Artwork for Playtrix Top Banner Ladies Night
Artwork for Yamu Promo Top Banner
Artwork for Movenpick Coffee promo sidebar banner 1 test Artwork for TSING TAO sidebar banner 2

3/5

Nest Restaurant

27/8B Lake Rd, Boralesgamuwa


A place offering Sri Lankanised Chinese food and BYOB facilities.



බොරලැස්ගමුව හංදියෙන් මහරගම පැත්තට හැරෙනවත් එක්කම වගේ. ඕන නම් මීටර 100ක් ඇති එතන ඉඳන්.

ඔය තියෙන්නෙ තට්ටු 2යි රූෆ් ටොප් එකයි, ටොප් එකටම!

ගියපු වීල් එකෙන් හරි හරියට බැහැපු අපි ඉගිල්ලිලා වගේ තමයි ඇතුලට ගියේ. ගිහිල්ල හිටං ගොඩවුනා ඔන්න පළවෙනි තට්ටුවට. ඒ කියන්නෙ බාර් එකයි, ඩයිනින්ග් එකයි තියෙන තට්ටුවට. ඇතුල් වෙලා.. එතන පොඩ්ඩක් එහෙට මෙහෙට කැරකෙද්දි තමයි දැක්කෙ තව තට්ටුවක් තියෙනව ඊට උඩින්. ඉතින් හනි හනික බඩගෑවා එතනටත්. ෂැහ්, බොලේ රූෆ්ටොප් එකක් කියන්නකො. ම්.. ලොකු විව් එකක් නම් නෑ. ඒත්, සැර ජාතියක් සප්පායම් වෙන්න නම් කියාපුම ප්ලේස් එක. මොකද හරි සරලව, පුටු මේස සෙට් 3ක් විතරක් දාලා හදපු තැනනෙ.

හැබැයි.. බාර් එක තියෙන තට්ටුව නම් ඇත්තටම හරිම ලස්සනට හදල තිබ්බ. ලී පුටු මේස එක්ක, ලා අඳුරු ගතියයි,

ඉතින්.. බොන්න නම් කියාපුමයි. 

කොහොම කොහොමින් හරි අපි වාඩි වෙද්දිම වගේ එතනට ආපු සේවක මල්ලියට අපි පටස් ගාලා ඕඩරේ දැම්ම. මොකද සැර ජාතිත් එක්කම අපේ අනිත් යාළුවො දෙන්නත් ඒ වෙද්දි එතනට කිට්ටු කරලනෙ හිටියෙ.

“පෙපර් පෝර්ක් එකයි (රු. 950), ස්පෙෂල් රයිස් එකයි (රු. 900), ෆිෂ් ඇන්ඩ් චිප්ස් එකයි (රු. 950), හොට් බටර් කට්ල්ෆිෂ් එකයි (රු. 900)”

එතනින් පස්සේ.. විනාඩි 15, 20ක කතාබහක්. වැඩේ කියන්නෙ ඒ අතරෙ අපේ අඩු පාඩු ටිකත් මේසෙට ආව එකනෙ.

ඒකෙන්.. ජාතිය බලල කොයි කවුරුත් ඕඩර් කලේ නම් සෝඩම තමයි. ඕඩර් කරලා.. ඉස්ඉස්සෙල්ලාම මේසෙට ආපු පෙපර් පෝර්ක් එකයි, හොට් බටර් කට්ල්ෆිෂ් එකයි එක්ක ඔන්න..

‘චිරාස්!’

හප්පෝ.. උගුර කඩාගෙන ගියේ.

මම සනික ගත්ත පෝර්ක් කෑල්ලක් දාගෙන හැපුව හැපිල්ලක්, පෙපර් රස නැතිවෙනකම්ම. ඊට පස්සෙ තමයි ගිල්ලෙ.

ම්.. ඇත්තටම හොඳ පෝර්ක් එකක්. ඒ කිව්වෙ රස අතින් එහෙම නම් හොඳටම හොඳයි. පෙපර් මදි නොකියන්න දාලා, සෝස් පදමත් එක්ක. මිරිස්, ලුණු ඇඹුල් අඩුම කුඩුමත් ටොප් එකට. ඒ විතරක් නම් බැරියැ, පෝර්ක් කෑලි ටික බැදලත්නෙ දාලා තියෙන්නෙ.

හැබැයි.. එකක් කියන්න ඕන. පෝෂන් එකේ සයිස් එකේ හැටියට නම් තිබ්බ තෙල් කෑලි ප්‍රමාණයයි, සියළුම කෑලි ප්‍රමාණයයි..

හරිම ආසාධාරණයි ඈ.. කොටින්ම කිව්වොත් 2න්නෙක්ටත් මදි ගානයි ඕං.

හොට් බටර් කට්ල්ෆිෂ් එකත් එලෙසමයි ආයෙ. සයිස් එක නම් හොඳටම මදි. අර රස පදමට තිබ්බ නිසා මිසක්.

ඇත්තටම ඒක හොඳ රස බැටර් එකක දවටල. රන්වන් පාට වෙන්න බැදල, මාළු මිරිස් රතු මිරිස්.. ලුණු එහෙමත් නූලට එකතු කරල..

ෂැහ්! කනකොට එහෙම.. කරස් කරස් ගානව යාළු. ටොප් බයිට් එක ඈ..

අනේ ඉතින් අවාසනාව කියන්නෙ, රයිස් එකට..

ඉස්සො, දැල්ලො, මාළු, සෝසේජස්, චිකන්, පෝර්ක්, බිත්තර එක්ක කැරට්, ලීක්ස් සියල්ල මදි නොකියන්න දාලා, බතත් කීරි සම්බා හාලෙන් අරගෙන, අන්තිමට මොනවදෝ මෙලෝ රහක් නැති මාගරින් එකක් දාලා..

ඒකෙන්.. අච්චර හොඳට තිබ්බ රයිස් එක කටේ තියන්න බැරි වෙලා ඉතින්.

අවසානයෙ තමයි ආවෙ උණු උණු ෆිෂ් ඇන්ඩ් චිප්ස් එක. ඒකත් අපේ දෙන්නෙක්ගෙ ඉල්ලීම මත.

කොහොම වුනත් ඒක.. මල් හතයි ඈ.. සුපිරිම කෙලවල්ලන්ද කොහෙද අඟලෙ අඟලෙ විතර මාළු කෑලි 8, 10ක්. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තොගයකුත් එක්ක.. 

කියල වැඩක් නෑ යාළු දෙහි ඇඹුල් පොඩ්ඩක් දාලා ගත්තාම.

ඊටත් ඒක ගෙනාපු එකෙන් තමයි වැඩේ කොටඋඩ ගියේ. ඉතිරිය කන්න කියල තව බෝතලයක් ගෙනාවා. ඒක ගහපු අපි,

ඉතිරියයි, තව වැඩිපුර පස්, ගල්, වැලි, තණකොළ සේරමයි කාගෙන ගියේ..

හපෝ.. මතක් වෙද්දිත්?

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment