Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2

4/5

Mr. Kottu Restaurant

No. 243, Thalawathugoda Road, Wijitha Pura, Pitakotte


Have you tried Hopper Kottu? Mr. Kottu is the place to go.



ආප්ප කොත්තු කාලා තියෙනවද? කාලා නැත්නම් නියම තැනක් තියෙනවා පිටකෝට්ටේ, විජිත පුර. විජිත පුර කියන්නේ පිටකෝට්ටේ හංදියෙ ඉඳලා තලවතුගොඩ පැත්තට කිලෝමීටරයක් විතර යන කොට තියෙන පුංචි හංදියක්. Mr. කොත්තු අවන්හල පිහිටලා තියෙන්නේ පිටකෝට්ටෙ පැත්තෙ ඉඳලා යන කොට ප‍්‍රධාන පාරෙ වම් පැත්තට වෙන්න.

වාතාවරණය

අවන්හල ඉස්සරහ ලොකුවට Mr. කොත්තු කියලා බෝඩ් එකක් ගහල ලයිට් දාලා හරි ලස්සනට හදල තියෙන නිසා හඳුන ගන්න නම් හරිම ලේසියි. ඒත් පොඩි ප‍්‍රශ්නයකට කියලා තියෙන්නේ මේ අවන්හලට වාහන නවත්වන අංගනයක් නැති එක. ඒ නිසාමද කොහෙද මෙතනට ඇවිල්ල වාඩි වෙලා කෑම කනවට වැඩිය කෑම අරගෙන යන්න තමයි ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ.

Mr. කොත්තු අවන්හලේ ඇතුල හරිම පිළිවෙලට වගේම පිරිසිදුවටත් තියෙනවා. කෑම ඇණවුම් කරන්න හදලා තියෙන පුංචි කොටසෙ යන එන අයට වාඩි වෙලා බීම එකක් බොන්න පොඩි මේස දෙකක් දාලා තිබුණට එවෙලේ කෑම කන්න එන අයට ලොකු කාමරයකුයි තව පොඩි කාමර කීපයකුයි අවන්හලේ ඇතුලට වෙන්න හදලා තියෙනවා. වායු සමනය කරල තියෙන මේ කාමර වල බිම කාපට් කරලා මේස දෙක තුනකුත් දාලා හදල තියෙන්නෙ පවුලේ කට්ටිකට, යාළුවො කට්ටියකට විතරක් නෙමේ, තමන්ගේ පෙම්වතා/පෙම්වතිය එක්ක වුනත් ඇවිල්ල නිදහසේ කතාබහ කර කර ඇති වෙනකම් කෑම කන්න පුළුවන් වෙන්න.

ආහාර සහ සේවාව

ඔන්න ඉතිං මමයි තව යාළුවෙකුයි රෑට හොඳ කොත්තුවක් කන්න කියල Mr. කොත්තු අවන්හලට ගියා. ඉස්සරහ තියෙන පුංචි වීදුරු දොරෙන් ඇතුලට ගිය අපි දෙන්න හෙමිහිට පොඩ්ඩක් වට පිට බැලුවේ ටිකක් වෙනස් කෑම වර්ග මොනවද තියෙන්න කියල දැනගන්න. ගොඩක් කෑම කඩ වල තියෙන විදියටම නාසිගුරාන්, බුරියානි වගේ කෑම වර්ග එක්ක රෝල්ස්, එළවළු රොටි, සමෝසා වගේ කෑම වර්ග සුපුරුදු විදියට ෂෝ කේස් එකක දාලා තිබුණා. ඒත් අපි ආවේ හොඳ රස කොත්තුවක් කන්න නිසා ආයෙ පොඩ්ඩක් වට පිට බැලුව. එතකොට තමයි දැක්කේ බිත්තියේ ගහල තිබුණ ලොකු බෝඩ් එක. ෂහ්, මාර කොත්තු සෙට් එකක්නෙ මෙතන තියෙන්නෙ! ආප්ප කොත්තු, දැල්ලො කොත්තු, කොස් කොත්තු වගේ ජීවිතේට කාල නැති කොත්තු අතරෙ චීස් කොත්තු, පලාන්දි කොත්තු වගේ ටිකක් හුරුපුරුදු කොත්තු වර්ගත් මෙතන තිබුණ.

අවන්හලේ කුස්සියෙන් එන සුවඳට බඩගින්න දෙගුණ තෙගුණ වෙලා. මට නම් ආස හිතුණෙ දැල්ලෝ කොත්තුවක් කන්න. යාළුවට ආප්ප කොත්තුවක් ඕන කිව්වා. ඉතින් මම කෑම ඇණවුම් කරන්න කියල කැෂියර් එක ළගට ගියාම එතන තිබුණ අත් පත්‍රිකාවක් දැකල තමයි දැනගත්තෙ මේ අවන්හලේ Mr. කොත්තු කියල කොත්තු වර්ග විතරක් නෙවෙයි Mr. බර්ගර් කියල බර්ගර් වර්ග ගොඩකුත් තියෙනවා කියලා. ඇණවුම් කරන කොට කැෂියර් එකේ ඉඳපු මිත්‍රයා ‘‘සර් දැල්ලො කොත්තු නම් තියෙන්නෙ වීක් එන්ඩ් එකේ විතරයි’’ කිව්වා. මොනවා කරන්නද, ඊට පස්සේ යාළුවට ආප්ප කොත්තුවක් (රු.350) ඕඩර් කරල මට චිකන් බර්ගර් (රු.200) එකක් ගත්තා. යාළුවගේ ආප්ප කොත්තුවට බැදපු කුකුල් මස් දාලා චීසුත් දාලා තමයි හදන්න කිව්වේ. මගේ බර්ගර් එකටත් වැඩිපුර චීස් ටිකක් දාන්න කිව්වා.

ඒ වෙලාවේ Mr. කොත්තු අවන්හලේ ස්වභාවික පළතුරු යුෂ වර්ග කිසිම දෙයක් තිබුණෙ නෑ. සාමාන්‍යයෙන් එයාලා ඒවා හදන්නේ දවල්ට විතරයිලු. අපි යන වෙලාවෙ තිබුණේ බෝතල් කරපු සිසිල් බීම විතරයි. ඒ වුණාට පොඩි වෙලාවක් කල්පනා කරල කැෂියර් එකේ මිත‍්‍රයා අපිට කිව්‍ව ‘‘සර්, අයිස් මයිලෝ (රු.100) දෙකක් දාලා දෙන්නම්’’ කියල.

කොහොමහරි ඔන්න කෑම ඇණවුම් කරපු යාළුවයි මමයි කෑම කන්න හදලා තියෙන කාමරේකට ඇවිත් වාඩි වුණා. එතකොටම වගේ භෝජනාගාර සේවකයෙකුත් ඇවිල්ලා ඒ/සී එකයි ෆෑන් එකයි දාලා අපේ මේසෙත් පොඩ්ඩක් හදලා දීල තමයි ගියේ. ටිකක් අඩු එළියක් තියෙන ලයිට් දාලා කෑම හොඳට කන්න පුළුවන් වෙන්න තමයි මේ කාමරේ හදලා තිබුණේ.

කෑම එන්න ටිකක් වෙලා යයි කියල හිතපු මමයි යාළුවයි පොඩි කතාවක් දාන්න පටන් ගන්න කොටම වගේ අපි ඉල්ලපු අයිස් මයිලෝ දෙක මේසෙට ආවා. මයිලෝ රස හොඳට දැනෙන්න ඝනව හදල තිබුණ අයිස් මයිලෝ වල සීතල ගතිය ටිකක් මදි වුණාට ලොකු වීදුරුවල ආපු නිසා අපි දෙන්න හරිම සතුටුයි.

විනාඩි පහක විතර පොඩි කථාවක් දාගෙන ඉන්න කොට අපි ඇණවුම් කරපු ආප්ප කොත්තුව දුම් දදා මේසෙට ආවෙ තව චිලී පේස්ට් එකකුයි සෝස් එකකුයිත් එක්ක. තව මොනව බල බල ඉන්නද, ගෑරප්පු දෙකයි හැඳි දෙකයි අතට අරගෙන යාළුවයි මායි කොත්තුවට වැඩේ දෙන්න පටන් ගත්තා. චීස් ගොඩක් දාලා තිබුණ නිසා කොත්තුවෙ සැර ගතිය නම් ටිකක් අඩු‍ වෙලා. චීලී පේට්ස් ටිකකුත් එකතු කරගෙන සැර ගතිය හදා ගත්ත අපි දෙන්නා එක දිගටම කොත්තුව ගිලගෙන ගිලගෙන ගියා. රම්පෙ, කරපිංචා අඩුවෙන් දාලා හදල තිබුණ කොත්තුවෙ බැදපු කුකුල් මස් වල නම් කිසිම අඩුවක් තිබුණෙ නෑ. පොඩි කෑලි වලට කැඩිලා තිබුණට ආප්ප වල රස නම් නියමෙට දැණුනා. චීස් නිසා ආප්ප කෑලි පෙඟිලා එකට ඇලිලා. ආප්ප කොත්තුවෙ තිබුණ ප්‍රණීත රස නිසාම අපිට ඒකට වග කියන්න විනාඩි 10ක් වත් ගියේ නෑ.

කොත්තුව කාලා ඉවරවෙනෙකාට මම ඉල්ලපු කුකුල් මස් බර්ගර් එක අපේ මේසෙට ඇවිල්ල තිබුණා. කොත්තුව කාලා ඉවර කරපු අපි දෙන්නා බර්ගර් එක දෙකට බෙදාගෙන කන්න පටන්න ගත්ත. කියල වැඩක් නෑ, බර්ගර් එක කද්දි කට දෙපැත්තෙන් චීස් බේරෙන තරමට චීසුත්, ලොකු ග්‍රිල් කරපු කුකුල් මස් කෑල්ලකුත් මැද්දෙන් තියලා බී ළූණු පෙති ටිකකුයි සලාද කොළ ටිකකුයි දාලා තමයි මේක හදල තිබුණෙ. ඇත්තටම බර්ගර් එකේ නම් තිබුණෙ දිව විතරක් නෙවෙයි හිතත් පිරෙන නියම රසක්.

ආප්ප කොත්තුවයි බර්ගර් එකයි දෙකම කාපු අපි දෙන්නගෙ බඩේ තව පුංචි ඉඩක් තිබුණ නිසා දෙන්නත් එක්ක ආපහු කැෂියර් එක ළගට ගියේ තව මොනව හරි වෙනස් කෑමක් ඇණවුම් කරන්න. ඒත් කැෂියර් එකේ ඉඳපු මිත‍්‍රයා හිතුවේ අපි කාලා ඉවරයි කියලා. ඉතිං එයා අපෙන් ඇහුවා ‘‘සර්, ගෙනියන්නත් ඕඩයරක් දාන්නද හදන්නේ’’ කියල. ඉතින් මම කිව්වා ‘‘ නෑ තව මොනව හරි කන්න හදන්නේ’’ කියලා. මිත‍්‍රයාගේ පිළිතුර වුනේ ‘‘ඈ’’ විතරයි. මොකද එයා කිව්වා, ප්ලේන් ආප්ප දහයක් දාලා හදන ආප්ප කොත්තුව කන අය එහෙමත් වෙලාවක තමයි ආයේ මොනවා හරි කන්නේ කියලා. කොහොම හරි අපි කෑම ගැන විස්තර ඇහුවාම මිත‍්‍රයා අපිට කිව්වේ එයාලගෙ සබ්මැරීන් එක හොඳයි, වැඩිපුර කුකුල් මසුයි චීසුයි දාලා හදලා දෙන්නම් කියලා. පස්සෙ කුකුල් මස් සබ්මැරීන් (රු.300) එකක් ඕඩර් කරපු අපි දෙන්නා ආයෙත් ගිහින් කෑම කාමරේ වාඩි වුණේ කාපු දේවල් දිරවනකල් පොඩි විවේකයක් ගන්න හිතාගෙන.

විනාඩි 10කට විතර පස්සෙ කුකුල් මසුයි චීසුයි පිරිච්ච සබ්මැරින් එක අපේ මේසෙට ආවා. ඇත්තටම ඒක කන්න පටන් ගන්නෙ කොහෙන්ද කියල නම් අපිට හිතා ගන්න බැරිවුණා. මොකද තට්ටු දෙක තුනකට දාල තිබුණ කුකුල් මසුයි චීසුයි බනිස් එකෙනුත් එළියටත් පැනල තමයි තිබුණෙ. යාළුවට නම් ඒක දිහා වැඩි වෙලාවක් බලාගෙන ඉන්න බැරිවුණා. අත දාපු ගමන් සබ්මැරින් එකෙන් කෑල්ලක් අරගෙන පුළුවන් තරම් කට ඇරලා ඇතුලට දාගත්ත යාළුව ඒක හපන කොට කට වටේටම චීස් ගෑවිලා තිබුණා. මම අනිත් කෑල්ල අරගෙන යාළුවටත් වැඩිය කට ඇරලා සබ්මැරින් එකෙන් ලොකු කෑල්ලක් කඩාගෙන හපන්න පටන් ගන්න කොට මටත් වුණේ යාළුවට වුණු දේමයි. හොඳට මිරිස් දාලා හදලා තිබුණ කුකුල් මස් කෑලි මැදි කරලා දෙපැත්තට චීස් පෙති ගොඩක් දාලා ඊට උඩින් සලාද කොළත් දාලා හදල තිබ්බ සබ්මැරින් එකේ බනිස් එක බටර් ගාලා පොඩ්ඩක් විතර කර කරලා තිබුණා. ඇත්තටම Mr. බර්ගර්ගෙ සබ්මැරින් එක නම් නියමයි. අපි දෙන්නා සබ්මැරින් එක කාගෙන කාගෙන ගියේ පිස්සුවෙන් වගේ.

බඩ පැලෙන්න, හිත පිරෙන්න කාල ඉඳපු අපි දෙන්න මයිලෝ එකේ ඉතුරු ටිකත් බීල ඉවර කරල Mr. කොත්තුට සමුදෙන්න කලින් පොඩ්ඩක් කථා කරන්න හිතුව. කැෂියර් එකේ ඉඳපු මිත්‍රයා තමයි Mr. කොත්තු නැත්තම් Mr. බර්ගර් කියන්නෙ. එයා තමයි කඩේ අයිතිකාරයා. මේ ඔක්කොම අලුත් අදහස් එයාගෙ. කඩේ ඉස්සරහට දියුණු කරන්න ඉන්න විදියත් එයා අපිට කිව්වා. හරිම විවෘත මනුස්සයෙක්. අවුරුදු 5කට වැඩි කාලයක් කොළඔ ලොකු හෝටලේක කළමණාකරුවෙක් විදියට වැඩ කරන කාලෙ තමයි Mr. කොත්තු මේ වැඩ ටික ඉගෙන ගෙන තියෙන්නෙ. පස්සෙ එයාගෙම අදහසුත් දාල ලඟදි පටන් අරන් තියෙන මේ අවන්හල දැනටමත් ගොඩක් අය හොඳට දන්න කියන තැනක් වෙලා. කොහොම හරි අපි Mr. කොත්තුට සමු දෙන්න කලින් එයා එක්ක සෙල්ෆියකුත් ගත්තා.

අනුමිතිය

හිතාගන්න බැරි විදියෙ රසවල් තියෙන කොත්තු වර්ගයි බර්ගර් වර්ගයි හිතේ හැටියට තෝර ගෙන බඩ පැලෙන්න කාලා හොඳ ස්වාභාවික පළතුරු යුෂ එකකුත් බීල ටික වෙලාවක් නිදහසේ වැටිල ඉන්න Mr. කොත්තු අවන්හලට යන ඕනම කෙනෙක්ට අවසර තියෙනව. අපි ඇණවුම් කරන කෑම අපිට පේන්න හදන අතරම හරිම සුහදශීලීව භෝජනාගාර සේවකයින් ඒ කෑම අපිට ඉක්මනටම ගෙනැල්ල දෙන නිසා හිතේ සතුටෙන් කෑම කන්නත් මෙතැන නම් කියාපු තැනක්.


TIP

You must taste Grilled Chicken, Cheese, Hoppers Kottu at Mr. Kottu

Address

No. 243, Thalawathugoda Road, Wijitha Pura, Pitakotte

Directions

If you are coming on Atulkotte to Pitakotte road, you have to come Pitakotte junction first. Then turn left & keep going about 1km towards Thalawathugoda town.

Contacts

Report Inaccuracy

Open until 11:00 PM

Cuisine

Sri Lankan

Dish Types

Kottu Burgers Submarines

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3
Similar Places

User Reviews
C
1

1/5

0

Chandana Boteju

Worst dinning experience I ever had. Went a little late at night and wanted to try something vegetarian. But the owner insisted that I should buy fish!! Worse, he was full of fowl language when I refused to do so.

I
4

3/5

0

imajeed

Rs 500 for a chicken cheese dolphin kottu, which wasn't masala though I specifically wanted it spicy. Very little chicken, fairly cheesy, mostly milky.

The kottu doesn't come close to Plaza or Pilla fare, but for the area, it's fine.

C
1

1/5

0

Chandana Boteju

Worst dinning experience I ever had. Went a little late at night and wanted to try something vegetarian. But the owner insisted that I should buy fish!! Worse, he was full of fowl language when I refused to do so.

I
4

3/5

0

imajeed

Rs 500 for a chicken cheese dolphin kottu, which wasn't masala though I specifically wanted it spicy. Very little chicken, fairly cheesy, mostly milky.

The kottu doesn't come close to Plaza or Pilla fare, but for the area, it's fine.

See 12 Comments