Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Muthu Mini Hotel

33, Kumbukkandanwala, Kimbissa, Sigiriya, Dambulla


Superb rice and curry spot, that does some excellent breakfasts for a decent fare as well.



වැව අසබඩ පාරාදීසයෙ ඉඳන්…

කෙළින්ම අපි, දෙවනි දවසෙ උදෙන් ම ගියේ කණ්ඩලම කළුදිය පොකුණට. පාන්දරින් ම නැගිටල කරල එහෙම, කැමරා බඩු අඩුමකුඩුම ටිකත් ලෑස්ති කරගෙන... දන්නැද්ද ඉතින්, කුරුල්ලොමනෙ ටාගට් එක!

ඒත් ඉතින්... එහෙම යන අතරට කියන්නකො කට්ටියටම මතක් වුණේ,

‘බොලේ දවල්ට කෑම?’

“දැන් මොකෝ කරන්නෙ? උදේම කඩවලුත් ඇරල නෑ බං, ඕඩරයක්වත් දීලා යන්න. ෂැහ්... මාර කේස් එක වුණේ ඈ...” කියල ඔන්න කල්පනාව. යාළුවො විතරක් නෙවෙයි මම පවා...

කොහොම හරි... ඔහොම කල්පනා කරගෙන, කල්පනා කරගෙන යනකොට කළුදිය පොකුණටත් ඔන්න මෙන්න තියල...

“ඒ ඒ පොඩ්ඩක් ඉඳාන් පොඩ්ඩක් ඉඳාන්. අර කලින් පාර අපි නතර වෙච්ච ප්ලේස් එක මේ ළඟම නේ. අඩෙහ්, ඒ අක්කට කිව්ව හැකිනෙ බං කෑම එවන්න කියල”

“කිරි අප්පේ... ඔව් නේන්නං. කලින් පාර එයා කැලේට ම කෑම එව්වෙ. ඒහ්... බලාං බලාං. පාරෙන් දකුණු පැත්තෙ”

කියල කටගන්න වුණේ නෑ. ඕං ඈත තියලම බෝඩ් එක. 

ඊටත්... තැනට කිට්ටු කරද්දිනෙ. කාගෙ කාගෙත් ඉහේ මල් පිපෙන්න කියල... ඉස්සර තිබ්බ නවාතැන්පලට පැත්තකින් දැන් හෝටලයකුත්.

‘අඹ ගහේ ජම්බු’

“අක්කේ…” කියාගෙන ඉස්සෙල්ලම වීල් එකෙන් එළියට පැන්නෙ ලසා.

“මතකෙයි අපිව?”

“හප්පේ... මතක නැතුවයැ, මතක නැතුවයැ. මේ අර පොටෝ ගහන මල්ලිලනෙ. මොකෝ මේ පැත්තෙ මේ හදිස්සියෙන්ම. කැලේ යනවැයි”

“ඔව් අක්කෙ. කැලේ යන්න කියල උදෙන් ම. ඒක නෙවෙයි, අපිට මේ... හරි වැඩක් වුණානෙ. මේ පාර අපි නැවතුණේ සීගිරිය කිට්ටුව. උදේ එනකොට එතනට, දවල් කෑම තියන්න කියන්න බැරි වුණානෙ. අනේ අක්කෙ අපිට මෙහෙන් දවල්ට කෑම ටිකක් ගන්න පුළුවන් වෙයිද. කැලේට එව්වෙ නැතත් කමක් නෑ. අපි ඇවිල්ල කාලා යන්නං. දෙකට විතර වගේ?”

“අයියෝ... ඕක මොකක්ද මල්ලි. එන්න එන්න. මම ලෑස්ති කරල තියන්නං”

එච්චරයි!

හැරත්... ඔය ගමේ මිනිස්සුන්ගෙ වචනෙ, වචනෙමනෙ. ඒ නිසාමයි අපිට ඕඩරේ දීලා ආයෙ මගදි කෝල් කර කර මතක් කරන්න ඕන වුණෙත් නැත්තෙ. කොටින්ම කියතොත්... කැලේ රවුම ගහල එළියට එන්න ඔන්න මෙන්න තියල, නිකමට කෝල් එකක් ගත්ත...

“හෙලෝ, ආ... මේ අක්කෙ අපි... අර පොටෝ ගහන...”

“ආ... හරි හරි මල්ලි. කෑම හරි. ඔයාලා එන්නකො. මම මේසෙට අරින්නං...”

තව මොනවද විස්තරද ඉතින්. අපි යනකොට වෙලාව තුනයි. ගිහිල්ල අතපය හෝදගෙන හිටං මේසෙට වාඩි වෙද්දි 3.30යි. ඒත්... කෑම උණුම උණුයි. හිතාගන්නකො එහෙම උණුවට...

කරි චිකන් කරියක් එක්ක කවලම් පළා මැල්ලුමයි, මිරිස් පපඩම් බැදලයි, සුදුලූණූ මාලුවයි, මෑ කරලුයි තියෙද්දි?

කෑවා නෙවෙයි යාළු අපේවුන්.. පුදුකුඩුඉරිප්පුවලට ගැහුව වගේ. දීසි එනව යනව, එනව යනව. ඇයි ඉතින් ව්‍යංජන ඉවර වෙන්නෙ බලාගෙන ඉඳිද්දි.

කිව්වට විශ්වාස කරන්න… කරි චිකන් එකේ රස මං කියන්නෙ. මගෙ හිතේ එහෙම කරි චිකන් කරියක් නම් මම ජීවිතේට කාලා නැද්ද කොහෙද. මිරිස් තුනපහ, ගම්මිරිස් අඩුමකුඩුම එක්ක, කිරි ටිකකුත් දාලද කොහෙද ළාවට හින්දල අරගෙන... හප්පේ... උණු උණු සුදු බතත් එක්ක ගැලපෙනව කියන්නෙ ඒක!

බොරු කියන්න ඕන නෑනෙ, ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බෑ ඒ රස. සත්තයි ගිහිල්ලම කාලා බලන්න ඕන, ඕ...

වැඩේ... ඊට දෙවනි නැති සුදුලූනු කරියත්. අපිට වැඩිය කැවෙන්නෙත් නෑනෙ. අනික ඒක එයා හදල තියෙන්නෙත් ඔය කැලේ ගිහින් කිනිතුල්ලො එහෙම කාලා එනකොට, ඇඟේ විස මැකෙන්න කියල. හෝටල් නෙවෙයි යාළු, ඒව නම් රියල්ම හෝම් ස්ටේ. ඇයි ඉතින් ඒ තරම් හිතල කරල, කෑම උයනව කියන්නෙ?

ඔන්න මදි නොකියන්න කිරි දාලා, අමු මිරිස් ගම්මිරිස් පදමත් එක්ක හදපු සුදුලූනු!

ඊට පස්සේ... මෑකරල්, තෙල් දැමුමනෙ ඉතින්. හොඳ සැරට, මෑකරල් ටිකත් ගොඩක් තෙලෙන් නොබැදෙන්න.. ෂැහ් බලන්න එපැයි, ෆ්‍රෙෂ් ගතිය නූලටම තියෙන්න.

අනිත් එක කලවම් පලා මැල්ලුම. දාලා තියෙන්නෙ, වට්ටක්කා දළු, කතුරු මුරුංගා, ජපන්බටු වගේ කොළ ටිකක්. දාලා පොලුත් දාලා හොඳහැටි මලවල අරගෙන.

හිතාගන්නකො ඉතින් ඒ ඔක්කොම එකතු වෙලා පපඩමක්, මිරිස් කරලක් එක්ක කටගැස්මට සෙට්වෙලා රස බැලෙද්දි?

හරියටම කිව්වොත් පුදුකුඩුඉරිප්පු නෙවෙයි, මුලු නැගෙනහිරටම ගැහුව වගේ. අන්තිමට අක්ක, ගෙදරට කන්න තියපු චිකනුත් ගෙනාවද කොහෙද, ඕං...


TIP

Try curry chicken


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment