Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

4/5

Muthu Mini by Fresco

33, Kumbukkandanwala, Kimbissa, Sigiriya, Dambulla


Superb rice and curry spot, that does some excellent breakfasts & rice and curries for a decent fare.



“අනේ මල්ලි ලොකු දෙයක් නම් හදන්න වුණේ නෑ. මොකද අපි සාමාන්‍යයෙන් කඩේ අරින්නෙ උදේ 7ටනෙ”

ලසයි මායි මූණට මූණ බලාගෙන! ඇයි අප්පේ, අපි නිකමට ඉල්ලුවෙ මොනව හරි කමක් නෑ උදේ 6ටම දෙන්න, කැළේට යන්න පරක්කු වෙනව කියල. එහෙම ඉල්ලල මේසෙට වාඩි වෙද්දි සුප්ප රොටියකුයි, ඔම්ලටුයි, පොල්සම්බෝලයි, පරිප්පුයිත් දීලා ලොකු දෙයක් හදන්න වුණේ නෑ කියනව. මට හිතාගන්න බැරුව ගියේ ඇත්තටම කඩේ ඇරල තිබ්බ නම් කොහොම කෑමක් සෙට් වෙයිද කියල.

කිව්වට විශ්වාස කරන්න යාළු පිස්සු හැදෙනව ඈ.. ඒ බ්‍රෙක්ෆස්ට් (රු. 200) එකට. කොටින්ම කියතොත් හෝටලයකින් ගත්ත නම් බර ගාණක කෑම වේලක්.

හිතන්නකො යහමින් පොල් දාපු, ඒ කියන්නෙ රියල්ම… පොල් රොටි. ලුණු පදමත් හොඳ හැටි තියෙන්න දර ලිපේද කොහෙද කරකරලා… රසයි, සුවඳයි කියන්නෙ පැහැදිලිවම නිකම් කන්න පුලුවන් ගාණයි. ඊට පස්සෙ ඒකට.. අමු මිරිස්, රතු මිරිස්, ලූණු, කරපිංච, රම්පෙ මදි නොකියන්න දාපු, දර ලිපේම කර කර කරපු ඔම්ලට් එකකුත්. ඒකත් නිකම් නෙවෙයි ලුණු, ගම්මිරිස් පදමත් එක්ක... ඕන නම් රොටියට වඩා පොඩ්ඩක් පොඩි ඇති ඒක.

සත්තයි.. රොටියයි ඔම්ලට් එකයි එකට තියල ඔතල ගත්ත නම් ඒකම ඇති බඩ කට, හිතේ හැටියට පිරෙන්න කන්න. වැඩේ කියන්නෙ එහෙම තියෙද්දි ඒ අතරට එනවනෙ ඇඩ්‍රස් නැති පොල් සම්බෝලයකුත්. දෙයියන්ට ඔප්පුවෙච්චාවෙ කියන්න ජීවිතේට… මං කියන්නෙ ජීවිතේට ගෙදරක පොල්සම්බෝලයක් හැරුණාම මොක කඩේද කියන්නකො පොල්සම්බෝලෙට උම්බල කඩ දාන්නෙ? ඈ…

අන්න ඒකට ‘මුතු මිණි’. උම්බලකඩ විතරක් නෙවෙයි, පදමට දෙහිත් දාලා හොඳ සැරට තියෙන්න අමු මිරිස්, කෑලි මිරිස්… එතකොට ලූනු, සුදුලූනු අඩුමකුඩුමත් දාලා හදල තියෙනව පොල්සම්බෝලේ, කද්දි ඇස්වලින් කඳුළු පනින්න. අවංකයෙන්ම පෝරණු පාන් ගෙඩියකට නම් කියාපුම.

ඊට පස්සෙ, පරිප්පු එක. හනේ මන්දා, ඒකෙත් තිබ්බෙ හිතා ගන්න බැරි ගැම්මක්. ෂුවර් ෂොට් එකට මැටි ඇතිලියක තමයි හදල තියෙන්නෙ. මොකද ඒකෙ හොදි ගතිය ලාවට තියෙන්න තුනපහ රස, සැර ගතිය ටොප් එකටම තියෙන්න…

කියන්න වචන නෑ යාළු!

ඒ විදියට, කෑමවල රසේ තරම කියන්නේ… අන්තිමට 6ට යන්න ඉඳපු දෙන්න, කාලා.. තේත් බීලා එතනින් යද්දි වෙලාව 6.45යි, ඕං…

ඒම ගිහින්, හොඳ හැටි කැලේ රිංගල කරල, කුරුල්ලො ටිකකගෙ ෆොටෝසුත් ඇති හැටියට ගහගෙන ආවනෙ දවල්ට කන්න.

එවෙලෙ නම් කෑම (රු. 300) මේසෙ දැක්කාම බදාගෙන ඉඹින්න හිතුණෙ.

යාළු…

රතු බතුයි, චිකනුයි, කලවම් පළා මැල්ලුමකුයි, තිබ්බටු කෙහෙල් මුව තෙල් දැමුමකුයි, කොල්ලුයි!

විස්තරේ කියන්න ඕන?

ආ එහෙනම් අහගන්නකො. චිකන් එක, හිතා ගන්න බැරි ඒ තරම් රස මොකෝ කියල. ඒ වගේම තමයි හිතා ගන්න බෑ ඒකට නොදා තියෙන්නෙ මොනවද කියලත්. හොද්දෙ මිරිස් තුනපහ… නූලටම ආයෙ. බත් නෙවෙයි ඒකත් එක්ක පෝරණු පාන් ගෙඩියක්, පරාටයක්, ඉඳි ආප්ප ටිකක් වුණත් ගේමක් නෑ. හැරත් මස් කෑලිත් හොඳ ලොකුවට, මිරිස් තුනපහ යහමින් අල්ලල පදමටනෙ.

ඒ එක්ක තකට තක සෙට් වුණේ තිබ්බටු, කෙහෙල්මුව තෙල් දැමුම. හපෙ හප්පෝ කියන්න, ඒක නම් කෑවා… ලොවෙත් අමතක නොවෙන්නම. ඇයි ඉතින් ඒකෙ ෆ්‍රෙෂ් ගතියයි ගම්මිරිස්වලින් ආපු සැරයි එක්ක.. වචනයෙන් කියන්න බැරි ගැම්මක් තිබ්බෙ. තිබ්බටුත් ලාවට තෙලේ කර කරලද කොහෙද හපන හපන වාරයක් පාසා ලා තිත්ත රසක් එක්ක, රියල්ම කටගැස්ම හොඳේ.

හ්ම්ම්… කොල්ලු මාළුවත් පංකාදුවටම තිබ්බ. ඇත්තටම ඒක නම් නැගල ගියේ දුර්ලභ කෑමක් නිසා. ඊටත් නිකම් මස් කරියක් ගාණටම, මිරිස් තුනපහ, ලුණු ඇඹුල් පදමත් එක්ක හරි රහට හදල තිබුණනෙ.

ඔක්කොමත් හරි කොළ මැල්ලුම! මිශ්‍ර කොළ මැල්ලුමක් තමයි. හැබැයි නෝකෝල් වගේ මොනවහරිත් දාලා තියෙනව. කෙසේ වෙතත් ඒකට අමු මිරිස්, බැදපු රතු මිරිස්, පොල් එහෙම මදි නොකියන්න දාලා, උම්බලකඩ කෑලි ටිකකුත් එක්ක රස ගලපලා… ලුණු ඇඹුල් පදටමත් ටොප් එකටම තියලනෙ. ඉතින් උණු උණු රතු බතත් එක්ක යනව නිකම් රස නහර පිනාගෙන.

හැබැයි ඉතින් රස නහර පිනාගෙන ගියා වගේ නෙවෙයි දවල්ට කාලා දෙන්න එතනම කට්නෙ. යාන්තම් විනාඩි පහළොවක් විස්සක් විතර ඉඳල ප්ලේන්ටියකුත් ගහල ගොඩ ආවෙ. නැත්නම් හැන්දෑවෙ විසිට් එක යන්නෙ වෙන්නෙ විලා එක ඇතුළෙමයි.

ඇත්තටම, එහෙම වයිල්ඩ් වොචින්ග් වගේ වැඩවලට එන කට්ටියට, රස...ම කෑම දෙන්න නරකයි ඕං. ඇයි අප්පේ, කාලා කාලා වැල කාපු රිලව් වගේ එතනමනෙ. කොහෙ ඇවිදින්නද…!


TIP

Try dinner set menu

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment