Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

3/5

New Colonial Hotel

75 Olcott Mawatha, Colombo 1


The New Colonial Hotel is at the high end of dodgy bars. Downstairs is a high-ceilinged bar with bad food but decent drinks and a nice ambiance.



නිව් කොලෝනියල් හොටෙල් අවිශ්වසනීය බාර් අතරින් ඉහළ මට්ටමක ඇති එකකි. එහි ඉහළමාලය හෝටලයකි. (තනිපුද්ගල කාමරය රු. 1000කි. ද්විත්ව රු. 1500කි.) කාමර පිරිසුදුය. පහතමාලය උස් සීලිමකින් සමන්විත හොඳ බීමද, නරක කෑමද, කදිම වාතාවරණයක්ද ඇති බාර්එකකි.

නිව් කොලෝනියල් හොටෙල් අන් තැන්වලින් වෙනස් වන්නේ එය ඉහළ පැළැන්තිය විසින් අත්පත් කර ගන්නා ලද සාමාන්‍ය පංතියේ බාර් එකක් නිසාය. මේ බාර්එක එක රැයින් ඉහළපෙළේ පබ්එකක් බවට හෝ රාත්‍රී සමාජශාලාවක් බවට හෝ පත් කිරීමේ හැකියාව තිබිණි. එහි කදිම පුටු ඇත. කාර්ය මණ්ඩලය ඉංග්‍රීසි කතාකරති.

එකම නරක වන්නේ ආහාර ගන්න දෙයක් නැතිකමයි. අප අසල සිටි පාරිභෝගිකයක් කළ පැමිණිල්ලක් වන්නේ රු. 150ක් වන කට්ලට්වල ඇතුළේ අර්තාපල් වෙනුවට ඇත්තේ දෙල් හා වට්ටක්කා බවයි. ඔහු කට්ලට් එකෙන් අඩක් බිමදමා ඉතිරි අඩ කෑවේය. ඔහු තරු පංතියේ හෝටලයක සූපවේදියෙකි. අපි ඩෙවල්කළ ඌරුමස් කන්නට උත්සාහ කළෙමු. එහෙත් ඒවා කෑ‍ නොහැකි විය. සියල්ල ඇට සහිත හා ඝන විය. බීම නම් කදිම හා මිළදී ගතහැකි මට්ටමේය. ඔල්ඩ් රිසර්ව් අරක්කු ඩ්‍රෑම් එකක් රු. 220කි. ලයන් ලාගර් බීර බෝතලයක් රු. 270කි. පුදුමය බොහොමයක් පාරිභෝගිකයන් බිව්වේ බීර වීමයි. ඒ කියන්නේ මෙතැන වෘත්තික මට්ටමේ බේබද්දන්ගේ තැනක් නොවේ.

අපි එක් වේටර්වරයකු සමග කතා කළෙමු. ඔහු කීපරිදි මෙතැන අවුරුදු 80ක් පැරණිය. මෑතකදී අලුත්වැඩියා කර තිබේ. ඔහුද සෑහෙන්න බීලා සිටි තර එය සඟවාගන්නට උත්සාහ කළේය. සෑහෙන වෙලාවක් අප සමග කතාකළ හේ රසවත්, අපූරු පුද්ගලයෙකි.

අපි එතැන නිර්දේශ කරනවාද?  ඔව්. එය දුම්රිය‍පොළ ඉදිරිපිට කදිම ස්ථානයකි. කෑමනම් හරි නැත. එහි පවතින වාතාවරණය සැලකිල්ලට ගත්විට එය හොඳ තැනකි.  කොළඹ අවිශ්වාසකටයුතු බාර් අතරින් හොඳ මට්ටමේ එකකි.

TIP

Not a great place for women, or dates. The people are nice but curious. Avoid the food which is horrendous. Just have a drink and enjoy the high ceilings.

Address

75 Olcott Mawatha, Colombo 1

Contacts

Report Inaccuracy

Open 11 AM to 2 PM, 5 PM to 11 PM

Price Range

Between Rs. 200 - Rs. 500

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
See 3 Comments