Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

New Majestic Hotel

25 Galle Road, Bambalapitiya


The New Majestic Hotel is ironically one of the oldest hotels in Colpetty. How have they been doing since our last visit? Not bad, actually. Not good, but not bad.



“ඒ…”

“ඇයි මොකෝ?”

“මේ… අද යංකො චීස් කොත්තු කන්න. අනේ බං, කාලෙකින් කටට රහට කොත්තුවක් කෑවෙත් නෑනෙ”

අපේ ලෝක මැන්ටලේ දේශානි, උදේ ඉඳන් පුදුම වදයක් දෙන්නෙ. මගේ මේසෙ ළඟින් යන වාරයක් වාරයක් ගාණෙ ඕකම කියවනව. මොනව කරන්නද ඉතිං, බේරෙන්න බැරිම තැන මම වැඩේට කැමති වුණා..

“හරි, අවුලක් නෑ හැබැයි හැන්දෑවෙ 6න් පස්සෙ ඈ…”

වැඩේ කියන්නෙ හැන්දෑවෙ 6 කිට්ටු කරද්දි කොහෙදෝ යන ධාරානිපාත වැස්සක් ඇදහැලෙන්න පටන් ගත්තා කියන්නකො. මට දැනුණු සන්තෝසෙ කියල නිමකරන්න බැරි තරම්. මොකද ඒකෙන් මේකෙන් චීස් කොත්තු වැඩේ කොට උඩ යන ගතියක්නෙ පෙන්නුම් කළේ. ඒත් මැන්ටලයගෙන් නම් බේරිල්ලක් නැති පාටයි. වැස්ස පායනකම් ඉඳල හරි කොත්තු කන සීන් එකක් තියෙන්නෙ.

මොනව කරන්නද ‘පෙර කරන ලද අකුලස කර්ම නේ’ කියල හිත හදාගත්තු මම හැන්දෑවෙ 7 විතර වෙනකම්ම ඉවසා වදාරා, බලාන උන්නා. එහෙම ඉඳල වැස්සත් ටිකක් අඩු කළාට පස්සෙ තමයි දේශානිවත් අරගෙන හෙමිහිට බම්බ, එම් සී. පැත්තට ගාටන්න පටන් ගත්තෙ.

අපේ ටාගට් එක වුණේ එම් සී. එක ඉස්සරහ නිව් මැජෙස්ටික් හෝටලේ. හැබැයි එතනට ගිහින් බැලුවට පස්සෙ නම් හිතුණෙ වෙන දවසක ආව නම් හොඳයි කියල. මොකද ඒ තරමට සෙනඟ.

ඇත්තටම නිව් මැජෙස්ටික් එක සයිස් එකෙන් පොඩි වුණාට වැඩ අතින් නම් සුපිරි ප්ලේස් එකක්. සේවක අයියල මල්ලිලා සෙට් එකත් පට්ට සුහදශීලියි. කොච්චර වැඩ තිබ්බත් ලස්සන හිනාවක් දාලා තමයි කතා කරන්නෙ. අපිට කියල විශේෂයක් තිබුණෙ නෑ, මල්ලි කෙනෙක් ආවා; අපෙන් මොනවද ඕන ඇහුවා. අපි කිව්වා රෝස්ට් චිකන් චීස් (රු. 450) කොත්තුවයි, ඉඳි ආප්ප බීෆ් එකයි (රු. 400) කියලා; මෙන්න බොලේ විනාඩි 5ක් යද්දි පිඟන් දෙකම මේසෙ උඩ.

අඩේ දෙයියො දුන්නා වගේ, හැරත් සීයට සීයක් ෂුවර් කලින් දාලා තිබ්බ බඩු නෙවෙයි කියල. මොකද උණු උණුවෙ දුම් දදානෙ මේසෙට ආවෙ. කොටින්ම කියනව නම් කටේ තියන්න බැරි තරම් රස්නෙයි.

රෝස්ට් චිකන් චීස් එකෙන් හැන්දක් ගත්තාම දෙපැත්තෙන් චීස් බේරෙන තරම්. ඒ මදිවට සුවඳ? කටට කෙළ උනනව යාළු. තඩි චිකන් පළුවක් ටිකක් ලොකු කෑලි වලට ඉරල ඉරල දාලා නිසා කොත්තුවෙ පෙනුමත් නියමෙටම තියෙනව. ඔය අතරට කොහොම හරි මම දේශානිගෙ ඉඳි ආප්ප කොත්තුවටත් අත දැම්මා. හප්පේ! ඒකෙ සුවඳ. චීස් කොත්තු පරාදයි. අනික අඟලෙ අඟලෙ විතර බැදපු බීෆ් කෑලිත් පිරිලා.

කොත්තුවට වහ වැටිලා පිස්සුවෙන් වගේ ඉඳපු නිසා අපි දෙන්නට බොන්න දෙයක් ඕඩර් කරන්නත් අමතක වුණා. ඒක මතක් වුණේ වේටර් මල්ලි අපේ මේසෙ ළඟින් යනව දැකලා. කොහොම හරි ඒ සනිකව මල්ලිව නවත්ත ගත්තු මම ස්පෙෂල් අයිස් මයිලෝ (රු. 100) දෙකක් ඕඩරේට දැම්මෙ කොත්තුවෙ රස ඩබල් කරගන්න හිතාගෙන.

ඊට පස්සෙ ඉතින් “පහර… දෙනව!” තමයි. චීස් කොත්තුවට මදි නොකියන්න දාලා තිබුණු කැරට්, ලූණු කොළ, මාළු මිරිස්, තක්කාලි කෑලි එක්ක ලොකු ලොකු චිකන් කෑලිත් එක පේළියට බඩට යද්දි උණු උණු චීස් වලින් දිවට ගෙනාවෙ පුදුම රසක්. හැබැයි කොත්තුවට ඕන සැර ගතිය හදා ගන්න නම් මට චිලීපේස්ට් ටිකක් කලවම් කරගන්න වුණා. ආ.. ඒ විතරක් නෙවෙයි කොත්තුවට ආපු මස් හොද්දෙනුත් අමුතුම රසක් තමයි ආවෙ. මොකද හොඳ සැරගතියක් එක්ක කුළුබඩු රසත් හොඳට දැනෙන්න හදපු හොද්දක්නෙ.

හැබැයි ඒ හොද්දෙ රස සුපිරියටම ගැළපෙන්නෙ ඉඳිආප්ප කොත්තුවට. මොකද කොත්තුවෙ රස පදම හිටින්න එකතු කරපු රම්පෙ කරපිංචා රසත් එක්ක හොද්දෙ මස් කරි රස ටොප් එකට යනවනෙ. කොහොම වුණත් බීෆ් කෑලිවල රසත් නම් පංකාදු පහයි. පොඩි පොඩියට කැපුණු ඉඳිආප්ප කෑලිත් එක්ක තලුමරමර ගිල්ල හැකි. අනික ඉඳි ආප්ප කොත්තුවෙ සැර ගතියත් හොඳට තියෙන නිසා ටොපේ ටොප්.

ඔය අතරට මේසෙට ආපු ස්පෙෂල් අයිස් මයිලෝ දෙක දැකල නම් අපි දෙන්නා පුදුම වුණා කිව්වොත් හරි. මොකද තනිකරම චොකලට් පාට, චොකලට් රසින් අනූන මයිලෝ දෙකක්. මයිලෝ දාපු තරම කිව්වොත් මේස හැඳි 3, 4ක විතර මයිලෝ වීදුරුව උඩ පාවෙන තරම්. ආයෙ ඉතින් රස ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

ඇත්තම කියනව නම් බඩජාරියො දෙන්න වගේ කොත්තු ගිල්ලට මොකද මයිලෝ 2ක ඉස්සරහ දෙන්න අම්බානක පදිරි. වීදුරුවෙන් බාගයක් බීගන්න බෑ, ඉස්මුරුත්තාව වගේ. අනේ මොනව කරන්නද ඉතින්, වැල කාපු කිඹුල්ලු දෙන්න වගේ එහෙම්ම ටිකක් ඇල වෙලා ඉඳල තමයි ඔළුව කෙළින් කළේ. ඊට පස්සෙ ඉතින් හිත හදාගෙන නිව් මැජෙස්ටික් එකට සමුදුන්නා. හැබැයි නිකම් නෙවෙයි, ඊළඟ දවසෙ එද්දි එක කොත්තුවට දෙන්නා ගාණෙවත් සෙට් වෙන්න අරන් එන්න මතක තියාගෙන.


TIP

They've got a Special Iced Milo that's really, REALLY good if you can spare like 1 hour because that's how long they take to make the stuff.


Similar Places

User Reviews
N
1

1/5

0

NatziGirl

ought a large beef koththu. Without doubt the worst I've tried in my life! There weren't any edible pieces of beef; just a few fat pieces and some sort of viscera. Disgusting! The whole koththu tasted unnaturally sweet. It was very dry and didn't have any gravy either.

I was so surprised by the state of the koththu since I bought it after reading the Yamu review. I even double compared the address in the box against the one published in Yamu to make sure I got it from the right place. I will never ever in my life try that disgusting food nor would be recommending it to anyone.

N
1

1/5

0

NatziGirl

ought a large beef koththu. Without doubt the worst I've tried in my life! There weren't any edible pieces of beef; just a few fat pieces and some sort of viscera. Disgusting! The whole koththu tasted unnaturally sweet. It was very dry and didn't have any gravy either.

I was so surprised by the state of the koththu since I bought it after reading the Yamu review. I even double compared the address in the box against the one published in Yamu to make sure I got it from the right place. I will never ever in my life try that disgusting food nor would be recommending it to anyone.

See 6 Comments