Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

4/5

Mr Burger

It's right next to the bike shop at Galle Road.


Mr Burger is a new burger joint down Bambalapitiya. Most of their burgers are so-so, but we love their Quarter Pounder.



කාලෙකට පස්සෙ ඔන්න ඊයෙ බැස්සා එළියට.

වැඩ කීපයකුත් තිබ්බා කරගන්න. ඒත් කොහෙද?

වෙනදා තිබ්බ පුරුද්දත් අමතක වෙලා ගෙදරින් නොකා ආපු නිසා..

මෙන්න එනවා බඩගින්නක් ඉහවහා යන්න!

“මෙහ්.. තව නං අඩියක් හෙල්ලෙන්න බෑ, ඊලඟට හම්බුවෙන්නෙ මොකක්ද කඩේ මං ගොඩවුනා ඈ..”

යාළුවටත් යකෙක් කන ගාණටම සෙට්වෙලා. මාත් ඉතින් කාලෙකට පස්සෙ මොකටද කතන්දර කියලා වැඩේට එක පයින්ම හා කිව්වා. කියලා.. මීටර 200ක් යන්න හම්බවුනේ නෑ.. බම්බා පිලාවුස් එක තියෙනවා, ඒ එක්කම එහා පැත්තෙ.. මෙන්න ටොප් බර්ගර් ප්ලේස් එකක්!

දෙන්නා මූණූ දෙක බැලුවා විතරයි..

අඩියට දෙකට කඩේ ඇතුලෙ. ගිහිල්ලා කරලා ඉතින් වෙනදා වගේ නෙවෙයි, අත් එහෙම හෝදලා, සැනිටයිසර් නාලා.. බැලුවා එතනම කැෂියර් එකට උඩින් බිත්තියෙ ගහල තිබ්බ ලොකු මෙනුව දිහා.

“ම්..

හප්පා මට්න්! අඩේ මේහ් මට මට්න් බර්ගර් (රු. 870) එකක් ඈ..”

“එහෙමද? එහෙනම් මම ගන්නවා කෝර්ඩ්න් බ්ලූ එකක් (රු. 690). ඒකයි බොන්න අයිස් මයිලෝ එකකුයි (රු. 240)”

“මට බොන්න මසාලා චායි (රු. 60) එකක් ගනින්කො”

ඔ්ඩරේ දාලා කරලා ඇවිල්ලා අපි වාඩිවෙලා.. කාලෙකට පස්සෙ කඩයකින් කන අත්දැකීම ගැන පොඩි කයියක් දාන්න කියලයි ලෑස්තිවුනේ. ඒත් කොහෙද, හැරෙන තැපෑලෙන් අයිස් මයිලෝ එකයි චායි එකයි මේසෙ උඩනෙ. ඉතින් දෙන්නා සනික බැස්සා වැඩේට.

බැස්සා කිව්වට යාළු..

බැස්සට පස්සෙ හිතුනා තුක් විතරක් මොන මෝඩ කමක්ද යකෝ ඒ කරගත්තෙ කියලා..

අනේ අයිස් මයිලෝ කියල දුන්නට ඒක තනිකරම කිරි. ‘සීත කල කිරි’. ඔ්න නම් මයිලෝ හැඳි 3, 4ක් දාලා ඇති. හොඳ..ටම හිතුවොත් තමයි ඒකෙත් රසක් එන්නෙ. 

ඊටත් මසාලා චායි එක. යාළුවා උගුරක් බිව්වා, එහෙම්මම පැත්තකට කලා.

බැලින්නම් අර මැෂින් එකේ ගහන චායි එකක්.. තනිකර එසන්ස්.

ඒ වෙද්දි ආවානෙ මේසෙට බර්ගර් දෙකත්. ඒකෙන්.. කෝඩ්න් බ්ලූ එක නම් ටිකක් හොඳයි. හැබැයි බොරුව වැඩියි! කිව්වට විශ්වාස කරන්න.. හොඳ හැටි මස් පිරුණු තඩි පැටි දෙකක්.. ෆ්‍රෙෂ් එකට, ක්‍රිස්පි ගතියත් තියෙන්න ගැඹුරු තෙලේ බැදලා. එච්චරයි. ඒ හැරුනාම චීස් පෙත්තකුයි, සෝස්, ලූණු, තක්කාලි, සලාද කොළ අඩුම කුඩුම ටිකක් තිබ්බා. ඇත්තටම ෆ්‍රයිස් ටික තිබ්බෙ නැත්නම් කාලා හමාරයි.

ඒක එහෙම ලාවට හරි ගොඩ යද්දි..

යාළුවගෙ මට්න් බර්ගර් එලෙසින්ම, එතනම.

“මොකෝ කේස් එක?” මම නිකමට අහලා බැලුවා.

“කාලා බලහංකො” පිඟාන පිටින්ම මට දුන්නා. ඊට පස්සෙ මගේ බර්ගර් එක දීලා මම කෑවා කටක් ඒකෙන්..

හප්පා.. අවුලක්මත් නෑ. හැබැයි කාලා වැඩක් නෑ. ඒකෙ චීසුත් නෑ, සෝසුත් නෑ, මයොනිසුත් නෑ. තක්කාලි පෙත්තයි, ලූණුයි, සලාදයි තිබ්බා. ඒ හැරුනාම කුළුබඩු අඩුම කුඩුම ටිකක් දාලා හදපු මට්න් පැටි එකක්. වැඩේ කියන්නෙ ඒ පැටි එකෙන් මට්න් රසක් හරිහැටි එන්නෙ නෑනෙ.. අනේ මන්දා..!


TIP

If in doubt, go for the Quarter Pounder and avoid the Cordon Bleu.

Address

It's right next to the bike shop at Galle Road.

Contacts

Report Inaccuracy

Closed right now

Cuisine

Western

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Burgers

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
2

Similar Places

User Reviews
E
2

1/5

0

Erika Warren

The burgers here are trash. My husband loves them, but I literally could not eat it. It was way over seasoned and had the mouthfeel of a frozen soya patty. Also I learned that French fries can be messed up as well. THEY MAKE BAD FRIES TO GO WITH THE TRASH BURGER. My six year old even turned her nose up at it.

A
1

3/5

0

aklacperera

We had burger at this place but we are not that satisfied.

E
2

1/5

0

Erika Warren

The burgers here are trash. My husband loves them, but I literally could not eat it. It was way over seasoned and had the mouthfeel of a frozen soya patty. Also I learned that French fries can be messed up as well. THEY MAKE BAD FRIES TO GO WITH THE TRASH BURGER. My six year old even turned her nose up at it.

A
1

3/5

0

aklacperera

We had burger at this place but we are not that satisfied.

See 4 Comments