55, Haig Road, Colombo 4.
Mrs. Flogesteen's Pork makes exclusively pork based dishes upon orders.
කොළඹ අවට පෝක් තියෙන කෑම කඩ එන්න එන්න ම අඩු වෙනවා. පීසා හට්, ඩොමිනෝස් විතරක් නෙවෙයි, දැන් ක්රිකට් ක්ලබ් වගේ තැන්වලත් තියෙන්නෙ චිකන් බේකන්, නැත්නම් චිකන් හැම්. ප්රතිශතයක් හැටියට මුස්ලිම් ජනගහණය ගොඩක් පොඩි වුණත් කොළඹ කන්න බොන්න වියදම් කරන පිරිසෙන් ලොකු කොටසක් මුස්ලිම් වීම තමයි මේකට හේතුව. (දැන් ඉතිං පොල්ලක් අරන් මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න යන්න එපා; පෝක්වලට ඉල්ලුම වැඩි වුණොත් පෝක් විකුණන තැනුත් වැඩි වැඩියෙන් හැදෙයි)
ඉතිං මිසිස් ෆ්ලොගස්ටින්ගේ පෝක් ගැන පත්තෙරේ තිබුණු පුංචි ඇඩ් එක දැක්කට පස්සෙ අපේ ඔෆිස් එකේ හැමෝටම වගේ ඕන වුණා ඒකේ රස බලන්න. අපි එවෙලෙම කෝල් කරලා ඕඩර් එක දැම්මා.
මිසිස් ෆ්ලොගස්ටින්ගේ පෝක් කියන්නේ තනිකර ම පෝර්ක්වලින් එක එක විදියේ කෑම හදන තැනක්. හැබැයි එයාලට කෝල් කරලා අපට ඕන දේවල් කලින් ඕඩර් කරන්න ඕන.
අපි ඕඩර් කළේ හනි රෝස්ටඩ් පෝක් (කිලෝ එකක් රු. 2300) එකයි කලුපොල් පෝර්ක් කරි (කිලෝ එකක් රු. 1900) එකයි. හනි රෝස්ටඩ් පෝක් එක නම් පැය 4ක්වත් කලින් ඕඩර් කරන්න ඕන. කලුපොල් කරිය නම් පැයකට කලින් ඕඩර් කළත් ඇති.
අපි යද්දි කඩේ හිටපු ගෑණු කෙනාගෙ සර්විස් එක නම් අන්තිම හොඳයි. අපේ මුළු බිල රු. 4400යි. 5000ක් දුන්න ම ඉතුරු දෙන්න එයා ළග සල්ලි තිබුණෙ නෑ. සර්විස් එක කොච්චර හොඳද කියනව නම්, අපි සාක්කුවල තියෙන මාරු සල්ලි එකතු කරලා කොහොම හරි 4400 ගාණට හදල දුන්නෙ නැත්නම් අපි සමහර විට තාමත් එතන හිටගෙන ඉන්නවා, එයා සල්ලි මාරු කරලා දෙනකල්.
හනි රෝස්ටඩ් පෝක් එක නම් දකිද්දි කටට කෙළ උනනවා. තීරුවලට කපපු පෝක් කෑලි අතරින් පැණි බේරෙනවා. පොඩි පැණි රසකුත් එක්ක අනිත් දේවලුත් ගාණට වැටිලා. හනි කිව්වට අපිට දැණුන විදියට නම් පොල් පැණි හරි කිතුල් පැණි තමයි දාලා තියෙන්නේ. ඒත් ඒකෙන් රසේ නම් අඩුවක් වෙලා නෑ.
කළුපොල් මාළුව කියන්නේ ලංකාවේ ගොඩදෙනෙක් අතර ජනප්රිය ම පෝක් කරියක් නේ. අපි මේකත් එක්ක කන්න ගෙනාපු පරාටා ටික විනාඩියක් යද්දි කොහෙන් ගියාද කියලවත් හිතාගන්න බෑ. ඒ තරමට පරාටා, රොටී වගේ දේවල් එක්ක මේක මරුවට යනවා. අපේ කළු පොල් එක්ස්පර්ට්ලා නම් කීවේ මේක ටිකක් ලුණු ගතිය වැඩියි කියලා. ඒත් ඒක කාටවත් වැඩිය ප්රශ්නයක් වුණු පාටක් නම් පෙනුනෙ නෑ; අඩියේ ඉතුරුවෙලා තියෙන අන්තිම බොර ටිකත් ඇඟිල්ලෙන් අරන් කාපු කෑමට.
ඌරගේ ඇඟේ කටු තියන එකට කාවත් මුකුත් කියන්න බැරි වුණත් හනි රෝස්ටඩ් පෝක් එකේ බරෙන් අඩු තරමින් 1/4කටවත් වගකියන ලොකු කට්ටකුත් තිබුණා.
අඩුම ගාණෙ කිලෝ එකක්වත් ඕඩර් කරන්න ඕන නිසා කට්ටියක් එක්ක පොඩි පාටියක් වගේ දානව නම් තමයි මෙතන සෙට් වෙන්නෙ. කට්ටියක් කිව්වට ඉතිං හතර පස් දෙනෙක් එකතුවුණාම කිලෝ එකක් ඉවරකරන්න අමාරුවක් නෑ. ;) අපි කාපු ජාතිවලට අමතරව පෝර්ක් මස්ටස් ස්ටූ, හොට් චිලී පෝක් ස්ලයිස්, හෝම්මේඩ් ලිංගුස් වගේ දේවලුත් මෙයාලා හදනවා.
Address
Directions
This is on the corner where Haig Road meets Marine Drive. They are inside the Don's Deli.
Contacts
Report Inaccuracy
Superb place to have delicious meals, bites in a chilled…
Havi at Pannipitiya is a good spot to chill with some…
5/5
Guruge_H
Tried the black pork curry. Awesome!!!!