Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for NYE 2020 at the Paradise Beach Mount - sidebar Artwork for Coffee post sidebar 1

4/5

Mongolian BBQ (Majestic City)

Mongolian sea food, B 1, Majestic city, Colombo 04.


එකම අවුල තියෙන්නෙ කන්න ආපු අයගෙ සතුටු සාමීචි වල අතුරු ප්‍රථිඵල. කන්කරච්චලේ කියල කියන්නෙ.



මොන්ගෝලියාව තියෙන්නෙ චීනෙයි රුසියාවයි මැද්දෙ. දැන් අපිට මොනවද ඒකෙන් ගන්න තියෙන්නෙ.

ඇත්තටම අපිට ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි මොන්ගෝලියානු ක්‍රමයට හදපු රසම රස බත්. මතක් වෙද්දි කටට කෙලත් උනනවා. මම නම් හරි ආස බත් වර්ගයක් තමයි මොන්ගෝලියන් කියන්නෙ. ඒ නිසාම හොඳ මොන්ගෝලියන් බත් එකක් රස බලන්න පුළුවන් තැන් දෙක තුනකුත් ගැනත් මම දන්නවා. ඒ අතරින් බම්බලපිටියෙ මැජෙක්ටික් සිටි එකේ තියෙන Mongolian BBQ කඩේ සෑහෙන්න උඩින් තමයි තියෙන්නෙ.

වාතාවරණය

ඊයෙ, මමයි චින්තකයි දෙන්නම ගෙදරින් දවල් කෑම ගෙනැල්ල තිබුනෙ නෑ. ඉතින් මට එක පාරටම මතක් වුනේ චිනා එක්ක ගිහින් හොඳ මොන්ගෝලියන් පාරක් දැම්මනම් හොඳයි කියලා. YAMU ඔෆිස් එකෙන් එළියට බැහැපු අපි දෙන්න පොඩි කයියක් දාගෙන ගාට ගාට MC එක ලඟට යනකොට දවල් 1ට විතර ඇති. වෙනද වගේම අදත් MC එකේ භෝජනාගාරය හරිම කාර්යබහුලයි. ටිකක් වට පිට බලල Mongolian BBQ කඩේ ලඟින්ම තිබ්බ මේසෙකින් කැමරා බෑග් එක තියපු මම චිනා එක්ක ගිහින් මෙනුව බැලුවෙ කටට රහට ජාති දෙකකින් මොන්ගෝලියන් 2ක් ගන්න.

ආහාර සහ සේවාව

Mongolian BBQ එකේ මෙනුවෙ මාර මොන්ගෝලියන් තොගයක් තියෙන්නෙ. චිකන් මොන්ගෝලියන්, සී ෆුඩ් මොන්ගෝලියන්, ෆිෂ් මොන්ගෝලියන්, කට්ල් ෆිෂ් මොන්ගෝලියන්, මට්න් මොන්ගෝලියන් ඒ විතරක් නම් බැරියැ කලවම් ඒවත් තියෙනවා. ෆිෂ් ඇන්ඩ් මට්න් මොන්ගෝලියන්, ෆිෂ් ඇන්ඩ් චිකන් මොන්ගෝලියන් වගේ. මොන ජාතියෙන් ගන්නද කියලා හිතා ගන්නවත් බෑ.

මෙනුව දිහා දෙතුන් පාරක් බලපු චිනා මට්න් මොන්ගොලියන් එකක් ඉල්ලුවා.

''සොරි සර්, මට්න් නම් නෑ'' චිනා ඉල්ලපුව නෑ..

''ඒනම් මට චිකන් එකක් (රු. 320) දෙන්න''

''මට කට්ල් ෆිෂ් එකක් (රු. 400) දෙන්න'' මමත් මැද්දෙන් පැනලා ඇණවුම් කලා.

''සර්, වාඩිවෙන්න. විනාඩි 10ක් 12ක් විතර යයි''

නියම ගාණට වායු සමනය කරල තියෙන MC එකේ භෝජනාගාරය හරිම සුව පහසු තැනක්නෙ. එකම අවුල තියෙන්නෙ කන්න ආපු අයගෙ සතුටු සාමීචි වල අතුරු ප්‍රථිඵල. කන්කරච්චලේ කියල කියන්නෙ. විනාඩි 10න් ලෑස්ති වෙනව කිව්වට අපේ මොන්ගෝලියන් 2 ලෑස්ති වෙන්න විනාඩි 15ක් විතර ගියා. වෙලාව නම් කොච්චර ගියත් මොකද මම දන්නවනෙ Mongolian BBQ එකේ මොන්ගෝලියන් වල රස.

මගේ කට්ල් ෆිෂ් මොන්ගෝලියන් එකෙන් තාම දුම් දානවා. චිනාගෙ එක නම් ටිකක් නිවිච්ච පාටයි.

මොන්ගෝලියන් බත් වලට ආවේණික දුඹුරු පාට ගතිය එන්නෙ ඒකට දාන සෝස් ජාතියක් නිසානෙ. අන්න ඒ දුඹුරු පාට ගතිය නියමෙටම තියෙනවා. ඒ ඇරුණාම පොඩියට කපපු ළූණු කොල, ගෝවා, කැරට් කෑලිත් සෑහෙන්න එකතු කරල. අමුවෙන්ම එකතු කරපු එළවළු කෑලි බත් එකේ රස්නෙට ලාවට විතර තැම්බිලා නියම ස්වභාවික රසක් තමයි ගේන්නෙ. මොන්ගෝලියන් වලට ආවේණික, කුළු බඩු රස වගේ රසත් උපරිමෙන්ම තියෙනවා. සැර ගතිය එකතු වෙලා තිබුන විදියට මට නම් හිතුනෙ කෝකියා මාව අඳුරනව ඇති කියලා. ඇයි ඉතින් මගේ දිවේ ගාණටම සැර. උණු බත් කටට පදමට ගැලපෙන සැර ගතිය නිසා, එක කටක් උගුරෙන් පල්ලෙහාට යද්දි අනික් කට කන්න ඉබේටම කට ඇරෙනවා. ඒ තරම් රසයි. බත් එකේ තියෙන විශේෂම දේ තමයි කන කන කටක් ගානේ හැන්දට එන තරමට එකතු කරලා තිබුන දැල්ලො කෑලි ටික. රවුමට පොඩියට කපලා තිබුන දැල්ලො කෑල්ලක් බත් රසයි සුවඳයි එක්ක කට ලඟට එනකොට.. !

වට පිට, ඉන්න අය හිතන්නැති අපි තරඟෙට කනවා කියලා. දෙන්න නිකමට වත් ඔළුව උස්සන්නෙ නෑනෙ. කොහොම හරි අන්තිම කටවල් දෙක තුන යද්දි මම චිනාගෙ චිකන් මොන්ගෝලියන් එකෙනුත් චුට්ටක් රස බැලුවා. මගේ එකෙයි චිනාගෙ එකෙයි කියල වෙනසක් නෑ. මගේ එකේ දැල්ලො වෙනුවට චිනාගෙ එකේ පොඩියට කපපු චිකන් කෑලි තොගයක් එකතු වෙලා තිබුන. එච්චර තමයි. අපි දෙන්නට මොන්ගෝලියන් පිඟන් දෙක ඉවර කරන්න ගිහින් තියෙන්නෙ විනාඩි 7යි.

අනුමිතිය

මම වගකීමෙන් කියන්නෙ. බම්බ පැත්තෙ ඇවිත් මොන්ගෝලියන් කන්න ආස හිතුනොත් බය නැතුව යන්න MC එකේ Mongolian BBQ එකට. නියම මොන්ගෝලියන් බත් එකක් රස බලන්න පුළුවන් ආයෙ දෙකක් නෑ.


TIP

Try Cuttlefish Mongolian

Address

Mongolian sea food, B 1, Majestic city, Colombo 04.

Directions

At the MC food court.

Contacts

Report Inaccuracy

Closed right now

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Rice Seafood BBQ Beverages Fish Cuttlefish

Cuisine

Mongolian

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3
Similar Places

User Reviews
Avatar for sudhagarb
1

3/5

0

sudhagarb

Food is ok. But quantity is less then the price … Need improvement…

Avatar for sudhagarb
1

3/5

0

sudhagarb

Food is ok. But quantity is less then the price … Need improvement…

See 1 Comment