Artwork for Brew-at-Hatch-Top Banner 2 new landing page
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for Marketplace Sathi-Pola SDBBNR 1 22 Apr 2021 Artwork for Coffee post sidebar 1-1959 new

MyKindaFood.lk

  • Closed right now


An online delivery restaurant with a vast verity of cuisines.



www.mykindafood.lk කියන්නෙ අලුතින් දාපු ඔන්ලයින් කෑම කඩයක්. චිකන්, බීෆ්, පෝක්, ෆිෂ් විතරක් නෙවෙයි වීගන් කෑමත් තොගයක් තියෙන නිසා අපේ කට්ටියට මේකෙන් කෑම ඕඩර් කරන්න තිබුණේ පුදුම හදිස්සියක්. හැබැයි ඉතිං කෑම ටික ආවට පස්සෙ නම් ගොඩක් අයගෙ මූණු වෙනස් වුණා.

‍ඕඩර් කරන විදිය

අපි නම් කියන්නෙ ඕඩර් කරන්න එපා (ඇයි කියලද අහන්නෙ, තව පහළට කියවගෙන යන්නකො) ඒත් ඉතිං ඕනම නම් ඕඩර් කරන්නෙ මෙහෙමයි.

වෙබ් සයිට් එකට ගිහින් අපට ඕන කෑම ජාති ටික ෂොපින් කාට් එකට ඇඩ් කරගන්න ඕන. ඊට පස්සේ එකවුන්ට් එකක් හදලා නම, ලිපිනය විස්තර ටික දාලා ඕඩරේ දාන්න පුළුවන්. කාඩ් එකෙන් තමයි ගෙවන්න තියෙන්නෙ.

ඔය DIY කියල තියන ඒවා එන්නෙ අමුවෙන්; අපි හදාගෙන කන්න ඕන.

අපි ඕඩරේ දැම්මේ දවල් 12ට පොඩ්ඩකට කලින්. ටිකකින් කෝල් එකක් ආවා මේක ඕන ලන්ච් එකටද එහෙම නැත්නම් ඩිනර් එකටද කියල අහලා. මම කීවා හවස 3 විතර වෙද්දි බඩු ටික තිබුණනම් ඇති කියලා. මොකද මස් ජාති ම තොගයක් නිසා හවසට බෝතලයක් ගෙනත් සෙට් වෙන්න කියල තමයි අපි හිතාගෙන හිටියේ.

කොහොම හරි 4.30 විතර වෙද්දි කෑම ටික ආවා.

කෑම

අපේ ඔෆිස් එකේ වැඩිදෙනා පෝර්ක් පෙරේතයො නිසා ඉස්සරලම අත තිබ්බේ බ්ලැක් පෝක් කරි (රු. 350) එකට. බ්ලැක් පෝක් කීවට මේක බ්ලැක් පෝක් නම් නෙවෙයි; වෙන මොකක්ද එකක්. හැබැයි ඉතිං සේර එහෙම දාලා හදලා තිබුණු හින්දා රසයි. අවුලක් නැතුව කන්න පුළුවන්.

බ්ලැක් පෝර්ක් කරිය පැත්තකින් තිබ්බ මම ඊළග බොක්ස් එකෙන් මස් කෑල්ලක් අරන් කෑවා. “හ්ම්… චිකන් එක නම් රසයි” කියල මම කියද්දි ම තමයි බුද්ධිකයා එහා පැත්තෙ ඉඳන් කීවේ “ඕක චිකන් නෙවෙයි, බීෆ් කියලා.” අම්මට හුඩු ඔව්නෙ, මේක ස්විස් බීෆ් ස්ටේක් (රු. 800) එක. මේකට සෝස් එකට දාලා තියෙන හර්බ්ස්, ස්පයිසස් අනංමනං ජාතිවල රස නිසා බීෆ් එකේ රසක් දැනෙන්නෙ වත් නෑ. හැබැයි ඒ සෝස් එක නම් රසයි.

ඊළගට තමයි ඉතැලියන් චිකන් ඉන් නුමිඩෝ (රු. 800) එක. ඒක නම් මෙලෝ රහක් නෑ. මම හිතන්නෙ සුප් කැට බෝතලේ වැරදිලා මේකට වැටිලද කොහෙද (හැබැයි ඒ ගොල්ලො අපට පස්සෙ කෝල් කරපු වෙලාවෙ නම් කීවේ මේකට සුප්කැට දාන්නෙම නෑ කියලා).

පොලොස් එහෙම දාලා හදල තිබුණු වීගන් කට්ලට් (රු. 300)  එක නම් හොඳයි. හැබැයි ටිකක් විතර සැර මදි.

මම එක පාරක් සුපර් මාකට් එකෙන් බිරියානි මික්ස් එකක් අරන් ගිහින් ගෙදර බිරියානි හැදුවා. පළවෙනි පාරනේ; හරියට පදම ගන්න තේරෙන්නෙ නැති නිසා බත් එකෙ එහෙම ටිකක් වැඩිපුර තැම්බිලා පොඩි බිරියානි වගේ එකක් තමයි අන්තිමට හැදුණේ. මේගොල්ලන්ගෙ චිකන් බිරියානි (රු. 400) එකත් හරියටම ඒ මම හදපු බිරියානි එක වගේ. බිරියානි එකේ චිකන් කෑලිවලට හොඳට මික්ස් එක අල්ලලා රසට තිබුණත් බත් එකේ වැඩි රසක් නෑ. බත් එක තැම්බිලත් වැඩියි වගේ; අලි සයිස් බත් ඇට!

මේ වෙද්දි අපේ බලාපොරොත්තු සෑහෙනදුරට සුන්වෙලා තිබුණත් ඔන්න ඔහෙ කියලා DIY බැරමුන්ඩි ෆිෂ් ෆිලට් (රු. 950) එකත් හදල බලන්න අපි තීරණය කළා. මාළු කෑලි ටිකක් තිබ්බට මේක හදන විදියක් මුකුත් කියල තිබ්බෙ නැති නිසා, බේක කරනවද, ෆ්‍රයි කරනවද කියලා සෑහෙන වාදෙකින් පස්සෙ අපි මේක ෆ්‍රයි කරන්න තීරණය කළා.

මේක නම් මෙලෝ ම රහක් නෑ! අපි හදන්න දන්නෙ නැති නිසාද දන්නෙ නෑ. හොඳ වෙලාවට DIY ඒවයින් මේක විතරයි ඕඩර් කළේ.

ඒ ඔක්කොමත් හරි කියමුකෝ, ඒත් පෝෂන් සයිස් එක?! අර බීෆ් එක එහෙම නම් අපි තුන්දෙනෙක් විතර කෑල්ල කෑල්ල රහ බලද්දි ඉවරයි. මෙයාලගෙ ‘බ්ලැක් පෝර්ක් කරිය’ ඇත්තටම බ්ලැක් පෝර්ක් කරියක් නොවුණත් රු. 350ට ඒ පෝෂන් සයිස් එක වටිනවා. රස කොහොම වුණත් ඉතිං බිරියානි එකත් බිරියානි එකක සයිස් එකට තියනවනේ. අනිත්වා නම්, අනේ මන්දා?

කොහොම හරි කාල ඉවරකරගන්න බැරි තරමට මස් තියෙයි කියල හිතුවට අන්තිමේ අපි තීරණේ කළා අර බෝතලෙත් ගේන්න ඕන වෙන එකක් නෑ කියලා.

අවසාන වශයෙන්

මොනව වුණත් මෙයාලගේ සර්විස් එක නම් හොඳයි. කෑම ටික එවල පැය කීපයකින් කෝල් කරලා කෑමවල හොඳ නරකත් ඇහුවා. සමහර විට මේ අවුල් ටික තියෙන්නෙ තවම පටන්ගත්ත අලුත නිසාද දන්නෙ නෑ. ඒත් ඉතිං එහෙම නම් බැරි බැරි ගානේ මෙච්චර කෑම ජාති තොගයක් එක පාර හදන්න ට්‍රයි කරන්නෙ නැතුව හරියට හදන්න දන්න කෑම ජාති කීපයක් හරියට හදල වැඩේ පටන්ගන්න තිබුණා තියලයි මම නම් හිතන්නෙ.

 


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment