Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for SRI LANKA GOOGLE SEARCH SIDEBAR 2

3/5

Mr Pasta

No 45, Marine Drive, Wellawatta


A new spot down Marine Drive, dedicated to serving up some filling pasta.



අනේ..

අසරණ වෙලා, පජාත වෙලා, පීචන් වෙලා එළියට බැස්සෙ හොඳේ. ඇයි යාළු හිතන්නකො හොඳම යාළුවෙක් එක්ක සෙට්වෙලා කාලෙකට පස්සෙ කෑමකට එළියට ගියපු වෙලාවක, මේසෙට එන එක කෑමක්වත් කටේ තියන්න බැරි ගානට සවුත්තු වුණාම? අන්තිමට ලැජ්ජාව වහගන්න ‘යමං මචං හොඳ ඩෙසට් එකක්වත් කන්න’ කියල, වෙන ප්ලේස් එකකට එක්කගෙන ගිහින් වැඩ් ගොඩදැම්මෙ. නැත්නම් විළිලැජ්ජාවෙ බෑ අප්ප. ඊටත්, ආයෙ නම් හිතාගත්ත අලුත් රසවල් අත්විඳින්න කියල නොදන්න කඩවල්වලට නොයා ඉන්න.

හැරත්.. කොහොමද කියන්නකො අපි දැනගන්නෙ? ෆුල් වීදුරු දාලා හයිෆයි එකට තියෙද්දි හිතන්නෙම කෑමත් සුප්පෙට ඇති කියලනෙ! අනේ මන්දා..

මේක වැල්ලවත්තෙ තියෙන්නෙ. මරීන් ඩ්‍රයිව් එකේ. බැලූ බැල්මට කිසි වරදක් නෑ. හැබැයි ඇතුලට ගියාම නම් අම්බානක මැස්සො ආභාෂයක් ලබන්න හැකි වෙනව. එතකොට.. ඒසීත් නිකම් තියෙනවට දාලා වගේ. ඉන්ටීරියර් එකේ ලොකු අවුලක් නෑ. හැබැයි කෑම..

ෂැහ්, පංකාදු පන්සිය පනස් පහයි ඈ.. කොටින්ම කියතොත් බටහිර විරේක බෙහෙත් ගත්ත වගේ. අපි ඕඩර් ක‌ළේ අයිස් කොෆි (රු. 200) එකයි, පපායා (රු. 250) එකයි බොන්න. ඊට පස්සෙ කෑමට චිකන් ඇල්ෆ්‍රෙඩෝ (රු. 490) එකයි, මොන්ගෝලියන් රයිස් (රු. 400) එකයි, හොට් බටර් කට්ල්ෆිෂ් (රු. 675) එකයි.

දෙයියනේ කියල ඕඩරේ දාපු අනික් පැත්තට කෑම බීම සියල්ලම වගේ මේසෙ උඩ. ඒත් කන්න පටන් ගත්තාමනෙ…

අනේ, ගස්ලබු ගෙඩිය මහත්තයො ෆ්‍රිජ් එකේ තිබිල තියෙනව ගහේ තිබ්බට වැඩිය කාලයක්. තනිකර පර රහයි. ඊට පස්සෙ අයිස් කෝපි එක? යකාගෙ අයිස් කෝපි එකක් ඒක හොඳේ. ඔන්න යටින්ම තියෙන කිරි, වීදුරුවෙන් බාගයක් වගේ පිරෙන්න. එතනින් උඩට තනිකරම අයිස් කැට. ඒ අතරට කෝපි දාලා තියෙනව කුඩු පිටින්ම, ප්‍රෙස් කරලවත් නෑ. හරියට ගල්කුඩු ජූස් එකක් බොනව වගේ. ආයෙ එලෙසින්ම වීදුරු 2 මේසෙ අයිනකට කලා අපි දෙන්න. ඇයි අප්ප ඒක බීලා මොන හත්ඉලව්වක් වෙයිද කවුද දන්නෙ.

අයින් කරල කූල් වතුර බෝතලයක් ගෙන්නගෙන ඔන්න බැස්ස කෑම ටිකට.

යාළු මොන්ගෝලියන් එක! කිරි අප්පේ.. අපි ගෙවල්වල කහබත් හදනව දෙයියො ඔයිට වඩා රසට. ඒක තනිකර කොළ රහයි කියන්නකො. වෙනදෙයක් නෙවෙයි, අම්බානක කංකුං දාලා. හැබැයි චිකන්, සීෆුඩ් අඩුම කුඩුම ටික දැනෙන නොදැනෙන ගානට. පොඩි පොඩියට කඩල ඒවා ගැඹුරු තෙලේ බැදල තමයි දාලා තිබුණෙ. එතකොට.. තඩි බුල්සායි එකක් නම් තිබ්බ බත් එක උඩින්. අවංකයෙන්ම කියනව නම් ඒක නොතිබ්බ නම් කටක් හරි කාලා හමාරයි. අඩේ නමටවත් නෑනෙ මොන්ගෝලියන් ගතියක් ඈ…

ඒ අස්සෙ කෑවා පැස්ටා එකෙන් කටක්. හප්පට! ඒකෙ තියෙන අජිනො තොගයක්. ක්‍රීම් චීසුයි, චීසුයි මදි නොකියන්න දාලා තිබ්බට මොකද ඒ හැටි හැම් නම් පේන්න තිබ්බෙ නෑ. හැබැයි පෝෂන් එකේ සයිස් එක හොඳයි. ඇත්තටම ඉතින් ඒකත් කෑවෙ අර අජි රස නිසා මිසක් නැත්නම්..

කොහොමහරි අන්තිම වෙද්දි අපිට තේරුණා, දෙයියො එච්චරටම සවුත්තු වැඩ කරන්නෙත් නෑ කියල. මොකද ඒ හොට් බටර් කට්ල්ෆිෂ් එක! බොරු කියන්න ඕන නෑනෙ, රස ඇති දේට රසයි කියල කියන්න එපැයි. පංකාදු පහයි හොඳේ. ඒකට නම් තරු 5ම දෙන්න පුළුවන්. හැබැයි එකක්, ඒක කලින් හදල ෆ්‍රීසර් එකේ තිබ්බ භාණ්ඩයක්. කෙසේ වෙතත් ෆ්‍රෙෂ් තෙල් ටිකක හොඳ පදමට බැදල, ලුණු ගම්මිරිස්, ලූණු කොළ, මාළු මිරිස්, රතු මිරිස් අඩුම කුඩුම දාලා.. ලෙසටම අරගෙන තියෙනව. 

හදවතින්ම කියනව නම්, ඒක නොතිබ්බෙන් කඩේ අයිතිකාරයව හොයාගෙන යන සීන් එකක අපි හිටියෙ, ඕං.. ඇයි අප්ප, බැරි කඩවල් එක්කො නොකර ඉන්න ඕන!


TIP

Hot butter Cuttlefish

Similar Places

Have you visited this place?

Write your own review!
See 2 Comments