Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Moti Mahal Colombo

No - 8 Flower Rd, Colombo 07


Moti Mahal Colombo is a member of the giant Indian food franchise of the same name.



රජෙක් වගේ ඉඳගෙන,

රජ රසට, රජ කෑම කන්න..

කියාපුම තැන මෙන්න!

හරියටම ෆ්ලවර් රෝඩ් හංදියෙ. බැලූ බැල්මටම බෝඩ් එකත් පේනව. ඒ වගේම තමයි ඇතුල් වෙද්දි.

හප්පේ.. ඒක නම් තරු පහේ හෝටලයක් වගේ යාළු. ඉන්ටීයර් එක ගැන නම් කතා කරන්න දෙයක් නැති තරම්, උපරිමයෙන්ම ලක්ෂරි. ඒ විතරක් නම් බැරියැ, සේවාවත් එහෙම්මමනෙ. කැෂියර් එකේ ඉන්න මිත්‍රයගෙන් තමයි ඉස්ඉස්සෙල්ලාම කියල අපූරු හිනාවක් එක්ක ‘වෙල්කම්’ එක එන්නෙ. ඊට පස්සේ.. එතනින් ඩයිනින්ග් එකට පිවිසුනාම, සේවක මිත්‍රයෙක් එනව ඉස්සරහට අව්‍යාජ සිනහවයි, මෙනු දෙකක් අතෙයි..

මල් හතයි නෙවෙයි ඉතින් දාහතරයි..

එහෙම ඇවිල්ලා.. කෑම බීම තෝරන්නත් අපිටත් උදව් කරලා.. ඒ මිත්‍රය යන්නෙ අපේ මේසෙට හැඳි ගෑරුප්පු, පිඟන් කෝප්ප, වතුර පවා සියල්ලම තියල. ඒ ගිහිල්ලත් කෑම 2, 3ක ඕඩරේ හරි ඉක්මනට ගේන එකනෙ වැඩේ. ඇත්තටම මගෙ හිතේ.. අපේ හයිඩ්‍රාබාද් චිකන් බිරියානි එකයි (රු. 740), පෙපර් ෆ්‍රයිඩ් මට්න් එකයි (රු. 940), පනීර් පරාටා එකයි (රු. 290) ගේන්න උපරිම විනාඩි 15ක් යන්න ඇති. ඒකත් නිකම් නෙවෙයි. උණු උණුවෙ, දුම් දදා..

ඊටත්..

එහෙම ගෙනාවට පස්සෙ පුලුවන්ද යාළු නිකම් බලාගෙන ඉන්න. දෙන්න ගත්ත හැඳි ගෑරුප්පු අමෝරා.. අරගෙන, සියල්ලෙන්ම බාගෙ බාගෙ..

දාගෙන හිටං ඔන්න වැඩේ පටන් ගත්ත දස බස ගාලා දෙසා බාන්න.

ඇත්තටම මුලදි සේවක මල්ලි බිරියානිය ගෙනැල්ල මේසෙන් තියද්දි ඒකෙ එක චිකන් කෑල්ලක්වත් පේන්න නැති නිසා මම නොසෑහෙන්න සැකෙන් හිටියෙ. ඒත් බෙදාගනිද්දී.. හැන්දට නිකම් මොකක්දෝ මොකක්දෝ බරක් වගේ දැනෙනව. එක පාරට උස්සන්නත් බයයි. ඇයි ඉතින් විසික් වෙලා ගියොත්. ඒ නිසාම ටිකක් උස්සල අතින් ගත්තෙ. බැලින්නම් දාර කුකුල් පලුවක්. ඒකත් එකක් නෙවෙයි, 3ක්. බාස්මතී හාලෙ බතයි, හයිඩ්‍රාබාදියෙ රස සුවඳ එන්න ගලපපු කුළුබඩු අඩුම කුඩුම ටිකයි එක්ක.. චිකන් ටිකත් හොඳ හැටි තැම්බිලා.. සුවඳ විතරක් නෙවෙයි යාළු ඒකෙ රස! ෂැහ්, හැන්ද කටට ලං කලත් ඇති තොලකට නිකම් තෙමිල වගේ යන්නෙ. අනිත් කාරණය තමයි මම මුලින්ම හිතුවෙ ඒක උයපු චිකන් එකක් කියල. ඒත්.. කද්දි නිකම් එනවනෙ ලාවට ග්‍රිල් වෙච්ච ගතියකුත්. ඊට පස්සෙ නම් මම ඇත්තටම අසරණවුනා කොහොම හදලද කියල හිතා ගන්න බැරුව.

ඒ අසරණවිල්ලෙන් යාන්තම් හරි ගොඩ ආවෙ මට්න් එකත් එක්ක නාන් කෑල්ලක් රස බැලුවට පස්සෙ. මොකද ඒකෙන් ආපු රසවල් ගැන යම්කිසි හරි අදහසක් තිබ්බනෙ. හැබැයි.. ඒ කරියෙ පොඩි අවුලකුත් නොතිබ්බම නෙවෙයි. මොකක්ද දන්නවද. තඩි මට්න් කෑලි 3ක් තිබ්බට ඒවයින් 2ක්ම දාර කටු. මස් කියල තිබ්බෙ ඉතාම සුලු ප්‍රමාණයයි. ඒත් ඉතින් ඉන්ඩියන් කුළුබඩු, කිරි අඩුම කුඩුම මදි නොකියන්න දාලා හදපු ඒ හොද්ද නම්..

බඩේ බත් වගේ ආයෙ,

පනීර් යහමින් වැටිල තිබ්බ පරාටා බාගෙ කොහෙන් ගියාද නැති ගානට වාශ්පයි.

එහෙම කාලා.. නිකම් නැගිටල යන්න පුලුවන්ද.

දෙන්න පොඩ්ඩක් කල්පනා කරල, වටපිට බලල සේවක මල්ලිට ආපහු කතා කලා. කරල එයාගෙන්ම ඇහුවෙ මෙතනින් හොඳ ඩෙසට් එක මොකක්ද කියල.

“සර්.. කීසර් ගුලාබ් (රු. 290) එක හොඳයි”

“එහෙනම් ඒකෙන් එකක් ගේන්න” කියල දැම්ම සනිකවම ඕඩරේ. දාලා.. අත හෝදගෙන ඇවිල්ල වාඩි වෙද්දි මෙන්න ඒකත් මේසෙ උඩ.

කතා මොකටෙයි, ගත්ත පොඩි හැඳි 2ක.. ආයෙ සුරු සුරු ගාලා..

ම්.. මොනවයින් හදලද කියල හරියටම කියන්න බැරිවුනාට දල අදහසක් තියෙනව සව් වලින් හදල වගේ කියල. එහෙම හදලා.. මොන මොනවදෝ ඉන්ඩියන් කුළු බඩු ටිකක් එක්ක, පැණිරස අඩුම කුඩුම ටිකකුත් දාලා.

වෙනස් රසක් නම් තමයි..

හැබැයි, රස කොහොමද කියල හිතා ගන්න තරමක කෝප්පෙ මුකුත්ම ඉතුරු නැතැයි.. හ්ම්…!

ඒ නිසාම ඉතින්, ඔයාලත් හැකි වෙලාවක ගියොත් හොඳයි. මොකද මෙතන ගණනුත් ඉතාමත්ම සාධාරණයිනෙ..


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment