Artwork for U Pay - PickMe Dec  2018 -06.12.2018

3/5

Mount Lavinia Beach

College Avenue, Mount Lavinia

  • Open 24 Hours


Mount Lavinia Beach is Sri Lanka's main sea-bathing spot. Here, depending on season, the waves can be swimmable and it's host to some amazing sunsets. Note, however, that this is not a bay like Unawatuna. The waters is swimmable only at certain times of the year and can be very rough, with undertow. If no one else is swimming, don't swim.



ගල්කිස්ස වෙරළ තමයි ලංකාවේ මුහුදේ නෑම සිදුවන ප්‍රධානතම ස්ථානය. ඍතුව අනුව මෙතැන දියරැළි පිහිනීම සඳහා ඉතා උචිත ඒවා වන්න පුළුවන්. එපමණක් නොවෙයි, මෙතැන මනස්කාන්ත හිරුබැසයාමේ දර්ශන ප්‍රදර්ශනය කරන තැනක්. එත්, මතක තබාගන්න, මෙතැන උණවටුන වගේ මුහුදු බොක්කක් නොවෙයි. මුහුදු රැළි පිහිනීම සඳහා උචිත වන්නේ අවුරුද්දේ එක් කාලයකදී පමණයි. අනෙක් කාලයේදී එය ඉතා රළු වන්න පුළුවන්. දියවැලුත් තිබෙනවා. කවුරුවත් පිහිනමින් නැතිනම් ඔබත් පිහිනන්න බහින්න එපා.

පිහිනන්න යෝග්‍ය කාලය එළඹුණාම ගල්කිස්ස වෙරළ අපූරු තැනක්. ඔන්න දැන් ඒ කාලය එළඹිලා. මවුන්ට් ලැවීනියා හෝටලය අසලින් ඔබට වෙරලට පිවිසෙන්න පුළුවන්. ඒත්, මම නිර්දේශ කරනවා විද්‍යාල පාර දිගේ ත්‍රිරෝද රියකින් ඇවිත්, රේල්පාර තරණය කරලා, කකුල් තුනේ බල්ලා හා ගෝල්ඩන් මයිල් අවන්හල  පසුකරලා පොදු වෙරළ ප්‍රදේශයට පිවිසෙන්න.

එහි ඉන්නවා පිහිනුම් ඇඳුම්, හුළං පිරවියහැකි ටයර්, ඇඹුල් අඹ, මඤ්ඤොක්කා චිප්ස් ආදිය විකුණන වෙළෙන්දෝ. මේ වෙරළ තීරයේ තිබෙනවා ලැවීනියා බ්‍රීස්, ලෝං ෆෙං, ස්ටීම්බෝට්, බෙලිස් වැනි ඉහළපෙළේ අවන්හලුත්.

ඒත්, ප්‍රධාන ආකර්ශනය තමයි, වෙරළ. මෑත සිට එය පිරිසිදුයි. සාමකාමීයි. සෙනගින් පිරිලා. ඒත්, කොළඹ මුහුද බියකරුයි. පරිස්සම් වෙන්න. කලිනුත් කිව්වා වගේ මෙය බොක්කක් නොවෙයි. රළගෙඩි පෙරළී ඇවිත් කෙළින්ම වදින්නේ වෙරළේ. දියරැළි විසින් මිනිසුන් මුහුදට ඇදගෙන ගිය අවස්ථා එමටයි. හැමතිස්සේම සමූහය තුළ සිටිමින් පිහිනන්න. විශේෂයෙන්ම ළමයින් ගැන (බල්ලන් ගැනත්) සැලකිලිමත් වන්න.

බඳ තෙක් දියේ ඇවිදින්නත්, වැලි මාළිගා හදන්නත් ගල්කිස්ස වෙරළ ඉතා හොඳයි. සවස හයට පමණ එහි පෙන්වනවා මනරම් හිරු බැසයාමේ දර්ශනයක්. අප වගේම හිරුත් ගල්කිස්ස මුහුදේ ගිලෙන්නේ ආසාවෙන්.

TIP

Be careful and try to swim near groups. Sunset on most days is incredible.
All Reviews

Mount Lavinia Beach is Sri Lanka's main sea-bathing spot. Here, depending on season, the waves can be swimmable and it's host to some amazing sunsets. Note, however, that this is not a bay like Unawatuna. The waters is swimmable only at certain times of the year and can be very rough, with undertow. If no one else is swimming, don't swim.

සිංහල ගල්කිස්ස වෙරළ තමයි ලංකාවේ මුහුදේ නෑම සිදුවන ප්‍රධානතම ස්ථානය. ඍතුව අනුව මෙතැන දියරැළි පිහිනීම සඳහා ඉතා උචචිත ඒවා වන්න පුළුවන්. එපමණක් නොවෙයි, මෙතැන මනස්කාන්ත හිරුබැසයාමේ දර්ශන ප්‍රදර්ශනය කරන තැනක්. එත්, මතක තබාගන්න, මෙතැන උණවටුන වගේ මුහුදු බොක්කක් නොවෙයි. මුහුදු රැළි පිහිනීම සඳහා උචිත වන්නේ අවුරුද්දේ එක් කාලයකදී පමණයි. අනෙක් කාලයේදී එය ඉතා රළු වන්න පුළුවන්. දියවැලුත් තිබෙනවා. කවුරුවත් පිහිනමින් නැතිනම් ඔබත් පිහිනන්න බහින්න එපා.

Artwork for Frimi Shoutout banner

Address

College Avenue, Mount Lavinia

Report Inaccuracy

Open 24 Hours

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
3
Ambience Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
See 8 Comments