Artwork for Brew-at-Hatch-Top Banner 2 A
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for PMF Ifatr Sidebar banner 1

New Bollywood

610, Galle Road, Colombo 3

  • Open 10 AM to 7 PM (Monday to Friday)


Situated opposite Colombo Jewellery Stores, under a blue board with the aforementioned title in purple letters, sits the city’s finest DVD retailer. Something of a haven for cultured film enthusiasts, New Bollywood offers a wealth of classic and contemporary cinema, much of which is foreign.



රෙෂාන් මුදන්නායක විසිනි

චිත්‍රපට ඩීවීඩීවල චෞර පිටපත් විකුණන කඩ කොළඹ වැහි වැහැලා. ඒවායේ ජනප්‍රිය හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් චිත්‍රපට පුරවලා. ඒත්, ඔබ මේ භාවාතිශය, සරළ, බොළඳ චිත්‍රපටවලට කැමති නැතිනම් ඔබට වෙන අතක් බලාගන්න වෙනවා.

යන්න නිව් බොලිවුඩ් වෙත.

නමින් වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. මෙහි සාමාන්‍ය දකුණු ඉන්දීය බොළඳ ප්‍රේමකතා නැහැ. කලම්බු ජුවෙලරි ඉදිරිපිට පිහිටා ඇති, නිල් පසුබිමේ දම්පාට අකුරින් නිව් බොලිවුඩ් යයි සටහන් කළ නාමපුවරුවක් ඇති මෙතැන තමයි කොළඹ පුරවරයේ වඩා උසස් රුචිකත්වයක් තිබෙන සිනමාලෝලීන් කැමතිම ඩීවීඩී විකුණන තැන. එහි තිබෙනවා ඉතා අනර්ඝ සම්භාව්‍ය හා සමකාලීන විදේශීය චිත්‍රපට එකතුවක්.

ජර්මානු ප්‍රකාශනවාදයේ (Fassbinder) සිට ඉතාලියානු නවයථාර්ථවාදය (Rossellini, De Sica, Visconti) දක්වාත්, ප්‍රංශ නවරැල්ලේ සිට  (Godard, Truffaut ආදීන්) බ්‍රිතාන්‍ය නවරැල්ල (Loach, Anderson) දක්වාත් ආසියානු ලිබරල් සිනමාකරුවන් වන රායි, කුරසෝවා, මේතා වැනි අයත් ඔබට මෙහිදී සිය නිර්මාන ඉදිරිපත් කරනවා.

අතිශය වැදගත් සිනමාත්මක මැදිහත්වීමක් කළ Kubrick සහ Hitchcock වැනි අයත්, සම්භාව්‍ය ප්‍රේක්ෂක ප්‍රජාවකට උරුම කියන නූතන නිදහස් මතධාරී සිනමාකරුවන් වන  Paul Thomas Anderson සහ Michael Haneke වැනි අයත් එහි ඉන්නවා.

නිහඬ හා පර්යේෂණාත්මක සිනමා කෘතිනම් මෙහිදී හමුවී නැහැ.

අකාරාදී පිළිවෙලට, ඒ කියන්නේ Aසිට  Z දක්වා පෙළගස්වන ලද ඩීවීඩී මිළෙන් අඩුයි. සම්භාව්‍ය ජනප්‍රිය චිත්‍රපට රු. 150යි. අලුත් චිත්‍රපට රු. 100යි. බ්ලූරේ රු. 300යි. වැඩිපුර මිළදීගන්නාවිට නිව්බොලිවුඩ්හි හිමිකරු ඔබට සාධාරණ වට්ටමක් දෙන්න සූදානම්.

ඉතින් මෙන්න මේකයි වැදගත්ම කාරණය. නිව් බොලිවුඩ් වසනු ලබනවා තව මාස දෙකකින්. සතියක් ගානේ එහි යන අප වැනි සිනමාලෝලීන්ට මෙය දුක්මුසු පුවතක්. ඔවුන්‍ ළඟ තිබෙන දේ හැකිතරම් මිළදීගන්නවා ඇර දැන් ඉතින් වෙන මොනවා කරන්නද?

TIP

Shutting down in two months, so go now and buy all the arty films you can.

Address

610, Galle Road, Colombo 3

Report Inaccuracy

Open 10 AM to 7 PM (Monday to Friday)


Similar Places

Have you visited this place?

Write your own review!
See 5 Comments