Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

4/5

Moksha

27, Hildon Place, Colombo 04


A vegetarian friendy place for all your Indian sweet tooth cravings.



“ඒ, මට සනීප නෑනෙ බං”

“ආ ඇත්තද? ඒනං උබට මාත් එක්ක රිවිව් එකට යන්න එන්න බැරි වේවි නේ.

කමක් නෑ, මම ඔන්න ඔහෙ දිනිතිව එක්කගෙන යන්නං”

“හෑ…

නෑ නෑ මං කිව්වෙ මේ.. පොඩි උණ ගතියක් මේ.. ළාවට! ඒ වුණාට කන්න යන්න පුළුවන්. ඔව්…”

තව පොඩ්ඩෙන් බිරියානි, බොම්බෙ ස්වීට් පාර මිස් වෙනව කියන්නකො. අම්මප මනුස්සකමට, ලෙඩක් දුකක් ගැන කියන්න බෑනෙ මුන්ට. දාලා යන්නමයි හදන්නෙ.

කෝම කෝම හරි ටෝක් කරල විශ්විගෙ දවල් කෑම රිවිව් එකට ඇඟ දාගත්තෙ ඩී එස් එල් ආර්. එකකින් ෆොටෝ ගහන්න පුළුවන් හැකියාව, තුරුම්පුව කරගෙන. ඒක නැත්තං අපි තවමත් ඔපිස් එකේ කිව්වලු.

රිවිව් ඌබර් එක ඔපිස් එක ළඟට එද්දි දවල් 12.30ට විතර ඇති. දාලා යයි කියල බයට දඩි බිඩි ගාලා පඩිපෙළ බැහැපු මම කැමරාවත් අතේම අරගෙනමයි වාහනේට ගොඩවුණේ. අනේ, ට්‍රැෆික් එක වෙලත් විනාඩි 5ක් යන්න නැතුව ඇති අදාළ ස්ථානයට එන්න. කට්ටිය දන්නව ඇතිනෙ බම්බ හිල්ඩන් ප්ලේස් කිව්වාම, අයි සී බී ටී. කැම්පස් එක තියෙන්නෙ. ආන්න එතන, හරියටම පාරෙන් අනික් පැත්තෙ.

ඒ නිසාම වාහනෙන් බැහැලා එහෙ මෙහෙ දුවන්න අපිට ඕන වුණේ නෑ. දොරකඩම මෝක්ෂා!

බැලූ බැල්මට පේන්නෙ ටිකක් ෆැන්සි කඩයක් වගේ වුණාට මොකද ඇතුළෙ තියෙන පොඩි පොඩි ලී කැටයම් නිසා අමුතු ප්‍රොෆෙෂනල් ගතියකුත් ඇවිල්ලා තියෙන්නෙ. හැබැයි ඒක වැඩිහිටියන්ට නම් ඒ හැටි සෙට් වෙන්නෙ නෑ. හැරත් කඩේ පිරීලා ඉන්නෙ පොඩ්ඩො. කෑ ගගහ, එහෙ මෙහෙ දුව දුව අයිස්ක්‍රීම් කනවා, බීම බොනවා හරි අපූරුයි.

එහෙමයි කියල ඉතින් අපිත් අයිස්ක්‍රීම් කන්නයැ. ගත්තා මෙනුව අතට. විශ්වි ඩෙසට් තෝරද්දි මම මේන් ඩිෂ් එකක් තේරුවා. හිත ගියේ මෝක්ෂා ‘ප්‍රෝන් බිරියානි’ එකට වුණාට මොකද වේටර් මල්ලිගෙන් අහල බැලින්නම් ඒවා ගන්න නෑ. ෂැහ්!,  දවසෙ අවුලද මන්දා, කියල හිතින් බැණබැණ ආයෙත් මෙනුව බලපු මම විශ්විගෙනුත් අහල තමයි වෙජි, පනීර් බිරියානි එකක් ඕඩර් කළේ. ඩෙසට් එකට විශ්වි තෝරල තිබුණ මට්කා කුල්ෆි එකයි, චොකලට් ඩිවයින් කුල්ෆි එකයි, ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් එකයිත් ඒ ඕඩරේටම දැම්මට, ගෙන්න කිව්වෙ බිරියානි එක කාලා ඉවර වෙද්දි.

කියන්න සන්තෝසයි යාළු මෙයාලගෙ සර්විස් එක නම් මරේ මරු. අපි මේසෙන් වාඩි වුණා විතරයි ලස්සන මැටි පිඟන් 3ක්, හැඳි ගෑරුප්පු, සර්වියට් දඩි බිඩි ගාලා මේසෙ උඩ. ඒ විතරක් නෙවෙයි ඕඩරේ දාලා විනාඩි 2ක් ගියේ නෑ බිරියානි එකත් මේසෙ උඩ කියන්නකො. හැබැයි වගකීමෙන් කිව්වහැකි කලින් දාලා තිබ්බ බිරියානි එකක්. මොකද රස්නය කියන දේ ළඟින්වත් ගිහින් නෑ. ඒ නිසාමද කොහෙද සුවඳත් ලොකුවට එන්නෙත් නෑ.

කොහොම වුණත් බිරියානි එකේ මික්ස් වෙලා තියෙන පනීර් චීස් කුට්ටි ටික පෙනෙද්දි නම් කටට කෙළ උනනව. ඔයාලට කියන්න යාළු අඟලෙ අඟලෙ විතර කුට්ටි කියන්නකො. නිකම් නෙවෙයි 10ක් 12ක් විතර මික්ස් කරලා. එ් හැරුණාම බත් එකේ රසත් පංකාදු පහයි. සුපිරි මසාලා රසකුත් මික්ස් වෙලා නිසා බඩ පැලෙන්න කන්න පුළුවන්. බිරියානි එකට ආපු අඹ මාළුවත් නරකම නෑ. හැබැයි අපි ගෙවල්වල හදන ඒවා තරම් රස නෑ. පැණි රස ගතියත් නෑ. ටිකක් ඇඹුලට, තරමක් තුනපහ රස හිටින්න තමයි හදල තිබ්බෙ.

ලොකු බඩගින්නක් නොතිබ්බ නිසාද කෙහෙද බිරියානි එක නම් තුන්දෙනාටම ඇති වුණා. ඒත් ඩිවයින් චොකලට් කුල්ෆි එක නම් ඇත්තටම මදි. සුපිරි චොකලට් රසකින් අනූන වෙන්න හදල තිබුණ නිසා ඒකට වැඩි හරියක්ම වගකිව්වෙ මම. වැඩේ කියන්නෙ චොකලට් කුල්ෆිය ගැන විස්තර කරන්න යද්දියි මට කල්පනා වුණේ, ඒක නිකම්ම අයිස් ක්‍රීම් එකක්නෙ. පට්ට රස චොකලට් අයිස් ක්‍රීම් එකක්; ‘නෝ මසාලා ටේස්ට්’

ඒකට බලන්න එපැයි මට්කා කුල්ෆි එක. මසාලා රසෙන් අනූනයි. හීනියට ලියලා දාපු ආමන්ඩ් ඇට තට්ටුවකුත් තියෙනව. කිරි රසත් නියම ගානට. දෙන්නෙක්ට ඇති වෙන්න පොඩි මුට්ටියක දාලා එන නිසා ආසාවෙන් කන්න පුළුවන්.

හ්ම්.. මෙයාලගෙ ස්ට්‍රෝබෙරි මික්ල්ෂේක් එක ගැන නම් මුකුත් නොකියා ඉන්න තරමට තමයි හොඳ. මොකද ඒකෙ කරි රස අම්බානක වැඩියි. හරියට ටින් කිරි එකක් බිව්වා වගේ. පැණි රසත් දත් ටික හිරි වැටෙන ගානට. හැබැයි ස්භාවික ස්ට්‍රෝබෙරි එකතු කරල හදපු මිල්ක්ෂේක් එකක් නිසා පොඩ්ඩන්ට නම් කියාපු.

මට ස්ට්‍රෝබෙරි පේන්න බැරි නිසා විශ්විටයි, දිනිතිටයි ඒකෙ වගකීම බාර දීලා, මම ටික වෙලාවක් බලන් හිටියා. ෂේක් එකේ අවුල හිතා ගන්න එයාලා බිව්වෙත් එ්කෙන් බාගයයිනෙ. මොනව කරන්නද අවසානය කඳුළක් වුණ අතරෙ අපි හෙමිහිට මෝක්ෂාට සමුදුන්නා. ආයෙ යනවද… කියන එක නම්…?


TIP

Their masala chai is pretty great

Address

27, Hildon Place, Colombo 04

Directions

Right opposite ICBT City Campus.

Contacts

Report Inaccuracy
Similar Places

Leave a comment