Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - also a dummy
Artwork for Coffee post sidebar 1

4/5

New Banana Leaf

720 Galle Road, Colombo 3


They do chicken biryani pretty darn good and now have crab and lamb on the menu.



සීසන් එකට කලින් ෂොපින්ග් පාරක් දැම්මෙ නැතොත් අනිවා සෙට් වෙන්නෙ තේරිච්ච ඇඳුමක් තමයි. එහෙමයි කියල ඉතින් ඩිස්කවුන්ට් දාන්න කලින් ගාණක් වියදම් කරන්න තරම් අතේ සල්ලිත් නෑ. ඒත් ඉතින් මොනව කරන්නද හිතට හරියන එකක් ගන්න එපැයි. නැත්නම් අඳිනතාක් තුරාවටම හිත අවුල්නෙ.

ඒ නිසාම මම කල්පනා කළා, කාලෙකට පස්සෙ හරි ගෙදර ඉඳපු එකේ යාළුවෙක්වත් අල්ලගෙන කොළඹ පැත්තෙ පොඩි රවුමක් ගහන්න. අඩුම තරමෙ ඩෙනිමක්, ටී ෂර්ට් එකක්වත් සෙට් වෙයිනෙ කියල.

කොහොම හරි ඉතින් ණය කාඩ් එකත් අරගෙන ගෙදරින් එළියට බැස්සට මොකද කෑම බීම ගැන ඒ හැටි කල්පනාවක් තිබ්බෙ නෑ. කට්ට අව්වෙ රවුම ගහල දවල් 2ට විතර බම්බ කිට්ටුවට එද්දි තමයි මතක් වුණේ…

“හුටා.. අද කෑමටත් මගේ අතින්නෙ” කියල.

“එක්කො ඔන්න ඔහෙ කනව. හැමදාම නෑනෙ” පොඩ්ඩක් වට පිට බලපු මට පෙනුනේ මෙලෝ රහක් නැති චයිනීස්, තායි කඩ ටිකක්. හැබැයි උවමනාව නම් බඩ පිරෙන්න බත්!

මොකද කරන්නේ… එම් සී. එක ඉස්සරහ ඉඳගෙන දෙන්නම බර කල්පනාවක.

“ෂැහ්! නෑනෙ කිසිම අයිඩියා එකක්.”

“යමු බලන්න ‘යමු’ සයිට් එක පැත්තටවත්” සෙනිකව ෆෝන් එක අතට ගත්ත මම ‘බම්බ’ කියල ගහල සර්ච් කළා.

යකඩෝ… මේ තියෙන්නෙ. ඒත් හාන්කවිසියක් මතක් වුණේ නෑනෙ මේ බනානා ලීෆ් එක ගැන. ආයෙ බල බල ඉන්න දෙයක් තියෙනවයැ. අඩියට මම යාළුවවත් අඬගහගෙන බනානා ලීෆ් එකට කිට්ටු කළා.

දෙයියනේ කියල කඩේ නම් කිසි වෙනසක් නෑ. ඉස්සර වගේමයි. වැඩේ නැගලම යන්නෙ උඩ තට්ටුවෙ. මොකද එතන ටිකක් නිදහස්නෙ. හැබැයි දැන් නම් පල්ලෙහා තට්ටුවත් ටිකක් බිසී වගේ. එහෙමයි කියල අපි නම් අත ඇරියෙ නෑ. කෙළින්ම ඇල්ලුව උඩ තට්ටුවට. වෙලාවට අපි යද්දි මේස 2ක් ෆ්‍රී.

අයිනට වෙන්න තිබුණ මේසෙක වාඩි වුණු අපි දෙන්නට එක හුස්මක් ගන්න හම්බවුණේ නෑ, මෙන්න සේවක මිත්‍රයෙක් අපේ මේසෙ ළඟ. මෙනුවක් එහෙම අතට දීලා, ලස්සන හිනාවක් දාලා… අවංකයෙන්ම සර්විස් එක නම් ඉස්සරට වඩා සුපිරි වෙලා! ඇත්තටම මට නම් මෙනු බලන්න ඕන කමක් තිබ්බෙත් නෑ. ගත් කටටම මට්න් බිරියානි එකක් (රු. 800) ඕඩර් කළා. යාළුවත් කට්ල්ෆිෂ් රයිස් ඇන්ඩ් කරි එකක් (රු. 400) ඕඩර් කලේ ඒත් එක්කම වගේ.

“ආ… අපිට පපායා ජූස් එකකුත් (රු. 80) ගේන්න” නිකමට වගේ හිතල මම බීම එකකුත් ඕඩර් කළා. මොකද කන බොන කොට අඩුපාඩු තියාගන්න ඕන නෑනෙ.

ඕඩරෙන් පස්සෙ ඉතින් විනාඩි 5ක් වගේ අපි, අපේ චැට් එකේ ඉන්න ඇති.

ඉස්සෙල්ලම මේසෙට ආවෙ මට්න් බිරියානි එක. හප්පේ… ඒක! වෙලාවට ඒ එක්කම වගේ යාළුවගෙ රයිස් ඇන්ඩ් කරි එකත් මේසෙට ආවෙ. නැත්නම් බලාගෙන ඉන්න වෙනවනෙ.

මේසට එළල තිබ්බ කෙහෙල් කොලේට බිරියානි හැඳ 3, 4ක් එක පාරම වගේ බෙදාගත්ත මම දීසියෙ තිබ්බ තඩි මට්න් කෑලි දෙකෙන් එකක් අරගෙන බත් එක මැද්දෙන් තියා ගත්තෙ තිබ්බ කෑදරකමටමයි. ඊට පස්සෙ හොදි ටිකකුයි, සලාදයි, උම්බලකඩ සම්බෝලයි, තව බටු බැදමක් තිබ්බ එක්යි ඔක්කොම වගේ දාගත්ත. දාගෙන ඉස්සෙල්ලම අත තිබ්බෙ මට්න් පලුවට.

කඩා ගත්ත කෑල්ලක්. අනාගත්ත බිරියානි එක්ක. කටට ලංකරන්න බෑ ඒ තරම් සුවඳ. කෙළ ගිලෙන්නෙ ඉබේටම වගේ.

ආයෙ ඉතින් කියන්න දෙයක් නෑනෙ රස ගැන. පංකාදු පහයි!. මට්න් නම් අන්න මට්න් ඈ… ඒ කරියට එයාලා කියන්නෙ පෙපර් මට්න් කියල. මම හිතන්නෙ ඒ නිසාම වෙන්න ඕන හොඳ සැර ගතියකුත් තියෙනව. ඉඟුරු, සුදුළූණු, තුනපහ ටිකත් මදි නොකියන්නම. ඒ විතරක් නෙවෙයි හොද්දෙ ඝනකම… පාන්, පරාටා වගේ දෙයක් කන්නත් කියාපු ගාන. හැබැයි මට එක අවුලක් දැනුනා. මස් හොද්දෙ මට්න් රස ඒ හැටි නෑනෙ. ඇත්තටම එහෙම වුණේ කොහොමද කියන්න මට තේරෙන්නෙත් නෑ. ඒත් ඉතින් බිරියානි බත් එකෙත් හොඳ ඉන්දියන් රසක් තියෙන නිසා අවුලක් නම් නැතිම ගානයි. හැරත් අර උම්බලකඩ සම්බෝලෙ එහෙම… පිස්සු හැදෙනව ඈ… කොටින්ම කියනව නම් මම කාපු කෑම දැකල මගේ යාළුව ඉතිරි මට්න් කෑල්ල අරගෙන රස කර කර දෙසාබානව.

එහෙමයි කියල මාත් නිකම් ඇරියෙ නෑ. දාගත්ත එයාට ගෙන්නපු සුදු බත් ටිකකුයි ලීක්ස් තෙල් දැමුමයි, පරිප්පුයි, කොස් මැල්ලුමයි, ඇඹරැල්ල ටිකකුයි. දාගෙන තඩි දැල්ලො කෑලි 3, 4කුත් උඩින්ම තියාගත්ත.

ඔන්න දැන් දෙන්න මාරුවෙලා වැඩේට බැහැල. යාළුව බිරියානි, මම රයිස් ඇන්ඩ් කරි.

හ්ම්ම්… ලීක්ස් තෙල් දැමුමෙයි, පරිප්පු එකෙයි නම් කියන්න තරම් ලොකු රසක් නෑ. සාමාන්‍යයෙන් අපි ගෙදර කන ඒව වගේ. හැබැයි ඇඹරැල්ල එක සුපිරි. මැටි මුට්ටියකද කොහෙද උයල, බාගෙට වගේ හින්දල බාලා තියෙන්නෙ ආයෙ… පැණි රස, ඇඹුල් රස මැදි වෙන්න…!

එතකොට කොස් මැල්ලුම, ඒකත් කෙහෙල් කොලේ බතට කියාපු ගාන. කොහොම වුණත් මෙයාලගෙ රයිස් ඇන්ඩ් කරි එකෙත් දුක හිතෙන කාරණාවක් තිබ්බ. ඒ තමයි දැල්ලො හොද්දෙත්, දැල්ලො රස මදි එක.

ඇත්තටම… අනේ මන්ද?

ඒත් ඉතින්, ඒ අඩුපාඩු ටික හිතෙන් මැකිල යන්න පපායා ජූස් එක ලොකු සපෝට් එකක් දුන්න නිසා හොඳයි. අවංකයෙන්ම එ්ක නම් ටොප්. ලුණු ඇඹුල් පදමත් නියම ගානට. වතුර නොදා අයිස් කැට විතරක් දාපු නිසාද කොහෙද ඝනකමත් හොඳ හැටි තිබ්බ. අනික කූල් එකත් ගානටනෙ.

ආ… කියන්න බැරි වුණා, මම ඩෙසට් එකට වටලප්පමක් ගත්තනෙ. ෂප්පේ… රස උතුරනව. වැඩේ කියන්නෙ මට ටිකක් පැණිරස වැඩියි වගේ එක තමයි. ඒත් ඒක එක එක්කෙනාගෙ හැටියට වෙනස් වෙනවනෙ. කොහොම වුණත් වටලප්පමට, ලෝභ නැතුව පැණි දාලා තියෙනව. අනික එක කෑල්ලක සයිස් එකත් දෙන්නෙක්ට ඇති නිසා නිසා රු. 150ට පාඩුවකුත් නෑ.

“හම්මේ! බඩ...” වතුර ටිකක් බීලා ගුඩුස් එකක් ඇරපු යාළුව පුටුවෙ පොඩ්ඩක් හරි බරි ගැහිල වාඩි වුණා. මමත් ඉන්නම බැරි තැන පොඩි ඇදයක් ගැහුවෙ කාපු ටික උගුරෙන් පල්ලෙහාට බහිනකම් කියල. ඇයි ඉතින් ඉස්මුරුත්තාව එනකම් කාලා කාලා…, නැගිටල යන්න කියලයැ?


TIP

Try the canonical 'chicken biriyani' - not really a biriyani, but still excellent. All food is served on a banana leaf.
All Reviews

Good biriyani with crab and lamb options. They close early at night, so best stop by for lunch.

The New Banana Leaf isn't all that "new" anymore, but their chicken biryani is still pretty darn good. It's got some local influence to it, but most of it works quite well.

Banana Leaf is back. Those golden grains ensconced in thick, emerald palms, the hefty hunks of masala-smothered chicken, the crispy deep-fried boiled egg...this was one of my - and perhaps even Colombo's - favourite Sunday lunchtime repasts.

සිංහල පංකාදු පහයි!. මට්න් නම් අන්න මට්න් ඈ… ඒ කරියට එයාලා කියන්නෙ පෙපර් මට්න් කියල. මම හිතන්නෙ ඒ නිසාම වෙන්න ඕන හොඳ සැර ගතියකුත් තියෙනව. පාන්, පරාටා කන්න කියාපු.

සිංහල ඒ වුනාට මෙතන එහෙම නෑ. බිරියානි බත් එක වෙනම බිත්තරේ වෙනම සලාද, ග්‍රීන් පීස් ව්‍යංජනය, උම්බලකඩ සම්බෝල වෙනම. රයිස් ඇන්ඩ් කරි එකත් එහෙමයි. බත් වෙනම එළවළු වෙනම හරිම පිළිවෙලයි. හිතේ හැටියට බෙදාගෙන කන්න පුළුවන්. අනික ව්‍යංජන ජාති බෙදා හදා ගන්නත් පුළුවන්.

සිංහල බනානා ලීෆ් ආපසු ඇවිල්ලා. මෙහි මසාලා ක්‍රමයට පිසින ලද චිකන් කුට්ටි, ගැඹුරු තෙලේ බදින ලද තැම්බූ බිත්තර ආදිය සමග බුරියානි ඉස්සර මගේ ප්‍රියතම ආහාරයක්. මගේ විතරක් නෙවෙයි, බොහෝ කොළඹ වැසියන්ගේ ප්‍රියතම ඉරිදා දිවා භෝජනය තමයි, එය.

Address

720 Galle Road, Colombo 3

Directions

It's before you get to Barefoot on Galle Road, just before the St. Kilda's Lane turnoff. Big green building.

Contacts

Report Inaccuracy
Similar Places

See 46 Comments