Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

New Banana Leaf

720 Galle Road, Colombo 3


They do chicken biryani pretty darn good and now have crab and lamb on the menu.



මාස ගාණකට පස්සෙනෙ ඉතින්.. 

කොටින්ම කියනව නම් ඉස්සර කාපු තැන් එහෙමත් අමතකයි දැන්. ඒ නිසාමයි, පහුගිය දවසක බම්බ පැත්තෙ රවුමක් ගහන අතරට ආපු තඩි බඩගින්න නිවාගන්න, කටට රහට බත් ටිකක් කන්න කඩයක් හොයාගන්නත් වෙලා ගියේ. වටේ පිටේ, ගූගල් එකේ එහෙමත් හොයල හොයල නැතිම තැන යාළු ‘යමු’ සයිට් එකත් පීරුව. අන්න.. ඒ පීරද්දිනෙ මතක් වුනේ, බොලේ අල්ලපු වැටේමනෙ හොඳම කඩේ.. කියල.

පස්සෙ ඉතින් මොනව කරන්නද, යාළුවටත් ‘හී’ ගාලා හිනාවක් දාලා මම,

“එහෙනං යමං නේ. ලොකු දුරක් නෑනෙ. පයින්ම අදිමු”...

ගිහිල්ල හිටං අත්දෙක එහෙම හෝදගෙන කඩේ දොර ඇරිය විතරයි, සේවක මල්ලි ඔලුවටම තිබ්බ උණ බලන තුවක්කුව.

“හරි සර්.. යන්න”

ඊට පස්සේ.. අපි සුපුරුදු පරිදි ගොඩවුනේ උඩ තට්ටුවට.

සත්තයි! ඒ දසුන දක්කත් හරි නෙත් දැහැන් බිඳ කඳුලු ඉනුවා. කිව්වට විශ්වාස කරන්න යාළු පළවෙනි වතාවට දැක්කෙ බනානා ලීෆ් එකේ භෝජනාගාරයෙ එක මේසයක විතරක් කට්ටිය ඉන්නව. හප්පේ.. ඉස්සර, ඔ්කට ඇඟිල්ලක් ගහන්න බෑ. කොටින්ම, කට්ටියක් කාලා නැගිටිනකම් තව කට්ටියක් බලාගෙන ඉඳපු දවසුත් තිබ්බ.

කොහොමහරි ඉතින් සිද්ධියට අපි දෙන්නට හරිම සතුටුයි. ඇයි ඉතින් නිදහසේ කන්න පුලුවන්නෙ. හැරත් සේවාව.. මේසෙට ගිහින් වාඩිවුනා විතරයි සේවක මල්ලි එතන. අපිත් සනික බලල මෙනුව, දැම්ම ඔ්ඩරේ.. මට්න් බිරියානි එකයි (රු. 820), ක්‍රැබ් රයිස් ඇන්ඩ් කරි එකයි (රු. 520), ෆ්‍රයිඩ් ෆිෂ් පෙත්තයි (රු. 380), මැන්ගො ජූස් එකයි (රු. 200).

දාලා ඉතින් ඒ හැටි වෙලාවක් කයිට සෙට්වෙන්න වුනෙත් නෑ. මොකද අනික් පැත්තටම වගේ ආවනෙ කෑම ටික මේසෙට.

එතනින් එහාට නම් මට පෙනුනෙම මගේ ඉස්සරහ තිබ්බ කෙහෙල් කොලේට බෙදාගත්ත බත් තොගයයි, කකුළුවයි, මාළු පෙත්තයි, අනිත් එළවළු මාලු ටිකයි.

ඉතින්, අනාගත්තා කටක් ඉස්සෙල්ලම කකුළු හොදියි, බෝංචියි, මාළු කෑල්ලකුයි එක්ක. අනාගෙන බර දාලා..

ෂෑහ්..! හම්මේ රසනහර පිනාගියේ හොඳේ. කියල වැඩක් නෑ.. කාලෙකට පස්සෙ!

දෙන්නම් ජම්බො අද රඹටි හැලෙන්න කියල, ඊට පස්සෙ කාපු කෑමක්..

කාගෙන කාගෙන යනව, පොඩ්ඩ හිරවේගෙන එද්දි අඹ ජූස් උගුරක් ගහනව, ආයෙ කනව…

බොරු කියන්න ඔ්න නෑනෙ. රස නෑ කියන්න ඒ කෑම වේලෙ කිසිම දෙයක් තිබ්බෙ නෑ. අර අඹ ජූස් එකේ පොඩ්ඩක් කූල් එක මදි, ලුණූ වැඩියි. නැත්නම් අඹ රසත් හොඳටම තිබ්බ.

ම්.. විශේෂයෙන්ම බත් එකේ තිබ්බ කොළ මැල්ලුම. මුකුණුවැන්න හින්දල.. කිරි රසයි, කොළ රසයි නූලට ගැලපෙන්න.. පංකාදු පහයි! ඒ විතරක් නෙවෙයි බෝංචි එකත් ටොප්. හොඳට කිරි, තුනපහ ටික දාලා හොද්දට හදල තිබ්බෙ. හැමදාමත් තරු පහට රස තියෙන මෙයාලගෙ වම්බටු මෝජුව.. එදත් එලෙසමයි. ඒ විතරක් නෙවෙයි ඊට දෙවනි නැති උම්බලකඩ සම්බෝලෙත්..

ආයෙ ඉතින් බත් හැඳි ගණන් කැවෙන එක අහන්නත් දෙයක්යැ. ඔක්කොමත් හරී… කැරට්, ග්‍රීන් පීස් දාලා කිරට හදපු කරියයි, අල හොදියි එක්ක.. බිරියානියට ආපු මට්න් පොඩ්ඩක් ගැලපුනාමනෙ. හප්පොච්චියෝ.. සත්තයි එතනින් එහාට නම් මතක නැති වෙන්නම කෑවා. 

ඒ අතරට ඉතින් හිතාගන්නකො. කිරියි, මිරිසුයි, තුනපහ අඩුම කුඩුමයි මදි නොකියන්න දාලා, හොද්දත් හොඳ හැටි තියෙන්න හදපු කකුළුවා…

බතුත් එක්කත් හොඳයි, මං කියන්නෙ පෝරණු පාන්ගෙඩියක් වගේ තිබ්බ නම්? හෝටලෙත් එක්කම ඔතා‌ගෙන යන්නෙ ඈ.. හෝටලතේ එක්කම.

ම්.. නිකම් රතු පාටට වගේ වෙන්න ෆ්‍රයි කරපු මාලු පෙත්ත.. තෝරා! හැබැයි ටිකක් කලින් බැදපු ඒකක් වෙන්න ඔ්න, මොකද ඒකෙ රස පොඩ්ඩක් නෑ හරියට ඇවිල්ලා..

අර.. කලින් කියපු මට්න් කරිය. හප්පෝ.. එක නම්, සත්තයි එච්චර කාලෙකට ඒ බනානා ලීෆ් එකෙන්ම කාපු රසම මට්න් කරිය. වෙනද වගේ තඩි කෑලි නෙවෙයි, පොඩි කෑලි. ඒ නිසාම හොද්දට දාපු මිරිස්, තුනපහ, ලුණු ඇඹුල් අඩුම කුඩුමත් හොඳ හැටි කෑලි වලටත් අල්ලල.

ආයෙ, යාළුවගෙන් ඉල්ල ගත්ත බිරියානි බත් ටිකත් එක්ක… 

තව නෑ යාළු කියන්න, සත්තයි එතන දැන්..

යන්නකො, ගිහින් එක පාරක් කන්නකො..!


TIP

Try the canonical 'chicken biriyani' - not really a biriyani, but still excellent. All food is served on a banana leaf.
All Reviews

Good biriyani with crab and lamb options. They close early at night, so best stop by for lunch.

The New Banana Leaf isn't all that "new" anymore, but their chicken biryani is still pretty darn good. It's got some local influence to it, but most of it works quite well.

Banana Leaf is back. Those golden grains ensconced in thick, emerald palms, the hefty hunks of masala-smothered chicken, the crispy deep-fried boiled egg...this was one of my - and perhaps even Colombo's - favourite Sunday lunchtime repasts.

සිංහල සත්තයි! ඒ දසුන දක්කත් හරි නෙත් දැහැන් බිඳ කඳුලු ඉනුවා. කිව්වට විශ්වාස කරන්න යාළු පළවෙනි වතාවට දැක්කෙ බනානා ලීෆ් එකේ භෝජනාගාරයෙ එක මේසයක විතරක් කට්ටිය ඉන්නව. හප්පේ.. ඉස්සර, ඔ්කට ඇඟිල්ලක් ගහන්න බෑ. කොටින්ම, කට්ටියක් කාලා නැගිටිනකම් තව කට්ටියක් බලාගෙන ඉඳපු දවසුත් තිබ්බ.

සිංහල පංකාදු පහයි!. මට්න් නම් අන්න මට්න් ඈ… ඒ කරියට එයාලා කියන්නෙ පෙපර් මට්න් කියල. මම හිතන්නෙ ඒ නිසාම වෙන්න ඕන හොඳ සැර ගතියකුත් තියෙනව. පාන්, පරාටා කන්න කියාපු.

සිංහල ඒ වුනාට මෙතන එහෙම නෑ. බිරියානි බත් එක වෙනම බිත්තරේ වෙනම සලාද, ග්‍රීන් පීස් ව්‍යංජනය, උම්බලකඩ සම්බෝල වෙනම. රයිස් ඇන්ඩ් කරි එකත් එහෙමයි. බත් වෙනම එළවළු වෙනම හරිම පිළිවෙලයි. හිතේ හැටියට බෙදාගෙන කන්න පුළුවන්. අනික ව්‍යංජන ජාති බෙදා හදා ගන්නත් පුළුවන්.

සිංහල බනානා ලීෆ් ආපසු ඇවිල්ලා. මෙහි මසාලා ක්‍රමයට පිසින ලද චිකන් කුට්ටි, ගැඹුරු තෙලේ බදින ලද තැම්බූ බිත්තර ආදිය සමග බුරියානි ඉස්සර මගේ ප්‍රියතම ආහාරයක්. මගේ විතරක් නෙවෙයි, බොහෝ කොළඹ වැසියන්ගේ ප්‍රියතම ඉරිදා දිවා භෝජනය තමයි, එය.

Address

720 Galle Road, Colombo 3

Directions

It's before you get to Barefoot on Galle Road, just before the St. Kilda's Lane turnoff. Big green building.

Contacts

Report Inaccuracy

Similar Places

See 46 Comments