Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

4/5

Mount Field Cottage

Belihuloya


Scenic view of Samanala wewa & mountain ridges makes the cottage is an indelible place to spend a day!



බෙලිහුල්ඔය..

මධ්‍යම කඳුකරයෙ ගිණීකොනදිග බෑවුමේ එක් සුන්දර සන්ධිස්ථානයක් කිව්වොත් හරියටම හරි. ඒ නිසාම ගොඩදෙනෙක් කොළඹ-බදුල්ල යන අතරමග බෙලිහුල්ඔය නතර වෙන්න ගොඩක් කැමතියි. ඒ කතාව කාට කාටත් පොදුයි කියල මට වැටහුනේ.. අවුරුද්දක විතර විරාමයකට පස්සෙ ආපහු පටන් ගත්ත ට්‍රැවල් වැඩ ටික නිසා..

ඇත්තටම සති 2, 3ක ඉඳන් මම ප්ලෑන් කලා කොළඹින් පිට කොහේ හරි යන්න. ඒකත්.. නිකම් නෙවෙයි, ආයෙත් ටුවර්ස් පටන් ගන්න පොඩි පෙරහුරුවක් විදියට. ඉතින් ඒ ප්ලෑන් එකේදි අන්තිම වටයට ඇවිල්ලා කප් එක ගැහුවෙ බෙලිහුල්ඔය. ඇයි කියනව නම් මේ දවස්වල තියෙන ලා වැහි, සීත කාලගුණයට මම ගොඩක් ආදරය කරන නිසා..

ඉතින්.. කොහොම කොහොමින් හරි ඒ තෝරාගැනීමෙන් පස්සෙ මම බැලුවා මට නතර වෙන්න තැනක්. හැබැයී.. අරමුණු 2ක් උඩ. එකක් තමයි ප්‍රධාන පාරට කිට්ටු වෙන්න ඔ්න. මොකද මගේ තියෙන්නෙ වැඩි හරියක්ම රෑ ගමන් බිමන්නෙ. අනිත් එක තමයි හොඳ සුවපහසු, අතේ තියෙන ගාණට හරියන තැනක් වෙන්නත් ඔ්න.

ඔ්ක ඉතින් ඉන්ටනෙට් එක පුරාම මම හෙව්වා. හොයලා හොයාලා හොයාගත්තේ..?

‘මවුන්ට් ෆීල්ඩ්’ (රු. 4000 - රූම් ඔන්ලි) බෙලිහුල්ඔය..

මේක ඇවිල්ලා සුද්දෙක්ගෙ වලව්වක්. මතකෙ හැටියට 1920 ගණන්වල වගේ. පාරට පොඩියට පෙනුනට ඇත්තටම හෝටලය ගොඩක් ලොකුයි. පිටිපස්සසෙ කන්දට වෙන්න තමයි රෙසිප්ෂන් හෝල්, වගාව.. අනං මනං සියල්ලම තියෙන්නෙ. ඒත්.. බුක්න්ග් වලට දෙන කාමර නම් තියෙන්නෙ ඉස්සරහ වලව්වෙ. එතකොට.. ඈත කඳු වළල්ලෙ විව් එක පේන විදියට හදපු ලස්සන පූල් එකකුත් තියෙනවා. එතනම රෙස්ටුරන්ට් එකයි බාර් එකයි.

…..

මගේ ගමන.. හෝටලේට ගොඩවෙන්න ටිකක් රෑ වුනාට පහුවෙනිදා උදේ 6ට විතර මම එළියට බහිනකොට..

හප්පේ.. ඉර එළිය වැටිලා ඉස්තෝප්පුවට ලස්සනයි කියන්නේ.. ඊටත් ඉස්තෝප්පුව උඩ හදාපු බැල්කනියට ගොඩවුනාම?.. නිකම් වෙනමම ලෝකයකට ආවා වගේ. ඇයි ඉතින් කෙලින්ම පැනරෝමා මවුන්ටන් විව් එකක්නෙ. ඉර එළියෙත් සැරක් තියා ගාණක්වත් නැති එකේ මම එතන පැහැදිලිවම පැයකට වැඩිය හිටියා. ඉඳලා තමයි ගිහින් මූණකට හෝදගෙන උදේට හදාපු කිරිබත්, අලහොදි, කට්ට සම්බල් එක්ක ෆුල් ගමේ රහට ඩයට් එකක් දැම්මෙ. දාලා ඉවරවෙලා.. මගේ තිබ්බ පුංචි ආසාව!

වත්තෙ වගා කරන ‘වේලු’ අංකල් එක්ක හතර වටේ රවුමක් යන්න..

ගිහිල්ලා අංකල්ට කතා කලා.

ආයෙ ඉතින් එක වචනයයි.. “හා යං මාත්තයා” කිව්වා. ඒ ඇවිදිල්ල පටන් ගත්තෙ අංකල්ගෙම එළවළු වගාවෙන්. හෝටලේට එන හැමෝටම දෙන්න නෙවෙයි. හැබැයි සේවක මඩුල්ලෙ පරිහරණයට වගේ බෙහෙත් නොගහන එළවළු එතන තියෙනවා.. ඊට පස්සෙ ලස්සන පුංචි තණ පිට්ටනිය. තණ පිට්ටනියෙන් අපි මතුවුනේ ඩබල් ත්‍රිබල් වෙන්න මවුන්ටන් විව් එක තියෙන රෙසිප්ෂන් හෝල් එකට. එතන.. රෙසිප්ෂන් හෝල් එකට මරු වුනාට මට නම් දැක්ක ගමන් හිතුණෙ රූෆ් ටොප් බාර් එකක්..!

කාරි නෑ.. රෙසිප්ෂන් හෝල් එකෙන් එපිට කන්දට වෙන්න තව ඉඩ තියෙනවානෙ. හැරත් ඒ ඉඩයි, විව් එකයි එක්ක කෑම්ප් සයිට් එකක් කලත් නරකම නෑ. මොකද හෝටලේ පිටිපස්සෙන් ගිහින් බලතුඩුව, ගොන්මොල්ලි හයික් එක කරන්නත් පුලුවන්ලුනෙ…

රවුම ගහලා.. දාඩිය පාරකුත් දාගෙන ආපු මම පොඩි වොෂ් එකකට පස්සෙ බැස්සා පුංචි පූල් එකට. බැහැලා ඉතින් දන්නැද්ද.. මද්දහනෙ, රස්නෙ යන්නත් එක්ක, බියර් එකකුත් කඩාගෙන..

ෆුල් චිල් එකේ හවස 5 විතර වෙනකම්ම.. 

ඒ ගොඩ ආවෙත් වැස්ස ආපු නිසා..

වැඩේ වුනේ වැස්සත් එක්ක ආපු සීතලනෙ.. හප්පේ.. තව පොඩි පොඩි ජාති ටිකක් උගුරෙන් පහලට දාගත්තත් හරී.. මේසෙට ආපු ෆ්‍රයිඩ් රයිස් එකයි චිකන් ඩෙවිල් එකයි නැට්ටටම හින්දුවා..

එහෙම්මම ඇඳේ.. ඔ්ං..!


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment