Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

3/5

Nalapaham

16 E. S. Fernando Mawatha, Colombo 06

  • Open 11AM to 10PM everyday


Nalapaham is for those of you with a sudden mid-day craving for crab - besides the biriyani, idiyapam and kottu, they serve tasty crab, cheap.



වැල්ලවත්ත භෝජන ලෝකයේ මට අලුතෙන් හමු වූ අලුත් ආකරශනයක් තමයි නල්ලපහම්. ගාලු පාරෙන් ඉවත එතරම් ළු්‍යාපාරික වශයෙන් සාර්ථක නොවන පටුමගක පිහිටා ඇති ඔවුන්ගේ බොජුන්හලේ දෙමළ කෝකිවරු හදන ආප්ප, ඉඳආප්ප හා ව්‍යංජන කෙතරම් රසවත්ද කියනවානම් වැල්ලවත්තේ යාල් අවන්හල, යාල් ඊට් හවුස්, රොලෙක්ස් හෝටලය, මයුරි හෝටලය, කට්පහම් වැනි යාපන හා දෙමළ නිර්මාංශ නොවන බොජුන්හල් ජාලය වෙව්ලන්න තරම්.

ඔවුන්ගේ වලිකුකුල් මස් හොද්ද ගැන අපට ඔත්තුවක් ලැබුණා. ඒ නිසා අපි ගාලුපාරේ රොලෙක්ස් හෝටලය ඉදිරිපිට පටුමගෙන් එතැන සොයාගෙන ගියා. ස්ථානය දීප්තිමත්. මෑතදී ගාහභාණ්ඩ එක් කරලා. විස්මත ලෙස පිරිසිදුයි. දඩමසක් වන වලි කුකුල් මස් තිබෙනවාය කියන්නේ මෙවැනි නිසි ප්‍රමිතියක් ඇති තැනකද? මම නම් බලාපොරොත්තුවුණේ කසිප්පු තිප්පොලක් වැනි රහසිගත තැනක්.

මම මුලින්නම් හිතුවේ මේ කොහෙන්හරි ගෙනා ගම් කුකුළන්ගේ මස් තමා කියලායි. මම දන්න හොඳම දෙමළෙන් ඇහුවා 'කට්ටු කොහිල් ඉරුක්කා?' කියලා. ඒ කියන්නේ වලිකුකුල් මස් තිබෙනවාද කියලායි. කටු පෙනුම ඇති කැලි හා කළු පැහැ හොද්දක් මේසයට ආවා. පෙනුම හොඳ වුණත් එතරම් බලාපොරොත්තුවක් නැතිවයි මම තටුවක් හා කැබලි යයි සිතිය හැකි දේරසබලන්න පටන්ගත්තේ. මුල් තත්පරෙන් පංගුවේදී සාමාන්‍ය චිකන් රස දැනුණාට ඉන්පසු එහි රස ගැඹුරට විහිදී යන්න පටන්ගත්තා. මේ නම් කදිම වල්කුකුල් මස්. එය බ්‍රොයිලර් කුකුළන්ගේ මසට වඩා කළු පැහැයි, තදයි. රස ගැඹුරුයි. වලි කුකුළා අප අද කන බ්‍රොයිලර් කුකුළාගේ ආදිතමයාය කියා හිතාගන්නත් බැරිතරම් රසවත්. මිනිහා කැළෙන් අල්ලාගත් මේ සතා වසර සිය ගණනක් තුළ මෙතරම් නීරස මස් ඇති සතකු බවට පත් කළේ කොහොමද මන්දා.

මේ හොද්ද තවත් රසගන්වන්න ඔවුන් බාගෙට තම්බන ලද වලිකුකුල් බිත්තරත් එයට එක්කරලා. සවස හොද්දේ අන්තිම හරියෙන් ගෑමගත් අපට ලැබුණේ පොඩි කෑලි විතරයි. ඒත් කහමදයත් එක්ක තිබුණු එය ඉතා රසයි.

යමු වෙනුවෙන් මාස ගණනක් කොළඹ කඩවලින් කෑ මම රසවිඳි හොඳම වීදි කරිය තමයි මේ. එය මගේ කොළඹදී කෑ හොඳම කෑමවේල් අතරින් එකක්. එය අසාමාන්‍යයි. නිර්ව්‍යාජ ලෙස ශ්‍රීලාංකිකයි. මිළත් අඩුයි. පිරිනැමුණේත් පිරිසිදු පරිසරයක. මස් හොද්ද සමග ඇති එකම ප්‍රශ්නය රු. 300 වෙනුවෙන් ඔබට ලැබෙන්නේ සුළු ප්‍රමාණයක් වීම. වලි කුකුළන් කොහොමත් එතරම් මස්පිරි සතුන් නොවෙයි. ඒ නිසා වෙන්න ඇති අපේ මුතුන් මිත්තන් ඔවුන්ව මස් පිරි චිකන් බවට පත් කළේ. ඒත්, ඔබට ලැබෙන කරිය අන් සියලු කුකුළු මස් කරි පරදවනවා. එයින් දෙකක් ඔබට කන්න පුළුවන්.

නල්ලපහම්ගේ සූපශාස්ත්‍ර නිපුණත්වය මේ කුරුල්ලාට පමණක් සීමාවන්නේ නැහැ. අපි යාපන කකුළුවන් දෙන්නෙකුටත් වගකිව්වා. මට ඉතින් ඒක නවත්වන්න බැහැනේ. හොඳ මුරුංගා කොළ රස කරි. මිළ හොඳයි. රු. 250යි. ඒත්, යාල් ඊට් හවුස්හි පිරිනැමුම තරම් මස් පිරි රසයෙන් යුක්ත වුණේ නැහැ. ඒ වුණාට මයුරියේ කකුළුවන්ට වඩා හොඳයි.

වලිකුකුළ් මස් හා කකුළුවන්, සාම්බාර් පොඩ්ඩක් සමග පිට්ටු හෝ පොඩියට කඩන ලද හරිස්චන්ද්‍ර නූඩ්ල්ස් හෝ රාජ භෝජනයක්, කොළඹ රජවරුන්‍ට හොඳ.

වැල්ලවත්ත කිට්ටුව හිටියත්, නැතත්, ඔබ කොයි කාටත් සොයා ඇවිත් විඳින්න රසයක්.

වැල්ලවත් කිට්ටුව හිටියත්, නැතත්, ඔබ කොයි කාටත් සොයා ඇවිත් විඳින්න රසයක්. near Wellawatte it's worth the trip.

TIP

Brush up on your Tamil to improve your kade/street cred.
All Reviews

Nalapaham is for those of you with a sudden mid-day craving for crab - besides the biriyani, idiyapam and kottu, they serve tasty crab, cheap.

There is a powerful new (well, new to me) force in the world of Wellawatte’s dining options- Nalapaham. From their base down an unassuming lane off the Galle Road a team of Tamil cooks is whipping up appams, indiyappams and curries of such deliciousness that competitors on the Tamil/Jaffna non veg circuit(Yaal, Yarl, Hotel Rolex, Hotel Maiyuri, Katpaham) should tremble.

සිංහල වැල්ලවත්ත භෝජන ලෝකයේ මට අලුතෙන් හමු වූ අලුත් ආකරශනයක් තමයි නල්ලපහම්. ගාලු පාරෙන් ඉවත එතරම් ළු්‍යාපාරික වශයෙන් සාර්ථක නොවන පටුමගක පිහිටා ඇති ඔවුන්ගේ බොජුන්හලේ දෙමළ කෝකිවරු හදන ආප්ප, ඉඳආප්ප හා ව්‍යංජන කෙතරම් රසවත්ද කියනවානම් වැල්ලවත්තේ යාල් අවන්හල, යාල් ඊට් හවුස්, රොලෙක්ස් හෝටලය, මයුරි හෝටලය, කට්පහම් වැනි යාපන හා දෙමළ නිර්මාංශ නොවන බොජුන්හල් ජාලය වෙව්ලන්න තරම්.

Address

16 E. S. Fernando Mawatha, Colombo 06

Directions

This road is almost exactly opposite Arpico, somewhat near Delmon Hospital.

Report Inaccuracy

Open 11AM to 10PM everyday

Cuisine

Jaffna

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Crab

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 17 Comments