Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

New Banana Leaf

720 Galle Road, Colombo 3


They do chicken biryani pretty darn good and now have crab and lamb on the menu.



බනානා ලීෆ් ආපසු ඇවිල්ලා. මෙහි මසාලා ක්‍රමයට පිසින ලද චිකන් කුට්ටි, ගැඹුරු තෙලේ බදින ලද තැම්බූ බිත්තර ආදිය සමග බුරියානි ඉස්සර මගේ ප්‍රියතම ආහාරයක්. මගේ විතරක් නෙවෙයි, බොහෝ කොළඹ වැසියන්ගේ ප්‍රියතම ඉරිදා දිවා භෝජනය තමයි, එය. නොදන්නා හේතුවක් මත බනානා ලීෆ් එක පාරටම අතුරුදහන් වුණේ එතැනට ආදරය කළ මිනිසුන්ගේ සිත් බිඳිමින්. එහි දොරේ ඒ-ෆෝකොළයක ලියා අලවා තිබුණු දැන්වීමේ තීන්ත මැකී යනතුරුම එය නැවත ඇරුණේ නැහැ.

ඒත් පොරොන්දු වූ විදියටම කෙසෙල් කොළයේ බත් රජ්ජුරුවෝ ඔන්න ආපසු ඇවිත්. පැරණි බනානා ලීෆ් පිහිටි තැනට දොරවල් කීපයක් ඔබ්බෙන් ටැප්‍රොබේන් පොත්හල අත්පත් කරගෙන ඇති ඔවුහු එහි කෙසෙල් කොළ මෝස්තර තේමාවෙන් අලුත් රාජධානියක් ගොඩනඟලා, බොහොම අවධානාත්මක වාසල සේවක පිරිසක් සමගම. කොළඹ බත් ලෝලීන් වෙනුවෙන් ඔන්න වීදුරු කුටියක් තුළ දැන් බලා ඉන්නවා, රන්වන් බත්, ලොකු, රතු-තැඹිලි කුකුළු මස් කුට්ටි, සැර-රස හොදි දීසි ආදිය. ඔවුන්ගේ සුවිශේෂී ආහාරය වන චිකන් බුරියානි රු. 350යි.

ඒ සාමාන්‍ය ප්‍රමිතියේ බුරියානියකට වඩා ඔවුන්ගේම බත් හා මස් දීසියක් ලෙස සැලකිය හැකියි. ඔවුන්ගේ මසාලා චිකන් කුට්ටිය ලොකුයි, මෘදුයි. දිව පිනවන කුළුබඩු රසයන් කවලා. උකු මසාලා තැවරුමෙන් රසවත් කරලා.

බනානා ලීෆ් ප්‍රසිද්ධියට මුල් වී තිබෙන ඔවුන්ගේ බුරියානිය විතරක් නොවෙයි, ඔවුන් කකුළුවන්, එළුමස්, ඉස්සන් ආදියද පිරිනමනවා. ඒ කිසිවක් අපි කාලා බලලානම් නැහැ. ඔවුන්ගේ අතුරුපස අතර ඇති වටලප්පන් රසවත් වගේම පිළිස්සුණ කැරමල් පෙනුමෙනුත් සුන්දරයි.

නව බනානා ලීෆ් කළමනාකරණය රසය පැත්තෙන් බැලුවාම නම් තවමත් පැරණි ආකාරයේමයි. නම්න්ම කියන ආකාරයට ඔවුන්ගේ සියලු ආහාර පිරිනැමෙන්නේ නැවුම් කෙසෙල් කොළයක. එහි කෑම කන එක පිඟානක කනවාට වඩා පියජනක අත්දැකීමක්. අපි බනානා ලීෆ්ගේ සම්ප්‍රාප්තිය ආදරෙන් පිළිගන්නවා.

TIP

Try the canonical 'chicken biriyani' - not really a biriyani, but still excellent. All food is served on a banana leaf.
All Reviews

Good biriyani with crab and lamb options. They close early at night, so best stop by for lunch.

The New Banana Leaf isn't all that "new" anymore, but their chicken biryani is still pretty darn good. It's got some local influence to it, but most of it works quite well.

Banana Leaf is back. Those golden grains ensconced in thick, emerald palms, the hefty hunks of masala-smothered chicken, the crispy deep-fried boiled egg...this was one of my - and perhaps even Colombo's - favourite Sunday lunchtime repasts.

සිංහල සත්තයි! ඒ දසුන දක්කත් හරි නෙත් දැහැන් බිඳ කඳුලු ඉනුවා. කිව්වට විශ්වාස කරන්න යාළු පළවෙනි වතාවට දැක්කෙ බනානා ලීෆ් එකේ භෝජනාගාරයෙ එක මේසයක විතරක් කට්ටිය ඉන්නව. හප්පේ.. ඉස්සර, ඔ්කට ඇඟිල්ලක් ගහන්න බෑ. කොටින්ම, කට්ටියක් කාලා නැගිටිනකම් තව කට්ටියක් බලාගෙන ඉඳපු දවසුත් තිබ්බ.

සිංහල පංකාදු පහයි!. මට්න් නම් අන්න මට්න් ඈ… ඒ කරියට එයාලා කියන්නෙ පෙපර් මට්න් කියල. මම හිතන්නෙ ඒ නිසාම වෙන්න ඕන හොඳ සැර ගතියකුත් තියෙනව. පාන්, පරාටා කන්න කියාපු.

සිංහල ඒ වුනාට මෙතන එහෙම නෑ. බිරියානි බත් එක වෙනම බිත්තරේ වෙනම සලාද, ග්‍රීන් පීස් ව්‍යංජනය, උම්බලකඩ සම්බෝල වෙනම. රයිස් ඇන්ඩ් කරි එකත් එහෙමයි. බත් වෙනම එළවළු වෙනම හරිම පිළිවෙලයි. හිතේ හැටියට බෙදාගෙන කන්න පුළුවන්. අනික ව්‍යංජන ජාති බෙදා හදා ගන්නත් පුළුවන්.

සිංහල බනානා ලීෆ් ආපසු ඇවිල්ලා. මෙහි මසාලා ක්‍රමයට පිසින ලද චිකන් කුට්ටි, ගැඹුරු තෙලේ බදින ලද තැම්බූ බිත්තර ආදිය සමග බුරියානි ඉස්සර මගේ ප්‍රියතම ආහාරයක්. මගේ විතරක් නෙවෙයි, බොහෝ කොළඹ වැසියන්ගේ ප්‍රියතම ඉරිදා දිවා භෝජනය තමයි, එය.

Address

720 Galle Road, Colombo 3

Directions

It's before you get to Barefoot on Galle Road, just before the St. Kilda's Lane turnoff. Big green building.

Contacts

Report Inaccuracy

Similar Places

See 46 Comments