Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

4/5

Nature's Corner Cafe

567, Madiwela Road Talawatugoda


A cafe that makes healthy treats with organic ingredients.



උසස්ම තත්ත්වයේ ඔර්ගැනික් අඩුම කුඩුමවලින් හදපු, හොඳ හෙල්ති කෑම වේලක් කන්න පුළුවන් තැනක් ගැන දැනගමුද? මේ කියන්න යන්නේ Nature's Corner Cafe එක ගැන. 

තලවතුගොඩ තියෙන Nature's Corner එක ඔර්ගැනික් කෑම වර්ග, එළවලු, පලතුරු ජාති විකුණන කඩයක් බව ගොඩක් දෙනා දන්නවනේ. දැන් ඒවා දාලා කෑම හදන තැනකුත් එයාලා ඕපන් කරලා. ඒක තියෙන්නේ Nature's Corner කඩේ ම උඩ තට්ටුවේ. 

කෑම බීම 

අපි ඕඩර් කළේ Stuffed French Toast (රු. 650) එකයි, Protein Bowl (රු. 650) එකයි.

මුලින් ම මේසෙට ආවේ Protein Bowl එක. ෂහ්! අලුත් ම එළවලු තොගයක් දාලා හදපු මේ Protein Bowl එකේ බේස් එක විදියට ඔයාට කැමති ඇට වර්ගයක් තෝරාගන්න පුළුවන්. අපි ගත්තේ මුං ඇට. හැබැයි එළවලු ප්‍රෝටීන්වලට කියලා ලිමිට් වෙන්න ඕනේ නැහැ, කැමති මසක් මාළුවක් වුණත් ඕකත් එක්ක ගතහැකි. අපි තෝරාගත්තේ ස්මොක්ඩ් සැමන් (රු. 550).

කිව්වත් වගේ එළවලු ටික මාර ම ෆ්‍රෙෂ්. කැරට්, සුකිනි පිපිඤ‍්ඤා, තක්කාලි, ගෝවා, සහ තම්බපු බිත්තර තමයි මේකේ තිබුණේ. මුං ඇට ටිකත් හොඳ ගානට තැම්බිලා. ස්මොක්ඩ් සැමන් එකත් හයි කොලිටි. ඩ්‍රෙසින් එක බොහොම සරල එකක්. ස්වීට් සහ සවර් ගතියට හදලා තිබුණේ. හැබැයි ඒකෙන් තව චුට්ටක් වැඩිපුර තිබුණත් පාඩු නැහැ. මොකද බෝල් එකේ අග හරියට යද්දී ඩ්‍රෙසින් එකේ රස නොදැනෙන තරම්. අඩු තරමේ ලුණු, ගම්මිරිස් චුට්ටක්වත් පැත්තකින් දුන්නා නම් වැඩේ ගොඩ.

Stuffed French Toast එකේ ෆිලින් එක විදියට අපි තේරුවේ පීනට් බටර් එක. ඒ වෙනුවට ඕනේ නම් ජෑම් හෝ චට්නී ගන්නත් පුළුවන්. එතකොට මේකෙ පාන් එක එන්නේ wholegrain හෝ කුරක්කන්. අපි ගත්තේ කුරක්කන් එක.

මේකත් සිරා. ඔර්ගැනික් පීනට් බටර් ලෝබ නැතුව පාවිච්චි කරලා තිබුණා. එකම අවුල වුණේ පාන් එකේ බිත්තර රස, කිරි රස වගේ දේවල් ටිකක් අඩුවෙන් දැනුණු එක. හැබැයි ඉතින් ඔර්ගැනික් චොකලට් සෝස් එක්ක හෝම්මෙඩ් ග්‍රැනොලා එක්කාසු වෙලා එද්දී ඒක නිකන්ම අමතක වෙනවා.

බීමට අපි ගත්තේ Fired Up (රු. 400), Amba Yaluwo (රු. 450) එකයි. ජාති දෙකම මරු. Fired Up එක හදලා තිබුණේ තැඹිලි වතුර, කොමඩු ජූස් සහ අමු මිරිස්වලින්. හිතාගන්නවත් බැරි කම්බිනේෂන් එකක් නේ? හැබැයි රස පංකාදුයි. තැඹිලි වතුර නිසා හරි ම ලයිට් ටෙක්ස්චර් එකක් තමයි මේ ඩ්‍රින්ක් එකේ තිබුණේ. කොමඩු ජූස් එකේ පැණි රස කැපිලා යන්න අමු මිරිස්වලින් නියම ස්පයිසි කික් එකක් එනවා. 

Amba Yaluwo එක අපට කවදත් පුරුදු මැන්ගෝ ලැසී එකක් වගේ. ස්වභාවික අඹ රස අඩුවක් පාඩුවක් නැතුව තිබුණා. බොහොම උකු බීමක්.

තැන සහ සර්විස් එක 

හොඳට ඉඩකඩ තියෙන ෂෝක් එකට එළිය වැටෙන බොහොම නිස්කලංක වාතාවරණයක් මේ කැෆේ එකේ තියෙනවා. ඒ නිසාමදෝ කොහේදෝ සමහර අය මෙතනට එනවා ඔය පොඩි පොඩි පාඩම් වැඩ, ඔෆිස් වැඩ කරගන්නත්. ස්ටාෆ් එකේ උදවියත් ඒවට ගොඩක් සපෝර්ට්. 

අවසාන වශයෙන් 

සෞඛ්‍යයට හිතකර කෑම, ඉස්තරම්ම වර්ගයේ ඔර්ගැනික් අඩුම කුඩුම දාලා හදන, ඒ වගේ ම පරිසර හිතකාමී විදියට ඒවා පිළිගන්වන තැනක් විදියට තමයි අපි Nature's Corner Cafe එක හඳුන්වන්න කැමති. 


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment