මම හිතින් බැන බැන කල්පනා කරන්න ගත්තා. එතකොට තමයි බම්බලපිටියේ “Mitsi's Delicacies” එක මට මතක් වුණේ.

තැන

බම්බලපිටියේ බගතලේ පාර දන්නවා නේද? ඔන්න ඔය පාරේ මීටර් 100ක් විතර යද්දී මුණගැහෙන Mitsi's එක, බැලූ බැල්මට නම් සාමාන්‍ය ගෙයක් වගේ. ඒ වුණාට මේක රෙස්ටෝරන්ට් එකක්. පාරට පේන්න බෝඩ් එකකුත් ගහලා තියෙන නිසා හොයාගන්න අමාරුත් නැහැ.

කොළඹ මැද්දේ කියලා නෑ, ෂෝක් වටපිටාව.  හරි ම නිස්කලංකයි. එළිමහනේ වගේ ම, ඇතුල් පැත්තෙත් හොඳ සුවපහසුවට පුටු මේස අහුරලා තියෙනවා. හොඳ හැටි ගස් වවපු පරිසරයක් නිසා රස්නෙත් අඩුයි. ඇත්තටම ගෙදර ඉඳන් කෑම කනවා වගේ හැඟීමක් තමයි මෙතැනට ගියා ම ලැබෙන්නේ.

කෑම බීම

Mitsi's එකේ ප්‍රධාන වශයෙන් ම තියෙන්නේ සැන්විච්, ස්ටේක්, පැස්ටා වගේ කෑම ජාති. බීම වර්ග විදියට කෝපි, තේ, ස්මූතීස්, මිල්ක් ෂේක්, මොහිටෝ, සහ ෆෘට් ජූස් වර්ග දැකගන්න පුළුවන්.

ස්ටාටර් එක විදියට අපි ගත්තේ Caesar Salad (රු.750) එකක්. හප්පච්චියේ මේකේ තිබුණු චිකන් තොගේ! මේවා ග්‍රිල් කරපු චිකන්. මතුපිටින් හැපෙද්දී පොඩි ගනකම් ගතියක් තිබුණට මොකද, මේ චිකන්වල තිබුණේ හරි මෘදු ගතියක්. සලාද කොළ, කෘටෝන් කෑලි එහෙමත් යහමින් මේකට දාලා තිබුණා. සැලඩ් එකේ මතුපිටින් ඉහලා තිබුණේ පාර්මේසන් චීස් කුඩු. ඒ නිසා මේ සේරම එකට එකතු වෙද්දී ආවේ නියම රසක්.

ඊළඟට අපි රස බැලුවේ Stuffed Minced Beef ස්ටේක් (රු.1150) එකයි, Mediterranean Prawns in Green Chili Sauce (රු.1400) එකයි. මේ කෑම දෙකම පිළිගැන්වුණේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක්ක.

මේ Stuffed Minced Beef ස්ටේක් එක නම් මරු. දුඹුරු පාටට දිලිසෙන හැටියෙන් ම තේරුණා පංකාදු පහට බැදිලා කියලා. උඩින් බාබෙකියු සෝස් වත්කරලා, ඇතුළ පුරවලා තිබුණේ ස්විස් චීසුයි, ස්මෝක් කරපු චිකන්වලිනුයි. මේක කෑලිවලට කැඩෙද්දී, උණුවට චීස් බේරෙන හැටි තමයි අපූරු. චිකන්, බීෆ් දෙකම කන්න පෙරේත උදවියට හොඳටම හරියන කෑමක් විදියට මේක රෙකමදාරු කරන්න පුළුවන්.

Mediterranean Prawns in Green Chili Sauce (රු.1400) එක කෙටියෙන් ම කියනවනම් සෝස් එකක ගිල්ලපු ඉස්සෝ දුසිමකින් හැදුණු පිඟානක්. ඔලිව් තෙල්වල දැවටිච්ච නැවුම් ඉස්සන්ගේ රස අපට අඩුවක් නැතුව ම මේකෙන් දැනුණා. මේ ඉස්සන් මතුපිටින් වත්කරලා  තිබුණේ අමු මිරිස්වලින් හදපු සෝස් එකක්. ඒ නිසා නියම ස්පයිසි රසක් මේ සෝස් එකේ තිබුණා. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික දෙසා බාන්නත් මේ සෝස් එක සුපිරි.

බීම වර්ග විදියට අපි තෝරාගත්තේ රාස්බෙරි ස්මූති (රු.480) එකකුයි, ඩබල් චෝකලට් මිල්ක්ෂේක් (රු.450) එකකුයි. බොනවානම් මහත්තයෝ අන්න ස්මූති එක. නිකන් අනං මනං ෆ්ලේවර්ස් දාපු සෙප්පඩ විජ්ජා නැහැ, කෙලින් ම ස්වභාවික රාස්බෙරි ගෙඩි බ්ලෙන්ඩරේට දාලා හදපු රාස්බෙරි ස්මූති තමයි මේ. ස්වභාවික රාස්බෙරි රසින් අනූන මේ ස්මූති එක බොද්දී, අතරින් පතර හැපෙන රාස්බෙරි ඇටවලින් එන්නේ අමුතු ගතියක්.

ඩබල් චොකලට් මිල්ක්ෂේක් එකත් වරදක් නැහැ. හොඳ චොකලට් රසක් තිබුණා වගේ ම, උකු ගතියත් නියමෙට ම තිබුණා. හැබැයි තවත් පොඩ්ඩක් කූල් වුණා නම් තමයි ඉතින් හොඳ.

කොහොමින් කොහොම හරි මේ කෑම ටික ඉවර වෙද්දී අපේ බඩවල් හොඳට ම පිරිලා. ඒත් Mitsi’s එකට ආව වෙලේ ඉඳන් අපි ඇහැ ගහගෙන හිටියේ ඒකෙ තියෙන චීස් කේක් එකට. ඒ නිසා ඒකෙන් කෑල්ලක් නොකා යන්න හිත් දුන්නේ ම නැහැ.

සෑහෙන්න ක්‍රීමි ගතියක් තිබුණු මේ බ්ලූබෙරි චීස්කේක් (රු.450) එක හරි ම රසයි. උඩින් තිබුණු බ්ලූබෙරි තට්ටුවෙන් එන ලා ඇඹුල් රස, චීස්කේක් එකෙන් එන පැණි රසත් එක්ක ගානට බැලන්ස් වෙන නිසා තමයි මේ හොඳ රස ඒකට ලැබිලා තියෙන්නේ.

සර්විස් එක

Mitsi’s එකේ සර්විස් එක සෑහෙන්න හොඳයි. කෑම සේරම මේසෙට එන්න ගියේ විනාඩි 10-15ක වගේ කාලයක්. අනික කෑම බීම තෝරගනිද්දී ස්ටාෆ් එකේ අයගෙන් හොඳ සහයක්  ලැබෙනවා.

අවසාන වශයෙන්

අපේ මුළු බිල ආවේ රුපියල් 4680ක් වගේ ගාණක්. ඇත්තම කිව්වොත්, ඒ වගේ ගාණක් මේ තරම් සතුටින් වියදම් කරපු දවසක් තවත් නැතිදෝ මන්දා. කෑම බීම විතරක්  නෙවෙයි,  Mitsi’s එකේ වටපිටාව, ඒ සුහදශීලී බව හරි ම සිත්ගන්නා සුළුයි. වෙලාවක ගිහින් බැලුවොත්, අපි මේ කියන දේ ඇත්ත බව ඔයාලටත් තේරේවි.


TIP

Try them macaroons!
All Reviews

Mitsi's Cafe was one of those hidden gems we uncovered last year. One year down the line, the food is still good, the service is friendly and the desserts are exceptional.

The food and drinks are quite good here, as is the space, but what sets Mitsi's apart is a staff that cares about both the customers and food. With so many new restaurants just out to make money, it's really refreshing to visit a place that cares.

සිංහල අපි කන මීට් බෝල්ස් මොනවද කියල හිතෙනව ඒක කද්දි. මීට් කියන්නෙ එහෙම පිටින්ම චිකන්, බීෆ් මස් ගුලියක්. ඒ අතරට තව මොනව හරිත් දාලා ඇති. හැබැයි මස් රසින් නම් අනූනයි.

සිංහල බොනවානම් මහත්තයෝ අන්න ස්මූති එක. නිකන් අනං මනං ෆ්ලේවර්ස් දාපු සෙප්පඩ විජ්ජා නැහැ, කෙලින් ම ගහෙන් කඩලා බ්ලෙන්ඩරේට දාලා හදපු රාස්බෙරි ස්මූති තමයි මේ. ස්වභාවික රාස්බෙරි රසින් අනූන මේ ස්මූති එක බොද්දී, අතරින් පතර හැපෙන රාස්බෙරි ඇටවලින් එන්නේ අමුතු ගතියක්.

සිංහල මිත්සි’ස් කියන්නේ බගතලේ පාරේ තියෙන කදිම අළුත් කොෆී ෂොප් එකක්. එයාලා ආහාරවලට (සහ අතුරුපස වලට) අවධානය යොමුකරනවා. එතන නිදැල්ලේ හැසිරෙන්නට ලොකු විවෘත ඉඩක් තියෙනවා.

Address

34A Bagatalle Road, Colombo 3

Directions

From Duplication Road, turn left and go up Bagatalle past Charles Place. From Thurstand, turn left at Midnight Divas and take the left fork down Bagatalle, it's near the Malaysian Embassy.

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

Open until 11:00 PM

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Meats Sweets Cakes Milkshakes

Cuisine

Balkan

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
5
Ambience Rating
3

User Reviews
Avatar for zainabhudha
4

1/5

-1

zainabhudha

I went to Mitsi's with my friends because of an old recommendation I had received. However, I was disappointed to find out that the new staff could not make most of the beverage options and when they did say okay for a hazelnut latte (500), it turned out to be milk with lots of espresso which I couldn't force myself to drink. The death by chocolate cake slice (500) and the chocolate muffin (150) were pretty tasty. But overall, the service was bad and we were upset with the whole experience.

S
2

5/5

0

Shehan Don Talagala

@zaina: today was the last day for the old Mitsi's cafe at Bagatale Rd. She has moved to Grand Slam at SLTA and will also be opening at Colombo City Center at the end of this month.

Avatar for zainabhudha
4

1/5

-1

zainabhudha

I went to Mitsi's with my friends because of an old recommendation I had received. However, I was disappointed to find out that the new staff could not make most of the beverage options and when they did say okay for a hazelnut latte (500), it turned out to be milk with lots of espresso which I couldn't force myself to drink. The death by chocolate cake slice (500) and the chocolate muffin (150) were pretty tasty. But overall, the service was bad and we were upset with the whole experience.

S
2

5/5

0

Shehan Don Talagala

@zaina: today was the last day for the old Mitsi's cafe at Bagatale Rd. She has moved to Grand Slam at SLTA and will also be opening at Colombo City Center at the end of this month.

K
5

4/5

0

KIKI

Been here a couple of times and the food was excellant.Loved the hot choclate,Lamb ,cuttle fish,chiken and the moxed Grill was awsome.I am a fan of her cheese cakes and the service was excellant as well

A
1

4/5

0

Awa

I have been waiting to try out this place and today I finally did!! The Food and service was excellent…we tried out the beef stake and the Australian lamb the portions were generous and cooked to perfection. I would recommend Mits's to anyone…

N
1

5/5

0

nickt61hotmailcom

We read o Yamu about this venue and popped in for lunch today. We had a delicious lunch and some yummy fruit smoothies. We chose the Mexican Chicken Wraps & Crumbed Cuttle Fish came with the best French fries I have had in Sri Lanka and a lovely bowl of garden salad. We had a lovely chat with Misty and came home with some French macaroons and lemon meringue. Absolutely loved it! Highly recommend it. Thank you Yamu & Mitsi!!!

K
1

5/5

0

kiru

omg!!! The food was excellent - Mongolian rice and jerk chicken. The service was impeccable and the death by choc with ice cream was orgasmic!!! Will definitely go there !

G
1

5/5

0

gera

Excellent venue for meeting up and hanging out with friends / family
Service was top notch, friendly
Food was superb !
Really love the decor and ambience of the coffee shop

M
1

5/5

0

Mitsi

My heartiest thanks goes to Mr Indi Samarajiva for this great review you have done for my Coffee Shop and the crew of YAMU :) And also thank you very much Lee Munza Nicola sudharshan Jason roshi ravi and Sahank for your lovely comments :) And yes I really appreciate your suggestions as well :)

Please visit my Facebook page (www.facebook.com/mitsis.catering) and Pinterest Board for more photos of products and the place (www.pinterest.com/mitsisdelic/mitsis-the-coffee-shop)

Thank you! :)
~ Mitsi

S
1

5/5

0

Sahank

Had the jerk chicken and chicken wings. Both were excellent. Coffee was great but the lime and mint was average. Service was quick and the staff was very pleasant and accommodating. Great place to hang out but the interior sitting area decors a bit scary in the night. Overall a great experience. Hope to return soon.

Please get a credit card machine soon!!! :)

R
1

5/5

0

roshi

Fantastic food,I recommend baked crab and grilled fish. For dessert Blueberry cheese cake and Death by Chocolate. Roshi

See 46 Comments