50, 14 Sir James Pieris Mawatha, Colombo 02
Closed right now
Natural Eats is a restaurant that's on its way to make healthy eating affordable to practically anyone.
කොළඹ එක එක වර්ගයේ කෑම කඩ දවසින් දවස වැඩි වුණාට, ශරීර සෞඛ්‍යය ගැන හුඟක් උනන්දු අයට ඒ විදිහෙ කෑම බීම හොයාගන්න ලේසි නෑ. තිබ්බත් හෙන ගණන්! ඉතිං එහෙම අයට ගැලපෙන්න, සම්පූර්ණයෙන්ම ස්වාභාවික දේවල් පාවිච්චි කරලා කෑම බීම හදන තැනක් ගැන ආරංචියක් මේ..
නැචුරල් ඊට්ස් තියෙන්නේ කොළඹ 2 Crossfit Ceylon ජිම් එකේම කොටසක. ජිම් එන්නෙත් ශරීර සෞඛ්‍යය ගැන උනන්දු අය නේ. ඉතිං මේක තියන තැන ඒ අයට හොඳටම ගැලපෙනවා. මීට අමතරව රාජගිරියෙත් තව නැචුරල් ඊට්ස් අවුට්ලට් එකක් තියනවා කියල අපිට දැනගන්න ලැබුණා.
අපි ගිය කොළඹ 2 Crossfit Ceylon එකේ අවුට්ලට් එක හිත ඇදගන්න තැනක්. සිමෙන්ති කවුන්ටර් එක දිගට පිළිවෙළට වාඩි වෙන්න ස්ටූල් තියලා. එතන වාඩි වුණාම පසුබිමෙන් ජිම් එක පේනවා වගේම ජිම් එකේ සද්දත් ඇහෙනවා. නැචුරල් ඊට්ස් එකේ කෑමවල තීම් එකට ගැලපෙන්නම අවුට්ලට් එකේ හැම තැනම කොළ පාට දකින්න තියනවා.
මෙයාලගෙ මෙනු එකේ විවිධාකාර නම් දාපු කෑම ජාති ගොඩක් තියනව. අපි තේරුවේ බ්‍රෙක්ෆස්ට් බෝල් එකයි (රු. 450), බ්රෙඩ්ලස් බරීටෝ එකයි. (රු. 750)
ග්‍රැනෝලා, කෙසෙල් සහ පැෂන් ෆෘට් එක්ක යෝගට් පාවිච්චි කරල හදපු බ්‍රෙක්ෆස්ට් බෝල් එක පෙනුමෙන් වගේම රසෙනුත් හරිම ෆ්‍රෙෂ්. පලතුරු රස එක්කම යන්තමින් පැණි රහකුත් එකතු වෙලා. උදේ කෑමක් විදිහට ගත්තම රස වගේම ගුණත් පිරුණ, ඒ වගේම බඩත් පිරෙන සම්පූර්ණ කෑමක් කියල කිව්වොත් වැරදි නෑ.
බ්රෙඩ්ලස් බරීටෝ එක දැක්ක ගමන් පේන්නේ සැලඩ් එකක් වගේ. මොකද පොඩියට කපපු තක්කාලි, ගෝවා, ලූණු වගේ දේවල් මහ ගොඩකින් බරීටෝ එක වැහිලා. මේකෙ නමත් බ්රෙඩ්ලස් නේ. ඉතින් පිටි ජාති නැති මේ බරීටෝ එකට ඒ වෙනුවට පාවිච්චි කරලා තිබුණේ ලොකු ඔම්ලට් එකක්. ඇතුළට දාල තිබුණ චිකන් ෆිලිං එකෙත් රස නියමයි.
බීම මෙනු එකෙන් අපි තෝරගත්තේ මැන්ගෝ ලැසී එකයි (රු. 350) යාර කොෆී එකයි. (රු. 400)
මැන්ගෝ ලැසී එකේ උකු ගතිය තිතට. පැණි රස වැඩි කරල තිබුණෙත් නැති නිසා ඔරිජිනල් අඹ රස දැනුණා. ඒ හින්දම ෆ්‍රෙෂ් අඹ පාවිච්චි කරල කියලත් තේරෙනවා.
කොෆී එකේ විශේෂත්වය තමයි ඒකට කුරුඳු දාන එක. ඒ වගේම ඒකට සීනි වෙනුවට පාවිච්චි කරන්නෙ පැණි කියලයි අපිට එයාල කිව්වෙ. ඉතිං රස කෝපි එකක් බොන්න පුළුවන්කම ලැබුණා.
ඉක්මන්, ප්‍රසන්න වගේම මිත්‍රශීලී සේවාවක් අපිට එයාලගෙන් ලැබුණ බව කට පුරා කියන්න පුළුවන්.
සෞඛ්‍ය සම්පන්න කෑම බීමවල රස ගුණ අලුත් විදිහට, පිරිසිදුවට අත්විඳින්න, නැචුරල් ඊට්ස් හොඳම තැනක්.
Closed right now
Price Range
Dish Types
Fit Meal's very own restaurant in Horton Place.
A one-stop shop on the way to/from airport or to your getaway.…
Delete Comment