Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

5/5

Mythi’s

9, Station Road, Colombo 4


Mythi's is a small streetside restaurant down Station Road, Bambalapitiya, that serves up some killer rice and curry.



දවල් තිස්සෙ ටවුන්හෝල් පැත්තෙ රවුම් ගහල රවුම් ගහල තිබහ නිවාගන්න කියල ගොඩ වුණා රූට්ස් එකට. හප්පේ… එතන සෙනඟ! කරන්න දෙයක් නැතිම තැන මොනව කරන්නද කියල දැම්ම ඕඩරේ. දාලා ඉතින් විනාඩි 10ක් විතර හිටිය ජූස් එක එකකම්.

ඔන්න ඊට පස්සෙ තමයි පොඩි ගැම්මක් ආවෙ. ඒත් කොහෙද? ඒ ගැම්මෙම අනික් පැත්තට අදින්න වුණා කියන්නකො කොල්ලුපිටිය පැත්තෙ.

එතන වැඩ ටික ඉවර වෙද්දි දවල් 2ත් පහු. හැරත් අපි දෙන්නටත් හොඳ ගනන්. ඇයි අප්පේ කාලත් නෑනෙ.

“ඒ තව නං ඉන්න බෑ බං. යමං මොනව හරි කන්න” යාළුවගෙන් වචනෙ ආවා.

“ඔව් බං. මටත් මේ ඉන්න බැරුව හිටියෙ.” මාත් ගත් කටටම වචනෙ දුන්නෙ බඩගින්න උහුල ගන්නම බැරි නිසා.

“ඒත් බං 3 පැනල. බත් කන්න තැනක් නම් හොයා ගන්න අමාරු වෙයි වගේ”

“ආ… ඒකට බය වෙන්න එපා. ඉඳින්කො ඉඳින්කො” මම ගත්ත විශ්විට කෝල් එකක්.

“ඔය ඔතන මිතිස් එකට යන්න. ඒක ඇරල 4 වෙනකම්ම” විශ්විගෙන් ක්ෂණික උපදෙස්.

ආයෙ මොනව බලබල ඉන්නද කියල අපි දෙන්න ඇද්ද වීල් එකකින්ම බම්බ ස්ටේෂන් රෝඩ් එකට.

අර කිව්වත් වගේ, කඩේ ඇරල කියන්නකො.

“ඒකනෙ බං මං කිව්වෙ. අපේ ඔෆිස් එකෙන් ඇහුව කියන්නෙ ඉතින්...”

අඩියට දෙකට කඩේට ගොඩවුණ අපි හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම වගේ ඕඩරේ දැම්මෙ තිබ්බ බඩගින්න නිසාමයි. පස්සෙ අත් හෝදගෙන මේසෙට ඇවිල්ල තමයි බැලුවෙ ඇත්තටම මොනවද ඕඩර් කළේ කියල.

“ඔය… හැම එළවළුවක්ම දාන්න. බතුත් සුදුවගෙන් දාන්න. හ්ම්ම්… චිකන් කෑල්ල එක්ක (රු. 280) බැදපු මාළුවෙකුත් (රු. 100) තියන්නකො”

බැලින්නම් යාළුව මේසෙ ඉඳගෙනම කෑම බෙදන නංගිට විස්තරේ කියනව. වෙලාවට මම සීෆුඩ් නාසි එකක් (රු. 320) ඉල්ලුවෙ. ඇයි අප්ප එක පාරයිනෙ. අනික වැඩිපුර ඉල්ලන්න කියල තිබුණෙත් ඩෙවිල්ඩ් චිකන් (රු. 120) විතරයි.

ඒත් ඉතින් මගේ නාසි එකට කලින් යාළුවගෙ රයිස් ඇන්ඩ් කරි එක නම් මේසෙට ආවා.

“ඒහ්! උඹේ එක එනකං මේක කමු”

සුහද ආරාධනා පිළිගන්නේ නැතුව ඉන්න එක හරි නෑනෙ. ඔන්න හුරේ කියල මාත් බැස්ස රයිස් ඇන්ඩ් කරි එකට වැඩේ දෙන්න. මෙන්න බොලේ ඒ එක්කම බීෆ් කරියකුත් (රු. 200) මේසෙට ආවා…

“ඈ බං, උබ කඩේ තිබ්බ හැම එකක්ම ඕඩර් කළාද?”

“ආ… නැහ්! කිරි මාළු ගත්තෙ නෑ”

“මූ යකෝ!”

හැබැයි මොනව ඉල්ලුවත් පාඩු නෑ කියල මට තේරුණේ දෙවෙනි තුන්වෙනි බත් කටවල් කද්දි තමයි. කිව්වට විශ්වාස කරන්න යාළු එක එළවළුවකවත් මේං කියන්න අඩුවක් නෑ කියන්නකො. කොටින්ම පතෝල එකත් පට්ට රසයි. කිරි, තුනපහ මදි නොකියන්න දාලා නියම ගමේ පදමට හදල තිබ්බෙ. ඒ විතරක් නෙවෙයි පරිප්පු හින්දුමත් මරු. හරියට මැටි මුට්ටියක හින්දල වගේ රසයි. ඊටත් සෝයා එකක් හදල තිබ්බ, ඒක නිකම් මස් වගේ. මිරිස් තුනපහ රස නියම ගානට. හැරත් ඒකත් තෙල් ටිකක් දාලා හින්දල නිසා තලු මරමර කතහැකි.

ඔක්කොමත් හරි පොල් සම්බෝලේ. ෂප්පේ… උණුඋණු සම්බ හාලෙ බතක් තිබ්බ නම්… ඒකම ඇති ඉස්මුරුත්තාව එනකම් කන්න. අනේ මන්දා පොල් සම්බෝලේ ගලේ අඹරලද කියල පුදුම රසක්. අනික ලුණු ඇඹුල් වගේම සැර ගතියත් ගානටනෙ. එකම අවුල තිබ්බෙ ඒකට උම්බලකඩ කෑල්ලක් වැටිල තිබ්බ නැති එක තමයි. හැබැයි ඒ අඩුපාඩුව පිරෙනව බැදපු මාළු කෑල්ලක් කද්දි. ඇයි බැදපු මාළුවගෙත් පුදුම රහක්නෙ. වෙන දෙයක් නිසා නෙවෙයි, ඒ මාළු සෑහෙන්න ෆ්‍රෙෂ්.

කොහොම හරි ඔය ඔක්කොම පාරාදයි බීෆ් කරියෙන් ටිකක් දා ගත්තාම. අවංකයෙන්ම ඒකෙ නම්… පුදුම රසක් යාළු. මම කියන්නෙ ඔය ඕන මසක් මාළුවක් කන යාළුවො නිකමට හරි මිතිස් බීෆ් එක කාලා බලන්නෝනි. මොකද ඒකෙ බැදපු තුනපහ, ලුණු ඇඹුල් වගේම සැර ගතියත් නූලට තියෙනව. ඒ විතරක් නෙවෙයි, ඒකත් එක්ක පාන් පරාටා වගේ දේකට වුණත් ඇර නොතිය වගකියන්න පුළුවන්නේ.

ආ...! රයිස් ඇන්ඩ් කරියෙ රස කිය කිය ඉඳල තව පොඩ්ඩෙන් නාසි එක අමතක වෙනවනෙ.

කිව්වට විශ්වාස කරන්න උණුඋණුවෙ මේසෙට ආපු නාසි එකත් සුපිරිම! සෝස් රසවල් එහෙම නියම ගාණට. අනික ඒකට බුල්සායි එකකුත් තියල ඩෙවිල්ඩ් චිකනුත් දාලා නිසා රස ඩබල්. වැඩේ කියන්නෙ නාසියෙ ඉස්සො දැල්ලොත් මදි නොකියන්න තියෙනවනෙ. අනික දැල්ලො දවටල බැදල තියෙන්නෙ. කොහොම හරි එ්කෙ සීෆුඩ් ඉවර වෙද්දි මම ඩෙවිල් චිකන් කෑල්ලත් එක්ක ඉතුරු ටිකට වගකිව්ව.

ඒ වගකියල අනික් පැත්තට….

අනික් පැත්තට මොනව කරන්නද.

හුස්මක් කටක් ගන්න බෑ යාළු වැල කාපු කිඹුල්ලු වගේ දෙන්නම උන්හිටි තැන්වල!

ලාවට හරි වතුර ටිකක් බීලා ඉස්සෙල්ලම ඔළුව ඉස්සුවෙ යාළුව. ඊට පස්සෙ විනාඩි 5කින් විතර මාත් බැරි මරගාතෙ ගිහින් අත හෝදගෙන ආවා.

“හම්මෝ… මොකක්ද බං ඒ වුණේ! ආයෙ හෙම ඔය වගේ තැන්වලට එක්කං යනව නෙවෙයි, යකෝ කාලා මැරෙනවනෙ බං”


TIP

Beef curry is a must.
All Reviews

The new Mythi's doesn't have a lot of seating, but they do have plenty of great curries!

Mythi's is a small streetside restaurant on Fife Road that offers arguably the best black pork curry in Colombo, along with a killer rice and curry.

At Mythis you can always find get a good serving of pork curry- arguably the best local meat curry. For Rs. 260 you get a generous helping of pork, a good splash of the day’s vegetable curries- dhal, beetroot, okra, breadfruit, a papadam and some sambols on a typical day. It’s a good meal for the price and - by the standards of buth kades - Mythis is clean and well ventilated.

සිංහල අවංකයෙන්ම ඒකෙ නම් පුදුම රසක්. ඔය ඕන මසක් මාළුවක් කන යාළුවො නිකමට හරි මිතිස් බීෆ් එක කාලා බලන්නෝනි. මොකද ඒකෙ පාන් පරාටා වගේ දේකට වුණත් ඇර නොතිය වගකියන්න...

සිංහල හොඳම දේශීය මස් කරියැයි තර්ක කළහැකි ඌරු මස් කරියක් හැමවිටම ඔබට 'මිතිස්' වෙතින් ලබා ගත හැකිය. සාමාන්‍ය දවසකදී ඔබට රු. 260ක මිළකට හොඳ මස් පංගුවක් සහ පරිප්පු, බීට්රූට්, බණ්ඩක්කා, දෙල් වැනි දවසේ එළවළු ව්‍යංජන, පපඩම් හා පොල් සබ්‍ම්බලක් සමග හොඳ බත් පිඟානක් කෑ හැකිය. එය මිළට හා බත් කඩ ප්‍රමිතියට අනුව හොඳ ආහාර වේලකි. 'මිතිස්' පිරිසිදු, හොඳින් වාතාශ්‍රය ඇති තැනකි.

Address

9, Station Road, Colombo 4

Directions

The new location is right opposite Majestic City's KFC.

Contacts

Facebook

Report Inaccuracy

This place has closed down

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Rice And Curry

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 11 Comments