Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

4/5

Nelum Kole

Off Lake Road, Boralesgamuwa


Nelum Kole is a rice-and-curry kade in Boralesgamuwa that provides a convenient and cost-effective lunch spread.



‘නෙළුම් කොළේ එතන තියාලා…’

ටිකිරි මැණිකෙ..

නම් නෙවෙයි, ෆුඩ් ඩිලිවරි එකෙන්

‘ඇඹුල ගේනවා.. ආ.. ආ.. ආ...’

කියල පටන් ගන්න තියෙන්නෙ. ආයෙ ඉතින් එදා සිට අද දක්වා, නෙළුම් කොළේ බත් කිව්වොත් නොවැරදීම නෙළුම් කොළේට බෙදපු බත්ම එන්නෙ බොරලැස්ගමුව නෙළුම් කොළෙන් තමයි. මොකද සමහර ඒවා තියෙනව, ඒවයෙ පෙට්ටියෙ ගහල එන ‘නෙළුම් කොලේ’ විතරනෙ.

කොහොමහරි ඉතින් ගෙදරටම ආපු තඩි බත් 2 සනි සනික යාළුවයි මායි ලිහල ගත්තෙ රස්නෙ යන්න කලින් දෙසා බාන්න ඕන නිසා. ඊටත්, රියල් නෙළුම් කොලේ කිව්වාම තවත් බලාගෙන ඉන්න පුළුවන්ද කියන්නකො. 

කොළ 2ත් එක්කම බත් ටික පිඟන්වලට දාගත්ත අපි හොඳ කූල් වතුර වීදුරු 2කුත් ලංකරගෙන ඔන්න මේසෙට සෙට් වුණා. සෙට් වෙලා ඉතින් ඉස්ඉස්සෙල්ලාම කලේ මගෙන් පෝර්ක් (රයිස් ඇන්ඩ් කරි, රු. 430) ටිකක් යාළුවට බෙදල, ඒකගෙන් චිකන් (රයිස් ඇන්ඩ් කරි, රු. 360) කෑල්ලක් මගේ එකට දාගත්තු එක. ඊට පස්සෙ ඉතින්…

ආයෙ මරේ කියල හොඳේ. දෙන්න දෙසනව පිස්සු පීකුදු වෙන්න. කොටින්ම කියතොත් ඔලුව ඉස්සුවෙත් පළවෙනි කටවල් 4, 5ට වග කියල. ඇයි ඉතින් පෝර්ක් එකම ඇතිනෙ දැක්කාම, රස නහර පිනා යන්න. මිරිස් නම් ඒ හැටි නැති වුණාට, බැදපු තුනපහ, ඉඟුරු, සුදුලූණු, ගොරක, සියඹල, ලුණු ඇඹුල් ටික දාලා තියෙනව පදමට තොල කට නලියන්න. ඒ විතරක් නම් බැරියැ ඒක හොඳ හැටි හින්දල ලාවට හොද්ද තියෙන්න බොරත් එක්කම බෙදල. ෂප්පේ.. අර තෙල් කෑලි 4, 5 වෙනුවටත් මස්ම තිබ්බ නම් පංකාදුයි. හැබැයි ඉතින් අවුලකුත් නෑ. මොකද ඒවට ආස අයත් ඉන්නවනෙ.

බලන්න එපැයි ඒකත් එක්ක පරිප්පු හින්දුම සෙට්වුණාම තියෙන රඟේ. සම්බ හාලෙ බතත් එක්ක නැගල යනව රම්පෙට පොරි වගේ. මොකද පරිප්පු එකෙත් ලා සැර ගතියක් එන්න, හොඳට කිරි රසත් තියෙන්න නොම්මර එකට ගලපල තියෙනවනෙ. 

අල තෙල් දැමුමත් කියාපු. හැබැයි අර මම අලවලට එච්චර කැමති නැති නිසා ඒකෙ ලොකු රසක් කියන්න තරම් ගැම්මක් නෑ. හැබැයි අන්න ඒකට වම්බටු මෝජුව. ෂැහ්! ටොප් ආ.. ලා තෙල් ගතියයි, පදමට බැදුණු වම්බටුයි, ඒක කද්දි යටින් එන ලා පැණි රසයි එක්ක, විනාකිරිවල පදම් වුනු අමු මිරිස් කරලකුත් හැපෙද්දි..

ආ.. ඒ විතරක් නෙවෙයි බතේ කටගැස්මට බැදපු මිරිස් පපඩම් එක්ක පුංචි කීරමින් කූරියෙකුත් හිටියනෙ. ඉතින් ඒකත් පරිප්පු, පිපිඤ්ඤා සලාද ටිකක් එක්ක ගැලපුනා කියන්නෙ, ආයෙ කතා 2ක් නෑ.

යාළුවගෙන් ඉල්ල ගත්ත චිකන් කෑල්ලත් හොඳ පදමට. විශේෂයෙන්ම කියන්න ඕන ඒකෙ ඇතුලට හොඳ හැටි මිරිස් තුනපහ අල්ල. ඊටත් මසත් හොඳ හැටි හයියට තියෙනව. ඒ වෙලාවෙ තමයි මට හිතුනෙ චිකන් හොදි ටිකකුත් තිබ්බ නම් කියල. මොකද කිරි ගහට ඇන්න වගේ කිව්ව හැකි පෝර්ක් හොද්දට දෙවනි නැති චිකන් හොද්දක් තමයි තියෙන්නෙ කියල. 

කොහොමහරි ඉතින් දෙන්න එක බත් ඇටයක් ඉතුරු නොවෙන්නම කෑවා හොඳේ. මොකද ඒ රසත් එක්ක බත බහිනව බහිනව තේරෙන්නෙ නෑනෙ. හැබැයි කාලා, වැටිල, දපල ඉන්නකොට නම් පුංචි දුකකුත් ඇතිවුනා.

‘අපිට ඇත්තටම එතනට ගිහිල්ල බෙදාගෙන කන්න තිබ්බ නම්…!’


TIP

If you want to try the fried stuff, go early. Say by noon.

Address

Off Lake Road, Boralesgamuwa

Directions

It's near the Boralesgamuwa Lake. You can take High Level Road to Maharagama and loop back around, or take the 120 bus road and turn onto the Maharagama Road. Go till you get to the Lake and turn down a little lane near the end. Look at the map.

Contacts

Website

Report Inaccuracy

Open until 09:00 PM

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Rice And Curry

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Similar Places

User Reviews
S
1

5/5

0

Shaxrina

Best selection of meat and vegetables! Hands down 🙌🏼

Avatar for Ishan1994
2

5/5

0

Ishan1994

We visited this place today, really nice place and mouth watering srilankan food.

B
1

5/5

0

bashini

Mouth watering Lankan food!! Sooooo good!! Only down side is that sometimes if you are really really hungry the portion size is not enough!!!

S
1

5/5

0

Shaxrina

Best selection of meat and vegetables! Hands down 🙌🏼

Avatar for Ishan1994
2

5/5

0

Ishan1994

We visited this place today, really nice place and mouth watering srilankan food.

B
1

5/5

0

bashini

Mouth watering Lankan food!! Sooooo good!! Only down side is that sometimes if you are really really hungry the portion size is not enough!!!

S
1

5/5

0

Sudath Aravinda

this the perfect place to have real sri lankan taste 😍😍😍👌👌👌

See 7 Comments