Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Moreish

123/1, Anagarika Dharmapala Mawatha, Dehiwala

  • Call 0727599932
  • Open pick up 10 am to 6pm , order 24 hours before for cupcakes, 4 days a head for birthday cakes


Its an unending quest for ever gooier centers and choclatier chocolate with the objective of staying ahead of the cutthroat competition.



පෙනෙන විධියට කොළඹ සිටින කාන්තාවන් සියලු දෙනාම අමතර කේක් බිස්නස් එකකුත් කරනවා වගේ. ඒ තරමට කේක්, කප් කේක් ගෘහස්ථ බේකරි කොළම වැහිවැහැලා. ඔවුන්ට අධි ක්‍රියාකාරී ෆේස්බුක් පිටු තිබෙනවා. අලුත් කැවිලි නිර්මාන පිළිබඳ පුවත් කොළඹ කටකතා ජාලය ඇතුළේ වේගයෙන් පැතිරෙනවා. සූපශාස්ත්‍ර පොත්, අවන්එක හා කාගිල්ස් වෙතින් ගත් අමුද්‍රව්‍ය යොදාගෙන කරන මේ 'සයිඩ් බිස්නස්' එකෙන් ඇත්තෙන්ම ඔවුන්ට සරු ආදායමක් ලැබෙනවාද?

ළඟදී මම සොයාබැලුවා කවුරුද මේ රසකැවිලි මිළදීගන්නේ කියලා. මමත් කැමතියි හොඳ කප්කේක්වලට. සතියකට වරක්, දෙකක් හෝ තුන්වරක් පවා මම ඒවා මිළදීගෙන තිබෙනවා පාන් පාන් වෙතින්. සමහරවිට Hansa වෙතින් ලෙමන්කර්ඩ් කේක් කෑල්ලක් කාලා තිබෙනවා. ඒත්, මා ඇතුළු කොළඹ වැසියන් පුරයේ සිටින මේ ගෘහස්ථ බේකරි ව්‍යාපාරිකාවන් අතරින් පිරිසකට හෝ ජීවිකාව සපයන තරම් පැණිරස ප්‍රමාණයක් කනවාද?

මටනම් ඒක සැකයි. කොළඹ කේක් නිර්මානකරුවන් ගැන මගේ න්‍යාය මේකයි. මේ ගෘහස්ථ කේක් නිර්මානවලට වැඩිම ඉල්ලුම තිබෙන්නේ එවැනිම වෙනත් ගෘහස්ථ බේකරිකාරියන්ගෙන්. එක් කේක් නිර්මානකාරියක් මැද මෘදු හෝ නැතිනම් ලොවි හෝ රඹුටන් රස හෝ නව ‍නිර්මානයක් නිකුත් කළ වහාම එය ඇණවුම් කරන්නේ ඇගේ තරගකාරියන් විසිනුයි. ඉන්පසු ඔවුන් කරන්නේ ඒ ඇසුරින් එයට වඩා හොඳ නිර්මානයක් කර නිකුත් කරන්න. එතකොට අර කලින් කේක් නිර්මානය ඉදිරිපත් කළ කෙනාත් ඇතුළුව ගෘහස්ථ බේකරිකාරියෝ ඒවා මිළ දී ගන්නවා, කාලා බලන්න. ඔය විදියට මේ ක්‍රියාවලිය කෙළවරක් නැතිව සිදුවෙනවා. මෙය ‍වර්ධනය නොවන සංවෘත්ත වෙළඳපොළක කප්කේක් වෙළඳ තරගයක්. අඩුගානේ මා කියූ දේ වෙළඳ න්‍යායක් කියාහරි කියන්න බැරියැ.

මේ කුමන්ත්‍රණ න්‍යාය කෙසේ වෙතත් මට හමුවුණා තවත් ගෘහස්ථ කප්කේක් සැපයුම්කරුවෙක්. ඒ තමයි මොරෙයිෂ් (Moreish). මම කාලා බැලුවා ඇගේ චොකලට් ලාවා කප්කේක් එකක්. එය ‍ඉතා හොඳයි. ඉරිතැලුණ, හැපෙනසුළු මහෝගනි අර්ධගෝල මතුපිටට යටින් දියාරු චොකලට් ඇතුළතක් මට හමුවුණා. එය ඉතා හොඳින් හදලා. නියම ‍චොකලට් රස මැද හේසල්නට් රසයකුත් තැවරිලා. කොළඹ සාමාන්‍ය කප්කේක්වලට වඩා පියවරක් ඉදිරියෙන්.  රු. 100කට එය මිළ අඩු නැතත්, එහි තිබෙන හොඳකම නිසා දුසිමක් ඇණවුම් කරනඑක වටිනවා. මම පුංචි කෑල්ලක් කාලා බැලූ වැනිලා කප්කේක්ද හොඳයි වගේ. ඇය පරිස්සමෙන් අයිසිං කර සරසන ලද උපන්දින කේක් මෙන්ම සම්ප්‍රදායික ශ්‍රී ලාංකික ලව් කේක් හා නත්තල් කේක්ද සපයනවා.

ඉතින් ඇගේ තරගකරුවන්ට කාලා බලලා ප්‍රතිචාර දක්වමින් කොළඹ කප්කේක් සීතල යුද්ධය සජීවී කරන්නට ඔන්න අවස්ථාවක්. ඇණවුමක් කරන්න වටින කැවිලි. ගන්න දෙහිවලට යන්නනම් වෙනවා.

TIP

Be creative and try a non chocolate flavor.

Address

123/1, Anagarika Dharmapala Mawatha, Dehiwala

Contacts

Facebook

Report Inaccuracy

Open pick up 10 am to 6pm , order 24 hours before for cupcakes, 4 days a head for birthday cakes

Price Range

Between Rs. 200 - Rs. 500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 8 Comments