Artwork for Brew-at-Hatch-Top Banner 2 new landing page
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for Marketplace Sathi-Pola SDBBNR 1 Artwork for Coffee post sidebar 1-1959 new

4/5

Brio - The Italian Kitchen

80, Pannipitiya Road, Battaramulla


Mona's Kitchen is a popular spot down Pannipitiya road, that dishes out a range of Italian and Sri Lankan cuisine.



බර්ත්ඩේ කියන එව්ව එසේ මෙසේ සමරන්න බෑනෙ. ඊටත් හදවතින් ම ආදරේ කරන කෙනෙක්ගෙ වුණාම!

පහුගිය සතියෙ දවසක හැන්දෑවක ඔන්න... මම දස අතේ කල්පනා කරනව එයා කන්න ආසම දේවල් ගන්නෙ කොහෙන්ද කියල. මොකද හොඳ කඩයක් අල්ලල කෑම ටික ගත්ත වගේ නෙවෙයි, උණුඋණුවෙන් ගෙනියන්න බැරි වුණොත් වැඩක් නෑනෙ. ඒකට ඉතින් එකම උත්තරය වුණේ ගෙවල් ළඟ කඩයක් අල්ලන එක.

ම්ම්… හොයල බැලින්නම් ඉටෑලියන් ෆුඩ් තියෙන, හරි හමන් කඩ දෙකතුනයි තියෙන්නෙ. ඒවයිනුත් එකකින් ළඟදිම කෑවත් එක්ක. දැන් මොකද කරන්නේ… කියල කල්පනා කරපු මම ඔන්න ඔහෙ ඕන මගුලක් වෙච්චාවෙ, වීල් එකක දාගෙන හරි කෑම ටික ගේනව සනිකව කියල හිතාගෙන ගියා බත්තරමුල්ලට. ගිහින් කෙළින්ම ගොඩවුණේ කලින් ම බලල තියාගත්තු, හතර මායිමේ හොඳම ඉටෑලියන් කඩේට.

‘මොනාස්’

හරි අපූරු තැන. එළිමහනෙ වගේම ඇතුළතත් හොඳ සුවපහසුවට ඉඳගෙන, නිදහසේ කන්න පුළුවන්. ඒ වගේම තමයි සේවක මිත්‍රයොත් පට්ට හිතවත්. ගියපු ගමන් මෙනුව එහෙම අතට දීලා, කෑම තෝරන්නත් උදව් කරනව. ඒ විතරක් නම් බැරියැ ටේකවේ ගන්නව කියපු ගමන් මෙන්න 15%ක ඩිස්කවුණ්ට් එකකුත්!

මම ඉතින් ගන්න දේවල් ටික කල්තියාම ඔළුවෙ තියාගෙන ගියපු නිසා දඩ බඩ ගාලා දැම්ම ඕඩරේ. ඉස්ඉස්සෙල්ලාම චිකන් ලසඤ්ඤා එකක් (රු. 990). ඊට පස්සෙ මොනාස් ස්පෙෂල්, බ්ලැක් පෙපර් පෝර්ක් බාගෙ බාගෙ පීසා එකකුයි (රු. 1590), වෙජි මාගරිටා, සීෆුඩ් බාගෙ බාගෙ පීසා එකකුයි (රු. 1990).

දාලා හෙමින් සැරේ එළිය පැත්තෙත් රවුමක් ගහලා, විනාඩි දහයකින් විතර තමයි ආපහු ආවෙ. ඇවිත් වාඩි වුණා එළිමහන් කොටසෙන්. ෂැහ්! හිතුවට වඩා හොඳයිනෙ. රෑ වෙලා නිසා ලයිටුත් දාලා හරිම ලස්සනයි. ඇත්තටම මහ පාර අයිනෙ වුණේ නැත්නම් සුපිරිම ප්ලේස් එක හොඳේ.

ඔය විදියට තව විනාඩි දහයක් විතර යන්න ඇති.

“සර්, ඕඩර් එක ලෑස්තියි”

සේවක මිත්‍රයෙක් කෑම ටික පෙට්ටි කරල මෙන්න මම ඉන්න තැනටම ගේනව.

“ආහ්, ඕකේ ඕකේ. තැන්ක් යූ.

මෙතනින් තියන්න..”

ආයෙ, හැරෙන තැපෑලෙන්…

පික්මියක් දාගත්තු මම කෙළින්ම ගෑටුවෙ, අදාළ ස්ථානයට. යද්දි! බර්ත්ඩේ සැමරුමට සියල්ල රෙඩි.

“ආ.. දැන් හරිනෙ, ඒනං කෑමත් ගෙනාවා...”

කියල කට ගන්න හම්බවුණේ නෑ හැපි බර්ත්ඩේ පාරෙන් ඔන්න පාර්ටිය ස්ටාර්ට්!

පාර්ටිය කිව්වට ඇත්තටම  හතරපස්දෙනයි හිටියෙ. ඉතින් ඉස්ඉස්සෙල්ලාම සුපුරුදු පරිදි කේක් වටයක් ගියා. ඊට පස්සෙනෙ, උණු උණු පීසයි, ලසඤ්ඤයි…

මම මුලින්ම කෑවෙ බ්ලැක් පෙපර් පෝර්ක් කෑල්ලක්. සප්පේ, පංකාදුයි ඈ. කිව්වට විශ්වාස කරන්න යාළු පොඩි පොඩි පෝර්ක් කෑලි තොගයක් දාලා තියෙනව, බ්ලැක් ඔලිව්, මෂ්රෑම්, බෙල් පෙපර්, චීස් එක්ක හොඳ හැටියට ගැලපෙන්න. අනික ඒ පෝර්ක් කෑලිත් මදි නොකියන්න පෙපර්, කුළුබඩුවල පදම් වෙලානෙ. ඉතින් රස ඩබල් ත්‍රිබල්. හැබැයි මට නම් හිතුණෙම තව චීස් ටිකක් වැටෙන්න ඕන කියල. මොකද පෝර්ක් එක්ක චීස් කියන්නෙ?

නේ…

අන්න ඒකට මොනාස් ස්පෙෂල් එක. ඇඬෙනව ඒකට නම්. බේකන්, බ්ලැක් ඔලිව්, අමු මිරිස්, කෑලි මිරිස්, ලූනු, මොසරැල්ල චීස්…

උණු උණුවෙන් නිසා තවත් මරු. අවංකයෙන්ම ඒකෙ නම් සුවඳටත් කටට කෙල උනන ගානයි. ඇයි අප්පේ… බැදපු බේකන් එක්ක චීස්..! හැරත් බ්ලැක් ඔලිව්වලිනුත් අමුතුම ගතියක්නෙ එන්නෙ. ඒ මදිවට අමු මිරිස්, කෑලි මිරිස් නිසා සැරත් හොඳ හැටියට.

ඒ වගේම තමයි වෙජි මාගරිටා එක. ඇත්තටම ඒක හදල තිබ්බෙ මාගරිටා එක උඩට වෙජි ටොපින්ග් එකක් දාලා. ඒකත් නිකම් නෙවෙයි මෂ්රූම්, ලූනු, බෙල් පෙපර්, ගර්කින් පිරිච්ච ටොපින්ග් එකක්. මෙළෙක් වුණු මොසරැල්ල චීස් එක්ක ඒ එළවළු රස වෙලා එද්දී… වෙජි කෙනෙක්ට නම් තලු මර මර රස බලන්නම කියාපු.

ම්ම්… කණගාටුවෙන් වුණත් කියන්න ඕන මෙයාලගෙ සීෆුඩ් එක නම් ටිකක් අවුල්. ඒකෙ රසේ මොකක්දෝ අවුලක් තියෙනව. ඉස්සො, දැල්ලො, මාළු එක්ක අමු මිරිස්, කෑලි මිරිස්, ලූනු, චීස් හොඳ හැටියට දාලා තිබ්බට ඒ සීෆුඩ් ෆ්‍රයි වෙලාවත්, සීසන් වෙලාවත් නැති නිසා රස නිකම්… අපිට සෙට් වෙන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ මගෙ හිතේ. ඔන්න ජපනෙක්ට, ඉන්දුනීසියන් කාරයෙක්ට වගේ නම් සෙට් වෙයි, මොකද එයාලා ෆ්‍රෙෂ් සීෆුඩ් රසට ආසයිනෙ.

ඔක්කොමත් හරි ලසඤ්ඤා එකනෙ, අන්තිම හරිය කොර කරල ගත්තෙ. අන්න ඉටෑලියක් කියන්න පුළුවන් ගාණට ඒක නම්. එකම අවුල තිබ්බෙ චීස් තොගේ හැටියට මස් ටිකක් මදි වගේ. ඒකත් බීෆ් වුණා නම් ඒ අවුල දැනෙන්නෙ නෑ. මේක චිකන්නෙ. කොහොමහරි තක්කාලි රසත් එක්ක උණු උණු චීසුයි ග්‍රේට් කරපු මසුයි තට්ටු තට්ටු…

කන කන කටක් ගාණෙ පිස්සු හැදෙනව ඒයි. ඕ…

අන්තිමට, කාපු කෑමක් කියන්නෙ ඉස්මුරුත්තාව අල්ලල, සෙටියට වැටිලා ඉන්නම බැරි තැන කෝපියකුත් බීලයි යාන්තම් ගොඩ ආවෙ. හම්මෝ… එහෙමත් ඉටෑලියන්!


TIP

Get the Margherita when you're in the mood for pizza.


Have you visited this place?

Write your own review!
See 2 Comments