Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Multi Bite

323/1/3, Nandana Gardens, Bambalapitiya


A virtual kitchen serving delicious Sri Lankan food.



‘ලොලියගෙ චූන්’ කියල කිචන් එකක් ගැන ආරංචි වෙලා ඒ ගැන හොය හොය හිටපු අපිට කොච්චර හෙව්වත් අන්තර්ජංජාලෙන් එහෙම තැනක් ගැන හොයාගන්න බැරුව ගියා. පස්සෙ හෑෂ් ටැග් එකකට පින් සිද්ධ වෙන්න අහම්බෙන් තමයි හම්බුණේ. හැබැයි බලද්දි මෙතන නම ‘මල්ටි බයිට්’. අපි හොයන අතරෙ මේගොල්ලො කිචන් එකේ නම වෙනස් කරල කියන්නකො! ඒකයි හොයාගන්න බැරි වෙලා තියෙන්නෙ ඕං.

ඉතින් අපි තකහනියක් පික්මී ෆුඩ් එකේ ‘මල්ටි බයිට්’ සර්ච් කරලා ඕඩරේ දැම්මා.

කෑම 

රයිස්, නූඩ්ල්ස්, පැස්ටා, නාසිගුරන්, බර්ගර්, සබ්මැරීන්, පිට්සා, වොෆ්ල්, පෑන්කේක්.. මෙකී නොකී ජාති තොගයක් ම මෙයාලගෙ මෙනුවේ තියනවා. අපි ඕඩර් කළා ස්පයිසි චිකන් බර්ගර් එකයි (රු. 500), එග් චීස් පොල් සම්බල් සැන්ඩ්විච් එකයි (රු. 300), චිකන් කොත්තුවයි (රු. 680).

බර්ගර් එක ලොකු ම ලොකුයි. හොඳ ෆ්‍රෙෂ් බන් එකක් මැද්දට සලාද කොළයක්, තක්කාලි පෙති, ලූනු රවුම්, චීස් පෙත්තක්, සෝස් ගොඩක් එක්ක චිකන් ස්ටෆ් කරලා. චිකන් ටික සුමුදුවට රසට තිබුණා. ස්පයිසි කිව්වට ගොඩක් ම සැර ගතියක් දැනුණේ නෑ. මොකද සෝස් එකෙන් පැණි රසක් එකතු වෙලා තිබ්බ නේ. හැබැයි රස නං ටොප්!

එග් චීස් පොල් සම්බල් සැන්ඩ්විච් එක මල් හතයි. පොඩි රෝස්ට් පාන් එකක් දෙකට කපලා ඒ මැද්දට සලාද කොළයක්, තක්කාලි පෙති, චීස් පෙත්තක්, සෝස් ගොඩක්, හොඳට ලුණු ඇඹුල් පදම තියන පොල් සම්බෝලයක් එක්ක බැදපු බිත්තරයක් දාලා. පොල් සම්බෝලෙටත් තක්කාලි දාල රහ කරල තිබ්බා. රෝස්ට් පාන් එක හපන්න අමාරු නෑ සොෆ්ට්. අලුත් බවත් තේරෙනවා.

මේ තියෙන්නෙ චිකන් කොත්තුව. ලොකු චිකන් පළුවක් එක්ක චිලි පේස්ට් ටිකක් මේකත් එක්ක ආවා. කැරට්, ලීක්ස්, ලූනු, බිත්තර කෑලි සහ ස්පයිසස් මහ ගොඩක් දාලා පංකාදුවට හදල තිබ්බ මේ කොත්තුව පෙනුමෙන් ස්පයිසි ගතියක් නැති වුණාට ඇත්තට ම සැර ම සැරයි. ඒ අතරෙ ම සෝස්වලින් යන්තමට එන පැණි රහකුත් දැනෙනවා. ඒ හින්දා ෆ්ලේවර් එක මරේ මරු.

ඔය අස්සේ ‘ලොලියගෙ චූන්’ එකේ කට්ටිය අපේ ඕඩර් එකත් එක්ක කම්ප්ලිමන්ට්‍රි ස්ට්‍රෝබෙරි චීස් කේක් කෑල්ලකුත් එවලා තිබුණා කියන්නකො. අපි මේකට ගෙව්වෙ නැති නිසා චීස් කේක් ස්ලයිස් එක ගැන වැඩි විස්තර ලියන්න යන්නෙ නෑ. හැබැයි පෙනුමෙන් හිතාගන්න පුළුවන් නෙ රස!

අවසන් වශයෙන්

‘ලොලියගෙ චූන්’ ගැන අපි සෑහෙන සතුටුයි! අපි කාලා බැලුව දේවල් හොඳ රසට සහ කොලිටියට තිබුණ හින්දා මෙතන කෑම බය නැතුව ඕගොල්ලන්ටත් රෙකමන්ඩ් කරනවා. කාලා බලලා කොහොමද කියලා අපිටත් කියන්නකො..

Address

323/1/3, Nandana Gardens, Bambalapitiya

Contacts

Facebook Instagram

Report Inaccuracy

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment