Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Mr Burger

It's right next to the bike shop at Galle Road.


Mr Burger is a new burger joint down Bambalapitiya. Most of their burgers are so-so, but we love their Quarter Pounder.



මතක ඇතිනේ අපි පහුගිය දවසක ගල්කිස්සේ කප් කැෆේ එකට ගියා. ඕකට ගිහින් ඔෆිස් එකට එන අතරමගදී සාරාටයි මටයි මීටර් වුණානේ නියම වැඩක්! මෙන්න අපේ ඔෆිස් එකට ඇවිදින දුරින් පොඩි බර්ගර් කඩයක් දාලා. වැඩිම වුණොත් ඔෆිස් එකේ ඉඳලා මීටර් 300ක් ඇති මේකට දුර. ඕක දැකපු වෙලාවේ ඉඳන් සාරාටයි මටයි ඉහේ මලක් පිපුණා වගේ. මොකද අඩු ගණනකට රස බර්ගර් එකක් කන්න පුළුවන් තැනක් අපට මේ අවට නැහැනේ. ඉතින් පහුගිය සුමානේ දවසක ඔෆිස් එකේ වැඩ සේරම අහවර වුණාට පස්සේ, මායි, සාරායි, කවිඳුයි ගියා මිස්ටර් බර්ගර් එකට. ඒක තමයි මේ බර්ගර් කඩේ නම.

තැන

බම්බලපිටියේ විසාකා පාරට හැරෙන නැම්මේ තියෙන DSI බයික් ෂොප් එක දන්නවනේ? මිස්ටර් බර්ගර් එක තියෙන්නේ එකට අල්ලපු වැටේ. මේක හෙන පොඩි තැනක්. එළියෙයි ඇතුළෙයි තියෙන සම්පූර්ණ ඉඩ ගත්තොත්, හය හත් දෙනෙක්ට එක සැරේ ඉඳගන්න පුළුවන්. හැබැයි පොඩි කඩයක් වුණත් ඒසී හොඳට දාලා. ඒ නිසා රස්නේ ගතියක් දැනෙන්නේවත් නැහැ.

කෑම බීම   

අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මෙතැන කෑමට ප්‍රධාන වශයෙන් තියෙන්නේ බර්ගර් ම තමයි. ඒ හැරුණා ම ශවර්මා, හොට් ඩෝග්ස් එහෙමත් දැකගන්න ලැබුණා. එතකොට බීම විදියට තියෙන්නේ අයිස්ඩ් මයිලෝ, කෝක්, ස්ප්‍රයිට් එක්ක ෆෘට් ජූස් වගේ ජාති. ඔය අතරින් අපි ඕඩර් කළේ “කෝර්ඩන් බ්ලූ බර්ගර්” (රු.430) එකකුයි, “වෙජි බර්ගර්” (රු.260) එකකුයි, “ක්වාර්ටර් පෞන්ඩර්” හෙවත් “ඩබල් බීෆ් බර්ගර්” (රු.490) එකකුයි. බීමට ඕඩර් කළා “ලයිම් ජූස්” (රු.100) එකකුයි “අයිස්ඩ් මයිලෝ” (රු.180) එකකුයි.  

මුලින් ම කියන්නම්කො කෝර්ඩන් බ්ලූ බර්ගර් එක ගැන. චැහ්! කියන්නත් දුකයි මිත්‍රවරුනි මේකේ පැටී එක නම් සෑහෙන්න පොඩියි. කොච්චර පොඩිද කිව්වොත් අන්තිම හරියට එද්දී කන්න වුණේ සෝස් තැවරුණු බර්ගර් බනිසක් විතරයි. හැබැයි පොඩියට තිබුණට මේකේ පැටී එක රසයි. වටෙන් ලාවට එන ක්‍රිස්පි ගතියකුත් තියෙනවා. ඒ වුණාට ඉතින් මේක මැලේ වීදියේ බර්ගර්’ස් කිංග් නොහොත් Fazly's Burgers එකේ තියෙන කෝර්ඩන් බ්ලූ පැටී එක කිට්ටුවෙන්වත් තියන්න බැහැ. කොහොම වුණත් බර්ගර් එක ඇතුළේ චීස් පෙත්තකුත් දාලා, තක්කාලි පෙත්තකුයි, සලාද කොළ තට්ටුවකුයි ආව නිසා අවුලක් නැතුව කාගෙන යන්න පුළුවන්.

වෙජි බර්ගර් එකත් හොඳයි. රසට හදපු ෆ්‍රෙෂ් ගතියට තියෙන වෙජි පැටී එකක් තිබුණා. කඩල රසත් එක්ක මික්ස් වෙච්ච අල රසක් තමයි මේ පැටී එකෙන් ආවේ. මේකටත් සෝසුයි, මයෝනිසුයි ඇති වෙනකම් දාලා තිබුණා.

අපේ කෑම වේලේ තරුව වුණේ ඩබල් බීෆ් බර්ගර් එක. සාරා කිව්වේ මෙච්චර කාලෙකට කෑව හොඳම බීෆ් බර්ගර් එක මේක කියලා. රසම රස බීෆ් පැටී දෙකක් මැද්දට දාපු චීස් පෙත්තකුයි, තක්කාලි, සලාද කොළයි එකතු වෙලා හදන මේ බර්ගර් එක එක කටකට ගන්නත් අමාරු තරමට ලොකුයි. මේ කට්ටිය බර්ගර්වලට පාවිච්චි කරන බනිසේ කොලිටිය ඉහළ නිසා තවත් හොඳයි.

අයිස්ඩ් මයිලෝ එක මරු. අර ප්ලාසා හෝටලේ හැදෙන අයිස්ඩ් මයිලෝ එකට වඩා පොඩ්ඩයි රස අඩු. තව මයිලෝ කුඩු පොඩ්ඩක් දැම්මා නම් ඒ ගානමයි. හොඳ උකුවට තිබුණා වගේ ම සීනිත් ගානට දාලා. තිබහටයි, බඩගින්නටයි දෙකට ම මරු.

ලයිම් ජූස් එකත් අවුලක් නැහැ. හරි ම රිෆ්‍රෙෂින්. අනික රුපියල් 100ට මාර ම වාසියි.

සර්විස් එක

පේන විදියට නම් දැනට ම මේක මේ අවට ඉන්න අය අතරේ ජනප්‍රිය තැනක් බවට පත් වෙලා වගේ. මොකද අපි යද්දීත් කඩේ පිරෙන්න සෙනඟ. හැබැයි ඒකයි කියලා නෑ. සර්විස් එක සෑහෙන්න ෆාස්ට්. අපේ කෑම බීම ටික මේසෙට ආවේ විනාඩි 15ක් යන්නත් කලින්.

අවසාන වශයෙන්

ඔන්න ඉතින් අඩු ගාණට, ඒත් වැඩිම රසට බර්ගර් ඕනේ නම් යන්න පුළුවන් තවත් තැනක් තමයි මේ. බර්ගර්වල රස හොඳ වුණත්, මේකට දාන සෝස් ප්‍රමාණය චුට්ටක් අඩු කරන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා. මොකද ඒකෙන් රසට බාධාවක් නොවුණත් කෑමට කරදරයිනේ. අහ්! අමතක වෙන්න කලින් මේකත් කියන්නම්කො. මේක අරින්නේ හවස් වරුවේ විතරයි හොඳේ. පහට හයට වගේ. ඒ නිසා දවල් වරුවේ ගිහින් කඩේ වහලා තිබ්බොත් හිත අමාරු කරගන්න එපා හොඳේ.


TIP

If in doubt, go for the Quarter Pounder and avoid the Cordon Bleu.

Address

It's right next to the bike shop at Galle Road.

Contacts

Report Inaccuracy

Closed right now

Cuisine

Western

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Burgers

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
2

Similar Places

User Reviews
E
2

1/5

0

Erika Warren

The burgers here are trash. My husband loves them, but I literally could not eat it. It was way over seasoned and had the mouthfeel of a frozen soya patty. Also I learned that French fries can be messed up as well. THEY MAKE BAD FRIES TO GO WITH THE TRASH BURGER. My six year old even turned her nose up at it.

A
1

3/5

0

aklacperera

We had burger at this place but we are not that satisfied.

E
2

1/5

0

Erika Warren

The burgers here are trash. My husband loves them, but I literally could not eat it. It was way over seasoned and had the mouthfeel of a frozen soya patty. Also I learned that French fries can be messed up as well. THEY MAKE BAD FRIES TO GO WITH THE TRASH BURGER. My six year old even turned her nose up at it.

A
1

3/5

0

aklacperera

We had burger at this place but we are not that satisfied.

See 4 Comments