Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

3/5

Nelum Kole

Sri Mahavihara Rd, Panadura


Good place to taste deciduous rice and curry, Sri Lankan Chinese food or local desserts.



නමටමයි බලල ගියේ...

හැරත් අලුතෙන් දාපු ප්ලේස් එකක්නෙ. එකම අවුල තිබ්බෙ පෝර්ක්, බීෆ්, මට්න් නෑ...

ඒකට මොකෝ... ඉස්සො, දැල්ලො, කකුළුවො තියෙන්නෙ!

කඩේ...

ඉස්සරහ නම් තනි ‘චයිනීස්’ එකක් වගේ. ඒත් ඇතුල...

ෂැහ්, බලන්න එපැයි. පොල් අතු, උණ බට, කොහුලණු, ලී පාවිච්චි කරල ලෙසටම හදල තියෙනව ගැමි ගතිය නියමෙට ම තියෙන්න. අනික දාලා තියෙන්නෙත් කහ බල්බ්. ඉතින් කෑම කනකොට නිකම් අඩ අඳුරෙ, ලන්තෑරුම් එළියෙ කෑම කනව වගේ...

කොහොම කොහොමින් හරි ගජරාමෙට බඩගින්නෙ ඉඳපු යාළුවයි මායි හාවක් හූවක් නැතුවම කිට්ටු කලේ රයිස් ඇන්ඩ් කරි බුෆේ එකට. ම්... රයිස් ඇන්ඩ් කරි කිව්වට එතන බිරියානි, ෆ්‍රයිඩ් රයිස් එහෙමත් තිබ්බ. ඒත් වැඩේ වුණේ... මම චිකන් රයිස් ඇන්ඩ් කරියක් (රු. 350) ගන්න අතරට, බුරියානියක් ගන්න ඉඳපු යාළුවා... කකුළු හට්ටිය දැකලා  ඕඩර් කරල කියන්නකො කකුළු කරියයි (රු. 450), බිත්තර රොටියි (රු. 100)...

මට නේද...

“හා කමක් නෑ. හැබැයි මටත් ඕන හොඳේ”

“හරි හරි බං... එකට අරගෙන උබට නොදී කනවැයි... නංගි ඔන්න ඔය හැලපයකුයි (රු. 50), වණ්ඩුවකුයිත් (රු. 50) දෙන්නකො කාලා, කන්න”

ඩෙසට් ඕඩරෙත් එවෙලෙ ම!

ඊටපස්සෙ ඉතින් දෙන්න ම, නෙළුම් කොලේට බෙදුන බතයි, වීදුරු දීසියෙ කකුළු කරියයි බිත්තර රොටියි අරගෙන ගියා මේසෙට... ගිහිල්ල කරල වාඩිවෙලා එතන ඉඳපු සේවක අයියගෙන් ඉල්ලුවෙ එකම දෙයයි.

“අයියෙ මේ ෆෑන් එක පොඩ්ඩක් වැඩි කරල දෙන්නකො. පුදුම රස්නයක්නෙ තියෙන්නෙ”

ඒ වැඩෙත් හරි. ඊටත් පස්සෙ ඔන්න... අපි, අපේ වැඩේට.

මම ඉතින් මුලින් ම කකුළු හොදි ටිකකුත් බතට දාගෙන බෝංචියි, පරිප්පුයි එක්ක පටන් ගත්ත....

හප්පේ... කිරි කොරහ කිව්වලු. ඔය තියෙන්නෙ එළවළු මාලු ටික පංකාදු පහට. බෝංචියට එහෙම පදමට ම කිරි දාලා, තුනපහත් එක්ක ගොඩක් ම තම්බන්නෙත් නැතුව, ටොප් ආ...

පරිප්පුවත් එලෙසමයි. හැබැයි ඒකට තව පොඩ්ඩක් තුනපහ පදම ගැලපුනා නම් පංකාදුයි. හැරත් හතු තෙල් දැමුම... සැරද, රසද මේං කියල අඩුවක් නැතිවෙන්න යාළු...

එකම අවුල, අඹ කරිය. ඒකෙ රස නියමයි. හැබැයි තව බැදපු තුනපහත් එක්ක හිඳෙන්න ඕන. ඒ හැරුනාම... පැණිරස ගතියත් තව පොඩ්ඩක් උඩ ආවා නම් නොම්මර එකයි ආ...

අඩුවැඩියක් කියන්න නැති වෙන්න ඕං බතටම කියල පපඩමකුයි මිරිස් කරලකුයිත් තිබ්බ. ඔක්කොමත් හරි චිකන් කරිය...

හොඳයි, හැබැයි ඒ හැටි ගැම්මක් නෑ අප්පා. සාමාන්‍යම චිකන් කරියක්. ලොකු කෑල්ලක් තිබ්බට තුනපහ අඩුවැඩියයි, හොද්දෙ රසයි...

ම්හ!

අන්න... ඒකට කකුළු කරියනෙ. තරු නෑ දෙන්න ඒකට ඈ... එවෙල බාපු, එවෙලෙ බාපු කකුළුවෙක්... ඒකත් පොඩි සයිස් නෙවෙයි, හොඳහැටි මස තියෙන්නෙ. ඒ නිසාමද මන්දා හොද්දටත් යාළු කිරි, තුනපහ රසයි සැරගතියයි එක්ක පදම අල්ලල තියෙනවා...

අවාසනාවට අර බිත්තර රොටි ටික මෙලෝ රහක් නැතිවුණේ. ඔව්... උදේ දාපුවද කොහෙද යාළු. අනික ඒවට බිත්තර බාගෙ බාගෙ දාලා හදල තියෙන්නෙ...

වැඩක් නෑ ඉතින්. චැහ් කියල හිතුණ ඒ වෙලාවෙ නම්...

කොහොම හරි ඉතින් හොඳහැටි බඩකට පුරවගෙන අපි වණ්ඩුවටයි, හැලපයටයිත් සැලකුවා, කටට දෙකට. ම්... වණ්ඩුව නම් ටොප් රහට, සොෆ්ට් එකට තිබ්බ. ඒත් හැලපෙ ටිකක්... මොකක්දෝ රසේ පොඩි මදි ගතියක්...

ඔක්කොමත් හරි, කොහොමද ඒ කාලා එළියට බහිද්දි උණු උණුවට ආප්ප දානව දැක්කාම...?

හී…!


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment